අගමැතිවරයා සිය කණ්ඩායම සමග දක්ෂෂ ලෙස මිනී කන කිඹුලන්ගෙන් ගහන ගග තරණය කළේය. ගග තරණය කිරිමෙන් පසු දැන් පැමිණ සිටින්නේ ගොඩබිමටය. ගග තරුණය කිරිමෙන් පසුව ඇත්තේ ගොඩබිම බැවින් ක්ෂෙෂ්මභූමිය කරා යන ගමන ගග තරණය කරනවා තරම් දුෂ්කර නොවනවා ඇතැයි රනිල් වික්රමසිංහ මහතා ප්රමුඛ කණ්ඩායම විශ්වාස කර තිබුණා විය යුතුය. බැලු බැල්මට ගොඩබිම බාධාවන්ගෙන් හා අනතුරුවලින් තොරව සැහැල්ලුවෙන් යා හැකි භූමියක් ලෙස පෙනෙන්නට තිබුණත් එය බිහිසුණු බෝම්බ වලින් වැසුණු බොරු වලවල් හා අනතුරුදායක ඉන්ද්රජාලාවලින් පිරුණු භූමියකි. සමහර විට ගොඩබිම තරණය කිරීම ගග තරණය කරනවාටත් වඩා දුෂ්කරය. ඉලක්කය කරා යන ගමනට කාල සටහනක් තිබෙනවා විය හැකි වුවත් ගග තරණය කිරිමෙන් පසු දැන් ගමන් ගන්නට තිබෙන ගොඩබිම අනතුරුවලින් තොරව සැහැල්ලූවෙන් යා හැකි ගමනක් වේ යැයි කල්පනා කොට ගමන් කරන්නට වුවහොත් වඩා දුෂ්කරබව පෙනුණු ගග තරණය කිරිමේදි විනාශ නොවූ මේ කණ්ඩායම ගොඩබිම තරණය කිරිමේදි විනාශයට පත්විය හැකිය. තමන් පැමිණ තිබෙන භූමිය හරිහැටි හඳුනාගැනීම සඳහා හා එහි තිබෙන බාධක හඳුනා ගනිමින් ඒවා ඉවත් කිරීම සඳහා යම් කාලයක් ගත හැකි වුවත් ඉලක්කය ජය ගත හැකි වනු ඇත්තේ එම කොන්දේසි සම්පූර්ණ කරන්නේ නම් පමණය.
රටේ තිබෙන දේශපාලන චිත්රය ඉතාමත් සංකීර්ණය. එජාපයට මැතිවරණය ජය ගෙන අභ්යන්තර පාලනය කිසියම් විශාල දුරකට තමන් වෙත හිමිකර ගැනීමට සමත් වී ඇතත් තවමත් විධායක ජනාධිපති බලය ඇත්තේ පොදු පෙරමුණටය. ජනාධිපතිනිය ජයග්රාහකයා සමග වහාම ආරවුලකට නොගොස් තමන් අත තබා ගැනීමට අපේක්ෂෂා කළ ආරක්ෂෂක අමාත්යංශය ප්රතිපක්ෂෂයට ලබා දිම සඳහා ක්රියාකර ඇතත් අභ්යන්තර පාලනයට අදාළ සියකටයුතු බලය ලැබූ පක්ෂෂයට ලබා දි නාමික තත්ත්වයකට පත්වූයේ නැත. ඇය වෙනමම ප්රමුඛ තත්ත්වයේ පුද්ගලයන් පත් කිරිමේ බලය තමන් වෙත තබා ගනිමින් ඒ බලය පාවිච්චි කරන තත්ත්වයකින් ක්රියා කරමින් සිටී. පොලිස්පති, හමුදාපතිවරුන්, ආණ්ඩුකාරවරුන්, තානාපතිවරුන් පත් කිරිම් සම්බන්ධයෙන් තමන්ට තිබෙන බලය ඇය භූක්ති විඳිමින් සිටින අතර අමාත්යංශ යටතට වැටෙන සියලු ආයතන බලයේ සිටින ආණ්ඩුවට භාර නොදි තමන්ට අවශ්ය තෝරාගත් ආයතන තමන් අත තබා ගනිමින් එය පාලනය කරන තත්ත්වයකින් ක්රියා කරයි.
