දේශපාලන අරගලවල ඵලදායකත්වය කෙරෙහි දේශපාලන දෘෂ්ටියද වැදගත් සාධකයක් ලෙස බලපායි. මා මාක්ස්වාදියකු නොවූවද, න්‍යාය ක්‍රියාවට ම`ග පෙන්වන්නේය යන අදහස මමද පිළිගනිමි. රටේ දේශපාලන අරගල ඇතත්, ඒවා සිදුවන්නේ අර්ථවත් ඉදිරි දැක්මක් නැතිවය. සටන් කරන්නන් එකතැන දුවන්නන් බවට පත්ව තිබෙන්නේ ඒ නිසාය. රටට දේශපාලන
වාද විවාද අවශ්‍ය වී ඇත්තේ දේශපාලන දෘෂ්ටියක් නැතිකමේ අඩුව සපුරා ගැනීම ස`දහාය. දේශපාලන ඉදිරි දර්ශනය තනා ගැනීමේදී අතීත සිදුවීම් ගැන හරි අර්ථකථනයක් අවශ්‍ය වන්නා සේම වර්තමාන සිදුවීම් ගැනද හරි අර්ථකථනයක් ඇතිකර ගැනීම අවශ්‍යවේ. ජේවීපී හා එල්ටීටීඊ කැරලි ගැන සේම ඒ කැරලි පරාජය කළ යුද්ධ ව්‍යාපාරය ගැනද හරි ඇගයීමක් තිබිය
යුතුය. එහිදී සිංහල දෙමළ තරුණයන් කැරලි ගසන තැනකට තල්ලු වුණේ ඇයිද යන ප්රශ්නය සැලකිල්ලට ගැනීමවැදගත් වන්නා සේම මේ දේශපාලන ව්‍යාපාර දෙක කරළියට ගෙනා ප්රචණ්ඩ දේශපාලන සදාචාරයද සැලකිල්ලටගැනීම අවශ්‍ය වේ.
යුද්ධය හා ගාන්ධි
දෙවැනි ලෝක යුද්ධය ඉන්දියානු නිදහස් ව්‍යාපාරය දෘෂ්ටිමය වශයෙන් විශාල අවුලකට තල්ලු කරනු ලැබූ අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. බ්‍රිතාන්‍යය ලෝක යුද්ධයේ ප්‍රධාන කොටස්කරුවකු බවට පත්වූ තත්ත්වය තුළ එය ඉන්දියාවේ බ්‍රිතාන්‍ය ආධිපත්‍යය පරාජය කිරීමට කොංග්‍රසයට ලැබුණු කදිම අවස්ථාවක් ලෙස සලකා එම අවස්ථාව උපරිම ලෙස ප්‍රයෝජනයට
ගත යුතුයැ”යි කියන බලවත් මතයක් කොංග්‍රසය තුළ මතුවී තිබුණි. බැලූ බැල්මට හරි බව පෙනුණේ ඒ මතධාරාවය. ඉන්දියාවේ සතුරා බලවත් සතුරකු සමග පැටලී සිටින තත්ත්වය තුළ ඉන්දියාව තම සතුරාට පහර දී බ්‍රිතාන්‍ය ආධිපත්‍යය බි`ද දැමීමේ හැකියාව කොංග්‍රසයට තිබුණි. එහෙත් කොංග්‍රසයේ ආත්මය හා මොළය ලෙස සැලකිය හැකි මහත්මා ගාන්ධි ඒ
අවස්ථාවේදී ඉන්දියාවේ දේශපාලන චිත්‍රයට පමණක් සීමාවීමට කැමති නොවීය. ඔහු ඒ සමග ලෝක දේශපාලන චිත්‍රයද සැලකිල්ලට ගත්තේය. හිට්ලර් ප්රමුඛ ෆැසිස්ට් බලවේගයන්ට එරෙහිව මිත්‍ර ජාතීන්ගේ පෙරමුණ කරන යුද්ධය දුර්වල කිරීමට හේතුවන නැගිටීම් ඇතිවනවා දකින්නට ගාන්ධි කැමති නොවීය. ගාන්ධි ලංකාවේ සමසමාජ පක්ෂය කළාක් මෙන් දෙවන ලෝක යුද්ධය අධිරාජ්‍යවාදී බලවතුන් දෙපිරිසක් අතර කැරෙන යුද්ධයක් ලෙස සලකා ක්‍රියා කරන තැනකට ගියේ නැත. ඔහු කොංග්‍රසයේ හිස ඔසවමින් තිබුණු අන්තවාදී අදහස්වලට එරෙහිව දෘෂ්ටිමය අරගලයක නිරත වූයේය. මෙවැනි
අවස්ථාවකදී කෙටිකාලීන වාසි සලකා ක්‍රියා කිරීමෙන් ඉන්දියාවට පමණක් නොව සමස්ත ලෝකයටද විය හැකි
හානිය ඔහු පෙන්වා දුන්නේය. ඒ මොහොතේ බ්‍රිතාන්‍යය අසීරුතාවට පත්කරන කිසිවක් නොකරන බව ගාන්ධි ප්‍රසිද්ධ ප්‍රතිඥාවක් දුන්නේය. අවිහිංසාවාදී ගාන්ධි ඒ මගින් දෙවැනි ලෝක යුද්ධයේදී පැත්තක් ගත්තේය. ඔහුගේ එම ස්ථාවරය උණුසුම් වාද විවාදවලට හේතුවිය. ඔහු කොංග්‍රසයේ ක්‍රියාකාරී කමිටුවට මෙසේ කීවේය. “යුද්ධය අනුමත නොකරන කෙනකු
විසින් වුවත් ආක්රමණික යුද්ධයක් හා ආරක්ෂක යුද්ධයක් අතර වෙනස වටහා ගත යුතුය.”” තමා එම බැ?රුම්
අවස්ථාවේදී ““එංගලන්තයට හා ඇගේ මිත්‍ර පාක්ෂිකයන්ට චෛතසික සහයෝගය”” දෙන බව කියා සිටියේය.
