තත්කාලීන අර්බුදය විසඳීමට මහජන ව්‍යවස්ථාවක් කරා

තත්කාලීන අර්බුදය විසඳීමට මහජන ව්‍යවස්ථාවක් කරා යනු 2022 දී ලංකාව මුහුණ දුන් ආර්ථික හා දේශපාලන අර්බුදය පසුබිම් කරගෙන, වික්ටර් අයිවන් සහ බැසිල් ප්‍රනාන්දු එක්ව මහජන ව්‍යවස්ථාවක් සඳහා ව්‍යාපාරය වෙනුවෙන් පළ කළ පොත් පිංචකි. එහි පළමු ලිපිය වන “පරිවර්තනයකට න්‍යාය පත්‍රයක්” බිහි වූයේ මංගල සමරවීර සිය ජීවිතයේ අවසාන කාලයේදී වික්ටර් අයිවන් සමඟ පැවැත්වූ සංවාදයකිනි. කැබලි වී […]

අඳුර දුරලීම

අඳුර දුරලීම යනු ආණ්ඩු වෙනසක් වෙනුවට ක්‍රමයේ වෙනසක් ඉල්ලා සිටින තැනට ජනගහනයෙන් විශාල පිරිසක්, විශේෂයෙන්ම තරුණ ජනයා, පැමිණ ඇති පසුබිමක ලියූ කෘතියකි. කතුවරයා එය ලංකාවේ සමාජ-දේශපාලන පරිකල්පනයේ වැදගත් දියුණුවක් ලෙස දකී. එහෙත් ක්‍රමයේ වෙනසක් දිනාගන්නේ කෙසේද යන්න පිළිබඳ දියුණු පරිකල්පනයක් නැති බව ද ඔහු පෙන්වා දෙයි. ක්‍රමයේ වෙනසක් අපේක්ෂා කරන සුළු පිරිසක් මැතිවරණවලට තරග කොට […]

ලංකාවේ කුණුවීම

ලංකාවේ කුණුවීම යනු ලංකා රාජ්‍යයේ හා ආයතන ක්‍රමයේ ඇති වී තිබෙන කුණුවීම සහ ඒ ආශ්‍රයෙන් හැම තැනකම දක්නට ලැබෙන අරාජකත්වය විග්‍රහ කරන කෘතියකි. කතුවරයාට අනුව මෙම තත්ත්වය ඇති වූයේ නිදහසේදී හෝ ඉන්පසු සිදු වූ මහා පරිමාණ ලේ වැගිරීම්වලින් පසුව හෝ රාජ්‍යයේ යහපැවැත්මට අත්‍යවශ්‍ය ඓතිහාසික කොන්දේසි සපුරා ගැනීමට අසමත් වීම නිසා ය. ගැඹුරු ව්‍යුහමය වෙනසක් සිදු […]

පුනරුදයේ මාවත

පුනරුදයේ මාවත යනු පුනරුද ව්‍යාපාරය ගැන වික්ටර් අයිවන් රාවයට ලියූ ලිපි එකතුවකි. ලංකාවේ අර්බුදය ජයගැනීම සඳහා සමාජ ව්‍යාපාරයක අවශ්‍යතාව අළලා ඔහු ලියූ මුල් ලිපි, එම අරමුණ වෙනුවෙන් පෙනී සිටින සමාජ ව්‍යාපාරයක කලල රූපයක් බිහි කිරීමට හේතු විය. පසුව එම කලල රූපය පෝෂණය කිරීමේ අරමුණින් තවත් ලිපි ගණනාවක් ලියැවිණි. ඔහුට අනුව ලංකාවේ අර්බුදය හුදු වර්ග අර්බුදයක් […]

7 වැනි පිටුව

7 වැනි පිටුව යනු වික්ටර් අයිවන් 2011 සහ 2012 යන වසර දෙකේදී රාවය පුවත්පතට ලියූ ලිපි අතරින් තෝරාගත් ලිපි 28ක එකතුවකි. ඔහුගේ ලිපි එකතුවක් ලෙස පළ කරන ලෙස බොහෝ දෙනා ඉල්ලා සිටියහ. ඔහුට වැඩිම බලපෑමක් කළේ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කමල් සිරිවර්ධන මහතා ය. එවැනි එකතුවක් වර්තමානයේ පමණක් නොව, අනාගතයේ ද ලංකාවේ අර්බුදය හදාරන අයට ඉතා […]