ප්රතිපක්ෂෂයට අභ්යන්තර පාලන බලය ලැබීමත් සමග ජනාධිපති ලේකම් කාර්යාලය ඊට ගැලපෙන ප්රමාණයකින් හැකිලිය යුතුව තිබුණත් හැකිලීමක් වෙනුවට එය ශීඝ්ර ප්රසාරණයකට ලක් වෙමින් පවතී. එක්සත් ජාතික පෙරමුණේ ජයග්රහණයත් සමග තනතුරු අහිමි වූවන් අතර සිටින විශ්වාසවන්ත සගයින් ජනාධිපති ලේකම් කාර්යාලයට එකතු කර ගනිමින් සිටින අතර ජනාධිපතිනිය තමන්ගේම වන දෑවැන්ත මාධ්ය ඒකකයක්ද ආරම්භ කර තිබේ. රාජ්ය ආයතන සතුව තිබූ වාහනවලින් කිසියම් විශාල ප්රමාණයක් ජනාධිපති ලේකම් කාර්යාලයට අනුගත කරගෙන සිටින බවක්ද පෙනී යයි.
අභ්යන්තර පාලන බලය විශාල ප්රමාණයකට ජයග්රාහී ප්රතිපක්ෂෂය වෙත ලබා දි ඇතත් රාජ්ය බලයේ තීරණාත්මක අංගෝපාංග තමන් අත තබාගෙන සිටින පිළිවෙතක් අනුගමනය කර ඇති බවක්ද පෙනී යයි. පාර්ලිමේන්තු බලය තමන් වෙත තිබියදි ඇය අගවිනිසුරු, පොලිස්පති, හමුදාපති වැනි අය සාමාන්යයෙන් එවැනි නිල දරන අය නොයා යුතු තරම් දුරකට රැගෙන යමින් බලය මාරුවන අවස්ථාවකදි ඔවුන්ට බලයට එන වෙනත් පාලක කණ්ඩායමක් සමග වැඩ කළ නොහැකි තත්ත්වයකට පත් කළේය. දැන් ජයග්රාහී පාලක පක්ෂෂයට සංකේතාත්මක වැදගත්කමක් ඇති එම තනතුරු වලින් ඔවුන් ඉවත් කිරීමට අවශ්ය වී ඇතත් ජනාධිපතිනියගේ අනුමැතිය නොමැතිව ඔවුන් ඉවත් කරන්නේ කෙසේද යන උභතෝකෝටික ප්රශ්නයට නව ආණ්ඩුව මැදි වී සිටින්නේය. තමන් ආණ්ඩුව පරාජය කොට ඇතත් තමන්ගේ විරෝධයට හේතු වී සිටින සංකේතාත්මක වැදගත්කමක් ඇති තනතුරු වල සිටින පුද්ගලයන් වෙනස් නොවීම නව ආණ්ඩුවක් බලයට පත් කිරිම සඳහා ඡන්දය පාවිච්චි කළ ජනතාව කළ කිරීමට පත් කරන හේතුවක්වී තිබේ. ඒ සියලු දෙනා නව ආණ්ඩුවට එක්විය නොහැකි හෝ ඔවුන් වෙනස්කළ නොහැකි තත්ත්වයක් පවත්වාගෙන යමින් අර්බුදකාරි අවස්ථාවකදි නව ආණ්ඩුව අස්ථාවර කරන ක්රියා මාර්ගයක් සඳහා ඔවුන් යොදා ගැනීම ජනාධිපතිනියගේ උපාය මාර්ගය වී තිබෙන බව පෙනේ.
භාණ්ඩාගාරය පාලනය කිරිමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට වුවත් අර්බුදයක් වන තෙක් අල්ලාගෙන සිටීමට අවශ්ය තරම් අරමුදල් ජනාධිපති අරමුදල සතුව පවතී. එය මහා භාණ්ඩාගාරය හැරුණු විට රටේ තිබෙන විශාලතම අරමුදල වන අතර එම අරමුදලේ තිබෙන මුදල් ප්රමාණය හරියටම කොතෙක්ද යන්න කිසිවකුත් නොදන්නේය. අනෙක් අතට ඉතාමත් නවීන අවි ආයුධවලින් සන්නද්ධ විශේෂ ආරක්ෂෂක අංශයක් ජනාධිපතිනිය සතුව තිබෙන අතර ඊට අනුයුක්ත ආරක්ෂෂකයන්ගේ ප්රමාණය හාරදහසකට අඩු නොවන්නේය.
