කියුබෙක් වලින් ශ්‍රී ලංකාවට උගත හැකි පාඩම්

October 29, 2026
Publication:
The causes of the Tamil crisis in the north and east and of the French-speaking crisis in Quebec are much the same — language and culture — but the way each people fights for its rights, and the way each central government manages the quarrel, are as far apart as earth and sky. Ivan sets out what Canada provides its citizens, free schooling and free hospitals among them, and what Sri Lanka provides instead.

ලංකාවේ උතුරු නැගෙනහිර දෙමළ අර්බුදය කෙරෙහි බලපා තිබෙන හේතුත් උතුරු කැනඩාවේ කියුබෙක් හි ජීවත් වන ප්‍රංශ කතාකරන ජනතාව අතර පවතින අර්බුදය කෙරෙහිත් බලපා තිබෙන හේතුත් බොහෝ දුරට එක සමානය. මෙම අර්බුද දෙකම කෙරෙහි බලපා තිබෙන්නේ භාෂාව හා සංස්කෘතිය පදනම් කරගත් කාරණාය. එහෙත් කියුබෙක් ජනතාව සිය අයිතිවාසිකම් දිනාගැනීම සඳහා සටන් කරන ආකාරයත් උතුරු නැගෙනහිර දෙමළ ජනයා සිය අයිතිවාසිකම් දිනාගැනීම සඳහා සටන් කරන ආකාරයත් අතර පවත්නා වෙනස අහසට පොළොව මෙන් දුරස්ථය. අනෙක් අතට කියුබෙක් අර්බුදය කළමනාකරණය කිරීමට කැනඩාවේ මධ්‍යම ආණ්ඩුව අනුගමනය කරන පිළිවෙතත් ශ්‍රී ලංකා ආණ්ඩුව දෙමළ අර්බුදය කළමනාකරණය කිරීමට අනුගමනය කරන පිළිවෙත අතරත් අහසට පොළොව මෙන් පරතරයක් පවතී. සන්නද්ධ අරගලයකින් තොරව සුළුතර ජනතාවට සිය අයිතිවාසිකම් දිනාගත හැකි සාමකාමී මාර්. ඇති බව කියුබෙක් ජනතාව අපට කියා දෙයි.

කියුබෙක් අරගලයද මතු පිටින් බලන විට පෙනෙන්නේ කියුබෙක්වල ජීවත්වන ප්‍රංශ කතාකරන ජනතාව කැනඩාවෙන් වෙන්වීමට දරන දඩබ්බර උත්සාහයක් ලෙසය. මේ මොහොත වන විටත් කියුබෙක් ප්‍රාන්තය තවදුරටත් කැනඩාව සමඟ එකට සිටිය යුතුද? නැතිනම් වෙන්විය යුතුද යන්නගැන එහි ජනමත විචාරණය පැවැත්වෙමින් පවතී. මීට පෙර 1980 දී ද ඊට පසු 1995 දී ද එවැනි ජනමත විචාරණ දෙකක් පැවතුණි. 1980 පැවති ජනමත විචාරණයේ ප්‍රතිඵලය වුණේ එකට සිටිය යුතුයි කියන මතයට පක්ෂව ඡන්ද 59.56% ක් ද වෙන්විය යුතුයි කියන මතයට 40.44% ක් ද ලැබීමය. එහෙත් 1995 ජනමත විචාරණය ළඟ ළඟ තරගයක් විය. එකට සිටිය යුතුයි කියන මතයට ඡන්ද 50.58% ක් ලැබෙන විට වෙන් විය යුතුයි කියන මතයට ලැබුණු ඡන්ද අනුපාතය 49.42% කි. එම ප්‍රතිඵලය මුළු කැනඩාවම විශ්මයට පත් කිරීමට හේතුවිය. හැම ප්‍රාන්තයකින්ම දස දහස්ගණන් ජනයා කියුබෙක්වලට එමින් ඔවුන්ගේගැටලු විසඳාගැනීමට තමන්ද ආධාර කරන බවට ප්‍රතිඥා පළ කෙළේය. ඒ සමඟ කියුබෙක් ඉල්ලීම් කෙරෙහි වඩා සංවේදනශීලී ආකල්පයකින් ක්‍රියාකරන තැනට ෆෙඩරල් ආණ්ඩුව තල්ලු විය. දැන් පැවැත්වෙන ජනමත විචාරණයෙන්ද එකට සිටිය යුතුයි කියන මතය වඩා විශාල ඡන්ද ප්‍රමාණයකින් අනුමත වනු නොඅනුමානය. කියුබෙක් ජනතාව තවමත් මුළුමනින් තෘප්තිමත් නැත. එහෙත් වෙන් වෙන්ව හිතන තරමටම අතෘප්තියක්ද නැත. කියුබෙක්වල ජීවත්වන ප්‍රංශ කතා කරන ජනයාගේ අවංක අභිලාෂය වී ඇත්තේ රටේ එක්සත්කමට හානියක් නොවන ලෙස උපරිම සමාජ තත්ත්වයක් දිනා.ැනීමය. ඔවුන් තමන්ගේ රටට වෙනම හමුදාවක් හෝ තමන්ට පමණක් සීමා වූ අධිකරණ පද්ධතියක් හෝ මුදල් ක්‍රමයක් ඉල්ලා සිටින්නේ නැත. ඔවුන් ඉල්ලා සිටින්නේ සිය ප්‍රංශ අනන්‍යතාව උපරිම ලෙස ආරක්ෂා කරගැනීමට හේතුවන ඉල්ලීම් පමණය.

