ජීවත්වීමේ කලාව ගෙත්තම් කළ ‘ජීවිතයේ ප්රබෝධය මරණයේ අසිරිය’
ජීවිතය ගැන පඬි කතා, මෝඩ කතා, දුක හිතෙන මෙන්ම සතුට උපදවන කතා ලෝකය පුරා පැතිර පවතී. දාර්ශනිකයෝ, විද්‍යාඥයෝ, චින්තකයෝ, කලාකරුවෝ දිවි පෙවෙත ගැන බොහෝ දෑ පළ කරති. ජීවිතය පිළිබඳ මනෝරම්‍ය චින්තාවන් ප්‍රඥාසම්පන්න ආලෝචනා, පළ කළ ලිපි පෙළක් කලකට පෙර රාවය පුවත්පතට ලියා පළ කළේ, වික්ටර් අයිවන් ජ්‍යෙෂ්ඨ ලේඛකයා විසිනි. රාවය සඟරාව ආරම්භයේ සිට කියවන පාඨකයකු හැටියට වික්ටර් අයිවන්ගේ ලේඛන ශෛලිය පළ කරන දැනුම, අත්දැකීම් එමගින් විශද වන්නට කැසකවන අවබෝධය පාඨකයකු අවදි කරවනසුලුය. මමද එබඳු වික්ටර් අයිවන් ලේඛන සංහිතා ඇසුරු කළ පාඨකයෙක්මි. ඔහුගේ රචනා ශෛලිය මසිත් ගත්තේ කරුණු කීපයක් කරණ කොටය. මේ කෙටි ලිපියෙන් අරමුණු කරනුයේ ඔහු විසින් රචිත ‘ජීවිතයේ ප්රබෝධය මරණයේ අසිරිය’ කෘතිය ගැන ආවර්ජනය කිරීමය. එම අදහස් ඔබ සමග බෙදා හදා ගැනීමටය.
චිරන්තන ආචාර්යවරයෝ ග්රන්ථකරණයෙහි සැලකූ කරුණු පහක් වූහයි මෙසේ දැක්වූහ.
සංඥා නිමිත්තං කර්තෘරං - පරිමාණං ප්රයෝජනම්
ප්රාගුක්ත්වා සර්වතන්ත්රාණං - අර්ථං බ්රෑයාත් විචක්ෂණඃ
සංඥාය, නිමිත්තය, කර්තෘය, පරිමාණය, ප්‍රයෝජනය යනු ඒ පසයි. කිසියම් පොතක නම, පොතේ කර්තෘ, පොත ලියන්ට හේතු සාධක, පොතේ ප්‍රමාණය හා එම පොත කියැවීමෙන් පසුව පාඨකයා ලබන ප්‍රයෝජනය ගැන ඉහත කරුණින් විමසා බැලෙයි.
මෙම කෘතියට රචනා දහයක් ඇතුළත් වන්නේය. සැමියා හා බිරිඳ, දෙමාපියෝ හා දරුවෝ, දරුවන්ගේ අධ්‍යාපනය, ජීවිතයට වීරයකු අවශ්‍යද? චෙස් ගැන, 801 වැනි මිනිසා, පවුල් ආරාවුල්, දරුවන් දීග දීම, වියපත් වීම, අසිරිමත් මරණය යනු ඒ ලේඛන වන්නේය.
“මෙය සාමාන්‍ය මිනිසුන් (දෙමාපියන්, දරුවන් හා ආච්චිලා, සීයලා) වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත හා ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවන ගැටලු අළලා ලියන ලද පොතකි. මෙම පොතේ අරමුණ සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිතවලට අර්ථයක් ලබාදීමය.” වික්ටර් අයිවන් තම පොතේ පෙරවදන ආරම්භයේදීම පැහැදිලි කරයි.
වික්ටර් අයිවන් ගැන සිහිවන විට මතක්වන්නේ ඔහුගේ අතීත ලිපි රචනාවන්ට පසුබිම් වූයේ සමාජ, ආර්ථික, දේශපාලනික ගැටලු අභියෝග, විසඳුම් සඳහා විවිධ පැති සාකච්ඡා කිරීම බවයි. ලාංකික සමාජ සන්දර්භය, සංස්කෘතික දේහය, ශිෂ්ටාචාරික ස්වභාවය, අපරාධ යුක්ති පරිපාලනයේ ශක්‍යතා ඉතිහාසය, දූෂණය, භීෂණය ඔහුට විෂය කරුණු වන්නේය. මේ ලිපි පෙළ රාවයේ පළවන විට විශද වූයේ මනුෂ්‍ය ස්වභාවය, පරිණාමය, පුද්ගලයා, සමූහ ප්‍රජාව, උපත, වැඩිවිය පැමිණීම, විවාහය හා මරණය යන සංක්‍රාන්තික අවස්ථා හතරේ කරන කියන කටයුතුත්, ජීවිතයේ අනේක විධ දිශානතීන් සම්බන්ධ විවරණයි.
