පළාත් පාලන මැතිවරණයත් අවුලක

October 29, 2026
Publication:
Sri Lanka's whole institutional system looks rotten past reforming: after the examinations department, the next institution to fall into crisis is the elections secretariat. Ivan's complaints are exact — the register, the handling of nominations, and two gazettes appointing two different sets of returning officers with neither cancelling the other — and so is his proposal: put the register on the website so voters can check their own names.

ශ්‍රී ලංකාවේ සමස්ත ආයතන ක්‍රමයම ප්‍රතිසංස්කරණය කළ නොහැකි තරමට කුණු වී තිබෙන බව පෙනෙන්නට තිබේ. විභාග දෙපාර්තමේන්තුව අර්බුදයකට යාමෙන් පසුව දැන් ඊළගට අර්බුදයට ගොස් තිබෙන ආයතනය බවට පත්ව තිබෙන්නේ මැතිවරණ ලේකම් කාර්යාලයයි.

ඡන්දදායකයින් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේ දී හා පළාත් පාලන ආයතන සඳහා නාමයෝජනා බාරගැනීමේ කාර්යයේදි මැතිවරණ කොමසාරීස්වරයා ඇතුළු මැතිවරණ ලේකම් කාර්යාලය ක්‍රියාකර තිබෙන අකාරය එම ආයතනයේ ගෞරවයට හේතු නොවන බව කිව යුතු ය.

2004 වසරේ ඡන්දදායක නාමලේඛනයට ඊට පෙර වසරේ ඡන්ද නාමලේඛනයට ඇතුළත් විශාල පිරීසකගේ නම් ඇතුළත් නොවන බවට එල්ල වී තිබෙන චෝදනාවේදි මැතිවරණ කොමසාරීස්වරයා දක්වන ලද ප්‍රතිචාරය ඔහුගේ ගෞරවයට හේතු නොවන බව කිව යුතු ය. ජනතාව තමන් වෙත පැවරි තිබෙන පරමාධිපත්‍යය බලය පාවිච්චි කරන්නේ මැතිවරණවලදි ය. මැතිවරණ කොමසාරීස්වරයා මැතිවරණ විෂය භාර ප්‍රධාන නිලධාරීයා ය. ඡන්දදායකයින් විශාල පිරීසකගේ නම් ඡන්ද නාමලේඛනයට ඇතුළත් නොවන බවට චෝදනා එල්ල වූ අවස්ථාවේ දී ඔහු කළ යුතුව තිබුණේ අන්‍යාකාරයෙන් ඡන්දදායකයින්ට ප්‍රතිචෝදනා එල්ල කරන තැනකට යාම නොව එවැනි දෙයක් සිදුවී ඇති නම් එය බරපතළ වරදක් බව තේරුම් ගනිමින් අන් සියල්ලට පෙර එල්ල වී තිබෙන චෝදනාවේ ඇත්ත නැත්ත සොයා බලන තැනකට යෑම ය.

2003 ඡන්ද නාමලේඛනය පරීගණක ගත කර තිබුණේ ද? තිබුණේ නම් එම ලේඛනයට ඇතුළත් විශාල පිරීසක ගේ නම් අලූත් ඡන්ද නාමලේඛනයට ඇතුළත් නොවී නම්, ඒ බව කල්තියා දැනගැනීමේ හැකියාවක් මැතිවරණ කොමසාරීස්වරයාට තිබිය යුතු ය. එසේ නොවේ නම්, මැතිවරණ කොමසාරීස්වරයා ගේ පරීගණක වැඩපිළිවෙළ යල් පැනගිය වැඩපිළිවෙළක් බව පිළිගන්නට සිදුවන්නේ ය. මැතිවරණ ලේකම් කාර්යාලයට යල් පැනගිය වෙබ් අඩවියක් ඇතත්, (ආණ්ඩුවේ දෙපාර්තමේන්තු සතු සියලූ වෙබ් අඩවි තිබෙන්නේ යල්පැන ගිය තත්ත්වයක ය.) ඡන්දදායක ලියාපදිංචි නාමලේඛනය ඊට ඇතුළත් නැත. ලියාපදිංචි ඡන්ද නාමලේඛනය පරීගණක ගත කොට ඇත්නම්, එය වෙබ් අඩවියට ඇතුළත් නොකරන්නේ ඇයි දැයි තේරුම් ගත නො හැකි ය. ලියාපදිංචි ඡන්ද නාමලේඛනය වෙබ් අඩවියට ඇතුළත් කරන්නේ නම් තමන්ගේ නම් ඡන්ද නාමලේඛනයට ඇතුළත්ව තිබෙන්නේ දැයි දැනගැනීමේ හැකියාව ඡන්දදායකයින්ට ලැබෙන්නේ ය.

පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාරගැනීමේ ක්‍රියාවලියේ දී ද මැතිවරණ නිලධාරින් අනුගමනය කර තිබෙන ප්‍රතිපත්තිය දඩබ්බර ය. නාමයෝජනා භාරගැනීමේ ක්‍රියාවලිය නොකවුට් ක්‍රමයට පවත්වාගෙන යායුතු ක්‍රමයක් නො වන බව තේරුම් ගැනීමට ඔවුන් අසමත් විය. නාමයෝජනාවල දී නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමක් සිදුවිය යුත්තේ ජනතාවගේ පරමාධිපත්‍යය බලයට හානියක් සිදුකිරීමට හේතුවන තරම් බරපතළ වරදක් තිබෙන අවස්ථාවල දී පමණ ය. නිවැරදි කළ හැකි සරල තාක්ෂණික වරදක දී එම වරද නිවැරදි කරගැනීමට ඉඩදිය යුතු ය.

කොළඹ නාමයෝජනාවලට අදාළව අභියාචනාධිකරණය තහනම් නියෝගයක් දෙන ලද අවස්ථාවේ දී ඊට අභියෝග කරමින් මැතිවරණ කොමසාරීස්වරයා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යාමෙන් පෙන්නුම් කරන්නේ ද මැතිවරණ ලේකම් කාර්යාලයට ආවේණික අහංකාර භාවයේ තරමයි. එම නඩු විභාගයේ දී හෙළිවූ කරුණු අනුව තමන් අතින් වරදක් සිදුවී තිබෙන බව තේරුම් භාර නිලධාරීයා තේරුම් ගත යුතුව තිබුණි. දැන් සමස්ත පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලිය ම තිබෙන්නේ අවුල් ජාලාවක ය. නාමයෝජනා ක්‍රියාවලියට නෛතික වශයෙන් එල්ල වී තිබෙන අභියෝග නිසා බොහෝ පළාත් පාලන ආයතන සඳහා ඡන්ද පත්‍රිකා නැවත අලූතෙන් මුද්‍රණය කිරීමට සිදුවී තිබෙන අතර, එම මුද්‍රණ ක්‍රියාවලිය නියමිත කාලසටහනකට අවසන් කිරීමේ හැකියාවක් තිබේ ද යන සැකයක් ද පවතී. තේරිම් භාර නිලධාරින් පත් කිරීමේ ක්‍රියාවලිය සඳහා ගැසට් නිවේදන නිකුත් කිරීමේ ක්‍රියාවලිය තුළ ද පරස්පර විරෝධී බවක් පවතී. එක් ගැසට් නිවේදනයකින් දිසාපතිවරුන් තේරිම් භාර නිලධාරින් ලෙස පත් කර තිබෙන අතර, එය අවලංගු කිරීමකින් තොර ව තවත් ගැසට් නිවේදනයක් මගින් සහකාර මැතිවරණ කොමසාරීස්වරුන් තේරිම් භාර නිලධාරින් ලෙස පත්කර තිබේ. දැන් සමස්ත මැතිවරණ ක්‍රියාවලියම අවුල් ජාලාවක් බවට පත්ව තිබේ