ජනවාර්ගික ප්රශ්නයට විසඳුමක් සොයා යන ගමනේදි ප්රධාන විපක්ෂෂය ඊට අවහිර නොකරන තත්ත්වයක තබා ගැනීම අවශ්ය වේ යැයි කල්පනා කරන අගමැතිවරයා දෑනට ලැබී තිබෙන දෙයින් සෑහීමකට පත් වී ජනාධිපතිනිය සමග සහජීවනයෙන් ක්රියා කළ යුතුයි සිතන තත්ත්වයක සිටින බව පෙනේ. ජනාධිපතිනියට අවශ්ය වී තිබෙන්නේද එයයි. තම සහාය අවශ්ය නම් දි තිබෙන දේ වලින් තෘප්තිමත් වන ලෙසත් තමන් අත තිබෙන බලය සීමා කරන උත්සාහයන්ට නොයා යුතු බවත් ඇය ජයග්රාහී පක්ෂෂයට ඇගවීම් කරයි. එහෙත් අගමැතිවරයාට ගනුදෙනු කරන්නට සිදුවී ඇත්තේ රාජ්ය බලයෙන් පිටස්තර කරනු ලැබූ විරුද්ධ පක්ෂෂයක් සමග නොව රාජ්ය බලායේ ඉතාමත් වැදගත් අංගෝපාංග තමන් වෙත හිමි කරගෙන සිටින විරුද්ධ පක්ෂෂයක් සමගය. එජාප විරුද්ධ පක්ෂෂයේ සිටියදි එවැනි බලයක් ඔවුන් සතු නොවීය. ජනාධිපතිනිය එක් අතකින් ජනවාර්ගික අර්බුදයට විසඳුමක් සොයා යන ගමනක තමන් අවහිර නොකරන බව පෙන්නුම් කරමින් සාමකාමී විසඳුමක් ඇති කර ගැනීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ පවත්වාගෙන යන වැඩ පිළිවෙලට තිරය පිටුපස සිට උපරිම ලෙස ආධාරකරන ප්රතිපත්තියක් පවත්වාගෙන යයි. සුදුසු අවස්ථාවක් එන තෙක් පෙනය සගවාගෙන ක්රියා කිරීම ඇගේ උපාය මාර්ගය වී තිබෙන බව පැහැදිලිය
ජනවාර්ගික අර්බුදයට විසඳුමක් සොයා යන ගමන අති සරල නොවන බවත් මහජනයා වික්ෂෂිප්ත භාවයට පත් කෙරෙන අවස්ථා නොවැළැක්විය හැකි ලෙස ඇති වෙන බවත් ජනාධිපතිනිය දන්නේය. ජනාධිපතිනිය නැවත පෙනය පිප්පීමට අවශ්ය වනු ඇත්තේ යුද්ධ හමුදාවන් තුළ බලවත් සිත් වේදනාවක් ඇති කිරීමට හේතු වන එක් සිද්ධියක් පමණය. එවැනි අවස්ථාවක් ලැබුණු විට ඇය නැගී සිටිනු ඇත්තේ යුද හමුදා සේනාංකවලත් සිංහල ජනතාවගේත් ගෞරවය වෙනුවෙන් නැගී සිටින වීරවරියක් ලෙසය. එවැනි නැගී සිටීමක් ආණ්ඩුව බලවත් අර්බුදයකට තල්ලු කිරීමට හේතුවනු ඇති අතර ආණ්ඩුවට මහජනතාව අතර තිබෙන මහජන පදනමද දුර්වල කරමින් සමස්ත සාම වැඩපිළිවෙලම ව්යර්ථ කිරීමටද හේතු වනු ඇත.
අගමැතිවරයා තමන් ඉදිරියේ ඇති මෙම බරපතල අභියෝගය මනා ලෙස තේරුම් ගැනීමෙන් තොරව ජනාධිපතිනිය සමග පවත්වාගෙන යා යුතු සහජීවනය ගැන පමණක් කල්පනා කොට ක්රියා කරයි නම් නව ආණ්ඩුව අතිවිශාල අර්බුදයකට තල්ලු වන දිනය බොහෝ ඈත විය නොහැකිය. ජනවාර්ගික අර්බුදය සඳහා ප්රධාන විපක්ෂෂය වශයෙන් පොදු පෙරමුණ සමග සහයෝගයෙන් ක්රියා කරන තත්ත්වයක් පවත්වාගෙන යාම අත්යවශ්යය. ඒ සමග පොදු පෙරමුණ මුළුමනින් රාජ්ය බලයෙන් පිටස්තර විපක්ෂෂයක් නොවන බවද ආණ්ඩුව අමතක නොකළ යුතුය. රටේ පවතින දේශපාලන තත්ත්වයන් රටේ ඇතිවන සිද්ධීන් අනුව වෙනස් වේ. ජනාධිපතිනිය සමග පවත්වාගෙන යන සහජීවනයත් අර්ථවත් වනු ඇත්තේ තමන් ගෙන යන ක්රියා මාර්ග කඩාකප්පල් කිරීමට ඇයට තිබෙන හැකියාව මුලුමනින් පාලනය කළ හැකි තත්ත්වයක් දිනා ගැනීමට ආණ්ඩුව සමත් වේ නම් පමණ. ඒ සඳහා එක්කෝ ඇය බල රහිත කළ යුතුය. නැතිනම් ඇගේ බලතල ව්යවස්ථානුකූලව සීමා කළ යුතුය.