කැනඩාවේ මුළු ජනගහණය මිලියන 27 කි. ඉන් මිලියන 19 ක් ඉංග්‍රීසි භාෂාවද, මිලියන 07 ක් ප්‍රංශ භාෂාවද තවත් මිලියනයක් පමණ ආදිවාසින්ගේ භාෂාවද කතා කරති. ඉංග්‍රීසි භාෂාව කතා කරන ජනතාව ක්‍රිස්තියානි රෙපරමාදු ආගම අදහන විට ප්‍රංශ කතා කරන ජනයා අදහන්නේ කතෝලික ආ.මය. ඔවුන්ගේ ආගම කතෝලික වුවත් කියුබෙක් ජනතාව ඉතාමත් නිදහස්කාමී ජනතාවක් ලෙස හැඳින්විය හැකිය. ඔවුන් කතෝලික පල්ලියේ ආධිපත්‍යයට විරුද්ධය. 1960 දී කතෝලික පල්ලියේ පාලනය යටතේ තිබුණු අධ්‍යාපන ක්‍රමයද අරෝග්‍යශාලා ක්‍රමයද රජයට පවරා.ත්තේය. එය මහජන ආශිර්වාදය ඇතිව ක්‍රියාවට නගන ලද ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලක් වන අතර කියුබෙක් ජන ජීවිතය කෙරෙහි අති විශාල බලපෑමක් ඇති කළ එම ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙල සැලකෙන්නේ කියුබෙක්වල ඇති වූ නිහඬ විප්ලවය ලෙසය. වර්තමානයේ කියුබෙක්වල රජයේ වියදමෙන් පවත්වාගෙන යන ඉතාම දියුණු පාසල් පද්ධතියක් තිබෙන අතර රජයේ වියදමෙන් පවත්වාගෙන යන ඉතාමත් නවීන හා දියුණු අරෝග්‍යශාලා පද්ධතියක්ද පවතී. රජයේ පාසල් අධ්‍යාපනය සඳහා හා රජයේ ආරෝග්‍ය ශාලා සඳහා මිලක් අය නොකරයි. ශ්‍රී ලංකාවේ මෙන් හෘද රෝ. හා වකුගඩු රෝ. වැනි සැත්කම් සඳහා ජනාධිපති අරමුදලෙන් හිඟා කෑමේ අවශ්‍යතාවක් එරට ජනතාවට නැත. ඊටත් වඩා සංකීර්ණ සැත්කමක් වුවද නොමිලේ රජයේ ආරෝග්‍ය ශාලා මගින් කරවාගත හැකිය. එය කියුබෙක්වලට පමණක් නොව මුළු කැනඩාවටම පොදු ලක්ෂණයකි.

