සිහින ලෝකයෙන් අත් මිදි යථාර්ථය දැකීමේ අවශ්යතාව
ආණ්ඩු කරනු ලබන්නේ පුවත්පත් විසින් නොව දේශපාලකයින් විසිනි. පුවත්පත්වලට කළහැක්කේ රටේ පවතින ඇත්ත තත්ත්වය ඔවුන්ට ද මහජනතාවට ද දැනගන්නට සැලස්වීම පමණය. හරි තීන්දු ගැනීමේ වගකීම ඇත්තේ ඔවුන්ටය.
විපතට පත්ව සිටින සියලු දෙනා හොඳින් රැකබලා ගනිමින් ඔවුන්ගේ ජීවිත නගා සිටුවීම පිණිස ඔවුන්ට අතදිම ආණ්ඩුවේ ද විපක්ෂෂයේද මහජනයාගේද වගකීමකි. සුනාමියෙන් විපතට පත්ව සිටින අයගේ ප්රමාණය දශ ලක්ෂෂයක් තරම් විශාල වන නිසාම මෙය රටට සිදුවී තිබෙන විශාල විපතක් ලෙස සලකා ඊට ගැළපෙන විශාල ප්රමාණයේ සහන හා පුනරුත්ථාපන වැඩපිළිවෙළක් ක්රියාවට නැගීමේ අභියෝගයක් රට හමුවේ පවතී.
විපතට පත්ව සිටින සියලු දෙනා අතරින් පළමු හා වැඩිම අවධානය යොමුවිය යුතුව තිබෙන්නේ දෙමාපියන් අහිමිව සිටින කුඩා දරුවන් කෙරෙහිය. අසරණයින් අතර සිටින අසරණම පිරිස ඔවුන්ය. ඔවුන් පරිවාස හා ළමා ආරක්ෂෂක දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යන ළමා නිවාසවලට බාරදිමෙන් ඔවුන්ගේ ප්රශ්නය අවසන් නොවන බව අමතක නොකළ යුතුය.
අනාථ ළමයින් සඳහා ශ්රී ලංකාව පවත්වාගෙන යන පිළිවෙත ශිෂ්ට සම්පන්න නැත. එවැනි දරුවකු නඩත්තු කිරීම වෙනුවෙන් ආණ්ඩුව වැය කරන්නේ මසකට රුපියල් 300 ක් තරම් මුදලකි. එවිට දිනකට ළමයෙකු සඳහා රුපියල් 10 කි.
හැම ළමා නිවාසයක්ම හිගාකන ආයතන ක්රමයක් බවට පත්ව ඇත්තේ මෙතෙක් බලයට පැමිණි හැම ආණ්ඩුවක් විසින්ම පවත්වාගෙන යන එම හිත ්පිත් නැති අසාධාරණ පිළිවෙත නිසාය. හැම ළමා නිවාසයක්ම ජීවත්වන්නේ මහජනයාගෙන් ලැබෙන දානවලිනි. ඒ මගින් මේ කුඩා දරුවන් පුළන්නන් පිරිසක් බවට පත්කර ඇත්තේය. දාන රැගෙන එන අය පිළිගැනීමට, ස්තූති කථා කිරීමට හා ඔවුන් පිනවීමට සිංදු කීමට මෙම ළමයින් පුරුදු පුහුණු කර තිබෙන අතර හැම ළමා නිවාසයකම මෙම යාන්ත්රික ක්රියාවලිය ඒකාකාර ස්වරූපයකින් ක්රියාත්මකවන ආකාරයක් ද දැකිය හැකිය. මෙම අශිෂ්ට තත්ත්වයේ වහා වෙනසක් ඇති කිරීමට මෙය අවස්ථාවක් කරගත යුතුය.
අනාථ භාවයට පත්ව සිටින සෙසු අයට වියළි ආහාර ලබාදිමෙන් පමණක් ඔවුන්ගේ ඒ මොහොතේ ජීවන අවශ්යතාවන් පවා සම්පූර්ණ නොවන බව තේරුම්ගත යුතුය. හැම කඳවුරකටම ප්රමාණවත් තරම් වැසිකිළි තිබිය යුතුය. ප්රමාණවත් තරම් ජලය ලබාදෙන තත්ත්වයක් තිබිය යුතුය. ඔවුන්ට අත්යාවශ්ය සමහර දේවල් මිලදි ගන්නට අවශ්ය මුදල් ප්රමාණයක් ඔවුන්ගේ අත්වලට ලබාදිය යුතුය.
අප ඔබ සියලු දෙනාට නිවාස ඉදිකරන තෙක් කඳවුරුවලට වී සමාදානයෙන් ඉන්නැයි කියන ප්රතිපත්තියක් රටට උචිත නැත. ඔවුන්ට තමන්ගේ උත්සාහයෙන්ම නැගී සිටීමට අවශ්ය අනුබල දෙන ප්රතිපත්තියක් අනුගමනය කළ යුතුය.
ආණ්ඩුව ඇතිකර තිබෙන මීටර 100 සීමාව ඔවුන්ට ස්වශක්තියෙන් නැගී සිටීමට තිබෙන හැකියාව සීමා කොට ඔවුන්ගේ අනාථ භාවය ගල් ගැසුණු තත්ත්වයකට පත් කිරීමට හේතු වී තිබේ. ඇතිකර තිබෙන එම සීමාව අහෝසි කොට සින්නක්කර ඉඩම් ඇති අයට තමන්ගේ එම ඉඩම්වල නිවාස තනා ගැනීමට හා එම ඉඩම්වල පදිංචිවීමට කැමති නැති අය වේ නම් තමන්ගේ එම ඉඩම් විකුණාගෙන තමන් කැමති වෙනත් තැනකින් ඉඩමක් මිලදි ගෙන නිවාස තනාගැනීමට අනුබල දෙන ප්රතිපත්තියක් අනුගමනය කළ යුතුය. නිවාස තනාගැනීමට නියමිත ආධාර ලබාදෙනවාට අතිරේකව ඔවුන්ට අඩු පොලියට නිවාස ලබාදෙන ක්රමයක් වහා ඇතිකළ යුතුය. බිඳ වැටී තිබෙන නිවාස නැවත ගොඩනගන ක්රියාවලියක් පමණක් එම ප්රදේශවල බිඳ වැටී තිබෙන ආර්ථික ක්රියාකාරිත්වය පණ ගැන්වීමට හේතු වේ. ඒ මගින් අනාථභාවයට පත්ව සිටින අයගේ විරැකියාව ද තුරන් කළ හැකිය.
බිඳ වැටී තිබෙන කඩ සාප්පු හා කුඩා ව්යාපාරිකයින්ට සිය ව්යාපාරික කටයුතු ආරම්භ කිරීමට උපරිම ලෙස අධාර කරන ප්රතිපත්තියටකට යා යුතුය. ප්රතිසංස්කරණය කළහැකි තත්ත්වයක තිබෙන ධීවර බෝට්ටු ප්රතිසංස්කරණය කිරීම සඳහා කඩිනම් වැඩ පිළිවෙළක් යොදන අතර හානි නොවූ බෝට්ටු ඇති ධීවරයින්ට ඔවුන්ගේ පැරණි ධීවර ජීවිතය ආරම්භ කිරීමට අවශ්ය අයිස්, දැල්, ඉන්ධන වැනි දේවල්