දේශපාලන ක්‍රමයක් ඓතිහාසික වශයෙන් ජරාජීර්ණභාවයට යමින් තිබෙන අවස්ථාවක දේශපාලන ප්‍රභූ පන්තිය හෝ සමාජය දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා ක්‍රියා නොකරයි නම් ඒ ක්රමයේ බිඳ වැටීම සිදුවනු ඇත්තේ විකට හා විකාරරූපී ස්වරූපයකිනි. කලක් ශිෂ්ටාචාරයේ ඉතාමත් දියුණු තත්ත්වයක් නියෝජනය කළ ග්‍රීසියේ පෞර රාජ්‍ය ක්‍රමය විනාශයට යමින් තිබුණ අවසාන කාලයේ දේවල් සිදුවූයේ ද දැන් අපේ රටේ දේවල් සිදුවෙමින් තිබෙන ආකාරයටම විකට හා විකාරරූපී ස්වරූපයකිනි. ග්‍රීක පෞර රාජ්‍ය ක්‍රමය බිඳ වැටෙමින් තිබෙන අවසාන කාලවකවානුවේදී වමන පොකුණු ක්‍රමය ප්‍රභූ නිවෙස්වලට එකතු වූ වැදගත් බව අඟවන නවතම අංගයක් විය. රාත්‍රී සාදවලට එකතු වන ප්‍රභූන් ඉස් මුරුත්තාවට එන තෙක් කා බී මෙම වමන පොකුණ වෙත ගොස් උගුරට ඇඟිල්ල දමා වමනය කළ යුතු විය. ඉන්පසු නැවත ඇති තරම් කා බී වමන පොකුණ වෙත යා හැකිය. මෙම පිළිවෙත සැලකුණේ අශෝභන හා අශීලාචාර දෙයක් ලෙස නොව වැදගත් හා නම්බුකාර දෙයක් ලෙසය.
මතට තිත
න් අපේ රටේ දේවල් සිදුවෙමින් තිබෙන්නේ ද ඊට සමාන ආකාරයටය. බාහිර වශයෙන් බලන විට ශ්‍රී ලංකාව මතට තිත තැබූ ශීලාචාර හා ධාර්මික රාජ්‍යයකි. ඒ රාජ්‍යයේ ප්‍රසිද්ධ ස්ථානවල දුම්බීම සපුරා තහනම්ය. ආගමික වැදගත්කමක් ඇති දිනවල රා, අරක්කු බීම සේ ම මස් කෑම ද තහනම්ය.
නීතියට පටහැනිව අරක්කු බොන, දුම්බොන මිනිසුන්ට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක කෙරේ. එහෙත් පැහැර ගැනීම්, අතුරුදහන් කිරීම්, මනුෂ්‍ය ඝාතන, මං පැහැරීම්, ස්ත්‍රී දූෂණ වැනි දරුණු අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ නැත. පැහැර ගෙන යෑම, අතුරුදහන් කිරීම, මනුෂ්‍ය ඝාතන, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ වැනි අපරාධවලට වඩා, අරක්කු බීම දුම්බීම වැනි වැරදි දරුණු අපරාධ ලෙස සලකා ක්‍රියා කරන තැනකට රට තල්ලු වී තිබේ. මත්පැන් බීම යහපත් දෙයක් නොවූවත්, සීමාව ඉක්මවා මත්පැන් බොන පුද්ගලයෙකුට හානි කළ හැක්කේ සිය පවුලේ අයට, මිතුරන්ට හා අසල්වැසියන්ට පමණය. එහෙත් අන්තවාදී මතවාදයන්ගෙන් මත්වූවන් ඇති කරන විනාශය මුළු රටටම බලපායි. හිට්ලර් මස් නොකෑවේය. ඔහු පරිපූර්ණ එළවළු භක්ෂකයෙකු වීය. එහෙත් එළවළු භක්ෂකයා මිලියන ගණනක් මිනිසුන් අමු අමුවේ මස් කළේය. දැන් අප ජීවත් වන ශ්‍රී ලංකා සමාජයේ ද අරක්කු බීම හා දුම්බීම බරපතළ වරදක් ලෙස සැලකෙතත්, මිනිසුන් මස් කිරීම වරදක් ලෙස සැලකෙන්නේ නැත.