ගාන්ධි ඒ අවස්ථාවේදී බ්‍රිතාන්‍යයට සහයෝගය දුන්නේද බ්‍රිතාන්‍ය අගමැති චර්චිල් ගාන්ධි පිළිබ`දව නරකම ප්‍රකාශයක්කර තිබියදීය. ගාන්ධිවාදය ඒ වෙනුවෙන් පෙනී සිටින සියලු දේ සමග පොඩිපට්ටම් කළ යුතු බව ඔහු කියා තිබුණි. ලෝකයේ ලෝක යුද්ධයක් ආරම්භ වී තිබුණු පලියට විවිධ ස්වරූපයන්ගෙන් නිරන්තර අවිහිංසාවාදී අරගලයක නිරත
වී සිටි කොංග්රස් සාමාජිකයින්ට ලෝක යුද්ධය අවසන් වන තෙක් කිසිවක් නොකර නිකම්ම බලා සිටීමේ
හැකියාවක් නොතිබුණි. ඒ නිසා ගාන්ධි එවැනි අයට සටන් කරන්නට අලුත් සටන් ආකෘතියක් තනා දුන්නේය. එය
මිත්‍ර පක්ෂයේ යුද්ධ ව්‍යාපාරයට බාධා නොකරන මුදු හා සරල සටන් ක්‍රමයක් විය. යුද විරෝධී ප්රචාරක කටයුතු
තහනම් කරමින් පනවා තිබූ නියෝගය තෝරාගත් තනි තනි පුද්ගලයන් මගින් උල්ලංඝනය කරවන පිළිවෙතක්
ක්‍රියාත්මක කරවීම ඒ සටන් ක්‍රමය විය. ඒ කාර්යයට තෝරාගත් පළමු පුද්ගලයා වූයේ විනෝබා භාවේය. ඔහු එම නීති
උල්ලංඝනය කරන කතාවක් කරමින් සිටියදී අත්අඩංගුවට ගන්නා ලදුව නඩු අසා තුන්මසක සිර ද`ඩුවමක් පමුණුවනල. ඊළ`ගට ඒ කාර්යය පැවරුණේ නේරුටය. නේරුට සිව් අවුරුදු සිරද`ඩුවමක් නියම විය. එම නීතිය උල්ලංඝනය කරන තුන්වැන්නා බවට පත්වූයේ පතෙල්ය. මෙම වැඩ පිළිවෙළ 1941 අවසානය තෙක් පවත්වාගෙන ගියේය. එය නතර කරන විට තනි තනි වශයෙන් එම නීතිය කැඩීම නිසා සිර ද`ඩුවම් වි`දින අයගේ සංඛ්‍යාව 23,223ක් බවට පත්ව තිබුණි. එම වැඩ පිළිවෙළ ගාන්ධිගේ වුවත් තමන් ඊට සම්බන්ධ නොවී හිරේ යෑමෙන් වැළකී සිටින බව ගාන්ධි කොංග්‍රසයට කල්තියා දැනුම් දී
තිබුණි. ලෝක යුද්ධයක් කරළියට ආ විට ගාන්ධි තමන්ගේ දේශපාලන සටන් වැඩ පිළිවෙළ හැසිර වූ ආකාරයෙන් අපටද
උගත හැකි වැදගත් පාඩම් කීපයක් ඇත්තේය. ගාන්ධි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අහිංසාවාදියෙක් විය. ලෝක
යුද්ධය අහිංසකයන් දෙපිරිසක් අතර කැරුණු රණ්ඩුවක් නොවීය. එය ලෝක බලවතුන් පිරිසක් අතර කැරුණු වියරු
යුද්ධයක් විය. නිල සංඛ්‍යාලේඛන අනුව දෙවන ලෝක යුද්ධයෙන් මියගිය අයගේ ගණන ලක්ෂ තුන්සියයකි. තුවාල ලැබූ
අයගේ ගණන ලක්ෂ දාහකි. ස්ත්‍රී දූෂණ ගැන දෙපැත්තේම හමුදාවලට චෝදනා එල්ල විය. වැඩියෙන්ම චෝදනා එල්ල