මනුෂ්‍යයා විනාහී සත්ත්වයකු බැව් ජීව, රසායනික, සත්ව මෙන්ම නව විද්‍යාඥයෝද පවසති. දෙපා සතා හෝ දෙපාව යනු මිනිසාය. මිනිසා ගමන් කරන්නේ තම දෙපයිනි. පොළොවට සිරස් ලෙසිනි. අනෙකුත් සතුන් පොළොවට තිරස්ව ගමන් ගන්නා හෙයින් තිරශ්චීන/නැතිනම් තිරිසන් සතුන් යැයි කියති. අපා, බහුපා, සිවුපා යනු විසින් ඔවුන් හඳුන්වනු ලැබේ. දියුණු කොට ගත් මොළය, දියුණු තියුණු කරගත හැකි මනස, කතාබහ කිරීමේ ලිවීමේ නිමැවුම් කිරීමේ කුසලතා ඇති මිනිසාගේ විද්‍යාත්මක නාමය වන හොමෝසේපියන්ය. සේපියන්ස් යන ව්‍යවහාරයේදී ප්‍රඥාවන්ත විය හැකි බුද්ධිමය ශක්‍යතා ඇති සත්තා යන අදහස සේපියන්ස් යන්නෙන් කියැවේ. වික්ටර් අයිවන් සිය ලිපියෙන් පරිණාමවාදයට අවතීර්ණ වෙයි. විකාශවාදය ගැන මුල් කාලයේ කතා කළ ලාංකික උගතකු වූයේ මාර්ටින් වික්‍රමසිංහ මහතාය. අයිවන් මහතා චාල්ස් ඩාවින්ගේද ආභාසය ලබන කරුණු පළ කරයි. පුද්ගල ගති ස්වභාවය, සමාජ සංස්ථා, සමූහ, ප්‍රජා ගොඩනැගීමේ අවශ්‍යතා මානවයා සතු මූලික ලක්ෂණයක් බව පළවේ. දේපළ, වස්තුව පිළිබඳ කාරණයේදී පවුල් ජීවිතය ස්ත්‍රිය හා පුරුෂයා ඔවුන් විසින් ගොඩ නගන කුටුම්භය දූ දරුවන් ගැන නොයෙක් අදහස් සිය කෘතියට ඇතුළු කොට ඇත්තේ බුද්ධි විෂයයික ප්රාමාණිකත්වයෙනි. වික්ටර් ලංකාවේ දිළිඳුකමේ විෂමතාව ගැන නිතර අදහස් පළකරන්නෙකි. ආර්ථික විෂමතාව දුබලතා උස්මිටිකම් පහකොට ශ්‍රී ලාංකික සමාජයේ සෞභාග්‍යය, සශ්‍රීකත්වය, සාමදානය, සහජීවනය, සමාජ ස්ථරායනයේ විසමතා තුනී කිරීමට දර්ශන චින්තා ආදියෙන් හෙතෙම ආලෝකය ලබයි. ඔහු කාල් මාක්ස්, ෆෙඩ්රික් එංගල්ස්, බර්ට්‍රන්ඩ් රසල් ආදී සුධීමතුන්ගේ ලේඛන කියවා ලද පරිචය තමාගේ රචනාවට මුසු කරයි. මහත්මා ගාන්ධි ගැන විශේෂ කියැවීමක් ඇති අප ලේඛකයා හිංසාව, ප්රචණ්ඩත්වය පිටු දකින සමාජීය විප්ලවයක් මනාව විශෝධනයක් කෙරෙහි විශ්වාසය තබයි. වැඩ කිරීම හා විවේක ගැනීම කතා කරන ඔහු වයස් ගතවීම, විශ්‍රාම දිවිය ගැන බුද්ධිගෝචර මනෝරම්‍ය තොරතුරු සමුදායක් ඉදිරිපත් කරන්නේය. ජර්ජරිත නරා වළක් කුණුවී ගිය ලාංකික දේශපාලන ව්‍යුහය පිටු දකින අයිවන් චෙස් ක්‍රීඩාව ගැන විශේෂ උනන්දුවක් දක්වයි. ඔහු සිරගෙදරදී පොත්පත් කියැවීමෙන් උගෙනීම, අත්දැකීම් පළපුරුද්ද ලැබීම, ලේඛන මගින් විවිධ කරුණු ප්‍රකාශ කිරීම හා චෙස් තම ජීවිතයට පුරුදු පුහුණු වූ හැටි නිදසුන් කොට දක්වයි. වියපත් වීම