කබරගොයා තලගොයා කරගැනීම

December 26, 2004
Publication:
A short note on the JVP: Wimal Weerawansa and his colleagues, who saw the Chief Justice as a demon while in opposition, have become his best guardians, and the party's change on these two basic issues suggests more changes to come.

අර්බුදයේදි ජනතා විමුක්ති පෙරමුණේ හැසිරිම කවර ආකාරයකින්වත් ප්‍රතිපත්තිගරුක වේ යැයි කිව නොහැකිය. ජනතා විමුක්ති පෙරමුණේ විමල් වීරවංශලා ප්‍රතිපත්තිකගරුක භාවය අත්හළ යුතු සීලයක් ලෙස සලකා ක්‍රියාකරමින් සිටින බව දැකිය හැකිය.

මේ මොහොතේ අගවිනිසුරුවරයාගේ හොඳම රැකවල් දූතයන් වී සිටිනුයේ විමල් වීරවංශලාය. එහෙත් ඔවුන්ට ද විපක්ෂයේ සිටියදි අගවිනිසුරු පෙනුණේ යක්ෂයෙකු ලෙසය. ඔවුන් ප්‍රතිපත්තිගරුක දේශපාලනයක නිරත වන ව්‍යාපාරයක් වී නම් එක්කෝ ඔවුන් සන්ධාන ආණ්ඩුවට ආධාර කළ යුතුව තිබුණේ අගවිනිසුරු ධුරය දරන පුද්ගලයා එම තනතුරෙන් ඉවත් කළ යුතුයැයි කියන මතයේද පිහිටාය. නැතිනම් අගවිනිසුරුට එරෙහිව තමන් අත්සන් කළ දෝෂාභියෝගය ගැන ප්‍රසිද්ධියේ සමාව ප්‍රකාශ කළ යුතුව තිබුණි.

බලහත්කාරි ව්‍යවස්ථා සම්පාදනයකට එරෙහිව සටන් කළ ව්‍යාපාරයක් අද බලහත්කාරි ව්‍යවස්ථා සම්පාදනයක් වෙනුවෙන් පෙනී සිටී. අන්ත දූෂිතයෙකු ලෙස සලකා අගවිනිසුරු ධුරය දරන පුද්ගලයා එම තනතුරෙන් පහකිරීම සඳහා සටන් කළ ව්‍යාපාරයක් අද එම දූෂිත පුද්ගලයා ආරක්ෂා කරන ආරක්ෂක පවුරක් ලෙස ක්‍රියාකරමින් සිටී.

මෙම මූලික කාරණා දෙකේදි ජනතා විමුක්ති පෙරමුණ වෙනස් වී තිබෙන ප්‍රමාණය අනුව ඉදිරියේ තව බොහෝ වෙනස්කම් ඇතිවනු නොවැළැක්විය හැකිය.