සිදු වූ මැතිවරණ දූෂණ ඉදිරියේ පාර්ලිමේන්තුව නිහඬ නොවිය යුතුයි

October 29, 2000
Publication:
Although the President pledged to give no posts to anyone involved in electoral fraud or violence, many leading offenders have been rewarded with cabinet posts. The editorial argues that future fraud can be prevented only by punishing past offences, criticises the opposition for staying silent about the organised rigging of the last election, and proposes a parliamentary commission of inquiry to expel the 'rotten eggs' so that their dishonour is not shared by every member.

මැතිවරණ දූෂණ හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ සියලු දෙනා සම්බන්ධයෙන් තමන් දැඩි ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන බවට හා ඒ කිසිවකුට තමන් තනතුරු නොදෙන බවට ජනාධිපතිවරිය සහතික වී ඇතත් ඒ සහතිකයට අනුකූලව කටයුතු සිදු වී ඇති බවක් පෙනෙන්නට නැත. මැතිවරණ දූෂණ හා ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ ප්‍රමුඛ පෙළේ වැඩි දෙනෙකුට කැබිනට් ඇමති තනතුරුවලින් පිදුම් ලැබී ඇති බව ද පැහැදිලිව පෙනීයයි.

පාර්ලිමේන්තුව රටේ තිබෙන උත්තරිතර දේශපාලන ආයතනයයි. මෙවැනි ආයතනයකට පිරිසිදු මහජන ඡන්දයෙන් වෙනුවට බලහත්කාරි මංකොල්ල මගින් නියෝජිතයන් තේරි පත්වේ නම් එය පාර්ලිමේන්තුවේ ගෞරවයට ඉමහත් කැළලක් ඇති කරනවා පමණක් නොව එම තත්ත්වය යටතේ පාර්ලිමේන්තුව මංකොල්ලකරුවන්ගෙන් ද සමන්විත ආයතනයක් ලෙස සලකන තත්ත්වයක් ඇතිවිය හැකි ය.

මතු මැතිවරණවල දි ඇතිවිය හැකි මැතිවරණ දූෂණ වැළකිය හැකි දැඩි නීති රටට අවශ්‍ය වී තිබෙනවා සේ ම පසුගිය මැතිවරණයේ දි ඇති වූ දූෂණ ගැන කරුණු සොයා බලා ඒවාට සම්බන්ධ අයට දඬුවම් ලබාදෙන ක්‍රමයක් ද ඇතිකරගත යුතු ය. මතු ඇතිවිය හැකි වැරදි වළකාගත හැකිවනු ඇත්තේ ඇති වී තිබෙන වැරදිවලට වගකිවයුතු අයට දැඩි ලෙස දඬුවම් පමුණුවන ක්‍රමයක් ඇතිකරගැනීමෙන් පමණ ය.

විරුද්ධ පක්ෂෂ අනාගතයේ ඇතිවිය හැකි ඡන්ද දූෂණ මැඩ පැවැත්වීම සඳහා ක්‍රමවේදයක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවය කෙරෙහි අවධාරණය කර ඇතත් මැතිවරණයේ දි සිදුවූ සංවිධානාත්මක තක්කඩිකම් වලට සම්බන්ධ අය සම්බන්ධයෙන් පමණක් මුළුමණින් නිහඬ ය. සිදු වී ඇති වැරදි මුළුමණින් නොසලකා අනාගතයේ වැරදි ඇතිවීම වළකන ක්‍රමයක් ඇතිකරගත හැකි වේ යයි සිතිය නොහැකි ය.

පාර්ලිමේන්තුව මහජනයාගේ ගෞරවයට හේතුවන ගරු කටයුතු ආයතනයක් ලෙස පවත්වාගෙන යාම අවශ්‍ය වේ නම් පාර්ලිමේන්තුවේ ගෞරවය කෙළසීමට හේතු වී ඇති කුණු බිත්තර ඉවත් කරන ක්‍රමයක් ද සොයාගත යුතු ය. ඒ ගැන පාර්ලිමේන්තුව පත් කරන පරික්ෂෂණ කොමිෂන් සභාවක් මගින් වුවත් සාධාරණ කරුණු සොයා බැලීමක යෙදිය හැකි ය. බරපතල මැතිවරණ දූෂණවලට සම්බන්ධ අය වේ නම් පාර්ලිමේන්තුවෙන් ඔවුන් පළවා හැරිම මගින් පාර්ලිමේන්තුවේ නැති වී තිබෙන ගෞරවය නැවත ඇතිකළ හැකි ය.

එසේ නොවෙතොත් හොඳ බිත්තර අතර තිබෙන කුණු බිත්තර හඳුනාගත නොහැකි තත්ත්වයක් තුළ ඇති වී තිබෙන අගෞරවය සියලු දෙනා අතර බෙදියාමක් ඇතිවීම ද නොවැළැක්විය හැකි ය.මැතිවරණ දූෂණ හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ සියලු දෙනා සම්බන්ධයෙන් තමන් දැඩි ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන බවට හා ඒ කිසිවකුට තමන් තනතුරු නොදෙන බවට ජනාධිපතිවරීය සහතික වී ඇතත් ඒ සහතිකයට අනුකූලව කටයුතු සිදු වී ඇති බවක් පෙනෙන්නට නැත. මැතිවරණ දූෂණ හා ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ ප්‍රමුඛ පෙළේ වැඩි දෙනෙකුට කැබිනට් ඇමති තනතුරුවලින් පිදුම් ලැබී ඇති බව ද පැහැදිලිව පෙනීයයි.