මැතිවරණයක් පැවැත්වෙන අවසාන මොහොත වන තෙක් බලා නොසිට 17 වැනි ව්යවස්ථා සංශෝධනයෙන් නීතිගත කොට තිබෙන ස්වාධීන මැතිවරණ කොමිසම ස්ථාපිත කිරීම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂෂවල වගකීමකි.
17 වැනි ව්යවස්ථා සංශෝධනය නීතිගත කරවා ගැනීමේ කාර්යයේදි ඊට පොදු පෙරමුණු ආණ්ඩුව එකගත්වය ලබාගත් පක්ෂෂය ලෙස ක්රියා කළේ ජනතා විමුක්ති පෙරමුණය. 17 වැනි ව්යවස්ථා සංශෝධනය තමන් විසින් අත්පත්කරදෙන ලද ජයග්රහණයක් බවට ජවිපෙ පුන පුනා කරන ලද ප්රකාශ කිරිම්ද ජනතා විමුක්ති පෙරමුණට සේම මහජනතාවට ද අමතක විය නොහැකිය.
17 වැනි ව්යවස්ථා සංශෝධනය නීතිගත කිරීමට මැදිහත් වූ පක්ෂෂ වශයෙන් ස්වාධීන මැතිවරණ කොමිසම පමණක් නොව අන් ස්වාධීන කොමිෂන් සභා ද ස්ථාපිත කරලීම සඳහා මැදිහත්ව ක්රියා කිරිමේ යුතුකමක් හා වගකීමක් එම පක්ෂෂයට ඇත්තේ ය.
17 වැනි ව්යවස්ථා සංශෝධනයට ඇතුළත් ස්වාධීන කොමිෂන් සභා ඇති කිරිමේ අරමුණ වූයේ ස්වාධීන තත්ත්වයක සිටිය යුතු ආයතනවලට විධායකයට හිතුවක්කාරි ලෙස පටු දේශපාලන අරමුණු අනුව පුද්ගලයින් පත් කිරීමට තිබෙන බලය අහෝසි කිරීමය. ඒ ක්රියාවලිය රටේ පොදු යහපතට හේතු වන ලෙස පවත්වාගෙන යාමය. එහෙත් 17 වැනි ව්යවස්ථා සංශෝධනය නීතිගත කිරිමෙන් පසුත් තමන් අකමැති පුද්ගලයින්ට අනුමැතිය නොදෙන පිළිවෙතක් ජනාධිපතිනිය පවත්වාගෙන යමින් සිටින තත්ත්වයක් තුළ ඒ වැඩ පිළිවෙළ මුළුමනින් බිඳ වැටෙන තත්ත්වයක් ඇති වී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ නොදන්නවා විය නොහැකිය. එහෙත් ඒ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ මුළුමනින් නිහඬය.
ජනාධිපතිනිය විසින් අනුගමනය කළ යුතුව තිබෙන්නේ කොමිෂන් සභා කරන නිර්දේශ පිළිගෙන ඒවාට අනුමැතිය දෙන ප්රතිපත්තියකි. ඒ වෙනුවට කොමිෂන් සභා විසින් ඉදිරිපත් කෙරෙන නිර්දේශ පටු දේශපාලන කෝණයකින් බලා ඒවාට අනුමැතිය නොදෙමින් ඒවා කඩාකප්පල් කරන පිළිවෙතක් මගින් ජනාධිපතිනිය කරමින් සිටින්නේ ආණ්ඩුක්රම ව්යවස්ථාව උල්ලංණය කිරීමකි.
ජනාධිපතිනිය අනුගමනය කරමින් තිබෙන මෙම දරදඬු ප්රතිපත්තිය ස්වාධීන කොමිෂන් සභා ක්රමය තේරුමක් නැති දෙයක් බවට පත් කිරීමට හේතු වී තිබේ.
ඉක්මන් මැතිවරණයක් ගැන වැඩියෙන්ම කතා කරන පක්ෂෂය බවට පත් වී සිටින්නේ ද ජනතා විමුක්ති පෙරමුණයි. මැතිවරණයකට පෙර ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව ස්ථාපිත කිරීම වැදගත් දෙයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණට නොපෙනෙන්නේ ඇයි?
දෑන් ජනාධිපතිනිය සමග ඇති කරගෙන තිබෙන යාළු කම ඔස්සේ එම ස්වාධීන කොමිෂන් සභා වැඩ පිළිවෙළ යථාර්ථයක් බවට පත් කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වී ක්රියා කරන ප්රතිපත්තියක් අනුගමනය නොකරන්නේ ඇයි.
පොදු පෙරමුණ සමග සන්ධානගතවෙමින් සිටින තත්ත්වයක් යටතේ පොදු පෙරමුණ විසින් වයඹදි ක්රියාවට නගන ලද ආකාරයේ මෙහෙයුමක් මව්බිමේ ආරක්ෂෂාව සඳහා ක්රියාවට නැංවීමේ වරදක් නැතැයි ජවිපෙ සිතන නිසාද?