සීතල යුද්ධයක් පැවති යුගයේ අවසාන කාලයේදී සමහර අප්‍රිකානු රටවල ප්‍රභූ පන්තියට සිය රටවලින් කොල්ලකා ගත් ධනයෙන් ආනයනය කළ මිල අධික කැඩිලැක් මර්සිඩීස් බෙන්ස් වැනි මෝටර් රථ අධික ඉන්ධන මිල නිසා සතුන් යොදවා ඇදගෙන යන කරත්ත බවට පත් කරන්නට සිදුවිය. ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමය දැන් ඇද වැටී තිබෙන්නේ එවැනි තැනකටය.
රටේ ජනතාව භේද බින්න කොට රටේ සාරය උරාබීම සඳහා සකස් කෙරුණු මෙම අශෝභන දේශපාලන ක්‍රමය නිර්මාණය කිරීමට දායකවූවන් පවා මෙම අර්බුදය දකිමින් තිබෙන්නේ ක්රමයේ අර්බුදයක් ලෙස නොව, සුක්කානම හසුරුවන පුද්ගලයාගේ නොහැකියාව මත ඇතිවූ අර්බුදයක් ලෙසය. රියදුරා දක්ෂයකු නොවනවා විය හැකිය. එහෙත් ක්‍රමය දැන් තිබෙන්නේ දක්ෂ රියදුරෙකුට පවා ඉදිරියට ගෙනයා නොහැකි තැනකය.
දේශපාලන ක්‍රමය හා ඓතිහාසික විකාශය
නාධිපති ජේ.ආර්. ජයවර්ධන මේ ක්‍රමය සකස් කළේ රටේ අවශ්‍යතා සලකා නොව, තමන්ගේ දේශපාලන අවශ්‍යතා සලකාය. ඔහු මෙම ක්‍රමයට සමානුපාතික ඡන්ද ක්‍රමයක් එකතු කළ ද ඔහු රට පාලනය කළේ සමානුපාතික ක්‍රමය හකුළවා තබා ගෙනය. සමානුපාතික ක්‍රමය යටතේ පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයක් තමන්ට තිබෙන පාර්ලිමේන්තු බලය හීන කරන බව ඔහු නිවැරදිව දැක්කේය. එසේ ඔහු ඇති කළ ක්‍රමය සාර්ථකව ඉදිරියට ගෙනයෑම සඳහා අතිවිශාල පාර්ලිමේන්තු බලයක් තිබීම අත්‍යවශ්‍ය බව ද ඔහු නිවැරදි ලෙස තේරුම් ගත්තේය. ඔහුට ජනමත විචාරණයකට යාම අවශ්‍ය වූයේ තමන්ට පැරණි ඡන්ද කොට්ඨාස ක්‍රමයෙන් ලැබී තිබුණු පාර්ලිමේන්තුවේ හයෙන් පහේ බලය තවදුරටත් පවත්වාගෙන යෑමට අවශ්‍ය වූ නිසාය. ජේ.ආර්. ජයවර්ධනගේ වසර 11ක පාලන කාලය තුළ ආර්ථික වර්ධන අනුපාතිකය ඉහළ මට්ටමක පැවතියා සේ ම ලේ වැගිරෙන අනුපාතිකය ද ඉහළම මට්ටමක පැවතුණි. එය මෙම දේශපාලන ක්‍රමය තුළ නොකඩවා දක්නට ලැබෙන නියත ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය.