වූයේ රුසියාවේ රතු හමුදාවටය. ප්රතිපක්ෂ ඇණියේ ප්‍රධාන කොටස්කාර රටකට පරමාණු බෝම්බ දෙකක්ද හෙළන ලදි. ඒ සියල්ල එසේ තිබියදී අහිංසාවාදී ගාන්ධි යුද්ධයේදී පැත්තක් ගත්තේය. මිත්‍ර පාක්ෂිකයන්ට අවහිරයක් ඇතිකරන දේවල් කිරීමෙන් වැළකී සිටීම මගින් එම පක්ෂයට ආධාර කළේය. ඊළ`ගට වැදගත් ප්‍රධානතම දේවනුයේ බ්‍රිතාන්‍යය ගාන්ධිගේ සටනේ ප්‍රධාන ප්රතිපක්ෂය වී සිටියදී හා සිය ප්රතිපක්ෂය පරාජය කිරීමට එය මහ`ගු අවස්ථාවක් කරගත හැකිව තිබියදී එසේ
නොකොට ඒ මගින් සිය ප්රතිපක්ෂයට ආධාර කරන පිළිවෙතක් අනුගමනය කිරීමය. ගාන්ධි මුළුමහත් ලෝකයම
බිල්ලට දී ඉන්දියාව නිදහස් කරගැනීමට කල්පනා නොකළේය. ඔහු යුද්ධ කැරුණු දෙපක්ෂය අතරින් නපුරුම හා
අශීලාචාරම බලවේගය පරාජය කිරීම ස`දහා සාපේක්ෂ වශයෙන් හො`ද පක්ෂයට ආධාර කළේය. ඒ මගින් ඉතාමත් අශීලාචාර තැනකට ලෝකය තල්ලු වීමට තිබුණු හැකියාව නැති කිරීමට උදව් විය. එහෙත් ඔහු ආධාර කළ මිත්‍ර පාක්ෂිකයින්ගේ බලවේගයද අහිංසකයන්ගේ ව්‍යාපාරයක් නොවීය. ඔවුන්ගේ අතින්ද දශලක්ෂ ගණනක් මිනිසුන් මරණයට පත්විය. ඊට වැඩි පිරිසක් තුවාල ලැබීය. ඔවුන් අතින් සිදුවන ඒ විනාශාකාරී ක්‍රියාද ගාන්ධිට පෙනුණේය. එසේ තිබියදීත් ඔහු හිට්ලර්ගේ ෆැසිස්ට් පෙරමුණ පරාජය කිරීම ස`දහා මිත්‍ර පක්ෂයට ආධාර කළේය. මා වැනි අහිංසාවාදී නායකයකු මිනිසුන් මරන යුද්ධයකට ආධාර කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කරමින් යුද්ධයට අවහිර කරන ප්රතිපත්තියක්අනුගමනය කළේ නැත.
අප ජේවීපී හා එල්ටීටීඊ කැරලි දෙස බැලිය යුත්තේද ගාන්ධි ලෝක යුද්ධය දෙස බැලූ ආකාරයටය. දෙවැනි ජේවීපී
නැගිටීම හා එල්ටීටීඊ නැගිටීම රට කෙරෙහි තීරණාත්මක බලපෑමක් ඇතිකළ නැගිටීම් දෙකක් විය. එහිදී මෙම දෙපක්ෂයම ද්වන්ද්ව බලයක් ස්ථාපිත කිරීමට සමත් විය. ජේවීපී නැගිටීම ඇතිවූ ද්වන්ද්ව බලය දින 800ක කාලයක් ප්‍රධාන කොට දකුණේ සිංහල ජනයා කෙරෙහි බලපෑවේය. එල්ටීටීඊ නැගිටීම අවුරුදු 24ක ද්වන්ද්ව බලයක් ඇති කිරීමට හේතුවූ අතර එය ප්‍රධාන කොට උතුරේ දෙමළ ජනතාව කෙරෙහිත්, අතිරේකව දකුණේ සිංහල ජනතාවගේ ජීවිත කෙරෙහිත් බලපෑවේය.