නව ව්‍යවස්ථාවක් හදාගැනීමේ ප්‍රශ්නය

නව ව්‍යවස්ථාවක් හදාගැනීමේ ප්‍රශ්නය යනු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ විවාදය දේශපාලන තලයේ ප්‍රධාන මාතෘකාවක් වූ අවස්ථාවක, වික්ටර් අයිවන් රාවයට ලියූ දීර්ඝ ලිපි පෙළක නව සංස්කරණයයි. එම ලිපි පෙළ පාඨකයන්ගේ නොමඳ උනන්දුවට හේතු විය. යුරෝපයේ ජාතික රාජ්‍ය හා ලිඛිත ව්‍යවස්ථා බිහි වූ ආකාරය, ව්‍යවස්ථා සම්පාදනයේ පිළිගත් මූලධර්ම, වෙනත් රටවලින් ගත හැකි ආදර්ශ, ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා, සහ […]

The Tragic Plight of a Nation

The Tragic Plight of a Nation is the English translation of ජාතියේ ඛේදවාචකය (2013). It was translated by Badre Rodrigo and published by Ravaya in May 2014. Victor Ivan argues that Sri Lanka was modernised only on the surface under British rule. “The country looked modern outwardly yet within the vision and attitudes it was […]

ජාතියේ ඛේදවාචකය

ජාතියේ ඛේදවාචකය යනු නිදහස දිනාගැනීම සඳහා වූ දේශපාලනයෙන් ආරම්භ වී අද දක්වා වර්ධනය වූ ශ්‍රී ලංකාවේ අර්බුදය කෙරෙහි බලපා ඇති දාර්ශනික දුගීභාවය, එනම් චින්තනයේ දුගීභාවය, විමසන කෘතියකි. කතුවරයාට අනුව බ්‍රිතාන්‍ය පාලන සමයේදී ලංකාව බාහිර පෙනුමෙන් නවීන රටක් බවට පත් වුවද, සමාජ-දේශපාලන චින්තනය ඒ තරමට නවීකරණය නොවීය. බාහිර පෙනුම නවීන වුවද ආකල්ප වැඩවසම්වාදී ව පැවතිණි. අනගාරික […]

දෙමළ අභියෝගය

ප්‍රභාකරන්ගේ අවසානයට පෙර හා පසු යන උප මාතෘකාව සහිත දෙමළ අභියෝගය 2012 දී පළ විය. 1989 දී එම නමින්ම පළ කළ පොතේ සංශෝධනයක් නොව, අලුත් පොතක් බව කතුවරයා පෙරවදනේ සඳහන් කරයි. සිංහල-දෙමළ අන්තර් සම්බන්ධය ලේ හැලෙන ගැටුමක් බවට පත්වීමට හේතු වූ ගැඹුරු හා නවමු හේතු, මීට පෙර අවධානයට ලක් නොවූ කරුණු ද ඇතුළත් කරමින්, ගැටුමේ […]

අවසානය කුමක්ද?

අවසානය කුමක්ද? යනු ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමය මුහුණ දී සිටින අර්බුදය පිළිබඳ වික්ටර් අයිවන්ගේ කෙටි පොත් පිංචකි. කතුවරයාට අනුව ආණ්ඩු අර්බුද සරල ය; මහජනයාට ඒවා හොඳින් හුරු පුරුදු ය. එහෙත් දේශපාලන ක්‍රමයේ අර්බුද සංකීර්ණ ය, තේරුම් ගැනීම ද එතරම් පහසු නැත. ආණ්ඩු අර්බුදයකදී පීඩාවට පත් වන්නේ බලයෙන් ඇද වැටෙන පාලක පක්ෂය පමණි. නමුත් දේශපාලන ක්‍රමයේ […]