ආණ්ඩුව ගමන් මග වෙනස් කරයි!

October 29, 2026
Publication:
Two significant men came to Sri Lanka last week, one from Ireland and one from India. Martin McGuinness — a pioneer of the Irish peace movement, a figure in Sinn Féin and, Ivan writes, the godfather of the IRA — came to meet the leadership of the LTTE and not the president. The Indian foreign secretary saw the president and then the leader of the opposition at length, pressing India's interest in a larger part in settling the crisis.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ගමන් මගෙහි මූලික වෙනසක් ඇතිවෙමින් තිබෙන බව පෙනේ. පසුගිය සතියේ ඉතා වැදගත් පුද්ගල චරිත දෙකක් ශ්‍රී ලංකාවට පැමිණයේය. එක් අයෙක් පැමිණියේ අයර්ලන්තයෙනි. අනෙක් පුද්ගලයා ආවේ ඉන්දියාවෙනි.

අයර්ලන්තයෙන් පැමිණියේ මාටින් මැක්ගිනස්ය. ඔහු අයර්ලන්ත සාම ව්‍යාපාරයේ පුරෝගාමී නායකයෙකි. ෂින්පෙන් ව්‍යාපාරයේ ද කැපී පෙනෙන චරිතයකි. අයර්ලන්ත රතු හමුදාවේ ඥාන පියා ලෙසා සැලකුණේ ඔහුය.

ශ්‍රී ලංකාවට පැමිණියේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවන්නට නොව කොටි සංවිධානයේ නායකයන් හමුවන්නටය. කොළඹට පැමිණි වහාම ගියේ කිළිනොච්චියටය. එහෙත් ඔහුගේ සම්පූර්ණ ගමන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අනුදැනුම ඇතිව ඔහුගේ ආශිර්වාදය ඇතිව කරන ලද්දක් විය. ඒ ගමනට සම්බන්ධ නියෝජිත පිරිසට මැක් ගිනස්ගේ සහායකයකු වූ මැක්ටියර් හා ශ්‍රී ලංකාවේ ඉන්පැක්ට් (ෂබච්ජඑ) ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂවරයෙකු වන ටිරල් පර්ඩිනැන්ඩස් ද සම්බන්ධ වීය. මෙම තිදෙනා කිළිනොච්චිය බලා ගියේ ඪෂඡ ගණයේ පුද්ගලයන්ගේ පරිහරණය සඳහා යොදා ගැනෙන බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටරයකිනි.

ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් පැමිණි වැදගත් පුද්ගලයා වනුයේ විදේශ ලේකම් ශ්‍යාමි සරාන් මහතාය. ඒ මහතා ඇතුළු නියෝජිත පිරිස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැය එකහමාරකට ආසන්න දීර්ඝ සාකච්ඡාවක යෙදුණේය.

ශ්‍රී ලංකාවේ අර්බුදයට විසඳුමක් වශයෙන් ඉන්දියානු මාදිලිය යොදා ගැනීමට කැමති නම් ඒ සඳහා අවශ්‍ය විශේෂඥ සහාය ලබාදීමට ඉන්දියාව සූදානම් බව විදේශ ලේකම්වරයා මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දුන්නේය. ඉන්දියානු මාදිලිය ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් තෝරා ගැනීමට තමන් අකමැති නැතත් පෙඩරල් යන පදය යොදා ගන්නවාට තමන් කැමති නැති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

මෙම අර්බුදය විසඳා ගැනීම සඳහා ප්‍රධාන පක්ෂ දෙක අවබෝධයෙන් එකට වැඩ කිරීමේ අවශ්‍යතාව ද විදේශ ලේකම්වරයා ජනාධිපතිවරයා වෙත අවධාරණය කළේය.

ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් පසු විදේශ ලේකම්වරයා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඔහු සමඟ ද දීර්ඝ සාකච්ඡාවක නිරත විය.