ජේවීපී හා එල්ටීටීඊ කැරලි
ජේවීපී නැගිටීම නිසා ඇතිවූ ද්වන්ද්ව බලය තවත් දීර්ඝ කාලයක් පැවතියේ නම් හෝ ජේවීපීයට බලය ලබාගන්නට හැකිවී නම් විය හැකිව තිබුණු විනාශය ඉතා විශාලය. එහිදී ජේවීපී කැරැල්ල පරාජය කරන වැඩ සටහනට දේශපාලන වශයෙන්
නායකත්වය දුන් ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන හෝ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ජේවීපී කැරැල්ලට නායකත්වය
දුන් රෝහණ විජේවීරට වඩා ශීලාචාර වූයේ සාපේක්ෂ වශයෙන් පමණි. සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ රාජ්‍ය
බලය හිමිකර ගත් විට අයථා ලෙස වස්තුව උපයා ගත්තේය. විරුද්ධ පක්ෂ පීඩාවට පත් කළේය. සමහර විට තෝරාගත් පුද්ගලයන් හිංසාවටද ලක් කළේය. එහෙත් ඔවුන් විරුද්ධ මත දරන අය තොග වශයෙන් ඝාතනය කළේනැත. ජේවීපීයට අයථා ලෙස වස්තුව උපයා ගැනීමේ කැත ඉතිහාසයක් නොතිබුණද, ඔවුහු ජීවතුන් අතර සිටිය යුතු අය කවුද, නොසිටිය යුතු අය කවුද යන්න තීරණය කළෝය. විරුද්ධ මත දරන මිනිසුන් ඝාතනය කළෝය. තමන්ගේ පරණ සගයන් පවා ඝාතනය
කළෝය. ප්රතිපක්ෂ කණ්ඩායම් ඝාතනය කළෝය. එය සැලකිය හැක්කේ ෆැසිස්ට් වාදයකට බර දේශපාලන ප්‍රවණතාවක්
ලෙසය. ඒ අර්ථයෙන් ජේ. ආර්ගජයවර්ධන හා රණසිංහ ප්‍රේමදාස විජේවීරට වඩා ශීලාචාර නායකයන්
ලෙස සැලකිය හැකිය. එසේම විජේවීරගේ දේශපාලන ව්‍යාපාරයට වඩා සාම්ප්‍රදායික දේශපාලන ව්‍යාපාර ශීලාචාර වී යැයි කිව හැක. සාපේක්ෂ වශයෙන් ගත්විට එල්ටීටීඊය ජේවීපීයටත් වඩා ෆැසිස්ට්වාදී ව්‍යාපාරයකට පරිවර්තනය වෙමින් තිබුණු ව්‍යාපාරයක් ලෙස සැලකිය හැකිය. එහෙත් ඒ වෙනස කෙරෙහි ද්වන්ද්ව බල තත්ත්වයක් තුළ ඔවුන්ගේ දීර්ඝකාලීන පැවැත්ම
බලපෑවේය. වෙනම රාජ්‍යයක් ස`දහා කැරුණු බෙදුම්වාදී අරගලය ආරම්භ වන අවස්ථාව වන විට උතුරේ ඒ අරමුණ
වෙනුවෙන් ආයුධ අතට ගත් ලොකු කුඩා සංවිධාන දුසිමක් පමණ තිබුණි. එල්ටීටීඊය ප්රතිපක්ෂ නායකයින් හා
අනුගාමිකයින් ඝාතනය කරමින් ඊලමක් ස`දහා සටන් කරන එකම සංවිධානය බවට පත්විය. ඒ ආකාරයට එල්ටීටීඊය
විසින් ඝාතනය කෙරුණු ඊලාම් ව්‍යාපාරය තුළ සිටි විවිධ දේශපාලන කණ්ඩායම්වලට අයත් පුද්ගලයින්
සංඛ්‍යාව දහස් ගණනක් විය හැකිය. ඔවුන් තමන්ට අවනත නොවන වෙනස් අදහස් දරන දෙමළ ජනයාද මරා දැමුවේය. ඔවුන් අතර දෙමළ සමාජයබිහිකළ විශිෂ්ටතම බුද්ධිමතුන්ද විය.
එල්ටීටීඊය හාදෙමළ ජනයා
මේ ගැටුමේදී දෙපාර්ශ්වයම විසින් සිදුවූ සාහසික ක්‍රියා සොයා බලමින් ඒ ගැන අඛණ්ඩ වාර්තාකරණයක් පවත්වාගෙන යාමට උත්සාහ කළ පුද්ගලයා ලෙස සැලකිය හැක්කේ රාජන් හූල්ය. එක් අවස්ථාවකදී එල්ටීටීඊ අත්අඩංගුවේ සිටි දහස් ගණනක් වූ දෙමළ සිරකරුවන්ගේ ඉරණම පිළිබ`දව ඔහු ඉදිරිපත් කර තිබෙන සටහනක්මෙසේය.
