මට පෙනෙන හැටි යනු ශ්‍රී ලංකාවේ සංවර්ධනය හා දේශපාලන ක්‍රමය පිළිබඳව වික්ටර් අයිවන් ලියූ තෝරාගත් ලිපි එකතුවකි. මෙම විෂය ක්ෂේත්‍ර දෙක පිළිබඳ මූලික දැනුමක් ලබා දීම එහි අරමුණ බව කතුවරයා පෙරවදනෙහි සඳහන් කරයි. පළමු කොටස වන “සමාජ-ආර්ථික සංවර්ධනය” ලිපි විසිදෙකකින් සමන්විත ය. අතරමඟ පාසල් හැරයන්නන්ට වෘත්තීය අධ්‍යාපනය, අධ්‍යාපන අර්බුදය, පාසල් ප්‍රතිසංවිධානය, විදේශ රැකියා, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ප්‍රශ්නය, කෘෂිකර්මය හා දුප්පත්කම, සංචාරක කර්මාන්තය, පීඩාකාරී බදු ප්‍රතිපත්තිය, ගමනාගමනය සහ ඉ-ශ්‍රී ලංකාව එහි සාකච්ඡා වේ.
දෙවන කොටස වන “දේශපාලන ක්‍රමය හා ආයතන ක්‍රමය” ලිපි දහතුනකින් සමන්විත ය. දූෂණ මර්දනයේදී හොංකොංවලින් උගත හැකි පාඩම්, අල්ලස් කොමිසම, මැතිවරණ ක්‍රමය හා මුදල් බලය, දේශපාලන අරමුදල් සහ 17 වැනි සංශෝධනය හා මැතිවරණ කොමිසම එහි විග්‍රහ කෙරේ. එමෙන්ම අධිකරණය හා විධායකය, විනිසුරුවරුන්ගේ සදාචාරය සහ විධායක ජනාධිපති ක්‍රමය ද සාකච්ඡා වන අතර, අවසාන ලිපිය හොඳ සීයකට රට වෙනස් කළ හැකි දැයි විමසයි. සංවර්ධනය හා දේශපාලනය ගැන උනන්දු පොදු පාඨකයන්ට මෙන්ම සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව හා ව්‍යාපාර කළමනාකරණය හදාරන සිසුන්ට ද මෙය ප්‍රයෝජනවත් වේ.
As I See It is a selection of Victor Ivan’s articles on Sri Lanka’s development and its political system. In a two-line preface, he says the collection is meant to give readers a basic grounding in both subjects. The first part, on social and economic development, has twenty-two articles. They cover vocational training for school dropouts, the crisis in education, school reform, foreign employment, the private medical college dispute, agriculture and poverty, tourism, an oppressive tax policy, transport and e-Sri Lanka.
The second part, on the political and institutional system, has thirteen articles. Their subjects include lessons from Hong Kong’s fight against corruption, the bribery commission, elections and the power of money, political funding, and the 17th Amendment and the Elections Commission. Others deal with the judiciary and the executive, the ethics of judges, and the executive presidency. The book closes by asking whether the country can be changed for the better. The back cover recommends it to general readers as well as to students of sociology, political science and business management.