තරුණ පරපුරේ කෝපය සහ වෛරය

අපේ රටේ තරුණ පරපුර කෝපයෙන් හා වෛරයෙන් පුපුරමින් සිටින බව පෙනේ. කලක් හුදු විරෝධතා ව්‍යාපාරයක මුහුණුවරකින් ක්‍රියාත්මක වූ එය කැරලි ගැසීමක් දක්වා වර්ධනය වෙමින් තිබෙන බව පෙනේ. කැරලි ගැසීමක් සඳහා අවශ්‍ය කෙරෙන අවි ආයුධ ලබාගැනීම සඳහා දරන උත්සාහයන් කීපයක්ම වාර්තාවන අතර දැනටම ඒ වෙනුවෙන් තරුණයන් කීපදෙනෙකු හා එක් හමුදා භටයකු මිය ගොස් ඇති බව වාර්තා […]

කැසිනෝ වසංගතයට තල්ලුවක්

කොළඹ නගරයට දැනටමත් වසංගතයක් වී තිබෙන කැසිනෝ සූදුව සංචාරක හෝටල් ඔස්සේ රට පුරාම ව්‍යාප්ත කිරීමේ වෑයමක් දැන් ක්‍රියාත්මක වෙමින් පවතී. සංචාරක හෝටල් කරුවන් කැසිනෝ සූදු පොළවල් පවත්වා ගෙන යාමට අවශ්‍ය අනුමැතිය සංචාරක මණ්ඩලයෙන් ඉල්ලා ඇති අතර එයට සංචාරක මණ්ඩලයෙන් ලැබී තිබෙන පිළිතුර වී ඇත්තේ තමන් ප්‍රතිපත්තියක් වශයෙන් සූදුව අනුමත නොකරන මුත් ඒවා (සූදු පොළවල්) පවත්වා […]

වරද කොතැන ද?

ඉංදියාව ලංකාව ආක්‍රමණය කරයිද? ඉංදියාව කලාපීය බලවතාවූ පලියට ඇය මේ පුංචි දිවයින ආක්‍රමණය කිරීමට තරම් සැහැසි වේ නම්, මරණය පෙනි පෙනි වුවත් රටේ ගෞරවය හා ආරක්ෂාව වෙනුවෙන් සටන් කිරීමට මේ රටේ ජනතාව බැඳී සිටින බවට සැකයක් නැත. එහෙත් ඊට කලින් මේ ගැටළුවට තුඩු දී තිබෙන හේතු සාධක තේරුම් ගැනීම වැදගත්ය. පවතින ජනප්‍රිය මතයට අනුව නම් […]

ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතය …!

ආණ්ඩුව දයා පතිරණ ඝාතනය හේතුවක් කරගනිමින් සමාජවාදී ශිෂ්‍ය සංගමය තහනමට ලක් කර තිබේ. මේ ඝාතනය කොයි කවුරුන් කළත් එය අමානුෂික හා තුච්ඡ ක්‍රියාවක් වන බවට සැකයක් නැත. එහෙත් එය හේතුවක් කරගනිමින් ශිෂ්‍ය සංවිධානයක් තහනම් කිරීම බරපතල ක්‍රියාවකි. දයා පතිරණ ඝාතනයට සමාජවාදී ශිෂ්‍ය සංගමය සම්බන්ධ බව ආංඩුව කියන මුත් තවමත් එය ඔප්පු වූ දෙයක් නොවේ. අනෙක් […]

පිළිකා විකිණීම යුක්ති සහගත කිරීම

වෙළෙඳ පොළේ විකිණීමට තිබෙන සමහර කිරිපිටි වර්ග වල අනුමත මට්ටමට වඩා විකිරණ තිබෙන බැවින් ඒවා මිල දී ගැනීමෙන් වළකින ලෙස දෙසැම්බර් කලාපයෙන් අපි රටට කීවෙමු. ඒ ගැන පාර්ලිමේන්තුවේ දී ද ප්‍රශ්න කරනු ලැබීය. එහෙත් අදාළ අංශවල බලධාරීහු නිහඬ සිටිති. ලංකාව පවත්වාගෙන යන මට්ටම (කිලෝ ග්‍රෑමයක් සඳහා බෙකරල් 20) බෙහෙවින් පහත් බැවින් අනවශ්‍ය බියක් ඇති කරගැනීමට […]

දුරාචාරයේ සංවර්ධනය

සමාජ රෝගවල වේගවත් වර්ධනය රටේ සංවර්ධනය යොමු වී තිබෙන දිසාව හා එහි වේගය පෙන්නුම් කරන ප්‍රධාන දර්ශකයක් බවට පත්ව තිබේ. තිබෙන සමාජ රෝග ගොන්නට අලුතෙන්ම එකතු වී තිබෙන දායාදය වී ඇත්තේ ඒඩ්ස් වසංගතයයි. සංචාරකයන් මගින් ඒඩ්ස් රෝගය ලංකාවට ඒමට තිබෙන ඉඩකඩ ගැන කතාබහට ලක් වූ මුල්ම අවධියේ දී ඒඩ්ස් පිළිබඳව පරීක්ෂණ වාර්තාවකින් තොරව කිසිම සංචාරකයකුට […]

පරපුරක් නැති ජාතියක්

අපි වේගයෙන් පරපුරක් නැති ජාතියක් බවට පත්වෙමින් සිටිමු. තරුණ පරපුර කඳන් මිස හිස් නැති පුස්සන් පිරිසක් බවට පත් කිරීමේ විනාශකාරී වෑයමක් දැන් කලක පටන් රටතුළ ක්‍රියාත්මක වෙමින් පවතී. ජන සන්නිවේදන මාධ්‍යයන් ද දැන හෝ නොදැන හෝ ඔවුන්ගේ අත කොලු ලෙස ක්‍රියා කරමින් සිටී. හෙරොයින් ඇබ්බැහියට එරෙහිව කතා කරන ජාතික පුවත්පත් විසින්ම “හෙරොයින් සංස්කෘතික විලාසිතා” රසකර […]