ජයේ දේපල විකිණීමෙන් හා බදුදීමෙන් ලබා ගත හැකි නියම ආදායම මහාභාණ්ඩාගාරයට නොලැබී දේශපාලන තන්ත්‍රයට සම්බන්ධ පුද්ගලයින් හෝ ඔවුන්ගේ සමීප ආධාරකරුවන් අතට පත්වීම අප රට මුහුණ දී තිබෙන ලොකුම අභියෝගයක් ලෙස සැලකිය හැකි ය. රාජ්‍ය පවත්වා ගෙන යා යුතු අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, මහජන ප්‍රවාහන සේවා නවීන කිරීමට හෝ කාර්යක්ෂම කිරීමට අවශ්‍ය තරම් අරමුදල් නැතිකමේ ප්‍රශ්නයක් දැන් දීර්ඝ කාලයක සිට රටේ පවතී. ඒ සමග බලවත් මහජන සේවාවන් කාර්යක්ෂමව නඩත්තු කිරීමට හා නවීන කිරීමට අවශ්‍ය වියදමට සමාන තරම් මුදලක් දේශපාලන තන්ත්‍රයට අයත් දේශපාලකයන් අතට හෝ ඔවුන්ගේ ගජමිතුරන් අතට පත්වීමේ ක්‍රමයක්ද දැන් දීර්ග කාලයක් තිස්සේ රටේ ක්‍රියාත්මක වේ.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමසම යටතේ ඇති ඉඩම් තරගකාරී පදනමකින් තොරව නාමිකව බදුදෙන ක්‍රමයක් රටේ ක්‍රියාත්මක වේ. මෙම ඉඩම් විවෘත වෙළඳ පොළේ තරගකාරී මිලකට විකිණීම හෝ බදු දීම සිදු කළ හැකිය. ඒ මගින් අති විශාල ආදායමක් ඉපයිය හැකි ය. ඒ වෙනුවට දැන් සිදුවන්නේ අතයට දේශපාලන හෙංචයියලාට බදු දෙන ක්‍රමයකි. ඒ ආකාරය මෙම ඉඩම් පවරා දෙන මිල පර්චසය සඳහා රුපියල් 100ටත් අඩුය. ජේ.ආර්. ජයවර්ධන යුගයෙන් ආරම්භ වී මේ දක්වා ක්‍රියාත්මක වන මේ ක්‍රමය යටතේ රාජ්‍ය නායකයින්ගේ සිට මැති ඇමතිවරුන්ට, ආණ්ඩුවේ ගජමිතුරන්ටද අත්පත්කර ගෙන තිබෙන ඉඩම් ප්‍රමාණය අක්කර ලක්ෂයකටත් වැඩිය. එම ඉඩම්වල ඇත්ත වටිනාකම පර්චසයක් සඳහා රුපියල් 1000 ක් ලෙස සැලකුවත් මේ ක්‍රමයෙන් මහාභාණ්ඩාගාරයට නැති වී ඇති ආදායම රුපියල් දසලක්ෂ 16000 කි. ඉංග්‍රීසි යුගයේ දී ද වතුවගාව සඳහා අවශ්‍ය ඉඩම් විකුණුවේය. එහෙත් එය සිදුවූයේ අත යට නොව ප්‍රසිද්ධ වෙන්දේසියේ ය. ඉඩම් විකිණීමෙන් උපයන ලද ආදායම මහා මාර්ග ඉදිකිරීම සඳහා යොදා ගත්තේය.
වෙළෙඳ වටිනාකමක් ඇති බලපත්‍ර සඳහා රටේ අනුගමනය කෙරෙමින් තිබෙන ප්‍රතිපත්තියද මීට සමානය. මත්පැන් බලපත්‍ර විවෘත වෙළෙඳපොළේ විකිණීමට හැකිය. ඒ මගින් අති විශාල ආදායමක් ඉපයිය හැකිය. එහෙත් මත් පැන් බලපත්‍ර ලබා දෙන්නේ නාමික මිලකට රහසේ තෝරාගත් ගජ මිතුරන්ටය. අතයට බලපත්‍රය ලබාගත් ගජ මිතුරා ව්‍යාපාරිකයෙකුට එය විකුණා විශාල මිලක් ලබා ගනී. මගී ප්‍රවාහනය සඳහා නිකුත් කෙරෙන මාර්ග බලපත්‍ර ද විවෘත වෙළෙඳපොළේ විකිණිය හැකි ය. එහෙත් සිදුවන්නේ රහසේ හෙන්චයින්ට බලපත්‍ර ලබාදෙන ක්‍රමයයි. බලපත්‍ර ලබා ගන්නා හෙන්චයියන් ඒවා විශාල මිලකට විකුණා තමන්ගේ සාක්කුවේ ලා ගනී. ගුවන් විදුලි හා රූපවාහිනි විකාශන බලපත්‍ර ලබාදෙන්නේ ද මේ හා සමාන ක්‍රමයකටය.
මහා භාණ්ඩාගාරයට ලැබිය යුතු අරමුදල් අහිමි කොට දේශපාලන තන්ත්‍රයක හා ගජ මිතුරන් තර කරන මෙම වැරදි අශෝභන ක්‍රමය අත්හිටුවීමත් හා රජයේ ඉඩම් හා දේපල විවෘත වෙළෙඳ පොළේ තරගකාරී ක්‍රමයකට විකුණන ක්‍රමයක් ඇති කිරීමෙන් පමණක් රජය පවත්වා ගෙන යා යුතු මහජන සේවාවන් කාර්යක්ෂමව පවත්වාගෙන යාම හා නවීන කිරීමට අවශ්‍ය අරමුදල් සොයා ගත හැකි ය. එහෙත් මහජන බලකිරීමකින් තොරව එවැනි ක්‍රමයකට දේශපාලනකයන් සිය කැමැත්තෙන් මාරුවනු ඇතැයිද සිතිය නොහැකි ය. •