ලංකාවේ කුණුවීම

ලංකාවේ කුණුවීම යනු ලංකා රාජ්‍යයේ හා ආයතන ක්‍රමයේ ඇති වී තිබෙන කුණුවීම සහ ඒ ආශ්‍රයෙන් හැම තැනකම දක්නට ලැබෙන අරාජකත්වය විග්‍රහ කරන කෘතියකි. කතුවරයාට අනුව මෙම තත්ත්වය ඇති වූයේ නිදහසේදී හෝ ඉන්පසු සිදු වූ මහා පරිමාණ ලේ වැගිරීම්වලින් පසුව හෝ රාජ්‍යයේ යහපැවැත්මට අත්‍යවශ්‍ය ඓතිහාසික කොන්දේසි සපුරා ගැනීමට අසමත් වීම නිසා ය. ගැඹුරු ව්‍යුහමය වෙනසක් සිදු […]

පුනරුදයේ මාවත

පුනරුදයේ මාවත යනු පුනරුද ව්‍යාපාරය ගැන වික්ටර් අයිවන් රාවයට ලියූ ලිපි එකතුවකි. ලංකාවේ අර්බුදය ජයගැනීම සඳහා සමාජ ව්‍යාපාරයක අවශ්‍යතාව අළලා ඔහු ලියූ මුල් ලිපි, එම අරමුණ වෙනුවෙන් පෙනී සිටින සමාජ ව්‍යාපාරයක කලල රූපයක් බිහි කිරීමට හේතු විය. පසුව එම කලල රූපය පෝෂණය කිරීමේ අරමුණින් තවත් ලිපි ගණනාවක් ලියැවිණි. ඔහුට අනුව ලංකාවේ අර්බුදය හුදු වර්ග අර්බුදයක් […]

ශ්‍රී ලංකාව: ඉතිහාසයේ සභ්‍යත්වය

ශ්‍රී ලංකාව: ඉතිහාසයේ සභ්‍යත්වය යනු ලංකාව ජනාවාස වීම ආරම්භ වූ කාලයේ සිට 1948 නිදහස ලැබීම දක්වා වූ දීර්ඝ කාලපරිච්ඡේදය තුළ ලංකාවේ සමාජ දේශපාලනයේ සිදු වූ පරිණාමය අළලා ලියූ කෘතියකි. පොතේ ඇතුළත් ප්‍රවාද මතභේදයට හා විවාදයට තුඩු දිය හැකි බව කතුවරයා ම පවසයි. පූර්ව නූතන යුගයේ මිනිසුන් බෙදූ ප්‍රධාන සාධකය වර්ගය නොව ආගම බවත්, වාර්ගිකත්වය කරළියට […]

7 වැනි පිටුව

7 වැනි පිටුව යනු වික්ටර් අයිවන් 2011 සහ 2012 යන වසර දෙකේදී රාවය පුවත්පතට ලියූ ලිපි අතරින් තෝරාගත් ලිපි 28ක එකතුවකි. ඔහුගේ ලිපි එකතුවක් ලෙස පළ කරන ලෙස බොහෝ දෙනා ඉල්ලා සිටියහ. ඔහුට වැඩිම බලපෑමක් කළේ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කමල් සිරිවර්ධන මහතා ය. එවැනි එකතුවක් වර්තමානයේ පමණක් නොව, අනාගතයේ ද ලංකාවේ අර්බුදය හදාරන අයට ඉතා […]

ජීවිතයේ ප්‍රබෝධය මරණයේ අසිරිය

ජීවිතයේ ප්‍රබෝධය මරණයේ අසිරිය යනු වික්ටර් අයිවන්ගේ දේශපාලන කෘතිවලින් වෙනස් වූ, පුද්ගලික හා චින්තනාත්මක පොතකි. මෙය බිහි වූයේ ඔහු රාවය පුවත්පතට ලියූ ලිපි පෙළකිනි. එම ලිපිවලට ඔහු නොසිතූ තරම් විශාල ප්‍රතිචාරයක් ලැබුණි. වයස්ගත, මැදිවියේ හා තරුණ පාඨකයෝ දුරකතනයෙන් කතා කළහ, ලියුම් එවූහ. විශ්‍රාමිකයන්ගේ සංවිධාන දෙකක් විශ්‍රාම ජීවිතය පිළිබඳ ලිපිය සිය වාර ප්‍රකාශනවල පළ කළහ. නාලන්දා […]

