පොලිසිය ආණ්ඩුවේ දේශපාලන අතකොලුවක් නොවිය යුතු ය

August 27, 2000
Publication:
The editorial condemns the removal from Kandy of Deputy Inspector General Sirisena Herath after he clashed with General Anuruddha Ratwatte's son during a violent, corrupt election in the district, followed by the transfer of a superintendent and six officers of his special unit to operational areas. It says police across the country serve local politicians and calls for an independent police commission.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදි මහනුවර දිස්ත්‍රික්කයේ පැවති මැතිවරණය ඉතාමත් ප්‍රචණ්ඩ හා දූෂිත ආකාරයකින් පැවති මැතිවරණයක් වූ අතර, එහිදී ජනරාල් අනුරුද්ධ රත්වත්ත මහතාගේ පුතා සමග ගැටුමක් ඇති කරගත් නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් මහතා මැතිවරණයෙන් පසුව වහාම මහනුවරින් පළවා හරිනු ලැබී ය. එම ක්‍රියාවලිය එතනින් අවසන් නොවී, දැන් ඒ මහතාගේ අධීක්ෂණය යටතේ පැවති විශේෂ පොලිස් ඒකකයට අනුයුක්තව සිටි එම ඒකකය බාරව ක්‍රියා කළ පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු පොලිස් නිලධාරින් හත්දෙනකු ද වහාම ක්‍රියාත්මක වන පරීදි ක්‍රියාන්විත ප්‍රදේශවලට මාරු කර යවා තිබේ. මෙය ඉතාමත් නින්දාසහගත තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත. මෙය මහනුවරට පමණක් විශේෂිත තත්ත්වයක් නොව, මුළු රට පුරාම දක්නට ලැබෙන තත්ත්වයකි. බොහෝ ප්‍රදේශවල පොලිස් නිලධාරින්ට ක්‍රියාකරන්නට සිදුවී ඇත්තේ ප්‍රදේශයේ දේශපාලකයන්ගේ සිතැගියාවන්ට අනුකූලව ය.

මේ නින්දාසහගත තත්ත්වයෙහි වෙනසක් ඇති කළ හැකිවනු ඇත්තේ දේශපාලනඥයන්ට පොලිසියට අයථා ලෙස ඇගිලි ගැසීමට ඉඩක් නොලැබෙන ආකාරයට පොලිසිය ද ස්වාධීන පොලිස් කොමිසමක් යටතට පත්කිරිමෙන් පමණ ය. විධායකයේ අනිසි ඇගිලි ගැසීම්වලින් තොර, කාර්යක්ෂම හා විනීත පොලිස් සේවාවක් සඳහා එවැනි ආයතන ක්‍රමයක් ඇතිකර ගැනීම අත්‍යවශ්‍ය ය.