විරුද්ධ පක්ෂ මර්දනය

October 29, 2026
Publication:
A democratic party system needs an opposition as well as a government, and neither side here has ever worked on that principle: the opposition opposes everything and the government suppresses. Ivan's example is the duty-free vehicle rules, which he doubts a single member of parliament has kept — so either punish them all without distinction, or forget the past and build a frame that prevents it.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ ක්‍රමයක පැවැත්ම සඳහා ආණ්ඩු පක්ෂයක් පමණක් නොව, විරුද්ධ පක්ෂයක් ද තිබිය යුතු ය. බලයේ සිටින ආණ්ඩුවක් කරන වැරදි විරුද්ධ පක්ෂය ඒවා විවේචනය කළ යුතු වුවත්, ආණ්ඩු පක්ෂයක් රටේ පොදු යහපත පිණිස ගනු ලබන ක්‍රියාමාර්ගවලට විරුද්ධ පක්ෂය අවහිර නො කළ යුතු ය. සහාය දිය යුතු ය. ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය අතර තිබිය යුතු ගැටුම වෛරසහගත විය යුතු නැත.

එහෙත් ශ්‍රී ලංකාවේ ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය කොයිකවරදාටත් මෙම පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මත පිහිටා ක්‍රියාකර නැත. විරුද්ධ පක්ෂය හැමවිට ම ආණ්ඩුවක් විසින් ගනු ලබන ඕනෑම ක්‍රියාමාර්ගයකට විරුද්ධ වීම සිය යුතුකම හෝ වගකීම කොට සලකයි. ආණ්ඩු බලය ලබන පක්ෂය ද විරුද්ධ පක්ෂය තම පරම හතුරකු ලෙස සලකා විරුද්ධ පක්ෂය මර්දනය කිරීමට ලැබෙන අවස්ථාවලින් උපරිම ප්‍රයෝජනය ගනී.

1977 දී බලයට පැමිණි එජාප ආණ්ඩුව ප්‍රධාන විරුද්ධ පක්ෂය දුර්වල කිරීම සඳහා සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහිමි කළේ ය. විරුද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජනය වර්ධනය වීම වළකන පියවරක් වශයෙන් පාර්ලිමේන්තු මැතිවරණයක් වෙනුවට ජනමතවිචාරණයක් පැවැත්වීය. ආණ්ඩු පක්ෂයේ යහපත පිණිස විරුද්ධ පක්ෂයට එරෙහිව ගනු ලැබු එම පියවර ආණ්ඩුවේ තාවකාලික වාසියට හේතුවන්නට ඇතත්, පොදුවේ රටට ඇති කළ විනාශය සුළුපටු නැත. ඉන්පසු බලයට පැමිණි චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව ද උපරිම ලෙස විරුද්ධ පක්ෂය පීඩාවට පත් කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළේ ය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සිය පූර්වගාමීන් කළ වැරදි පුනරුච්චාරණය කළ යුතු නැත. විරුද්ධ පක්ෂය පීඩා කරන ප්‍රතිපත්තියක් ආණ්ඩුවේ ගෞරවයට හේතු නො වනවා සේ ම රටේ යහපතට ද හේතුවන්නේ නැත. මහජන මන්ත්‍රීවරුන් පොදු දේපළ විෂයෙහි ලා කරන වැරදිවලට ඉඩ දී බලා සිටිය යුතු බව ද ඉන් අදහස් වන්නේ නැත. එහෙත් රජයේ වාහන හෝ රජයෙන් ලැබෙන බදුරහිත වාහන විෂයයෙහි නීති උල්ලංඝනය නො කළ එකදු මන්ත්‍රීවරයෙක් හෝ පාර්ලිමේන්තුවේ සිටී ද යන්න සැකසහිත ය. එක්කෝ පක්ෂ භේදයෙන් තොරව ඒ සියලු දෙනාට දඬුවම් කළ යුතු ය. නැතිනම් සියලු දෙනා විසින් ම මෙතෙක් කර තිබෙන වැරදි අමතක කොට මතු ඔවුන්ට එවැනි වැරදි කිරීමට ඉඩ නො ලැබෙන රාමුවක් ඇති කරගත යුතු ය.