ශ්‍රී ලංකාවේ මේ අර්බුදය විසඳා ගැනීම සඳහා වඩා විශාල ප්‍රමාණයකින් මැදිහත්වීමට ඉන්දියාවට තිබෙන උනන්දුව ද විදේශ ලේකම්වරයා මෙම නායක දෙපළටම අවධාරණය කළේය.

ඉන්දීය විදේශ ලේකම්වරයාගේ හමුවෙන් පසුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ භෘඔඪ රූපවාහිනී සේවාවට ශ්‍රී ලංකාවේ අර්බුදය පිළිබඳව සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන්නේය. තමන් විසඳුමක් සඳහා වන දළ රාමුවක් සකස් කෙරෙමින් තිබෙන බවත් ඒ සඳහා සුදුසු විශේෂඥ පිරිසක් යොදා තිබෙන බවත් ප්‍රකාශ කළ ජනාධිපතිවරයා දළ රාමුව කෙටුම්පත් කිරීමෙන් පසුව එය එල්ටීටීඊය වෙත යවන බවත් ප්‍රකාශ කළේය. තමන් කෙටුම්පත් කරන දළ රාමුව එල්ටීටීඊය මත බලෙන් පැටවීමේ අවශ්‍යතාවක් තමන්ට නැති බවත්, එම රාමුව සුදුසු ලෙස සකස් කරගැනීමේ ක්‍රියාවලියට ඉන්පසු ඔවුන්ට සම්බන්ධ විය හැකි බවත්, සියලු දෙනාම මනුෂ්‍යයන් බවත්, තමා සේ ම ප්‍රභාකරන් ද ශ්‍රී ලාංකිකයන් බවත් ප්‍රකාශ කළේය.

මෙම රූපවාහිනී සේවාවටම මීට සතියකට පමණ ඉහතදී එල්ටීටීඊ න්‍යායචාර්ය ඇන්ටන් බාලසිංහම් ද සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙන ලද අතර, රජීව් ගාන්ධි ඝාතනය පිළිබඳව ඔහු එහිදී පළ කරන ලද අදහස් මහත් ආන්දෝලනයකට හේතුවිය.

මීට පෙර මහින්ද රාජපක්ෂ මහතා “උදයන්” පුවත්පතේ කතුවරයා මගින් ද එල්ටීටීඊ දේශපාලන අංශයේ නායක තමිල් සෙල්වන් වෙත පණිවුඩයක් යවා තිබුණි. වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම සඳහා සති දෙකක කාලයක් ලබාදීමට සූදානම් නම් කරුණා පාර්ශ්වයෙන් එල්ල වන ප්‍රහාර අත්හිටුවීමට තමන්ට පොරොන්දු විය හැකි බව එම පණිවුඩයෙන් දැනුම් දී තිබුණි.

මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයේ ඉක්මන් වෙනසක් ඇති කිරීමට අපේක්ෂා කරන බව පෙනේ. අගමැති තනතුර ද වෙනස් කෙරෙනු ඇති බව පෙනෙන්නට තිබේ. රත්නසිරි වික්‍රමනායක මහතා ස්ව කැමැත්තෙන් තනතුරෙන් ඉවත්ව යනු ඇති අතර, නව අගමැති තනතුරට පත් කරන්නට යන්නේ කවුරුන්ද යන්න පැහැදිලි නැත.

එල්ටීටීඊය සමඟ එකඟතාවක් ඇති කරගැනීමට සමත් වෙතොත් ඉක්මන් මැතිවරණයක් පැවැත්වීමට ද ඉඩ තිබේ.

එහෙත් ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වනවාට තරයේ විරුද්ධය. ජනතා විමුක්ති පෙරමුණෙන් එල්ල වන විරෝධතා නොසලකා ඉදිරියට යෑම ජනාධිපතිවරයාගේ අභිලාෂය වී තිබෙන බව පෙනේ. එහෙත් එම ප්‍රවේශය ජවිපෙ හා ආණ්ඩුව අතර ගැටුම් ඇති කරවන තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය හැකිය.