ටෙම්ප්ටේෂන්

December 26, 2004
Publication:
The contested Shah Rukh Khan concert ended in violence, two deaths and injuries, after protests that it should not be held on the eve of Soma Thera's first death anniversary. The editorial calls it a disgrace tied to religious fundamentalism and warns that a country unable to solve its old problems keeps adding new ones.

විවාදයට හේතුවූ ෂාරුක් ඛාන්ගේ සංගීත ප්‍රසංගය කෙළවර වූයේ විශාල විනාශයකිනි. මෙය ආගමික මූලධර්මවාදය සමග බැඳුණු අවාසනාවන්ත සිද්ධියක් ලෙස සැලකිය හැකිය. වර්ග භේදවාදය ඕනෑම වාර්ගික කණ්ඩායමක් මුල් කොටගෙන මතුවිය හැකි ප්‍රවණතාවක් සේම ආගමික මූලධර්මවාදය ද ඕනෑම ආගමක් කෙරෙන් මතුවිය හැකි ප්‍රවණතාවකි.

මෙම සංගීත ප්‍රසංගයට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් මතුවූයේ සෝම හිමි අපවත්වීමට වසරක් පිරෙන සැමරුම පැවැත්වෙන දිනට පෙර දින මෙවැන්නක් කරන්නට ඉඩදිය යුතු නැතැයි කියන පදනමේ පිහිටාය. එම විරෝධතාව කරළියට ගෙනාවේ ජාතික හෙළ උරුමය විසිනි.

ප්‍රසංගයට එරෙහිව සත්‍යග්‍රහයක යෙදි සිටි හිමිවරුන් හමුවී සාකච්ඡා කළ ෂාරුක් ඛාන්ගේ නියෝජිතයකු මෙම ප්‍රසංගය සෝම හිමියන්ට අගෞරව කිරීම පිණිස පවත්වන්නක් නොවන බවත්, දින නියම කරගෙන තිබෙන ආකාරයේ වරදක් ඇතොත් ඊට කණගාටුව ප්‍රකාශ කරමින්, දින වෙනසක් ඇති කරගත නොහැකි නිසා ප්‍රසංගය පවත්වන බවත්, එහෙත් ප්‍රසංගය ආරම්භයේදි සෝම හිමි වෙනුවෙන් ශෝකය පළකිරීම සඳහා විනාඩි දෙකක කාලයක් නිශ්ශබ්දතාව පවත්වන බවත් ප්‍රකාශ කර සිටියේය.

එම ප්‍රකාශයෙන් පසු සත්‍යග්‍රහයේ යෙදි සිටි හිමිවරුන් සත්‍යග්‍රහය අවසන් කළත්, විරෝධතා ව්‍යාපාරයට බැහැරින් සම්බන්ධ වී සිටි අනෙක් පිරිස් සන්සුන් කොට ගෙදර යවන වැඩපිළිවෙළක් සංවිධායකයන්ට නොවීය. එහි ඊළග ප්‍රතිඵලය වූයේ විරෝධතාකරුවන් හා පොලිසිය අතර ගැටුමක් ඇතිවීමය. අවසානයේදි පොලිසිය ඔවුන් පලවා හැරිම සඳහා ඔවුන්ට පහර දෙන තැනකට ගියේය. ප්‍රසංගය ආරම්භ වූයේ එම උද්වේගකර වටාපිටාව යටතේය. ඉන්පසු රාත්‍රියේ ප්‍රසංගය වෙත එල්ල කෙරුණු ගේ‍රනේඩ් ප්‍රහාරයක් නිසා පුද්ගලයන් දෙදෙනෙකු මරණයට පත්වූ අතර, දහතුන් දෙනෙක් තුවාල ලැබූහ.