දැන් රටේ ජනාධිපතිවරයා ඉන්නේ විරුද්ධ පක්ෂය සමග රණ්ඩු කරන තැනකට යායුතු අවස්ථාවක නො ව, තමන් ඇති කරන්නට යන දේශපාලන ප්‍රතිසංස්කරණවලට විරුද්ධ පක්ෂයේ සහාය ලබාගත යුතු අවස්ථාවක ය. සමස්ත දේශපාලන ක්‍රමය ම තිබෙන්නේ ශිෂ්ටසම්පන්න තැනක නො වන බව තේරුම් ගනිමින් එය ශිෂ්ටසම්පන්න තැනකට ගැනීම තමාගේ වගකීම බව තේරුම් ගනිමින් ඊට ගැලපෙන ලෙස ක්‍රියාකිරීම ඔහුගේ වගකීමය.

ක්‍රීඩාවේ නීති පොදු එකඟතාවක් ඇතිව වෙනස් කරමින් දේශපාලන බල අරගලය ශිෂ්ටසම්පන්න තත්ත්වයකට පත් කිරීමට කාලය පැමිණ තිබේ. ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන ප්‍රතිසංස්කරණ යෝජනා සමස්ත චිත්‍රයේ ගැඹුරු වෙනසක් ඇති කරන තැනකට ගෙනයෑම ආණ්ඩු පක්ෂයේ ද, විරුද්ධ පක්ෂයේ ද වගකීම වේ. එහිදී විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාව පමණක් නො ව, දූ ෂ ත ෙ ද ් ශ ප ා ල න ස ද ා ච ා ර ය ද ෙ ව න ස ් ක රී ෙ ම් අ ව ශ ්‍ය ත ා ව ෙ ත ් ර ැ ම් ග ත ය ු ත ු ය. එ හ දී ම හ ජ න ම න ් ත ්‍ර ී ව ර ැ න ් ෙ ග ් ය ු ත ු ක ම් හ ා ව ග ක ී ම් ද ම ු ළු ම ණ න ් න ැ ව ත ස ල ක ා බ ල න ත ැ න ක ට ය ා ය ු ත ු ය.

තමන්ගේ වැටුප් තමන්ට තීරණය කිරීමේ බලය පාර්ලිමේන්තුවට තිබිය යුතු ද? මන්ත්‍රීවරුන් ඇතුළු සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා වැටුප් වැඩිවීම් තීරණය කළ යුත්තේ එක ආයතනයක් නොවේ ද? මන්ත්‍රීවරුන් හා ඇමතිවරුන් සඳහා භාවිතා වන වාහන ප්‍රතිපත්තිය කොතෙක් සාධාරණ ද? රටට ගැලපේ ද? කැබිනට් මණ්ඩලයේ ප්‍රමාණය හා බෙදීම් පිළිබඳව රටට පිළිගත් ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතු නැද්ද? ජනාධිපති නායකයින් පුරුදු පුහුණු කරන ආයතන ක්‍රමයක් ලෙස පවතින පක්ෂ ක්‍රමයේ වෙනසක් ඇති කළ යුතු නැද්ද?

කුළල් කා ගැනීම මොහොතකට අමතක කොට දේශපාලන ක්‍රමය ශිෂ්ටසම්පන්න තැනකට ගැනීමට පොදු එකඟතාවකින් ක්‍රියා කරන තැනකට ඒම සියලු දේශපාලන පක්ෂවල වගකීම වන අතර, ඒ ක්‍රියාවලියට සියලු දෙනාගේ ගෞරවයට හේතුවන ලෙස මෙහෙයවීම රාජ්‍ය නායකයාගේ යුතුකම හා වගකීම ද වේ. •