රණසිංහ ප්‍රේමදාස මහතා ජනාධිපති තනතුරට තේරී පත්වීම කෙරෙහි සේ ම පාර්ලිමේන්තුවේ සැලකිය යුතු බහුතර බලයක් ලැබීම කෙරෙහි ද එම මැතිවරණ දෙක පැවති අවස්ථාවේ රටේ පැවති ලේ වැගිරෙන වටපිටාව බලපෑවේය. ආණ්ඩු පක්ෂයට උපරිම ලෙස රටේ වස්තුව කොල්ලකෑමට ඉඩ දෙන ප්‍රතිපත්තියක් මේ ක්‍රමය පවත්වාගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් වන බව රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා හරියටම තේරුම් ගත්තේ තමන්ට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගයත් සමගය.
ඉන්පසු චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය බලයට එන්නේ රටේ සාමකාමී වටපිටාවක් පැවති අවස්ථාවකය. ඒ නිසාම සැලකිය යුතු පාර්ලිමේන්තු බලයක් හිමිකර ගැනීමට ඇය අසමත් විය. එහෙත් තමා උපරිම ලෙස රටේ සාරය උරා බොන අතර, ආණ්ඩු පක්ෂයට ද රටේ සාරය උරාබීමට ඉඩ දෙන ප්‍රතිපත්තියක් මගින් අභ්‍යන්තර කැරැල්ලකට මුහුණදීමෙන් තොරව පළමු ධුර කාලය පවත්වාගෙන යෑමට ඇය සමත් විය.
එහෙත් චන්ද්‍රිකාගේ දෙවැනි ධුර කාලය වන විට තවදුරටත් ඉදිරියට යා නොහැකි තරමට දේශපාලන ක්‍රමය යල් පැනගිය තත්ත්වයකට පත්ව තිබුණේය. අභ්‍යන්තර කැරලි නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිදුවූ අතර, එම පාර්ලිමේන්තු මැතිවරණයෙන් එජාප ජය ලැබීම නිසා එජාප පාර්ලිමේන්තු ආණ්ඩුවකට ඉඩ හැරීමට ඇයට සිදුවිය.
දේශපාලන ක්‍රමය මූලික විපර්යාසයකට ලක් කිරීමකින් තොරව ඉදිරියට යා නොහැකි තත්ත්වයකට වර්ධනය වූ අවස්ථාව එය විය. එහෙත් ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට සේම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ද ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාවක් නොවීය. දෙදෙනාම ක්‍රමයට ආවේණික පරම බලයට ඇලුම් කළේය. ප්රතිපක්ෂ ආණ්ඩුවේ පාර්ලිමේන්තු කාලය වසරක් සම්පූර්ණ කිරීමෙන් පසු ඊට දෂ්ට කිරීමට තමන්ට තිබෙන හැකියාව තේරුම් ගනිමින් ඇය පෙනය සඟවා ගෙන සිටියාය. තමන්ට පරම බලය ලැබෙන තෙක් පාර්ලිමේන්තු බලය පවත්වාගෙන යා හැකි හොඳම ක්‍රමය එල්ටීටීඊය සමග සමාදානයක් ඇති කර ගැනීම වේ යැයි කල්පනා කරමින් රනිල් වික්‍රමසිංහ එල්ටීටීඊයට ද සතුටු විය හැකි සාම වැඩපිළිවෙළක් කරළියට ගෙනාවාය.
