සර්ව පාක්ෂික ආණ්ඩුවක්!

October 29, 2026
Publication:
The attempt on the army commander's life failed but disabled him, and then the third man in the army — the next commander — was killed. Nothing in sight suggests the country has the judgement to come through this. The JVP has the president boxed in and the international community is firmly against him. An all-party government could be a way out of the tangle in the south, but it cannot come about by itself: the president has to begin it, by sharing power fairly.

රටේ අර්බුදය අවුලෙන් අවුලට යන තත්ත්වයකට ගමන් ගනිමින් තිබේ.

යුද හමුදාපතිවරයාගේ ජීවිතය බිලි ගැනීමට කොටි සංවිධානය දරන ලද උත්සාහය අසාර්ථක වුවත්, යුද හමුදාපතිවරයාගේ ක්‍රියාකාරිත්වය අඩපණ කිරීමට ඔවුන් සමත් විය. ඉන්පසු යුද හමුදාවේ තුන්වැනියා ද ජීවිතක්ෂයට පත් කළේ ය. ඔහු යුද හමුදාවට සිටි ඊළඟ හමුදාපතිවරයා ලෙස සැලකිය හැකි ය.

මෙම අර්බුදය ජයගැනීමෙහිලා විචක්ෂණ ඉදිරි දර්ශනයක් රටට තිබෙන බවක් පෙනෙන්නට නැත. ජවිපෙ ජනාධිපතිවරයා කොටු කරගෙන සිටින්නේ ය. කොටි සංවිධානය සමඟ සාකච්ඡාමය ක්‍රියාමාර්ගයකින් ප්‍රශ්න විසඳා ගන්නා තැනකට යනවාට ජවිපෙ තරයේ විරුද්ධ ය. එසේ නොවේ නම් ගතයුතු විකල්පය කියන්නට ද ඔවුන් සූදානම් නැත. කොටි සංවිධානය පරාජය කිරීම සඳහා අවශ්‍ය ජාතික අධ්‍යාත්මය තමන් සකස් කරමින් සිටින බව ඔවුන් කියතත් සිදුවන පහරදීම්වලින් සිදුවන හානිය වැළකීමට හෝ අවම කිරීමට ඔවුන් සමත් වී නැත.

ජවි පෙරමුණ මත යැපෙන තත්ත්වයෙන් ගැලවීමට ජනාධිපතිවරයාට අවශ්‍ය වී තිබෙන බව පෙනෙතත්, ඒ සඳහා ජනාධිපතිවරයා ඉදිරියේ විකල්ප මාර්ගයක් තිබෙන බවක් ද පෙනෙන්නට නැත. ජනාධිපතිවරණයෙන් පසුව ඉක්මන් පාර්ලිමේන්තු මැතිවරණයකට ගියේ නම් චිත්‍රයේ යම් වෙනසක් ඇති කරගැනීමට ඉඩ තිබුණත්, ජවි පෙරමුණෙන් එල්ල වූ බලපෑම නිසා ඒ ක්‍රියා මාර්ගය ගැනීමෙන් ද ජනාධිපතිවරයා වැළකුණේ ය. ජවිපෙ බලපෑම නො සලකා පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමට හිත හදාගන්නා විට එවැන්නකට ඉඩක් නැති යුද උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

එක්සත් ජාතික පක්ෂය සමඟ එකට එකතු වී ක්‍රියාකළ හැකි යැයි කියන විශ්වාසයක් ද ජනාධිපතිවරයා තුළ නැත. ජවිපෙ අත්විඳි එජාපය මත යැපෙන තත්ත්වයකට ගියහොත් තෝන් ලණුව ඔවුන් අතට පත්වන බව ජනාධිපතිවරයා දනී.

යුද්ධය ද පහසු විකල්පයක් නොවේ. යුද්ධයක් ඇතිවනවා දකින්නට ඉන්දියාව කැමති නැත. ජාත්‍යන්තර ප්‍රජාව ද ඊට තරයේ විරුද්ධය.

මේ තත්ත්වය එක දිගට මෙසේ පවතින්නට ඉඩ හැර බලා සිටීමේ හැකියාවක් ද නැත.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් දකුණේ දේශපාලන වශයෙන් පවතින අවුල්සහගත තත්ත්වයකට පත්වීමක් විය හැකි ය. එහෙත් එවැන්නක් ඉබේ ඇතිවිය නො හැකි ය. එවැන්නකට මුල පිරිය යුත්තේ ද ජනාධිපතිවරයා ය. සාධාරණ ලෙස බලතල බෙදා හැරෙන ක්‍රියාමාර්ගයකට විරුද්ධ වීමේ හැකියාවක් විරුද්ධ පක්ෂවලට නැත.

එහෙත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් වැදගත් වනු ඇත්තේ එවැනි ආණ්ඩුවක් මගින් හෝ මෙම අර්බුදය ජයගත හැකි නම් පමණ ය.

සරල ප්‍රතිසංස්කරණවලින් මෙම අර්බුදය ජයගත නො හැකි ය. දැන් රාජ්‍යය තිබෙන්නේ ද ප්‍රතිසංස්කරණය කළ හැකි තැනක නොවේ.