කියුබෙක්වලට ප්‍රංශ ජන කණ්ඩායමක් ප්‍රථම වරට සංක්‍රමණය වන්නේ 1534 දීය. කියුබෙක් ප්‍රාන්තය ප්‍රංශ කොලනියක් බවට පත්වන්නේ 1663 දීය. 1756 දී බ්‍රිතාන්‍ය හමුදා කියුබෙක් ප්‍රාන්තය ආක්‍රමණය කළේය. 1763 දී බ්‍රිතාන්‍යයත්, ප්‍රංශයත් අතර ඇති කර.ත්.ිවිසුමක් මගින් කියුබෙක් අයිතිය බ්‍රිතාන්‍යයට හිමිවිය. 1774 දී පනවන ලද රාජ නියෝගයක් මගින් කියුබෙක්වල ජීවත්වන ප්‍රංශ කතාකරන ජනතාවට ප්‍රංශ භාෂාව කතාකිරීමේ හා කතෝලික ආගම ඇදහීමේ අයිතිය ලබාදෙන ලදී. 1791 දී ඉහළ කැනඩාව හා පහළ කැනඩාව ලෙස කැනඩාව ප්‍රාන්ත දෙකකට වෙන් කරන ලදි.

පහළ කැනඩාව ලෙස සැලකුනේ කියුබෙක් ප්‍රාන්තයයි. 1867 දී ඇතිකරගන්නා ලද ව්‍යවස්ථාවක් මගින් කැනඩාව ප්‍රාන්ත හතරකට බෙදා පෙඩරේෂනයක් බවට පත් කරන ලද අතර කියුබෙක් ප්‍රාන්තයද එම ප්‍රාන්ත හතරෙන් එකක් විය. කියුබෙක් ව්‍යවස්ථාව අනුව ඉංග්‍රීසි භාෂාව හා ප්‍රංශ භාෂාව රාජ්‍ය භාෂා වන මුත් කියුබෙක් ආණ්ඩුව 1994 දී ප්‍රංශ භාෂාව කියුබෙක් ප්‍රාන්තයේ රාජ්‍ය භාෂාව බවට පත් කරගන්නා ලදී. වර්තමානයේ කියුබෙක් ප්‍රාන්ත රාජ්‍යයේ රජයේ සියලු කටයුතු සිදුවන්නේ ප්‍රංශ භාෂාවෙනි. එහෙත් එහි ජීවත්වන ඉංග්‍රීසි භාෂාවෙන් කතාකරන ජනයාට අපහසුවෙන් තොරව සිය කටයුතු ඉංග්‍රීසි භාෂාවෙන් කරගෙන යාමට අවශ්‍ය සියලු පහසුකම් ලබා දී තිබේ.

කියුබෙක් ප්‍රාන්ත ආණ්ඩුව හා කැනේඩියානු පෙඩරල් ආණ්ඩුව අතර එකඟතාවන් සේමගැටලුද පවතී. එහෙත් දෙපාර්ශ්වයමගනුදෙනු කරන්නේ එකිනෙකා කෙරෙහි ඇති කරගත් ගෞරවයකිනි. කියුබෙක් ජනතාව වඩා විශාල සමාජ තත්ත්වයක් දිනාගැනීම සඳහා වසර සියගණනක් සටන් කළේය. ඒ සටන තවමත් නිමා වී නැත. එහෙත් ඔවුන් සටන් කරන්නේ ආයුධවලින් නොව ව්‍යවස්ථානුකූල මාර්.වලිනි. ඒ අරගලය තුළ වාදයන් මිස ලේ හැලීමක් නැත. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සේම ප්‍රභාකරන්ටද ආයුධ සන්නද්ධ අරගලයකින් තොරව සිය අයිතිවාසිකම් දිනාගන්නේ කෙසේද යන්න කියුබෙක්වලින් උගත හැකිය. අයිතිවාසිකම් දිනාගැනීම සඳහා කරන අරගලයක් ප්‍රචණ්ඩ වන විට රජයද එය මර්දනය කිරීම සඳහා ප්‍රචණ්ඩ මගකට යොමුවේ. එවිට රජය පරාජය කිරීම සඳහා වඩා විශාල ප්‍රචණ්ඩත්වයක් මුදා හැරීමට එම ව්‍යාපාරයට සිදුවන අතර රජයටද එම වැඩ පිළිවෙල පරාජය කිරීම සඳහා ඊටත් වඩා විශාල ප්‍රචණ්ඩත්වයක් මුදාහැරීමට සිදුවන තත්ත්වයක් තුළ සමස්ත සමාජයම ප්‍රචණ්ඩත්වයේ විෂම චක්‍රයක ගොදුරක් බවට පත්වන්නේය. දැන් ශ්‍රී ලංකාවේ සිදු වී තිබෙන්නේද එයයි. •