රාජ්‍ය පාලකයන්ට රතු සංඥාවක්

March 25, 2001
Publication:
During the President's visit to the Netherlands, a lawyer for Tamil refugees sought a court order for her arrest under the Convention against Torture; the Dutch court rejected it only because it was not properly framed. The editorial draws the lesson that rights violations, attacks on democratic rights and plunder of public money are increasingly treated as international crimes, limiting where rulers can travel or flee.

ජනාධිපතිනිය නෙදර්ලන්තයට ගිය අවස්ථාවේ දි නෙදර්ලන්තයේ සිටින දෙමළ අනාථයන් වෙනුවෙන් ක්‍රියා කරන නීතිඥවරියක්, වද හිංසා පැමිණවීමේ සහ අනෙකුත් අමානුෂික හෝ අවමන් සහගත සැලකීම් හෝ දඬුවම් දිම්වලට එරෙහිව 1994 ජනවාරිවල දි ශ්‍රී ලංකාව ද ඇතුළත්ව ඇති කරගත් ජාත්‍යන්තර සම්මුතියට පටහැනිව ශ්‍රී ලංකාවේ කටයුතු සිදුවෙමින් තිබෙන්නේය යන හා ඊට රාජ්‍ය නායිකාව වශයෙන් ශ්‍රී ලංකා ජනාධිපතිනිය වගකිව යුතුයයි කියන පදනම මත පිහිටා ඇය අත්අඩංගුවට ගැනීම සඳහා උසාවි නියෝගයක් ලබාගැනීමට දරන ලද උත්සාහයක් ව්‍යර්ථ වී ඇත්තේ ය. නෙදර්ලන්තයෙන් ලැබෙමින් තිබෙන වාර්තා අනුව නෙදර්ලන්ත මහාධිකරණය මෙම ඉල්ලීම ඇතුළත් පෙත්සම නිෂ්ප්‍රභ කොට ඇත්තේ එය විධිමත් ලෙස කරුණු ඇතුළත් වන ලෙස ඉදිරිපත් කර නැතැයි යන පදනම මත පිහිටා ය.

මෙයින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායක නායිකාවන්ටත් ප්‍රධාන විධායකය ලෙස ක්‍රියාකරන කැබිනට් මණ්ඩල සාමාජිකයන්ටත් උගත හැකි වැදගත් පාඩමක් ඇත්තේ ය. එනම් ලෝකය ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතී. මානව හිමිකම් උල්ලංඝණය කිරිම් දරුණු අපරාධයක් ලෙස සලකන තත්ත්වයක් ලෝකයේ පවතී. මෙම වැරදි ගනයට ඇතුළත් වන්නේ අතුරුදහන් කිරිමේ හෝ වධ හිංසා කිරිම් පමණක් නොවේ. මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දරුණු ලෙස උල්ලංඝණය කිරිම් සේ ම මහජන මුදල් අයථා ලෙස රැස්කිරීම ද මෙවැනි අපරාධ ගනයට වැටෙන්නේ ය. දේශපාලනඥයන්ට ලැබී තිබෙන බලවත්කම නිසා රටේ තිබෙන අධිකරණයේ පැවති වැරදි ඉදිරියේ නිහඬව සිටින පිළිවෙතක් අනුගමනය කරති. එවැනි වරදකට සම්බන්ධ දේශපාලකයකු යුරෝපීය රටකට ගිය අවස්ථාවක දි කිසියම් පුද්ගලයක් එම දේශපාලකයාට එරෙහිව එරට අධිකරණය ඉදිරියේ ඉදිරිපත් කරනු ලබන විධිමත් පැමිණිල්ලක් නිසා දේශපාලකයා අත්අඩංගුවට ගෙන නඩු පැවරිමකට ලක් කිරීමක් සිදුවිය හැකි ය. බරපතල වැරදි කරන අයට රටින් පලාගොස් එතෙර රටක ජීවත්වීමට තිබෙන හැකියාව සේ ම එවැනි වැරදි කරන පුද්ගලයකුට එතෙර සංචාරයක යෙදිමේ හැකියාව නවලෝක තත්ත්වයන් ඉදිරියේ සීමා වෙමින් තිබෙන බව ඉන් පෙන්නුම් කරයි.

රාජ්‍යයක සිදුවන අපරාධවලට රාජ්‍ය පාලකයා වගකිව යුතු ය. රාජ්‍ය පාලකයන් යහපත් ආණ්ඩුකරණයක් සඳහා මාරුවීම අවශ්‍යවනු ඇත්තේ සමාජ යහපත පිණිස පමණක් නොව ඔවුන්ගේ ද යහපත සඳහා ය.