ලෝකයේ සමාජ ගැටලුවකි. කායික, මානසික පිරිසිදුකම, ව්‍යායාම, පෝෂ්‍යදායක ආහාර පාන ගැනීම, විවේකය, විනෝදය, සෞන්දර්ය සාහිත්‍ය කලා ඇසුර මනුෂ්‍ය ආශ්‍රය ජීවිතය ඔප් නංවන සංසිද්ධි, අවස්ථා ලෙස දේශීය මෙන්ම විදේශීය නිදර්ශන මගින් කදිමට කියාපාන්නට සමත් වෙයි. වික්ටර් අයිවන් ජීවිතය විඳිමින් ගෙනා යා යුතු චින්තනයත්, බුද්ධිමය අභ්‍යාසයත්, සමාජීය ඵලදායීතාවක් මතු කරන්නක් ලෙස හුවා දක්වයි. වෘද්ධවේදය (Gerantology) නමැති විෂය පතළ වූයේ වියපත් වීමේ ස්වභාවය ගැටලුවක් ලෙස මතුවූ බැවිනි. ලෙඩ දුක් වැළඳීම ජරාවට පත්වීමෙන් ගැලවී විනෝදයෙන් සතුටින් ජීවත්වීමේ කලාව ශිල්පය ජීවිතය යනු කුමක්දැයි විමසා බලන්නට හැකිවන පරිදි මැනවින් ගෙතූ ගෙත්තමක් වැනි කෘතියකි වික්ටර් අයිවන් විසින් ලියා ඇත්තේ. මිනිසා විසින් එදා මෙදා තුර අසනු ලැබ ඇති ප්‍රශ්න කීපයක් තිබේ. එනම්
මානවයා වූ කලී කවුරුන්ද?
මානවයා පැමිණියේ කොයින්ද?
මේ පෘථිවියේ මානවයා කුමක් කරන්නේද?
මැරුණු පසුව මානවයාට සිදුවන්නේ කුමක්ද යනාදියයි.
වික්ටර් අයිවන් බාල, තරුණ, මහලු නොයෙක් වයස් කාණ්ඩවලට අයත් පුද්ගලයන් ආමන්ත්‍රණය කරන්නේ ජීවිතයේ යථායෝග්‍ය තථ්‍ය ස්වභාවය ගැන බුද්ධිමය අවදි කිරීමක් සිදුකිරීමටය. අනර්ථකාරී විෂම සම්භෝගී ලෝකයට මානව සමාජ ජීවිතයට ප්‍රඥාසම්පන්න අර්ථ පාදාලීම මේ කෘතියේ උත්සාහය වී තිබේ. වයස්ගතවූවන් බොහෝ දෙනා අමතකවීම්, රෝගීතාවන්ගෙන් පීඩිත වී සිටිති. මානව සමාජීය, සංස්කෘතික ජීවිතයේ කාලසටහන වැඩමාලාව අවුල් වියවුල් වී තිබේ. වික්ටර් අයිවන් මහතා එම අසංවාදී වැඩපිළිවෙළ සංවාදී බුද්ධිමය හා සෞන්දර්යාත්මක අභ්‍යාසයක් අත්දැකීම් උල්පතක් බවට මේ පොතින් නිදසුන් හා කරුණු දැක්වීමෙන් ජන සමාජයට විපුල සේවයක් කර ඇති බව අතිශයෝක්තියෙන් තොරව කිව හැකිය.
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර (Professor Praneeth Abhayasundara)
View original ↗
වික්ටර් අයිවන්ගේ අලුත්ම කෘතිය වන "ජීවිතයේ ප්රබෝධය මරණයේ අසිරිය" කියැවීමෙන් පසු මා තුළ ඇතිවූ අදහස් බිඳක් මෙලෙස ලියා තැබීමට මා පොළඹවන ලද්දේ එ මගින් නූතන සමාජයේ ඇතැම් ආකල්ප මෙන්ම පුද්ගල ජීවිත පිළිබඳ කෙරෙන අර්ථවත් විමසීම නිසාය. සිය කෘතිය අප වෙත එවූ ඔහු මේ පොත කියැවීමෙන් යම් උනන්දුවක් ඇති වූයේ නම් ඒ ගැන සටහනක් තබන ලෙස ඉල්ලීමක් ද කර තිබිණි.
