ආරක්ෂෂාව සඳහා පිස්තෝල ඉල්ලීම

July 13, 2003
Publication:
PA members of the Southern Provincial Council are reported to be seeking pistols from the President. The editorial notes that Sri Lanka alone arms its legislators, a practice begun during the 1989–90 JVP insurrection and never stopped, and argues that it cheapens representative democracy and fuels violence and crime by MPs' guards; protection should come from the police, and the promised disarming of MPs has not happened.

දකුණු පළාත් සභාවේ පොදු පෙරමුණේ මන්ත්‍රීවරුන් ආරක්ෂෂාව සඳහා තමන්ට පිස්තෝල නිකුත් කරන ලෙස ජනාධිපතිනියගෙන් ඉල්ලා සිටීමට තීන්දු කර ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පිස්තෝල ලැබේ නම් එය අපටත් ලැබිය යුතුයි කියන හැගීමක් පළාත් සභා මන්ත්‍රීවරුන් අතර ද තිබෙනවා විය හැකි ය.

ව්‍යවස්ථාදායකයට තේරි පත්වන මන්ත්‍රීවරුන්ට පිස්තෝල නිකුත් කරන එකම රට ශ්‍රී ලංකාව ය. ඒ සම්ප්‍රදාය ඇරඹුණේ 1989-90 ජවිපෙ කැරැල්ල පැවති අවධියේ ය. කැරැල්ල මර්දනය කළ ද මන්ත්‍රීවරුන්ට පිස්තෝල ලබාදිමේ පිළිවෙත අත්හිටුවූයේ නැත. මෙය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමය හෑල්ලුවට ලක් කරන ක්‍රමයකි.

යම් මහජන නියෝජිතයකුට ආරක්ෂෂාව පිළිබඳ ප්‍රශ්නයක් ඇතොත් ඔහුට ආරක්ෂෂාව ලබාදිමේ වගකීම යා යුත්තේ පොලිසියට ය. එසේ නැතිව මන්ත්‍රීවරුන් ආයුධ සන්නද්ධ කිරීම ඊට පිළියමක් වන්නේ නැත.

මන්ත්‍රීවරුන්ට පිස්තෝල පමණක් නොව ආයුධ සන්නද්ධ රැකවලුන් ලබාදිමේ පිළිවෙත දේශපාලන තරගය ප්‍රචණ්ඩ කිරීමට හේතු වී තිබෙන සාධකයකි.

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂෂකයන් අතින් අපරාධ සිදු වේ. මන්ත්‍රී ආරක්ෂකයින් සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ වූ අවස්ථා එමට ය. දේශපාලන නාමපුවරු වලට මුවා වී අපරාධ කොට පළා යාමට තිබෙන හැකියාව ද වැඩිය.

ඇත්තටම සිදුවිය යුත්තේ මන්ත්‍රීවරුන් ආයුධ සන්නද්ධ කිරීම හෝ ඔවුන් නිරායුධ කිරීම ය. ආරක්ෂෂාව පිළිබඳ ප්‍රශ්නයක් ඇති අයට පොලිසිය මගින් අවශ්‍ය ආරක්ෂෂාව ලබාදිම ය.

මන්ත්‍රීවරුන් නිරායුධ කිරීම අගමැතිවරයාගේ අපේක්ෂෂාව වන බව අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමති ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කර ඇතත් තාමත් එවැනි දෙයක් සිදු වී නැත.