ටක් වශයෙන් අපි පොදුවේ පරිහානිය කරා යනවා මිස, මොනම අංශයකින්වත් ප්‍රගතිය කරා යන බවක් පෙනෙන්නට නැත.
අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අධ්‍යාපන තලයේ අප සිටින තැන හොඳින් පිළිබිඹු කරයි.
මෙවර සාපෙළ ප්‍රතිඵල අනුව උසස් පෙළ විභාගයට සුදුසුකම් ලබා ඇත්තේ 25%ක් පමණ ය. සාපෙළ විභාගයෙන් සමත්වූවන්ගේ ප්‍රතිශතය 48.7% දක්වා පහත වැටී අසමත්වූවන්ගේ ප්‍රතිශතය 51.3%ක් දක්වා ඉහළ නැග තිබේ.
පසුගිය වසරේ ප්‍රතිඵල සමග සසඳන විට විද්‍යා විෂයයන්ගෙන් සමත් වූ සංඛ්‍යාව 54.75% සිට 8.38% දක්වා පහත වැටී තිබේ. ගණිතයේ දී එය 44.03% සිට 42.63% දක්වා පහත වැටී තිබේ.
අධ්‍යාපනයේ ඇතිවන පරිහානියක් අන් හැම අංශයක් කෙරෙහි ම බලපායි.
රටේ පවතින පාසල් ක්‍රමය අවුල් ජාලයකි. පළමු ශ්‍රේණියේදී හොඳ පාසලක් ලබාගැනීම සඳහා ලොකු පගාවක් ගෙවීම නැතුවම බැරි කොන්දේසියක් බවට පත්ව තිබේ. පාසල් අතර ගුරුවරුන් බෙදාහැරීමට විධිමත් ක්‍රමයක් නැත. ප්‍රභූ පන්තියේ නාගරික පාසල්වලට ගුරු අතිරික්තයක් සිටින අතර, කමකට නැති පාසල් ලෙස සැලකෙන ගමේ පාසල්වල ගුරු හිඟයක් පවතී. ගුරු අතිරික්තයක් ඇති පාසල්වලින් ගුරු හිඟයක් ඇති පාසල්වලට ගුරුවරුන් යොමු කරවන වැඩපිළිවෙළක් රටට නැත.
ගුරුවරුන්ගේ දැනුම නොකඩවා උසස් තත්ත්වයක තබා ගැනීම සඳහා ද කිසිම වැඩපිළිවෙළක් නැත. තමන්ට උගන්වන ගුරුවරයාගේ විෂය දැනුම දුර්වල බව ශිෂ්‍යයන්ට පෙනෙන විට, ඔවුන් අතර කලකිරීක් ගොඩ නැගෙනවා පමණක් නොව, ගුරුවරුන් කෙරෙහි වන ගෞරවය ද බිඳ වැටේ.
පළාත් සභා ක්‍රමය ද පාසල් ක්‍රමය අවුල් ජාලාවක් බවට පත්කිරීමට හේතුවී තිබෙන, එහෙත් දශකයකට වැඩි කාලයක් තිස්සේ ඒ අවුල ගැන කතා කරමින් කාලය ගතකරනවා විනා අවුල ලිහා ගැනීමට උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට නැත.
අධ්‍යාපනයේ පෙනෙන්නට තිබෙන ලොකුම දුර්වලතාව වනුයේ තොරතුරු දැනුම හැර විශ්ලේෂණාත්මක දැනුම ලබාදෙන ක්‍රමයක් නැතිවීම ය. දුටුගැමුණුගේ පාලන කාලය කියන්නට ශිෂ්‍යයෝ දනිති. එහෙත් දුටුගැමුණු, මහා පරාක්‍රමබාහු හෝ මහා ඇලෙක්සැන්ඩර් සමග සසඳන්නට කිවහොත් ශිෂ්‍යයන් ඊට සාර්ථක පිළිතුරක් දෙන්නට දන්නේ නැත.
ගණිතයේ දී හා විද්‍යාවේ දී ශිෂ්‍යයන් සාමාන්‍යයෙන් දුර්වල ය. ඉංග්‍රීසි භාෂා අධ්යපානයේදී ද දුර්වල ය. මෙම විෂයයන් ඉගැන්වීම සඳහා නවීන තාක්ෂණ උපකරණ යොදාගෙන උගන්වන ක්‍රම ලෝකයේ භාවිතා වෙතත්, එහිදී අපේ රටේ පාසල් ක්‍රමය තිබෙන්නේ අන්ත පසුගාමී මට්ටමක ය.
සාක්ෂරතාවයේ දී අප හිමිකරගෙන සිටින ඉහළ ප්‍රතිශතය ගැන අපි ආඩම්බරයෙන් කතා කරමු. එහෙත් පළමුවැන්නෙන් අධ්‍යාපනය අරඹන ශිෂ්‍යයන් 100 අතුරින් විශ්වවිද්‍යාලයට යන්නේ 2.3%ක් පමණය. ඉන්දියාවේ අනුපාතිකය 8%කි. කොරියාවේ 45%කි. ජපානයේ 55%කි. ශිෂ්‍යයන් පමණක් නො ව, වැඩිහිටියෝ ද තුලනාත්මක කරුණු දකින්නට අසමත්ව සිටිති. දේශපාලකයන් ගැන කිවහැක්කේ ද ඒ ටිකම ය.
අප මේ තත්ත්වයෙන් අත්මිදෙන්නේ කවදා ද? •