සුනාමි ව්‍යසනය සිදුවී වසර දෙකක් සම්පූර්ණ වී ඇතත්, උන්හිටි තැන් අහිමි වූ සියලු දෙනාට ස්ථිර නිවාස ලබාදීමටවත් රටක් වශයෙන් අප සමත් වී නැත. 114069 ක් වන මුළු නිවාස අවශ්‍යතාව වෙනුවෙන් තවමත් අපට සම්පූර්ණ කළ හැකිවී තිබෙන්නේ නිවාස 63469 ක් පමණ ය. තවත් නිවාස 47,869 ක් ඉදිවෙමින් තිබෙන අතර, ඉඩම් හෝ අවශ්‍ය ප්‍රතිපාදන නොමැතිකම නිසා ඉදිකිරීම් ආරම්භ කිරීමටවත් නොහැකි වී තිබෙන නිවාස සංඛ්‍යාව 11,710 කි. දකුණේ අවශ්‍ය ප්‍රමාණයට වඩා නිවාස 5550 ක් ඉදිවී තිබෙන විට උතුරු නැගෙනහිර දෙපළාතට තිබෙන හිඟය 8500 කි. විෂමතා ඇත්තේ ප්‍රමාණයේ පමණක් නොවේ. ගුණයේ ද විෂමතා පවතී. සමහරුන්ට ලැබී තිබෙන නිවාසවල ගුණාත්මක අගය හොඳ තත්ත්වයක පවත්නාමුත් ඉදිකර තිබෙන බොහෝ නිවාස පිළිගත හැකි ප්‍රමිති තත්ත්වයක නො පවතී. නැවත ආරම්භ වී තිබෙන ප්‍රචණ්ඩ ගැටුම්, ගැටුම් පවත්නා කලාපයේ ප්‍රතිසංස්කරණ කටයුතු අඩාල කිරීමට හේතුවී තිබේ.
2004 වසරේ දී සිදුවූ මෙම මහා ව්‍යසනය නිසා එක දිනක පැය දෙකකට අඩු කාලයක් තුළ විනාශ වූ ජීවිත සංඛ්‍යාව 50,000 කට ආසන්න ය. උන්හිටි තැන් අහිමිවූවන්ගේ සංඛ්‍යාව පන් ලක්ෂයකටත් වැඩි ය. මේ මහා විපත භේද අතහැර එක්සත් ජාතියක් ලෙස නැගී සිටීමට අවස්ථාවක් කරගැනීමට ලැබුණු මහඟු අවස්ථාවක් වුවත්, ඒ අවස්ථාව නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමට අපි අසමත් වීමු.
තවත් ස්ථිර නිවාස 47,809 ක් ඉදිවෙමින් තිබුණු ද ඉඩම් නොමැතිකම නිසා හෝ ප්‍රතිපාදන නොමැතිකම නිසා ඉදිකිරීම් ආරම්භ කිරීමටවත් නොහැකි වී තිබෙන නිවාස සංඛ්‍යාව 11,710 කි.
ලෝක බැංකු ආධාර යටතේ නිවාස ඉදිකර ගැනීම සඳහා වාරික දෙකකට ගෙවන ලද ආධාර මුදල් 73% තවම ලැබී නැති බව ද සමීක්ෂණවලින් හෙළිදරව් වී තිබේ. එම ආධාරය නොලැබූවන්ගෙන් 82% ක් අයත් වන්නේ උතුරට ය.
ලබාදී තිබෙන නිවාසවල ගුණාත්මක අංශයෙහි ද බරපතළ විෂමතා පවතී. සුළු පිරිසකට හොඳ නිවාස ලැබී ඇතත්, වැඩි පිරිසකට ලැබී තිබෙන නිවාසවල ප්‍රමිති තත්ත්වය (කර තිබෙන වියදමට සාපේක්ෂව) පහත් තත්ත්වයක පවතී.
විනාශ වූ පාසල් අතරින් සම්පූර්ණ වශයෙන් නිම කිරීමට හැකිවී ඇත්තේ 4% ක් පමණ ය. පාසල් 446 ක තවමත් අනාථ කඳවුරු පවත්වාගෙන යයි.
මෙම විපතට ගොදුරුවූවන්ට මානසික වශයෙන් සිදුවී ඇති හානියට තවමත් කිසිදු පිළියමක් යොදා නැත.
ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්තයේ කුණුවෙමින් තිබුණු වාර්ගික අවුල නිරාකරණය කරගැනීමට සුනාමි විපත අවස්ථාවක් කර ගත්තේ ය. එහෙත් ඒ නිසා අපට ලැබුණු අවස්ථාව ප්‍රශස්ථ ලෙස ප්‍රයෝජනයට ගැනීමට අපි සමත් නො වීමු.
සිදුවී තිබෙන වැරදි හා අඩුපාඩුකම් සොයා බලා සුනාමියෙන් විපතට පත් ජනතාවගේ ජීවිත නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා කඩිනමින් ක්‍රියා කිරීම ආණ්ඩුවේ වගකීමයි. විශේෂයෙන් ම අවශ්‍ය ඉඩම් හෝ අරමුදල් නැතිකම නිසා ස්ථිර නිවාස ඉදි කිරීම ආරම්භ කර නැති පවුල් 11,710 ප්‍රශ්නය විසඳීමට කඩිනම් ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ යුතු ය.