““එල්ටීටීඊය විසින් අත්අඩංගුවටගෙන සිටියදී ඝාතනය කරන ලද අටදාහක් රැ`දවියන් පිටස්තර පුද්ගලයකුට ඉහළ සංඛ්‍යාවක් ලෙස පෙනී යා හැකිය. කෙසේ වෙතත් සංයුක්ත කරුණු කීපයක් සලකා බලමු. 1990 කාලපරිච්ඡේදය තුළදී එල්ටීටීඊය අඛණ්ඩව සිවිල් වැසියන් අත්අඩංගුවට ගනිමින් ඔවුන් විශාල මධ්‍යස්ථාන කරා යැවීය. 1990 ජූනි මාසයේදී යාපනයේ තොරතුරු මධ්‍යස්ථානයකදී එල්ටීටීඊය තමන් යටතේ රැ`දවියන් 2,500ක් සිටින බවත්, ඔවුන් සියල්ලෝම දේශපාලනයට
සම්බන්ධ නොවූ පුද්ගලයන් බවත් පිළිගත්තේය. මූලාශ්රයන් ගණනාවකින් ලබාගත් තොරතුරු අනුව මුළු සංඛ්‍යාව ලෙහෙසියෙන් 5,000ක් ලෙස නිගමනය කළ හැකිය. 1990 සැප්තැම්බරයේදී එල්ටීටීඊය ඝාතනය කළ පන්සිය දෙනකුගේ නම් ලැයිස්තුවක් කෝපයෙන් පසුවූ ඔවුන්ගේ ඥාතීන්ට කියවීය. 1990 ජූනි පමණ වනතෙක් තුන්කායිහි ගබඩාවල ර`දවාගෙන සිටි 1,300කට ආසන්න රැ`දවියන් පිරිසක් ගැන රැ`දවියන්ව සිට පසුව නිදහස් වූවන් විසින් දෙන ලද තොරතුරු අප සතුව පවතී. එල්ටීටීඊය විසින් විටින් විට නිදහස් වීමට බලාපොරොත්තුවෙන් සිටින සිරකරුවන් ඔවුන්ගේ අංක ස`දහන් කොට සුහදව ක`දවුරුවලින් පිටතට කැ`දවීය. ඔවුන් රැගෙන යන්නේ නිදහස් කිරීමට බව ඔවුන්ට කියනු ලැබීය. ක`දවුරුවලින් වෙන්ව යන සිරකරුවෝ දෙනෙතෙහි රැ`දුණු සතුටු ක`දුළුවලින් යුතුව ක`දවුරේ තවදුරටත් රැ`දී සිටින
සිරකරුවන්ගෙන් සමුගත්තේය. අවසානයේ සිරකරුවන්ගෙන් තවදුරටත් ඉතිරිව සිටියේ 400ක් පමණි. ඔවුන් නිදහස් කරන ලදි. කලින් නිදහස් කිරීමට යැයි කියා ඉවත් කරගෙන යනු ලැබූ 900 දෙනා ජීවතුන් අතර නොමැති බව ඉන්පසු ඔවුහු සොයා ගත්හ. 1992 මැද භාගයේදී කොයිලකන්දිහි පිහිටි ටැංගෝ නම් වූ රැ`දවුම් ක`දවුරේ සිටි සිරකරුවන් ගැන එල්ටීටීඊ රැකවලුන් විසින් කරන ලද සිත් සසල කරවන පාපොච්චාරණයන් සමහරක් අසන්නට ලැබුණි. 1990 කාල පරිච්ඡේදය තුළදී තුන්කාහි අවට සිර ක`දවුරුවලින් ලොරිවල පුරවාගෙන ඝන වනාන්තරවලට ගෙනයන ලද බව රැකවල්ලු ඔවුන්ට පැවසීය. ඔවුහු
නියෝග පරිදි ඒ සිරකරුවන් ඝාතනය කිරීමේ වෙහෙසකර හා ඒකාකාර වූ කාර්යයෙන් නිරතුරු අතර කොතරම්
පිරිසක් ඝාතනය කරනු ලැබුවේද යන්න ඔවුන් දැන නොසිටියේය. 1989 අග භාගයේ සිට ඉන්දියානු හමුදාව ඉවත් කරගැනීමත් සමග මුහුදින් ඉන්දියාවට පලා යමින් සිටි 1000කට අධික දෙමළ ජාතික හමුදාවේ තරුණයින් (වැඩිම කොටස අනිවාර්ය යුද පුහුණුවට බ`දවාගනු ලැබූවෝ වූහ.) සහ අනිකුත් සිවිල් වැසියෝ ශ්‍රී ලංකා හමුදාවන්ගේ සහාය ඇතිව එල්ටීටීඊය විසින් ඝාතනය කරන ලදහ. එවැනි ඝාතන අඛණ්ඩව සිදුවෙමින් පැවැති ක්‍රියාදාමයක් වූ අතර 1990 දී එය උච්චස්ථානයකට පත්විය. මෙම සංයුක්ත තොරතුරු අනුව ඝාතනය කෙරුණු සංඛ්‍යාව 8,000ක සංඛ්‍යාවක් වනු ඇත.
