අබා කොස්තා පියනම ඝාතනය කළේත් පොන්නම්බලම් ඝාතකයෝ

February 17, 2002
Publication:
A news report that the killing of Fr Aba Costa of St Joseph's Church, Negombo, is being traced to the gang of Moratuwa Saman, alleged gunman in the Kumar Ponnambalam murder. It notes the confessions of Tinker Sunil, arrested at Kuliyapitiya, Saman's re-arrest, suspicion that businessman James Anthony ordered the killing because the priest opposed his jackpot machines, and Captain Ranjith's arrest at the house of Baddegane Sanjeewa.

මීගමුව ශාන්ත ජෝශප් දේවස්ථානයේ මීසම පාලකව සිටි අබා කොස්තා පියතුමාගේ ඝාතනයද කුමාර් පොන්නම්බලම් ඝාතන කල්ලිය අතින්ම සිදුවූ ඝාතනයක් බවට තොරතුරු අනාවරණය වෙමින් පවතී. කුලියාපිටිය පොලීසිය විසින් පාතාල ලෝකයේ නම ගිය අපරාධකරුවකු ලෙස සැලකෙන ටිංකර් සුනිල් නමැති පුද්ගලයා අත් අඩංගුවට ගෙන සිටින අතර අබා කොස්තා ඝාතනයේ සුලමුල ඔහු පාපොච්චාරණය කරමින් සිටින බවද දෑනගන්නට තිබේ. මෙම ටිංකර් සුනිල් නමැති අපරාධකාරයා කුමාර් පොන්නම්බලම් ඝාතනයේ වෙඩික්කාරයා ලෙස ක්‍රියා කළ මොරටුවේ සමන්ගේ කල්ලියට අයත් පුද්ගලයෙකු බවද කියනු ලැබේ.

කලක් රක්ෂෂිත බන්ධනාගාරයේ සිට මැතිවරණ කාලයේදි ඇප පිට නිදහස් වී සිටි මොරටුවේ සමන් හෙවත් එම්.ඒ. කමල්සිරි කාලිංගවංශ ද පසුගිය සතියේදි ගල්කිස්ස පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය. කුලියාපිටියේදි අත් අඩංගුවට ගන්නා ලද ටිංකර් සුනිල්ගෙන් හෙළි වූ කරුණු මත මොරටුව සමන් අත් අඩංගුවට ගන්නා ලද බව දැනගන්නට තිබේ.

මොරටුව සමන්, කුමාර් පොන්නම්බලම් මහතා ඝාතනය කර තිබුණේ දේශපාලන ඇණවුමක් අනුවය. අබා කොස්තා පියතුමාගේ ඝාතනයට එවැනි දේශපාලන සම්බන්ධයක් ඇතිද යන්න තවමත් පැහැදිලි නැත. එහෙත් දේශපාලන ඇනවුමක් මත කෙරුණු ඝාතනයක් ලෙස සැලකෙන රෝහණ කුමාර ඝාතනයටද මොරටුව සමන් සම්බන්ධ බව එම ඝාතනය පිළිබඳව තාරා අජිත් අපරාධ පරික්ෂෂණ දෙපාර්තමේන්තුවට දි තිබෙන කටඋත්තරයක සඳහන් වේ.

අබා කොස්තා පියතුමාගේ ඝාතනය මීගමුවේ කෝටිපති ව්‍යාපාරිකයෙකු ලෙස සැලකෙන ජේම්ස් ඇන්ටන් ගේ ඇණවුමක් මත කෙරුණු ඝාතනයක් ලෙස සැලකේ. ඔහු මීගමුව සංචාරක පුරයේ ජැක්පොට් ව්‍යාපාරය පිටුපස සිටි ප්‍රධාන පුද්ගලයාය. අබා කොස්තා පියතුමා ප්‍රදේශය පුරා පැතිරි තිබුණු ජැක්පොට් වසංගතයට එරෙහිව නැගී සිටි පැවිදි නායකයෙකි. ජේම්ස් ඇන්ටනී මහ මැතිවරණයෙන් පොදු පෙරමුණ පරාජයට පත්වීමත් සමග රට හැර පලා ගියේය.

අත් අඩංගුවට ගෙන සිටින ටිංකර් සුනිල් කොච්චිකඩේ පලිගතුරේ ප්‍රදේශයේ පුද්ගලයෙකි. ඔහු ප්‍රදේශයේ ප්‍රකට කුලීමිනීමරුවෙකි. ගිනි අවි කල්ලියේ නායකයා ලෙස ක්‍රියා කළ ටයිටස් නමැති පුද්ගලයා එම කල්ලියේම කැප්ටන් රංජිත් නමැති අපරාධකරුවාගේ ඇනවුමක් අනුව ඝාතනය කරන ලද්දේ මොරටුවේ සමන්ය. එම ඝාතනයට ටිංකර් සුනිල්ද සම්බන්ධය. පෑලියගොඩ පොලීසියේ පොලිස් පරීක්ෂෂක සමුද්‍රජීව විසින් කැප්ටන් රංජිත් අත් අඩංගුවට ගන්නා ලද්දේ ජනාධිපති ආරක්ෂෂක අංශයේ බැද්දගානේ සංජීවගේ නිවසේ සිටියදිය.