දේශපාලනයේ පවුල හා කුලය

දේශපාලනයේ පවුල හා කුලය යනු කුලය සහ පවුල් බලය ශ්‍රී ලංකාවේ දේශපාලනය කෙරෙහි බලපා ඇති ආකාරය විමර්ශනය කරන වික්ටර් අයිවන්ගේ කෘතියකි. හැඳින්වීමෙහි ඔහු පවුල, ඥාති සම්බන්ධතා සහ විවාහය පිළිබඳ මූලික සංකල්පවලින් ආරම්භ කරයි. එහිදී ඔහු නෑනා-මස්සිනා විවාහය, ශාක්‍ය හා කෝලිය වංශ අතර පැවති පරම්පරාගත විවාහ සම්බන්ධතා, සහ ශ්‍රී ලංකාවේ විවිධ කුලවල ජනගහනය ද පෙන්වා දෙයි. […]

මට පෙනෙන හැටි

මට පෙනෙන හැටි යනු ශ්‍රී ලංකාවේ සංවර්ධනය හා දේශපාලන ක්‍රමය පිළිබඳව වික්ටර් අයිවන් ලියූ තෝරාගත් ලිපි එකතුවකි. මෙම විෂය ක්ෂේත්‍ර දෙක පිළිබඳ මූලික දැනුමක් ලබා දීම එහි අරමුණ බව කතුවරයා පෙරවදනෙහි සඳහන් කරයි. පළමු කොටස වන “සමාජ-ආර්ථික සංවර්ධනය” ලිපි විසිදෙකකින් සමන්විත ය. අතරමඟ පාසල් හැරයන්නන්ට වෘත්තීය අධ්‍යාපනය, අධ්‍යාපන අර්බුදය, පාසල් ප්‍රතිසංවිධානය, විදේශ රැකියා, පෞද්ගලික වෛද්‍ය […]

පන්සලේ විප්ලවය

ගංගොඩවිල සෝම හිමිගේ අපවත්වීම ආශ්‍රයෙන් රටේ ඇතිවූ උද්වේගකර තත්ත්වය මෙම කෘතිය ලිවීමට ප්‍රධාන හේතුව වූ බව කතුවරයා පෙරවදනේ සඳහන් කරයි. සෝම හිමියන්ගේ අපවත්වීම ස්වාභාවික හේතු මත සිදුවූවක් බව පිළිගැනීමට අවශ්‍ය තරම් සාධාරණ කරුණු තිබියදීත්, එය “අපවත් කිරීමක්” බව කියන මතවාදයක් සංවිධානාත්මකව රට තුළ ගෙන යන ලදී. සිංහල ජනවර්ගය තැනීමෙහි ලා බුද්ධාගම ඉටු කර තිබෙන ඓතිහාසික […]

නිදහස, ජාතික ඒකාග්‍රතාව හා දේශපාලනයේ පවුල් පොරය

නූතන ශ්‍රී ලංකාවේ දේශපාලනයේ සැබෑ හැඩතල හඳුනාගැනීමට හේතුවන රචනා තුනක් මෙම කෘතියට ඇතුළත් ය. එය 1999 අප්‍රේල් මාසයේ මුලින්ම පළ විය. පළමු රචනය ශ්‍රී ලංකාවේ නිදහස් ව්‍යාපාරය පිළිබඳ ඇගයීමකි. ඉන්දියානු නිදහස් ව්‍යාපාරය වර්ගය, ආගම, භාෂාව හා කුලය මත පැවති බෙදීම් තුනී කරමින් අභිනව ඉන්දියානු ජාතියක් ඇති කිරීමට සමත් වූ විට, ශ්‍රී ලංකාවේ නිදහස් ව්‍යාපාරය ජාතික […]

ශ්‍රී ලංකාවේ නූතන කැරලිකරුවන්ගේ සමාජ පසුබිම

ජ.වි.පෙ.හි දෙවන කැරැල්ල අවසන් වෙමින් තිබූ අවස්ථාවේ ලියවුණු මෙම කෘතිය 1990 දී මුලින්ම පළ විය. ශ්‍රී ලංකාවේ නූතන තරුණ පරපුරේ කැරලිකාරීත්වය කෙරෙහි කුල පීඩනය බලපා ඇති ආකාරය එය විමර්ශනය කරයි. ධනේශ්වර ක්‍රමය කුලය මුල් කරගත් පැරණි ශ්‍රම සංවිධානය අහෝසි කළද, කුල ක්‍රමයට ආවේණික උස් මිටි කම් සමාජ සිත් සතන්වලින් ඉවත් වී නැති බවත්, ජ.වි.පෙ. හා […]