වික්ටර් අයිවන් යනු සිංහල පාඨක සමාජයට කිසිසේත් අමුතුවෙන් හඳුන්වා දිය යුතු චරිතයක් නොවේ. පුවත්පත් කතුවරයකු මෙන්ම ආන්දෝලනාත්මක සමාජ හා දේශපාලන විචාරකයකු ලෙස ද ඔහුගේ භූමිකාව කෙබඳු දැයි රාවය පාඨකයෝ මෙන්ම වෙනත් පාඨකයෝ ද ඉඳුරා දනිති. මෙම කෘතිය ඔහුට සුපුරුදු සමාජ දේශපාලනයෙන් බැහැර වූ පවුල හා ජන ජීවිතය සම්බන්ධයෙන් කිසියම් ආලෝක ධාරාවක් විහිදුවන බව මට හැඟුණි.
මෙම ලිපි සමහරක් රාවයෙන් මම ද කියවීමි. එහෙත් වික්ටර් සඳහන් කරන පරිදිම ඒවා මෙම පොතට ඇතුළත් කිරීමේදී නැවත ලියා තිබෙන බව පැහැදිලි වේ. සාමාන්‍යයෙන් මේ රටේ පුවත්පත් උදෙසා ලියන ලිපි පොත් වශයෙන් මුද්‍රණය වීමේදී ඒවා යළි සකස් නොවන බවද ඇත්තකි. එහෙත් මෙවා යළිත් අර්ථවත් ලෙස සංස්කරණය කර තිබීමද අගය කළ යුතුය.
කතුවරයාගේ ප්‍රබල අවධානය යොමු වන්නේ මව, පියා හා ළමයින් ඇතුළත් න්‍යෂ්ටික පවුල වෙතය. මානව සමාජයේ ප්‍රබලම ඒකකය වන පවුල හා බැඳුණු අනෙක් චරිත මෙන්ම ඒ හා ගැටෙන භෞතික හා ආධ්‍යාත්මික වටිනාකම් පිළිබඳව ද ඔහු කදිම විග්‍රහයක් කර තිබේ. පවුලේ පරිණාමයේ සිට නූතන පවුල තෙක් වූ ඓතිහාසික කතාව මෙන්ම පවුල හිර වී සිටින සමාජ අර්බුදය ද ඔහු පෙන්වා දෙයි.
පවුලේ ප්‍රබල මුල් ලෙස සැමියා හා බිරිඳ හැඳින්විය හැකිය. පවුලේ දියුණුව මෙන්ම විනාශය රඳා පවතින්නේ ද මෙම දෙදෙනාගේ ක්‍රියාකාරකම් මතය. අද විවාහ සංස්ථාව තුළ තිබෙන අර්බුද හා ඊට තුඩු දුන් හේතු සාධක ඔහු මෙහි දක්වන්නේ අපගේ ප්‍රඥා ඇස ද පුබුදුවන ආකාරයටය. ස්ත්‍රී පුරුෂ සබඳතාව යන්න පිළිබඳව ඔහු තුළ ඇති ආකල්පය මෙන්ම ඔහුගේ අගය කිරීම බැලූ බැල්මට සරල ලෙස පෙනී ගියත් ඒවා බුද්ධිමය සංවාදයකට හේතු වේ. ඔහු සිය අත්දැකීම් මෙහි විස්තර කරන්නේ ඉතා අවංක අනාවරණයන් ලෙසය.
විවාහය යනු ජීවිතයේ අතිශය වැදගත් හා ප්‍රබල දොරටුවකි. එය හුදු ලිංගිකත්වය මත පදනම් වූවක් නොවේ. එහි ආදරය, ප්‍රේමය, දරු සෙනෙහස මෙන්ම වෙනත් සංස්කෘතික බැඳීම් ද බොහෝ ය. විවාහය නිසා කෙනකුට අලුත් ජීවිතයක් මෙන්ම වගකීම් සමුදායක් ද ලැබේ.
