මර්වින් සිල්වා හා අධිකරණය

October 29, 2026
Publication:
People:
A charge against the minister was amended, he pleaded guilty to the amended version and was ordered to pay 2,500 rupees in state costs. Ivan sets out what the original charge was — a false signature on a cheque drawn on his own current account — and asks whether the policy the court followed for a member of parliament is the policy it follows for ordinary people.

ර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද කැබිනට් නොවන ඇමතිවරයෙකු ද වූ මර්වින් සිල්වා මහතාට එරෙහිව මහාධිකරණයේ ඇසුණු නඩුවක දී ඔහුට එරෙහිව ඉදිරිපත් කර තිබූ චෝදනා සංශෝධනය කිරීමෙන් පසුව වගඋත්තරකාර මන්ත්‍රීවරයා චෝදනාවලට වරද පිළිගැනීමෙන් පසුව රජයේ ගාස්තු වශයෙන් රුපියල් 2500ක් නියම කෙරුණු බව ජනමධ්‍ය වාර්තා කර තිබුණි.

මෙම මන්ත්‍රීවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබූ අධි චෝදනාව වූයේ 1994 ජූලි මස 8 වැනිදා හෝ ඊට ආසන්න දිනක මොහොමඩ් කසීම් නමැත්තාට අයත් කොළඹ, පාර්ක් පෙදෙසේ අංක 296/7 දරන නිවසට අදාළ බදු ගිවිසුමක් වෙනුවෙන් හැටන් නැෂනල් බැංකුවේ කෝට්ටේ ශාඛාවේ මර්වින් සිල්වා නමින් පවත්වාගෙන යන අංක 02443019 දරන ජංගම ගිණුමට අදාළව ඒ මහතා විසින් බැංකුවට දන්වා ඇති සුපුරුදු අත්සන වෙනුවට වෙනත් අත්සනක් යෙදූ චෙක්පතක් මොහොමඩ් පලුල් නමැත්තාට ලබාදී ඇති බවත්, එම චෙක්පත අගරු වන බව දැන දැනම එම ව්‍යාජ අත්සන යොදා තිබූ බවත්ය.

ඒ අනුව ඒ මහතාට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර තිබුණේ වංචා චෝදනාවකි. එම වංචා චෝදනාව සාපරාධී පරීක්ෂණයක් ලෙස සංශෝධනය කිරීමෙන් පසු මන්ත්‍රීවරයා වරද පිළිගත්තේ ය. ඉන්පසු රුපියල් 2500 රජයේ ගාස්තුවක් ගෙවන ලෙස විනිසුරුවරයා විසින් නියම කළේ ය.

මෙය බැලූ බැල්මට කුහුලක් ඇති කිරීමට හේතු වේ. යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය යුක්තිසහගත ලෙස සිදුවන බව පෙනෙන්නට ද තිබිය යුතු ය.

මහේස්ත්‍රාත් අධිකරණයක සිදු කෙරෙන මූලික පරීක්ෂණයකින් පසුව මෙවැනි නඩුවක් ඉහළ අධිකරණයකට යවන්නේ මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කළ හැකි දඬුවම වරදේ ප්‍රමාණයට තරම් නොවන නිසා වඩා වැඩි දඬුවම් ලබාදීම සඳහාය. එවැනි නඩුවලදී අධි චෝදනා ඉදිරිපත් කරනු ලබන්නේ නීතිපති දෙපාර්තමේන්තුව විසිනි.

ඇත්තට ම මේ සිද්ධියේ දී වංචාවක් සිදුවී ඇති බව නිගමනය කළේ ද නීතිපති දෙපාර්තමේන්තුව ය. චෙක්පතකින් කෙරෙන ගනුදෙනුවක දී චෙක්පත්වලට යොදන තමාගේ සුපුරුදු අත්සන නොයොදා චෙක්පත මාරු කළ නොහැකි ආකාරයට ව්‍යාජ අත්සනක් යෙදීම වංචාවකි. ඇත්තටම එවැනි වංචාවක් සිදුවී තිබේ නම් සාපරාධී පරිහරණ චෝදනාවකට එය වෙනස් කළ හැකි ය.

මෙම මන්ත්‍රීවරයා අසාධාරණ ලෙස අමාරුවේ දැමීමේ අරමුණින් මෙම නඩුව පැවරුවේදැයි අපි නො දනිමු. එවැන්නක් සිදුවී නම් ඊට ද වගකිවයුත්තේ නීතිපති දෙපාර්තමේන්තුවයි. ඇත්තටම එවැනි වංචාවක් සිදුවී මන්ත්‍රීවරයා ආරක්ෂා කරගැනීමේ අරමුණින් චෝදනා සංශෝධනය කළේ නම් එය ද නීතිපති දෙපාර්තමේන්තුව කර තිබෙ බරපතළ වරදක් ලෙස සැලකිය හැකි ය.

මෙවැනි චෙක්පත් වංචා වැරදිවලට වරදකරුවන් වූ අය කොපමණ සංඛ්‍යාවකට මේ දක්වා අධිකරණය විසින් සිරදඬුවම් ලබාදී තිබේද? නීතිය පසිඳලීමේදී සාමාන්‍ය මිනිසුන්ට එක හැන්දකිනුත්, මහජන මන්ත්‍රීවරුන් වැනි විශේෂ මිනිසුන්ට තවත් හැන්දකිනුත් බෙදන ක්‍රමයක් සාර්ථක විය හැක්කේ කෙසේ ද?

සමස්ත චිත්‍රය නොපෙනුණ නිසා අප කියන දේ සමහරවිට වැරදි විය හැකි ය. එහෙත් බැලූ බැල්මට පෙනේනේ මන්ත්‍රීවරයාගේ මන්ත්‍රීකම ආරක්ෂා කරදීම සඳහා එවැනි තීන්දුවක් දී ඇති බව ය.

මෙවැනි වැරදිවලදී මහජන මන්ත්‍රීවරුන් වැනි දේශපාලකයින් සම්බන්ධයෙන් අධිකරණය අනුගමනය කළ ප්‍රතිපත්තිය සාමාන්‍ය මිනිසුන් සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තියටත් වඩා දැඩි විය යුතු ය. •