බලයට පත්වන සෑම ආණ්ඩුවක්ම පාහේ බදු ආදායම තරකර ගැනීම සඳහා අලුත් අලුත් බදු ක්‍රම රටට හඳුන්වා දෙති. එසේ ඇති කරන සමහර බදු ක්‍රම පීඩාකාරී වනවා පමණක් නොව ඵලදායිතාව හීන කිරීමටද හේතුවේ.
රාජ්‍ය පවත්වාගෙන යාමට යන වියදම දැරිය යුත්තේ මහජනයාය. එය බදු ගෙවන්නන්ගෙන් ලබාගන්නා බදු ආදායම ලෙස සැලකේ. එහෙත් නවීන රාජ්‍යයකට තිබිය යුත්තේ තර්කානුකූල හා සාධාරණ බදු ප්රතිපත්තියකි. රාජ්‍ය පවත්වාගෙන යාමට දරන වියදමද සාධාරණ විය යුතුය. තේරුමක් නැති ව්‍යාපෘති නඩත්තු කරන්නට මහජනයා බදු ගෙවිය යුතු නැත. රාජ්‍ය වියදම පිළිබඳව ශ්‍රී ලංකාවට පිළිගත් ජාතික ප්‍රතිපත්තියක් නැතිවා සේම රාජ්‍ය බදු පිළිබඳවද පිළිගත් ජාතික ප්‍රතිපත්තියක් නැත.
පළමුකොට මහජනයාගේ ඒක පුද්ගල ආදායම උපරිම තත්වයකට ගැනීම සඳහා වන දර්ශනයන් ය. වැඩ පිළිවෙලක් රටකට තිබිය යුතුය. ඒ සමඟ බදු ගෙවීමට ඇත්ත හැකියාවක් ඇති සියලු දෙනාගෙන් සාධාරණ ලෙස බදු අය කර ගන්නා ප්‍රතිපත්තියක් රටට තිබිය යුතුය. රාජ්‍යයේ නඩත්තු වියදම සාධාරණ තත්ත්යක පවත්වා ගන්නා වැඩ පිළිවෙලක්ද රටකට තිබිය යුතුය. ශ්‍රී ලංකාව මේ කිසිදු ඉලක්කයක් නැති රාජ්‍යයක් ලෙස සැලකිය හැකිය.
රටේ කලු ආර්ථිකයේ ප්‍රමාණය නිල ආර්ථිකයේ ප්‍රමාණයට වඩා විශාලය. තිබෙන ඇස්තමේන්තුවලට අනුව කලු ආර්ථිකයේ ප්‍රමාණය බිලියන 500කි. එම දැවැන්ත ආර්ථිකයෙන් බදු අයකර ගන්නා උපාය මාර්ගික පිළිවෙතක් රටට නැත.
ආදායම් බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව තවමත් තිබෙන්නේ තුන් ලක්ෂයක මට්ටමකය. රටේ තිබෙන මෝටර් රථ සංඛ්‍යාවද හය ලක්ෂයක් පමණ වේ. ආදායම් බදු ගෙවීමේ ඇත්ත හැකියාවක් ඇති අයගේ සංඛ්‍යාව දස ලක්ෂයක් පමණ විය හැකි ය. බදු ගෙවීමේ ඇත්ත හැකියාවක් ඇති වෛද්‍යවරුන්, නීතිඥවරුන්, ගණකාධිකාරිවරුන් වැනි වෘත්තියවේදීන් ලක්ෂ ගණනක් රටේ සිටින්නේය. රජයේ සේවකයින් ආදායම් බදුවලින් නිදහස්කර තිබීමද විකාරයකි. භේදයකින් තොරව සියලු දෙනා භාණ්ඩ සඳහා ගෙවන්නේ එක මිලකි.
බදු ආදායම් වියදම් කෙරෙමින් තිබෙන ආකාරයේද විකාරරූපී බවක් පවතී. අනාථ නිවාසයක ජීවත්වන කාත්කව්රුවත් නැති දරුවෙකුට වෙන් කෙරෙන මාසික නඩත්තු වියදම රුපියල් 300කි. තමන්ගේම සුඛෝප භෝගි නිවාස ඇති ඇමතිවරයෙකුට නිවාස කුලිය වෙනුවෙන් ගෙවන මාසික මිල රුපියල් ලක්ෂයකි. විදුලිබල මණ්ඩලය පමණක් දිනකට ලබන අලාභය රුපියල් මිලියන 60කි.
ඉවතලන කැලි කසල මුදල් උපයාගත හැකි සම්පතකි. එහෙත් එය ශ්‍රී ලංකාවට විසඳාගත නොහැකි හිසරදයකි. නගරයක් පිරිසිදුව තබාගන්නා කලාව වත් නොදන්නා නගර සභාවකට බදු ගෙවිය යුත්තේ ඇයි?
රථවාහන මගින් අයකර ගන්නා බදු ප්‍රමාණයද අති විශාලය. එහෙත් රටේ තිබෙන සියලුම අතුරු මාර්ග තිබෙන්නේ මෝටර් රථවලින් තබා පයින්වත් යා නොහැකි කාලකණ්ණි තත්ත්වයක ය.
රජය වෙන් කරන මුදලින් පමණක් සාර්ථක පාසල් ක්‍රමයක් විශ්වවිද්‍යාල ක්‍රමයක් හෝ රෝහල් ක්‍රමයක් පවත්වාගෙන යා හැක්කේ කෙසේ ද?
රාජ්‍ය නඩත්තු කිරීම සඳහා වැය කෙරෙන තේරුමක් නැති නාස්තිකාර වියදම් කපා හැර රාජ්‍ය කාර්යක්ෂම ලෙස නඩත්තු කිරීම සඳහා අවශ්‍ය ඇත්ත වියදම කුමක්ද යන්න පිළිබඳව හරි ගණන් බැලීමක් කල හැකි නම් හා ඊට ගැලපෙන සාධාරණ බදු ප්‍රතිපත්තියක් හා බදු ලබාගන්නා උපාය මාර්ගික වැඩ පිළිවෙලක් ඇති කර ගත හැකි නම් මහජනයා සිය කැමැත්තෙන් බදු ගෙවන තත්ත්වයක් රටේ ඇති කළ හැකි ය. •