ලංකාවේ මාර්ග නීති ඉතාමත් අවිචාරවත් මට්ටමක පවතී. රුපියල් කෝටි සිය ගණනින් වියදම් කොට පුළුල් කොට නවීන කෙරේ. එහෙත් වේග සීමා නීති ගැලපෙන්නේ අතීතයට ය. වේගය නූතන ජීවිතයේ ඉතා වැදගත් සාධකයක් ලෙස සැලකේ.
මෝටර් රථයකින් හැතැප්ම 100ක ගමනක් යන්නට පැය පහක කාලයක් ගතවූ යුගයක් තිබුණි. අපඅපේක්ෂාකරන්නේඒතත්ත්වයතවදුරටත්රැකගැනීමටනම්අපටඅනාගතයක්තිබිය නො හැකි ය.
වේගයට සීමාවක් තිබිය යුතු වුවත්, ඒ සීමාව නවීන ලෝකයට ගැලපිය යුතු ය. වර්තමාන ශ්රී ලංකාවේ නගර හා නොවන සියලු සීමාවන්ට අදාළ මහාමාර්ග සඳහා භාවිතා වන්නේ මෝටර් රථයක් සඳහා පැයට කිලෝ මීටර් 52ක සීමාවකි. මෙවැනි සීමාවක් පවත්වාගෙන යන්නේ නම්, කෝටි ගණන් වැය කොට මාර්ග නවීකරණය කිරීමේ තේරුමක් තිබේ ද?
නීති උල්ලංඝනය කරන්නන්ගේ ගමන් බලපත්රය පොලීසිය ලබා ගනී. හදිසියේ මාතර සිට අනුරාධපුරය බලා මෝටර් රථයෙන් වන්දනාවේ යන පුද්ගලයෙකුට දඩය ගෙවනවාට අතිරේකව ගමන් බලපත්රය ලබාගැනීම සඳහා නැවත අනුරාධපුරයට යන්නට සිදුවේ. මෙවැනි බහුබූත ක්රමයක් ක්රියාත්මක වන එකම රට ශ්රී ලංකාව විය හැකි ය.
දැන් මෝටර් සයිකල්වලින් ගමන් කරන්නන්ට අලුත් තහංචියක් පනවා තිබේ. ඒ අනුව දෙදෙනෙකු හැර කුඩා දරුවකු වුවත් මෝටර් සයිකලයේ ගෙනයාම සපුරා තහනම් කිරීම ය.
මෝටර් සයිකලය පහළ මැද පන්තික ජනයාගේ ජනප්රියම පවුලේ වාහනය යි. පියා රැකියාවට යන්නට පෙර දරුවන් පාසලට රැගෙන යන්නේ මෝටර් සයිකලයෙනි. රටේ වාහන සංචිතයේ තිබෙන වාහනවලින් 1.5%ක් මෝටර් රථය. 1.2%ක් ත්රීවිලර් ද වන විට 6.3%ක් ම මෝටර් සයිකල් ය. පවුලේ වාහනය වශයෙන් මෝටර් සයිකල් පරිහරණයට අනුබල දෙනවා වෙනුවට එය අධෛර්යය කරන ප්රතිපත්තියක් රටේ යහපතට හේතු වන්නේ නැත. මෝටර් සයිකල් සඳහා පනවා තිබෙන මෙම අලුත් තහංචිය මෝටර් සයිකල් පරිහරණය කරන ජනයා කබලෙන් ළිපට ඇද දැමීමට සමාන ය. •