අ සමත් රාජ්‍යයක් වෙනුවෙන් 2007 වසරේ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉන්නේ 25 වැනි ස්ථානයේය. දර්ශකයේ පළමු ස්ථානයේ සිටින්නේ සුඩානයයි. සුඩානයට හිමි ලකුණු සංඛ්‍යාව 113.7කි. දෙවැනි ස්ථානය හිමිකරගෙන සිටිනුයේ ඉරාකයයි. ඉරාකය හිමි කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 111.4කි. තුන්වැනි හා හතරවැනි ස්ථාන පිළිවෙළින් සෝමාලියාව හා සිම්බාබ්වේ රාජ්‍ය හිමි කරගෙන සිටී.
දර්ශකයේ 25 වැනි ස්ථානය හිමි කරගෙන සිටින ශ්‍රී ලංකාවට දී තිබෙන ලකුණු සංඛ්‍යාව 93.1කි. ඉරාකය හා ශ්‍රී ලංකාව අතර ලකුණු අතර වෙනස 18.3කි. අසමත් තත්ත්වයක සිටියත් ලයිබීරියාව, ලෙබනනය, මලාවිය, රුවන්ඩාව, සිරියාව, කාම්බෝජය, ඇන්ගෝලාව හා ඉරානය යන රටවල් සිටින්නේ ශ්‍රී ලංකාවට වඩා යහපත් තත්ත්වයකය.
මෙය ක්ෂණිකව ඇතිවූ පලයක් නොව, ක්රමික විකාශයක පලයකි. මෙම අවාසනාවන්ත තත්ත්වයට රට ආණ්ඩු කළ සියලු දේශපාලන පක්ෂ පමණක් නොව, විරුද්ධ පක්ෂය ද, රාජ්‍ය බලය අල්ලා ගැනීම සඳහා ප්රචණ්ඩ අරගල මාවත තෝරාගත් සියලු දේශපාලන පක්ෂ ද එකසේ වගකිව යුතුය. රාජ්‍යයේ අසමත්භාවය දේශපාලන පක්ෂවල අසමත්භාවයේ සේ ම සමාජයේ අසමත්භාවයේ ද ප්‍රතිපලයක් ලෙස සැලකිය හැකිය.