නිතැතින්ම විමතිකයින් වීමේ වරදට ගම්වලින් රහසේ පැහැර ගෙන යනු ලැබ ඝාතනය කරන ලද විශාල සංඛ්‍යාවක්ද
ගණන් හිලව්වලට ඇතුළත් විය යුතු බව උතුරු-නැගෙනහිර විමතිකයෝ පෙන්වා දෙති. මොවුන් පිළිබ`ද සංඛ්‍යා
වාර්තාගත වී නැත. මේ විමතිකයන්ට අනුව එල්ටීටීඊය විසින් ඝාතනය කරන ලද දෙමළ වැසියන්ගේ සංඛ්‍යාව
20,000ක් තරම් වේ. තරුණ සටන්කාමීන් සම්බන්ධයෙන් සලකන කල සටන්වලදී මියගිය හෝ ආබාධිත වූ පිරිසත්, පුද්ගලනාශක බිම් බෝම්බවලට ගොදුරු වූ දහස් සංඛ්‍යාත සිවිල් වැසියනුත් එක්ව මුළු සංඛ්‍යාව තවත් 20,000ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් එකතු කළ යුතුය. මෙය විමුක්තිය වෙනුවෙන් ගෙවන ලද මිලක් නොවේ. අරගලය ජයග්‍රහණය කළොත් එය භයංකර ෆැසිස්ට් රාජ්‍යයක් වෙනුවෙන් ගෙවනු ලබන මිලක් වනු ඇත.”” (- පිටුව 577) හූල් මෙම කෘතිය ලියා ඇත්තේ
වෛද්‍ය රාජනී තිරාණගමගේ ඝාතනයේ දසවන සංවත්සරය සැමරීම වෙනුවෙන් 2000 වසරේදීය.
ඓතිහාසිකදෘෂ්ටියකින් බැලීම
එල්ටීටීඊය පරාජය කිරීම රටේපැවැත්ම ස`දහා පමණක් නොව රටේජීවත් වන දෙමළ ජනයාගේ සදාචාරපැවැත්ම ස`දහාද අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබිණි. ඔවුන්පරාජයට පත්කළ යුද්ධයේදී සිදුවූයේයැයි කියන එක්තරා ප්‍රමාණයකට සිදුවූ
හා තවත් ප්‍රමාණයකට අතිශයෝක්තියකට නගමින් තිබෙන සීමාන්තික ක්‍රියා ඔවුන්ගේ පරාජයට ලැබෙන ඓතිහාසික වැදගත්කම මුළුමනින් අහෝසි කරන්නේ නැත. දේශපාලන ශීලාචාරකමේදී මහින්ද ප්රභාකරන්ට වඩා ශීලාචාර වී යැයි කිව හැක. ඒ නිසා එම තීරණාත්මක ගැටුමෙන් රට වඩා අශීලාචාර තැනකට තල්ලු වී යෑම වළකනු පිණිස ඒ අවස්ථාවේ ප්රභාකරන් පරාජය කළ යුතුව තිබිණි. එම ප්රචණ්ඩ තරගයේදී සාධාරණව කල්පනා කරන සියලු දෙනා
ප්රභාකරන් පරාජය කිරීම ස`දහා කැරුණු යුද්ධයට ආධාර කළ යුතුව තිබුණි. හිට්ලර්ගේ ආධිපත්‍යය පැවැති කාලයේදී එම ආධිපත්‍යය ක්‍රියාත්මක වූ බල ප්‍රදේශ තුළ ඔහු අතින් විශාල විනාශයන් සිදුවිය. ඔහු සිය ආධිපත්‍යය තවදුරටත් තරකර ගැනීමෙන් ලෝක ආධිපත්‍යය හිමිකර ගැනීමට දරන උත්සාහයේදී ඔහු පරාජය කිරීම ස`දහා සටන් කළ ප්රතිපක්ෂද එම යුද්ධය තුළ මිනිසුන් මැරුවේය. ඔවුන්ගේ අතින්ද සීමාන්තික ක්‍රියා සිදුවිය. ජපානයට පරමාණු බෝම්බ දෙකක් හෙළනු ලැබීමේ සිද්ධිය ඒ ස`දහා දැක්විය හැකි හො`දම නිදර්ශනය ලෙස සැලකිය හැකිය. එය ජපානයේ සාමාන්‍ය ජනයා විශාල සංඛ්‍යාවක් මරණයට පත්කිරීමෙන් නොනැවතී ජීවත් වන ජනයා කෙරෙහිද දීර්ඝකාලීන ප්‍රතිවිපාක ඇතිකළ බිහිසුණු සිද්ධියක් විය. එම
බෝම්බ දෙක හෙළනු ලබන අවස්ථාව වන විට ජපන් ප්රතිරාජයා යටත් වීමට ඇති කැමැත්ත ස්ටාලින් දැනුම් දී තිබූ බවද කියනු ලැබේ. එවැනි අවලස්සණ දේ තිබියදීත් එම යුද්ධයෙන් ෆැසිස්ට්වාදී බලවේගයන් පරාජය කිරීමට සමත් වීම මනුෂ්‍ය වර්ගයා ලැබූ වැදගත් ජයග්‍රහණයකි. දෙවැනි ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු හිට්ලර් අතින් සිදුවූඅපරාධ ගැන සොයා බලන තැනකට ගියද ඔහු පරාජය කිරීම ස`දහා කැරුණු යුද්ධයේදී මිත්‍ර පාක්ෂිකයන් අතින් සිදුවූ අපරාධ ගැන සොයා බලන තැනකට ගියේ නැත. පරාජිතයා කෙරෙහි ජයග්‍රාහකයා දක්වන ලද ආකල්පයද ඉතාමත් මුදු හා මානුෂික නොවීය. ජර්මනියට හා ජපානයට බරපතළ කොන්දේසි පැනවීය. එසේ තිබියදීත් ජර්මනිය හා ජපානය අළු මත නැවත නැගී සිටියේය.
ජේවීපී දෙවැනි කැරැල්ල හා එල්ටීටීඊ යුද්ධ ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ගමන් මග කෙරෙහි තීරණාත්මක බලපෑමක් ඇති කළ දේශපාලන සංසිද්ධීන් දෙකක් ලෙස සැලකිය හැකිය. එම නැගිටීම් දෙක පරාජය කිරීමට අසමත් වී නම් හා ඔවුන් දෙපිරිසම හෝ නැත්නම් එක පිරිසක් ජයගැනීමට සමත් වී නම් ශ්‍රී ලංකාවඉන්නට ඉඩ තිබුණේ අද සිටින නරකතැනට වඩා හු`ගක් නරක තැනකය. දේශපාලන අශීලාචාරකමේදීද නරකමතැනකය. ජේවීපීයට හා එල්ටීටීඊයට වෛර කළයුතු නැතත් මේ කැරලිදෙක පරාජය කරන යුද්ධ ව්‍යාපාරයන් තුළ සිදුවූ අශීලාචාරකම් ගැන කතා කරන විට ආයුධ සන්නද්ධව නැගී සිටි මෙම ව්‍යාපාර දෙකට ආවේණික ෆැසිස්ට් ස්වරූපය වසන් කරන ආකාරයට හා ඔවුන්ගේ අලුගෝසු ස්වරූපය මුළුමනින් වසන් කොට ජයග්රාහකයාට පමණක් අලුගෝසු පෙනුමක් ලබාදීම සාධාරණ හෝ යහපත් වන්නේ නැත. එවැනි ප්‍රවේශයක් ඇති විචාරකයන්ගේ හෘදය සාක්ෂීන් හො`ද හෝ අවංක හෘදය සාක්ෂීන් ලෙස සැලකිය නොහැකිය.
