ඊළඟට කුමක්ද?

January 18, 2009
Publication:
The government went to provincial elections meaning to follow them with a parliamentary poll, and had escaped the trap set by the courts over fuel prices; with Kilinochchi taken, everything was falling its way. The Sirasa attack and Lasantha Wickrematunge's killing two days later have thrown that picture into confusion. Any fair-minded person sees both as the government's work, and the government's reply — that it would be mad to do such a thing when conditions favoured it — has an argument in it but no evidence for the conspiracy it alleges instead. Ivan finds no motive on the part of the forces or their commanders, and no evidence tying them to these two attacks, though he accepts a unit attached to them assaulted Keith Noyahr and Namal Perera. Responsibility rests finally with the President as commander-in-chief. Sri Lanka investigates nothing seriously: even the site of Premadasa's assassination was washed down at once.

ආණ්ඩුව පළාත් සභා මැතිවරණයකට ගියේ ඒ මැතිවරණවලින් පසුව පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමේ අරමුණ ඇතිවය. අධිකරණය හා විධායකය අතර ඇතිව තිබූ ආරාවුල විරුද්ධ පක්ෂය පහර දෙන තැනකටත්, ආණ්ඩුව ආරක්ෂාව සඳහා සටන් කරන තැනකටත් තල්ලු කිරීමට හේතුවී තිබුණි. එහෙත් ආණ්ඩුව තෙල් මිල තමන් කැමති තරමකට අඩු කොට, අතිරේක සහන පොදියක් ජනතාවට ලබාදෙන ප්‍රතිපත්තියක් මගින් අධිකරණය දෙන ලද තීන්දු විසින් ඇති කර තිබුණු ව්‍යාකූලභාවය ජයගනිමින් නැවත විරුද්ධ පක්ෂය ආරක්ෂාව සඳහා සටන් කරන තැනකට ගත්තේය. ඒ සමග කිලිනොච්චිය ද ජයගනිමින් උතුරේ කෙරෙන එල්ටීටීඊ විරෝධී යුද්ධය ජයග්‍රාහී තැනකට වේගයෙන් තල්ලුවීමත් සමග පළාත් සභා මැතිවරණ දෙක පමණක් නොව, ඊළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය ද ආණ්ඩුවට පහසුවෙන් ජයගත හැකි වටාපිටාවක් ඇති කර තිබුණේය. සිරස පාලක මැදිරියට එල්ල කෙරුණු ප්‍රහාරය හා ලසන්ත වික්‍රමතුංග අධි ආරක්ෂක කලාපයක් ආසන්නයේ මහ දවල් වෙඩි තබා මරා දැමීම යන සාහසික සිද්ධීන් නැවත දේශපාලන චිත්‍රය ව්‍යාකූල කිරීමට හේතුවී තිබේ.

ලසන්තට වෙඩි තබා මරා දමන ලද්දේ සිරසට එල්ල කරන ලද ප්‍රහාරයෙන් දින දෙකකට පසුවය. පක්ෂ භේදයෙන් තොරව සාධාරණව හිතන ඕනෑම කෙනෙකුට එය පෙනෙන්නේ එම සාහසික ක්‍රියා දෙකම ආණ්ඩුව විසින් කරවන ලද සාහසික ක්‍රියා ලෙසය. එහෙත් ආණ්ඩුව කියන්නේ තමන්ගේ වාසියට හේතුවන දේශපාලන වටාපිටාවක් රටේ තිබියදී මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවක ආණ්ඩුව අපකීර්තියට ලක් කෙරෙන ආකාරයේ මෙවැනි සාහසික සිද්ධියක නිරතවන්නට තරම් ආණ්ඩුව මෝඩ විය හැකිද යන්නයි. ආණ්ඩුව ඒ ගැන කරන අර්ථකථනය වන්නේ ආණ්ඩුව අපකීර්තියට ලක්කිරීමේ අරමුණින් ක්‍රියාවට නගන ලද බිහිසුණු කුමන්ත්‍රණයක් විය හැකි බවය. අපට වාසිදායක වටාපිටාවක් තිබෙන මොහොතක මෙවැනි සාහසික ක්‍රියාවක් අප කරන්නේ ඇයිද යන ප්‍රශ්නයේ තර්කයක් ඇතත්, කුමන්ත්‍රණ කතාව තහවුරු කිරීමට ප්‍රමාණවත් තරම් සාක්ෂි ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සමත් වී නැත.

විරුද්ධ පක්ෂයේ නායකයා පළමු වටයේදී ඇඟිල්ල දිගු කළේ කෙළින්ම ජනාධිපතිවරයා වෙතය. එහෙත් පසුව යුද හමුදාපතිට වගකියන කණ්ඩායමක් විසින් මෙය සිදුකර ඇති බව ප්‍රකාශ කළේය. විරුද්ධ පක්ෂය ද එහිදී සිය මතය සනාථ කිරීම සඳහා ප්‍රමාණවත් තරම් කරුණු ඉදිරිපත් කර නැත. මෙම සාහසික සිද්ධීන් දෙක කොයි කවුරුන් විසින් කරන ලද්දේ වුවත්, ඊට අවසාන වශයෙන් වගකිවයුත්තේ ජනාධිපතිවරයාය. ඔහු රටේ රාජ්‍ය නායකයා ද, ත්‍රිවිධ හමුදාවට අණදෙන සේනාධිනායකයා ද වේ. කුමන අරමුණකින් කොයි කාට වුවද මෙවැනි සාහසික ක්‍රියා ඉටු කරන්නට රටේ ඉඩ තිබිය යුතු නැත. කොයිදේ ඔප්පු කරන්නට වුවත් හැකිවනු ඇත්තේ සාධාරණ පරීක්ෂණයකට යෑමෙනි. කීත් නොයාර් හා නාමල් පෙරේරාට පහරදීමේ සිද්ධිය ආරක්ෂක හමුදාවන්ට අනුයුක්ත කණ්ඩායමක් විසින් කරන ලද බව පිළිගැනීමට කරුණු ඇතත්, සිරසට පහරදීම හා ලසන්තට වෙඩි තබා මරා දැමීම ආරක්ෂක හමුදාව කරන ලද්දක් බව පිළිගැනීමට ද සාක්ෂි නැත.