හැම මිනිසකුට මෙන්ම ගැහැනියකටද විවාහය නිසා සිය ජීවිතයේ දෙමවුපියන් සමඟ ගෙවූ පළමු අදියර අවසන් කිරීමට සිදු වේ. ඔවුහු අලුත් පවුලක් ලෙස දෙවැනි අදියර අරඹති. දෙවැනි අදියර ස්වාධීනව හා තම අභිමතය පරිදි සකස් විය යුත්තකි. එහෙත් මේ දෙවැනි අදියර තුළදී පළමු අදියරේ බලපෑම් එනම් පියාගේ හා මවගේ මැදිහත්වීම් නිසා ඇතිවන අර්බුද කතුවරයා පෙන්වා දී තිබේ. පවුල් ජීවිතය සරල එකක් නොව සංකීර්ණ ගැටලු මැදින් ගලා යන්නක් බව ඔහු පෙන්වා දෙයි.
අද සමාජය තුළ බොහෝ විට පවුල අවුල් වන හේතු අතර දෙමවුපිය බලපෑම මෙන්ම අඹුසැමියන් අතර ඇතිවන විරසකය ද කැපී පෙනේ. පෙම්වතුන් ලෙස එක්වීම හෝ වෙනත් මාර්ගයකින් එක්වීම විවාහයක් ලෙස සාමාන්‍යයෙන් අර්ථකථනය කළ හැකිය. විවාහ වන දෙදෙනා වුවද ක්‍රමයෙන් ඔවුනොවුන් තුළ තිබෙන මෘදු බව, ප්‍රේමය, පරිත්‍යාගය යනාදි සත්පුරුෂ ධර්මතාවන්ගෙන් ඈත්වන අයුරු අපට පෙනේ. පෙම්වතකු විසින් පෙම්වතියට දක්වන ස්නේහය විවාහයෙන් පසු එලෙසම දැක ගත හැකිද?
අපගේ පවුල් සංස්ථාව තුළ මෙම ස්නේහය බිඳ වැටෙන එක් හේතුවක් නම් නැන්දා ලේලි ගැටුම බව මෙම කෘතියෙහි නිදසුන් සහිතව දක්වා තිබේ. මහගෙදර, නව යුවළ හා රැකියාව, දරුවන් සහ එක් එක් ආයතන තුළ ගැටුම් නිර්මාණය වන අයුරු මෙහි පෙන්වාදී තිබේ. මේ පිළිබඳව "පවුල් ආරාවුල්" නමැති මාතෘකාව යටතේ සිත් බැඳගන්නා විග්‍රහයක් කර තිබේ. විවාහය දෙදරා යන සැකය මෙන්ම පුරුෂාධිපත්‍යය පිළිබඳ හැඟීම් ද ඔවුන්ගේ අවධානයට ලක්ව තිබේ. ජීව විද්‍යාත්මකව හා විශ්ව සාහිත්‍යය ඇසුරෙන් ද මෙම ගැටලුව අපගේ අවධානයට යොමු කර තිබෙන අයුරු අගය කළ යුතුය.
විවාහය හා සදාචාරය පිළිබඳව මෙහි සාකච්ඡා කර තිබේ. එහිදී බිරිඳට වඩා සැමියාට සුපිරි බලයක් තිබිය යුතුය යන්න ඔහු ප්‍රතික්ෂේප කරයි. ඇතැම් සැමියෝ බිරිඳගෙන් වහල් මෙහෙයක් අපේක්ෂා කරති. සැමියාගේ සියලු කුදුමහත් කටයුතු මෙන්ම නිවසේ හා දරුවන්ගේ සියලු දේවල් ද බිරිඳකගෙන් ඉටු විය යුතු යැයි සිතීම නිවැරදි නොවේ. එසේම විවාහයෙන් පසු වෙනත් කාන්තාවක් ඇසුරු කිරීමට යන පිරිමි කිසිසේත් තම බිරිඳට එබඳු දෙයක් අනුමත නොකිරීම ද මෙහිදී පෙන්වා දී තිබේ.
වික්ටර් තම සමාජ දැක්ම හා අත්දැකීම් මෙන්ම බර්ට්‍රන්ඩ් රසල්ගේ විවාහය හා සදාචාරයත් ටෝල්ස්ටෝයිගේ ඇනා කැරනිනා නමැති විශ්ව කීර්තියටපත් නවකතාවක් මෙහිදී සිය අදහස් තහවුරු කිරීමට යොදාගෙන ඇත. සැමියාගේ වරද නිසා මෙන්ම කලකිරීම නිසා ආදරය සොයා යන ඇනා
ගාසු
කලා සමයම
View original ↗