තිරිංග දැමීම
ත්‍යන්තර ආධාර ප්‍රජාව එම සාම වැඩපිළිවෙලට උපරිම ලෙස ආධාර කරන අතර, ශ්‍රී ලංකාවට තමන් දෙන ආධාර ප්‍රමාණය උපරිම තත්ත්වයකට ගෙන එමින් එම ආධාර පොදිය ලබාගැනීම සඳහා පූර්ණ සමාදානයක් ඇති කරගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියක් බවට පත් කළේය. එය ඓතිහාසික වශයෙන් අභාවයට යමින් තිබුණු දේශපාලන ක්රමයේ තිරිංග හිර කෙරුණු අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. එතෙක් අගමැති රනිල් වික්‍රමසිංහ ලෝක බැංකු නියමයන් අකුරටම පිළිපදිමින් පවත්වාගෙන ගිය මනා ආර්ථික කළමනාකරණය (ලෝක බැංකුවේ පිළිගත් මිනුම් දඬු අනුව) ආධාර කණ්ඩායම ගනු ලැබූ එම තීරණයත් සමග අවුල් ජාලාවකට තල්ලුවීමට නියමිතව තිබුණ ද එම අර්බුදය කරළියට එන්නට පෙර ජනාධිපතිනිය පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා එම චිත්‍රය දැකබලා ගැනීමේ අවස්ථාව මහජනතාවට අහිමි වූයේය. ජාත්‍යන්තර ආධාර කණ්ඩායම විසින් මතු කරන ලද අභියෝගය ජයගැනීමේ ඉදිරි දැක්මක් අගමැති රනිල් වික්‍රමසිංහට ද නොතිබුණේය. පාර්ලිමේන්තුව විසුරුවා හරින තෙක් ඔහු සිටියේ ද දෙනු ලබන ආධාර නවතා පූර්ණ සමාදානයෙන් පසුව එක පොදියකට දෙන්නට පොරොන්දු වූ මහා ආධාර පොදිය ලබාගැනීම සඳහා කුමක් කළයුතු දැයි නොදන්නා අසරණ තත්ත්වයකය.
එහෙත් ජනාධිපතිනිය පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා ඔහු එම විෂයේදී ඇද වැටී සිටි අසරණභාවය මහජනතාවට නොපෙනුණි. මහජනතාවට පෙනුණේ එතෙක් ඔහු පවත්වා ගෙන ගිය සාර්ථක ආර්ථික කළමනාකරණය පමණය.
පාර්ලිමේන්තු මැතිවරණය ජයගැනීම සඳහා ජනාධිපති ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ මැතිවරණ කොන්දේසි පිළිගනිමින් ජවිපෙ සමග සන්ධානයක් ඇති කර ගත්තේය. ඒ මගින් එජාප පරාජය කළ හැකි වුවත්, ශ්‍රීලනිපයට සත්‍ය ලෙස ලැබිය යුතු ආසන සංඛ්‍යාව අඩුවී ජවිපෙ කෘත්‍රිම ලෙස ලොකු මහත් වී ජවිපෙ සහාය නැතිව පාර්ලිමේන්තු ආණ්ඩුව පැවති නොහැකි තත්ත්වයක් නිර්මාණය විය. එය ශ්‍රී ලංකාවේ මතුවී තිබුණු දේශපාලන අර්බුදය අලුත් වටයකින් තීව්ර කළේය.
ශ්‍රී ලංකාවට සුනාමිය කඩා වැටුණේ දේශපාලන ක්‍රමය මරණ මංචකයට යමින් තිබුණු අවස්ථාවකය. සුනාමිය නිසා පනස් දහසකට ආසන්න ජනතාවක් මිය ගිය ද ඒ නිසා මරණ මංචකයේ සිටි ලෙඩාට සේලයින් ලැබී ලෙඩාගේ ජීවිතය තවත් කෙටි කලකට ආරක්ෂා වූයේය. සුනාමියෙන් ගලා ආ ආධාර නිසා විදේශ ආධාර කණ්ඩායම් ආධාර නැතිව වුවත් කෙටි කලක් රටේ ආර්ථිකය ඇදගෙන යා හැකි තත්ත්වයක් නිර්මාණය විය. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට බලය අහිමිවීම හා මහින්ද රාජපක්ෂ මහතාට බලය ලැබීම සිදුවන්නේ මේ අතරතුර කාලයේදීය. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වන අවස්ථාව වන විට ලැබී තිබුණු සුනාමි ආධාර ද වාෂ්ප වී විදේශ ආධාරවලින් තොරව රට ඉදිරියට ඇද ගෙන යායුතු තත්ත්වයකට රට ඇද වැටී තිබුණේය.
ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ වෙනුවට රනිල් වික්‍රමසිංහ ජයගත්තේ නම් රනිල් වික්‍රමසිංහ පාලනයක් තුළ රටට ලැබෙන ප්‍රතිඵල ද ප්‍රමාණාත්මක වශයෙන් මිස, ගුණාත්මක වශයෙන් මීට වෙනස් විය නොහැකිය. ප්‍රභාකරන්ගෙන් එල්ල වන අභියෝග මැද ඔහුට ද සාමයේ මාවත වෙනුවට යුද්ධයේ මාවත තෝරා ගැනීමට සිදුවනු ඇති අතර, රට පවත්වාගෙන යෑමට සිදුවනු ඇත්තේ ද විදේශ ආධාර රහිතවය.
ආධාර කණ්ඩායම ශ්‍රී ලංකාව සඳහා කොන්දේසි සහිතව අල්මාරියක දමා වසා තිබෙන විශාල ආධාර පොදිය ලබා ගැනීම පහසු නැති බව තේරුම් ගත් පසු විදේශ ආධාර නැතිව ඉදිරියට යා හැකි වැඩපිළිවෙළක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍ය වූ අතර, ඒ අඩුව සපුරා දෙන ලද්දේ හෙළ උරුමය විසිනි.
ආධාර කණ්ඩායමේ ආධාර නොසලකා වානිජ පදනමකින් විදේශ ආයතනවලින් වැඩි පොලියට ණය ලබා ගනිමින් චීනය, රුසියාව, අරාබි ලෝකය වැනි බටහිර විරෝධී රටවලට බර තබා ක්‍රියා කරන අතර, මුළු බර යොදා ප්රභාකරන්ට විරුද්ධව යුද්ධ කරන තැනකට රට තල්ලු විය. යුද්ධය සඳහා තෝරාගත් මාවත වූයේ ද හෙළ උරුමය සිහින දකිමින් සිටි යුද පිළිවෙතය. එනම් දෙමළ ජනතාවට කිසිවක්ම නොදීම ප්රභාකරන් පරාජය කිරීමය.
ආණ්ඩුව බටහිර රටවල් හා ඉන්දියාව සමග අසාමාන්‍ය ලෙස රණ්ඩු කරන තැනකට යමින් අනියම් ලෙස බටහිර රටවලින් ගලා එන ආධාර ද සීමා කර ගත්තේය. දේශපාලන විසඳුමක් සමග යුද්ධ කරන ප්‍රතිපත්තියක් වෙනුවට කිසිම සහන දීමකින් තොරව යුද්ධ කරන තැනකට තල්ලුවීම නිසා යුද්ධය දෙමළ විරෝධී ස්වරූපයක් ගනිමින් ප්රභාකරන්ගේ පැවැත්ම ශක්තිමත් කළේය.
එම ඓතිහාසික සන්දර්භය මත පිහිටා දැන් අපට රටේ සිදුවන දේවල් හා අනාගතයේ සිදුවිය හැකි දේවල් පිළිබඳ චිත්‍රයක් ඇති කරගත හැකිය.
දේශපාලන ක්රමයේ පූර්ණ විපර්යාසයක් ඇති කරන සංකීර්ණ හා දුෂ්කර වැඩපිළිවෙළකට අතගසනවාට වඩා ඒකාධිපති ක්‍රමයට මාරුවීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සේ ම විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද කැමතිය. මේ නායක දෙපළම පරම බලයට කැමතිය. හෙළ උරුමය ජනාධිපතිවරයා තල්ලු කරමින් සිටින්නේ අධිරාජ්‍ය විරෝධී දෙමළ හා මුස්ලිම් විරෝධී ඒකාධිපතිත්වයකටය. අනෙක් අතට රනිල් වික්‍රමසිංහ අපේක්ෂා කරන්නේ ද මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ සිදුවන පරිපූර්ණ විනාශයකින් පසුව ප්‍රංශ ජනතාව ඩිගොල්ගේ පාලනයක් ඉල්ලා සිටි ආකාරයට ශ්‍රී ලංකාවේ ජනතාව ද තමන්ගේ ඒකාධිපති පාලනයක් ඉල්ලා සිටිනු ඇති බවය.
