අධිකරණය ගඳ ගැස්සවීම

June 9, 2002
Publication:
A short note on Anura Bandaranaike's meeting in London, with Nimal Siripala de Silva, with JVP leader Somawansa Amarasinghe to bring the JVP into the People's Alliance. Ivan calls the two alike in everything but oratory, says Anura's aim is to overtake Mahinda Rajapaksa as the PA's next presidential candidate by replacing the pro-peace LSSP and Communist Party with the JVP, and ironically wishes him success.

ලන්ඩන් ගිය අනුර බණ්ඩාරනායක මහතා නිමල් සිරිපාල ද සිල්වා මහතා සමග ජනතා විමුක්ති පෙරමුණේ නිල නායක වශයෙන් සැලකෙන සෝමවංශ අමරසිංහ මහතා හමුවී ජනතා විමුක්ති පෙරමුණ පොදු පෙරමුණේ කොටස්කරුවකු කරගැනීම සඳහා දිර්ඝ සාකච්ඡාවක යෙදි ඇති බව වාර්තා වේ.

සෝමවංශ අමරසිංහ සමග හරියට ගැලපෙන චරිතය වන්නේ ද අනුර බණ්ඩාරනායකය. කථිකත්වයෙන් හැර අන් සියලු කාරණාවලදි ඔවුන් දෙදෙනා නිවුන් සොහොයුරන් බඳුය.

අනුරගේ අරමුණ මහින්ද අභිබවා පොදු පෙරමුණේ ඊළග ජනාධිපති අපේක්ෂකයා වීමය. ජනතා විමුක්ති පෙරමුණ මහින්දට කැමැත්තක් නැති බව ද අනුර දන්නේය. පොදු පෙරමුණේ සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ සාමකාමී විසඳුමක් ඇති කරගැනීමට පක්ෂපාතව ක්‍රියා කරන තත්ත්වයක් තුළ ඒ පක්ෂ දෙක පොදු පෙරමුණෙන් පළවා හැර ඒ වෙනුවට ජනතා විමුක්ති පෙරමුණ පොදු පෙරමුණේ කොටස්කරුවකු කරගැනීම අනුරගේ සිහිනය වී තිබෙන බව ද පැහැදිලිය. අනුරට ඒ සිහිනය ඉටුකර ගැනීමට හැකි වේවා කියා අපි ප්‍රාර්ථනා කරමු.