මෙය රට අපකීර්තියට ලක්කරමින් පුද්ගලයන් දෙදෙනෙකුගේ ජීවිත බිලිගනිමින් හා තවත් පිරිසකට තුවාල කළ නින්දාසහගත සිද්ධියක් ලෙස සැලකිය හැකිය. ලංකාවෙන් වහා පිටවී ගිය ෂාරුක් ඛාන් බීබීසීයට ප්‍රකාශ කර තිබුණේ තමන් ශ්‍රී ලංකාවේ පැත්ත බලාගෙන නිදාගන්නේවත් නැති බවය. ඔහු ඉන්දියානු එක්ස්ප්‍රස් පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ තමන්ගේ ජීවිතයේ කිසිදිනක නොවූ කලකිරීමක් හා වේදනාවක් මේ සිද්ධිය නිසා ඇතිවූ බවය.

බෝම්බ ප්‍රහාරය එල්ල කරන ලද්දේ කවුරුන්ද යන්න තවමත් පැහැදිලි නැතත්, දැනුවත්ව හෝ නොදැනුවත්ව ඊට උචිත වටාපිටාවක් තනාදිමේ වගකීම හෙළ උරුමය භාරගත යුතුය. මිනිසුන් විරෝධතා ව්‍යාපාරයකට කැඳවන විට සාහසික දේවල් ඇති නොවීමට වගබලා ගැනීමේ වගකීම සංවිධායකයන් සතුය.

සෝම හිමියන්ගේ අපවත්වීමේ සිද්ධිය ද ආගමික අන්තවාදි බලවේගයන් අන්තවාදි ආගමික හැගීම් මතුකර ගැනීමට අවස්ථාවක් කරගත්තේය. සෝම හිමිගේ අපවත්වීමේ සිද්ධිය පිළිබඳව සැකයට හේතුවන කාරණා තිබුණා විය හැකි වුවත්, ඒ ගැන ඉවසිලිවන්ත ලෙස කරුණු පරික්ෂා කොට බලා තීරණයක් ගන්නවා වෙනුවට සංවිධානාත්මක ආකාරයකින් කලබල ඇති කරන අවස්ථාවක් බවට එය පත්කර ගත්තේය. ඒ මගින් ඔවුන් රටේ පවතින අර්බුදයට අලුතෙන් ආගමික මානයක් ද එකතු කළේය. ඒ මගින් දේශපාලන ප්‍රතිඵල දිනාගැනීමට සමහර බලවේග සමත් වුවත් එසේ ලබා ගත් දේශපාලන ප්‍රතිඵල ආරක්ෂා කරගැනීමට සමත් වූයේ නැත. අවසානයේ තමන්ගේ බිඳ වැටෙමින් තිබෙන දේශපාලන ප්‍රතිරූපය ශක්තිමත් කරගැනීමට එම බලවේග සංගීත ප්‍රසංගය අවස්ථාවක් කරගත් බව පෙනේ.

සෝම හිමිගේ පශ්චාත් මරණ පරික්ෂණය පවත්වා එහි තීන්දුව ප්‍රකාශ කළ මහාචාර්යවරයා ද මෙම අන්තවේදි බලවේගයන්ගේ ඉලක්කයක් වී තිබෙන බව පෙනේ. ඔහු විශේෂඥයකු ලෙස තමන් වෙත පැවරි තිබෙන වගකීම ඉටු කළේය. ඔහු විසින් දෙන ලද තීරණය රටේ ජනප්‍රිය මතවාදයට අනුකූල නොවීය. විශේෂඥයකු වශයෙන් ඔහු එහිදි සලකා බලන ලද්දේ ජනප්‍රිය මතවාද නොව මරණ පරික්ෂණයකදි සැලකිල්ලට ගත යුතු විෂය මූල කරුණුය. එහෙත් අවාසනාවකට අන්තවාදි බලවේගයන්ට දැන් ඔහු පෙනෙන්නේ සෝම හිමි ඝාතනය කළ කුමන්ත්‍රණකරුවන්ගේ අතකොලුවක් ලෙසය.

තිබෙන අවුල් විසඳගත නොහැකිව කාලකණ්ණි තත්ත්වයකට පත්ව තිබෙන රටක් ඒ අවුල් විසඳ ගැනීමකින් තොරව තව තව අලුත් අවුල් ඊට එකතු කරගන්නේ නම් රට තව තව කාලකණ්ණිභාවයට ප