හෙළ උරුමය සිය අනුගාමිකයන්ට නොනිල වශයෙන් කියන්නේ ආණ්ඩුව කාගේ වුවත් ආණ්ඩුව ක්‍රියාවට නගමින් තිබෙන වැඩපිළිවෙළ තමන්ගේ බවය.
චින්තනයේ උරුමය
තට තිත වැඩපිළිවෙළ සේ ම කොළඹ ලොජ්වලින් දෙමළ ජනයා බලහත්කාරයෙන් පිටමං කිරීමේ වැඩපිළිවෙළ ද හෙළ උරුමයේ වැඩපිළිවෙළකි. ඔවුන් සිතන ආකාරයට දෙමළ මිනිසුන් අතර සිටින එල්ටීටීඊකාරයා කවුද, එල්ටීටීඊ නොවන එකා කවුද, යනාදී වශයෙන් වර්ග කරන තැනකට යනවාට වඩා දෙමළ ජනයා එක පොදියට ගෙන ගනුදෙනු කරන තැනකට යාම වඩා සරල සේ ම පහසුය. ඔවුන් කොළඹෙන් පිටමං කිරීමට අපේක්ෂා කළ දෙමළ ජනතාවගේ ප්‍රමාණය 15,000ක් වුවත් අධිකරණය විසින් දෙන ලද අතුරු තහනම නිසා පළමු වටයේදීම සිය වැඩපිළිවෙල හකුළා ගැනීමට ඔවුන්ට සිදුවිය. ලොජ්වලින් දෙමළ ජනයා පිටමං කිරීමේ වැඩපිළිවෙල එක හඬින් අනුමත කළ එකම සංවිධානය වූයේ ද හෙළ උරුමයයි.
තමන්ගේම ආණ්ඩුවක් නැතිව ආණ්ඩුවේ පුංචි කොටස්කාරයෙකු ලෙස ඉඳිමින් හෙළ උරුමය ආණ්ඩුව ලවා ක්‍රියාවට නගමින් තිබෙන වර්ගභේදවාදී වැඩපිළිවෙල දේශපාලන ක්රමයේ ඓතිහාසික පරිහානිය විසින් ඇති කර තිබෙන අර්බුදයේ තීව්‍රතාව වඩා වේගවත් ලෙස වර්ධනය කිරීමට හේතුවී තිබේ.
දැන් රටේ ක්‍රියාත්මක වන්නේ ඊනියා බටහිර රටවලින් එල්ල වන විවේචන ගණන් ගත යුතු නැතැයි කියන ප්රතිපත්තියකි. විවේචනය නොසලකා ආ මගේම ඉදිරියටම යං කියන ප්‍රතිපත්තියේය. එම ප්‍රතිපත්තිය තුළ මානව හිමිකම් උල්ලංඝනය, අතුරුදහන්වීම් හා පැහැර ගෙන යෑම් පාලනය කළ නොහැකි තත්ත්වයකට පත්ව තිබේ. රතු කුරුස සේවකයන් දෙදෙනා පැහැර ගෙන ඝාතනය කිරීමේ සිද්ධිය මහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන අවස්ථාවක තවත් මළ සිරුරු නවයක් තිරිංග දැමීම….. 9 පිටුවෙන්වෙන්නප්පුවෙන් මතුවීමෙන් නොනැවතී කොළඹ ලොජ්වල ජීවත් වන දෙමළ ජනයා බලහත්කාරයෙන් උතුරට පලවා හැරීමේ ක්‍රියාදාමයක් ද ක්‍රියාත්මක විය.