එම සාහසික සිද්ධීන් දෙක කරවන්නට ආරක්ෂක හමුදාවට හා එහි ප්‍රධානීන්ට බලවත් වුවමනාවක් තිබුණු බව කරුණු පරීක්ෂා කිරීමේදී පෙනීයන්නේ නැත. ආරක්ෂක හමුදා කරවීමට බලය ඇති අතුරු හමුදාවක් විසින් කරන්නට ඇතැ”යි සිතිය හැකි වුවත්, ඔවුන් කවුද, එය මෙහෙයවනු ලැබුවේ කවුද යන්න පැහැදිලි නැත. ශ්‍රී ලංකාවේ සිදුවන කිසිම සාහසික ක්‍රියාවක් බැරෑරුම් ලෙස පරීක්ෂාවට ලක් නොකරන රටකි. සාමාන්‍ය මිනිසුන්ට සිදුවන අපරාධවලදී තබා රාජ්‍ය නායකයන්ට සිදුවන අපරාධවලදීවත් ඒවාට වගකිවයුත්තන් කවුදැ”යි මෙතෙක් බැරෑරුම් ලෙස සොයා බැලීමක් සිදුකර නැත. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ඝාතනයේදී පවා වහාම පිපිරීම සිදුවූ ස්ථානය සෝදා දැමුවේය. මේ තත්ත්වයෙහි සැබෑ වෙනසක් පෙන්නුම් කිරීමට ආණ්ඩුවට හැකියාවක් තිබේද? උතුරේ ආරක්ෂක හමුදා එල්ටීටීඊයට එරෙහිව කරන අරගලය ඉක්මන් අවසානයක් අපේක්ෂා කළ හැකිය.

දිගින් දිගට පසු බසිනවා හැර විස්මයට පත් කරන ආකාරයේ අලුත් කිසිවක් කිරීමේ හැකියාව ද එල්ටීටීඊයට නැත. සිවිල් ජනයා දිගින් දිගට සිය අත්අඩංගුවේ තබාගැනීමට එල්ටීටීඊයට හැකිවන්නේ නැත. එල්ටීටීඊයට සිවිල් ජනයා අතහැර කැලේට පලායෑමට සිදුවනු ඇත්තේය. එහෙත් අද එල්ටීටීඊය ඉන්නේ වනාන්තර ගතවීමෙන් ද ආරක්ෂා විය හැකි තත්ත්වයක නොවේ. ආරක්ෂක හමුදා ඔවුන් සොයාගෙන කැලෑ වැදීමට නියමිත අතර, මුහුදින් පලායෑමට තිබෙන හැකියාව ද අවම කර තිබෙන තත්ත්වයක් තුළ එල්ටීටීඊයට සිය පැවැත්ම ආරක්ෂා කරගැනීම ඉතා අසීරු වනු නොවැළැක්විය හැකිය. නැවත ගරිල්ලා අරගලයකට මාරුවීම හිතන තරම් පහසු නැත. ලැබී තිබෙන පරාජය තුළ අභ්‍යන්තර බෙදීම් ඇතිවීම නොවැළැක්විය හැකි අතර, සමහර ප්‍රමුඛ නායකයන් ඇතුළු එල්ටීටීඊ කේඩරයේ කිසියම් පිරිසක් රජයට බාර වන තත්ත්වයක් ද ඇතිවිය හැකිය. එසේ වෙතොත් එය එල්ටීටීඊයේ අවසානය වනු ද නොවැළැක්විය හැකිය.

දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටීමේ ඒකාධිකාරී අයිතිය තමන් වෙත හිමිකර ගැනීම සඳහා එල්ටීටීඊය දෙමළ නායකයන් ලෙස සැලකිය හැකි සියලු දෙනා ඝාතනයට ලක් කළේය. අවසානයේ ඉතිරි වූ එකම පිරිස ඔවුන් විය. දැන් ඔවුන් ද විනාශ වී යන තත්ත්වයක් තුළ රටේ දෙමළ ජනතාවට තමන්ට දේශපාලන නායකයන් නැති තත්ත්වයකට ඇද වැටී ඇත්තේය. එල්ටීටීඊයට එරෙහිව ලබන ජයග්‍රහණයෙන් පසු නායකයන් නැති අසරණ තත්ත්වයකට පත්ව සිටින දෙමළ ජනතාව සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන්නට යන්නේ කුමන ප්‍රතිපත්තියක්ද? දැන් එල්ටීටීඊයක් නැති නිසා ප්‍රශ්නයක් ද නැතැ”යි කියන තැනකට ආණ්ඩුව යන්නේද? නැත්නම් ඔවුන්ගේ ඇත්ත දුක්ගැනවිලිවලට සාධාරණ විසඳුමක් ආණ්ඩුව ඉදිරිපත් කරන්නේද?

Editor’s Note

Ivan writes that a unit attached to the security forces can be accepted as responsible for the assaults on Keith Noyahr and Namal Perera, but that no evidence supports attributing the Sirasa attack or Lasantha Wickrematunge’s killing to the forces, and that neither the forces nor their commanders had a motive. The opposition leader referred to is Ranil Wickremesinghe, who first blamed the President and then a group answerable to the army commander. Wickrematunge was killed on 8 January 2009 in Attidiya; the trial of those accused has not concluded.