හිතක් පපුවක් නැති රටක්

July 13, 2003
Publication:
The state pays Rs 10 a day to keep each of the 9,500 children in 91 homes under the Probation and Child Care Department, and Rs 2.50 a day for children in the Salvation Army's care at Borella. The editorial contrasts this with the Rs 1.6 million daily cost of Parliament, Rs 6 million a year for a retired president and Rs 5 million spent on a cricket song.

පරිවාස හා ළමාරක්ෂෂක දෙපාර්තමේන්තුව යටතේ ඇති ළමා නිවාස 91ක සිටින ළමයින් සංඛ්‍යාව 9500කි. ඒ එක් ළමයෙකු නඩත්තු කිරීම සඳහා දිනකට ගෙවන මිල රු. 10කි.

10 වැනි දින වන විට බොරැල්ල ගැලවීම් හමුදාව බාරේ සිටි ළමයින් සංඛ්‍යාව 49කි. ඒ එක් ළමයකු නඩත්තු කිරීම සඳහා ආණ්ඩුව ගෙවන මිල දිනකට රුපියල් දෙකයි ශත පනහකි. රුපියල් එකයි සත විසිපහක් ආහාර සඳහා ය. ඉතිරි රුපියල් එකයි ශත විසි පහ රැකවරණය සඳහා ය.

පාර්ලිමේන්තුව නඩත්තු කිරීමට එක් දිනෙක වියදම රුපියල් ලක්ෂෂ 16කි. විශ්‍රාම යන එක් ජනාධිපතිවරයකු නඩත්තු කිරීමට දරන වාර්ෂික වියදම රුපියල් ලක්ෂෂ 60කි. ක්‍රිකට් සින්දුවක් නිර්මාණය කිරීම සඳහා කරන ලද වියදම රුපියල් ලක්ෂෂ 50කි. එහෙත් අසරණ භාවයට පත් කුඩා දරුවකු නඩත්තු කිරීම සඳහා රට වියදම් කරන්නේ එක් දිනක් සඳහා රු. 10කි.