ප්රභාකරන් ඉල්ලා සිටින වෙනම රාජ්‍ය සිංහල අන්තවාදීන් බන්දේසියක තබා ප්රභාකරන් වෙත ලබාදෙමින් තිබෙන බව පෙනේ.
දැන් දෙමළ ජනයා තරමටම ව්‍යාපාරික ජනයාට ජීවත් වන්නට සිදුවී තිබෙන්නේ භීතියෙනි. ව්‍යාපාරික අංශවල මතය අනුව මුස්ලිම් ව්‍යාපාරිකයන් හයදෙනෙකු පැහැර ගෙන ගොස් මිලියන 400ක කප්පම් ලබාගෙන තිබේ. සල්ලිකාර ව්‍යාපාරිකයන් රට අතහැර යෑමේ ප්‍රවණතාවක් වර්ධනය වෙමින් පවතී. ඒ සමග ලංකාවේ ව්‍යාපාරිකයන් මැලේසියාට ගෙන්වා ගැනීමේ ව්‍යාපෘතියක් මැලේසියාව හඳුන්වා දී තිබේ.
හෙළ උරුමයේ දේශපාලන මණ්ඩලයේ සිදුවී ඇති අපූරු සාකච්ඡාවක් පසුගිය ඉරිදා දිවයින පුවත්පත වාර්තා කර තිබුණි.
එම දේශපාලන මණ්ඩල රැස්වීමේදී අතුරලියේ රතන හිමි ප්‍රකාශ කර ඇත්තේ සිය රට දේ සිරි සැප දේ යන සටන් පාඨය ඉදිරියට ගෙන අල, බතල, කොස්, පොළොස් කන සමාජ ආර්ථිකයක් ගොඩනැගිය යුතු බවය.
ඉන්පසු කතා කර ඇති පරිසර ඇමති චම්පික රණවක මහතා ප්‍රකාශ කර ඇත්තේ එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාවට නගන්නට තමන් හැමදාමත් කියන ආකාරයට රටට ඒකාධිපති නායකයකු අත්‍යාවශ්‍ය බවය.
සිය රට දේ සිරි සැප දේ යන සටන් පාඨය හෙළ උරුමය අවංක ලෙසම විශ්වාස කරයි නම්, ජනතාවට අල, බතල, කොස්, පොළොස් කවන්නට යන අතර, මන්ත්‍රී හිමිවරුන්ට ආනයනය කළ මිල අධික මර්සිඩීස් බෙන්ස් වාහන අවශ්‍ය වූයේ ඇයිද යන්න රටට පැහැදිලි කළ යුතුය. එහි තේරුම මහජනතාවට කොස්, පොළොස් අපට මර්සිඩීස් බෙන්ස් යන්න නොවේද? චම්පික රණවක ඇමතිවරයාට ඒකාධිපති පාලකයකු අවශ්‍ය වී ඇත්තේ එවැනි දෙබිඩි පිළිවෙත් සඳහාද?
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හෙළ උරුමයේ මගපෙන්වීම මත ගමන් ගනිමින් සිටිනුයේ ගැලවීමේ මාවතක නොව විනාශයේ මාවතකය. ඒ මාවත මගින් ද රාජපක්ෂ මහතා අවලංගු කිරීමෙන් නොනැවතී මුළු රටම කාබාසිනියා කරන තැනකට තල්ලු කරනු නොවැළැක්විය හැකිය.
මහින්ද රාජපක්ෂ මහතාට ගැලවීමට අවශ්‍ය නම් දැන් ගමන් ගනිමින් තිබෙන පහසුම මාවත අතහැර තිබෙන අපහසුම මාවත තෝරාගත යුතුය. •