ෆැසිස්ට්වාදය
මේ විවාදයේදී ඉතාමත් කෙටියෙන් වුවත් සලකා බැලිය යුතු තවත් කරුණක් වේ. ඒ වෙනස් අදහස් දරන මිනිසුන්
මරා දැමිය යුතුයැයි සිතන හා ඒ අරමුණ වෙනුවෙන් මිනිසුන් මරන ෆැසිස්ට් චින්තනයක් මේ රටේ ඇතිවූයේ කෙසේද යන ප්රශ්නය ගැනය. දීප්ති කුමාර ගුණරත්නයන් මා ගැන හා රාවය ගැන ලියන ලද ලිපියක් මේ ලිපි පෙළ පළවෙමින් තිබෙන අවස්ථාවකදී මට කියවන්නට ලැබුණි. රාවය කර්තෘ ෆැසිස්ට් අදහස් දරන පුද්ගලයකු බව හා රාවය පුවත්පත ෆැසිස්ට් අදහස් ප්‍රචාරය කරන පුවත්පතක් ලෙස ඔහු හ`දුන්වා තිබිණි. දීප්ති කුමාරගේ එම ලිපිය රාවය පාඨකයන්ගේ දැනගැනීම ස`දහා රාවයේ පළකරන ලෙස කර්තෘ මණ්ඩලයේ ප්‍රධානියා වන ජනරංජනගෙන් මම ඉල්ලා සිටියෙමි. සමහර විට එම ලිපිය මෙම කලාපයේම තවත් තැනක පළවී තිබෙනවාද විය හැකිය. දීප්ති වරක් ශ්‍රී ලංකාවේ සමාජයේ හෘදය සාක්ෂිය ගැන කරන
විග්රහයකදී විජේවීරගේ මරණය සොක්රටීස්ගේ මරණයට සමාන කර තිබුණේය. එය හරියටම උතුවන්කන්දේ සරදියෙල්ගේ මරණය මහත්මා ගාන්ධිගේ මරණයට සමාන කිරීමක් වැනිය. මා ඒ අදහස මාගේ ලිපියකින් හබයට ලක්
කළෙමි. ෆැසිස්ට්වාදය පිළිබ`ද මගේ නිර්වචනය මාක්ස්වාදී නිර්වචනයට වඩා වෙනස්ය. වෙනස් මත නොඉවසන එවැන්නන්ට නින්දා කරන, හිංසා කරන පුද්ගලයන් ෆැසිස්ට් නැඹුරුවක් ඇති අය ලෙස සැලකිය හැකි අතර වෙනස් මත
දරන අයගේ ජීවිත තොර කිරීමේ අයිතියක් තමන්ට ඇතැයි විශ්වාස කරන හා ඒ අනුව වෙනස් මත දරන අය, මරා
දමන අය පූර්ව ෆැසිස්ට්වාදීන් ලෙස සැලකිය හැකිය. මෙය දේශපාලන, ආගමික හෝ වාර්ගික යන ඕනෑම
අංශයකින් මතුවිය හැකි විශේෂ ප්රවණතාවකි. මේ අර්ථයෙන් ආයුධ අතට ගත් බොහෝ මාක්ස්වාදීන් අයත්
වන්නේද මේ ගණයටය. ලෙනින් සිය ලේඛනවලදී කවුට්ස්කිව පමණක් නොව රෝෂා ලක්සම්බර්ග්ද හැ`දින්වූයේ ද්‍රෝහීන් ලෙසය. ලෙනින්ගේ බොහෝ විවාද ලිපිවල ද්‍රෝහියා යන යෙදුම බහුලව දැකිය හැකිය. රුසියන්
විප්ලවයේදී ප්රතිපක්ෂයේ නිල හමුදා සෙබළුන් පමණක් නොව වෙනත් මත දරන්නන්ද මරා දැමුවේය. ස්ටාලින්ගේ
යුගය තුළ පක්ෂ අභ්‍යන්තරයේ සිටි එම පක්ෂයේම නායකයන් හා ක්‍රියාධරයන් දහස් ගණනක් මරා දැමුවේය. ඒ දේ මා
ඕ සේතුංගේ චීන විප්ලවය තුළද සිදුවිය. ඉන්පසු සුන්දර කියුබන් විප්ලවය තුළද සිදුවිය. චේ ද තමන්ගේ දේශපාලන අභිලාෂයන්ට පටහැනිව යන මිනිසුන් චුත කිරීමේ අයිතියක් තමන්ට ඇතැයි විශ්වාස කළ හා එය ක්‍රියාවට නගන
ලද සුන්දර විප්ලවවාදී නායකයෙකි. කාම්බෝජයේ පොල්පොට් මේ සම්ප්රදාය උච්චතම මට්ටමකට ගෙන
ගියේය. අවසානයේ ලස්සණ ඇ`දුම් අ`දින අය පමණක් නොව අවු කණ්ණාඩි පළ`දින අයද ප්රතිගාමීන් ලෙස සලකා
තොග ගණනින් මරා දැමුවේය. ජේවීපීය හා එල්ටීටීඊය එම උරුමයේ දේශීය ප්‍රකාශන දෙකක් ලෙස සැලකිය හැකිය. තමන්ගේ කණ්ඩායම හැර වෙනත් කණ්ඩායමකට ඉන්නට නොදිය යුතුයි කියන අදහස ගෝත්‍රික යුගයේදීද සමහර
ගෝත්‍ර අතර දක්නට තිබුණු ලක්ෂණයකි. ඒ රෝගය පසුකලෙක ආගම්වලටද බලපෑවේය. තිබිය හැක්කේ තමන්
අදහන සත්‍ය ආගම පමණක් ලෙස සලකා ප්‍රති ආගම් අදහන්නන් මහා පරිමාණයෙන් ඝාතනය කිරීම් සිදුවිය.
ඒ අදහස විමුක්ති ව්‍යාපාර කෙරෙහිද බලපෑවේය. ඒ තත්ත්වය පෝෂණය කිරීම කෙරෙහි සන්නද්ධ අරගල න්‍යාය
පිළිබ`ද මාක්ස්වාදී අදහසද බලපෑවේය.•