ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කැඳවන ලද සර්ව පාක්ෂික සම්මේලනය බැ?රුම් ලෙස සලකන තත්ත්වයක් රටේ නොතිබුණ ද, එම සම්මේලනයේ විද්වත් උපදේශකමණ්ඩලය කෙටි කාලයක් තුළ බැ?රුම් කාර්ය භාරයක් සම්පූර්ණ කිරීමට සමත් වී තිබෙන බව පෙනේ. විද්වත් උපදේශක මණ්ඩලයට එකට එකතු වී තනි තනි යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට සමත් වී නැතත්, කණ්ඩායම් දෙකක් ලෙස දෙකට බෙදී යෝජනාවලින් දෙකක් ඉදිරිපත් කිරීමට හැකිවීම ද දේශපාලන අර්ථයෙන් ඉතා වැදගත් ඉදිරි පියවරක් ලෙස සැලකිය හැකිය.
“ඒ” කණ්ඩායම ඉදිරිපත් කළ වාර්තාව බහුතර කණ්ඩායමේ වාර්තාව ලෙස සැලකිය හැකි අතර, එම කණ්ඩායම නියෝජනය කළ පිරිස එකොළහකි. “බී” කණ්ඩායම නියෝජනය කළ අයගේ සංඛ්‍යාව හතරක් වුවද, “බී” කණ්ඩායමේ වාර්තාව දැඩි සිංහලවාදී ආකල්පයක පිහිටා ක්‍රියා කරන ජවිපෙ හා ජාතික හෙළ උරුමයේ අදහස් නියෝජනය කළ වාර්තාව ලෙස සැලකිය හැකිය.
එකොළොස් දෙනාගේ කණ්ඩායම් වාර්තාව තරමක් දීර්ඝය. වෙනම රාජ්‍යයකට ඉඩක් නැති එහෙත් උපරිම බලය බෙදාහැරීමකට ගැලපෙන යෝජනාවලියක් ඊට ඇතුළත්ය. එය බලය බෙදාහැරීම් ඒකකය ලෙස තෝරාගෙන ඇත්තේ පළාතය. බලය බෙදාහැරෙන පළාත ඒකකයකට වෙන්වීමකට ඉඩක් නොලැබෙන පරිදි පළාත් ආණ්ඩුවක් රාජ්‍යයේ ඒකත්වයට තර්ජනයක් වන අවස්ථාවකදී කේන්ද්‍රයට මැදිහත් වී ක්‍රියාකිරීමේ අතිවිශාල බලයක් ද ලබාදී තිබේ. කේන්ද්‍රය හා පරිධිය අතර සම්බන්ධය බොහෝ දුරට ඉන්දීය ආකෘතියට සමානය.
උතුරු නැගෙනහිර පළාත් දෙක අවුරුදු 10ක කාලයකින් පසු පවත්වන ජනමත විචාරණයකට යටත්ව ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාව ද එය අවධාරණය කර තිබේ. එය උතුරු නැගෙනහිර සඳහා යෝජනා කර ඇත්තේ ද තනි කලාප සභාවක් වෙනුවට අභ්‍යන්තර ස්වතන්ත්රභාවයක් සහිත සිංහල හා මුස්ලිම් විශේෂ ඒකක දෙකක් සහිත කලාප සභාවකි.
කේන්ද්‍රයට හා පරිධියට අයත් විෂය ක්ෂේත්‍ර වෙන් වෙන් වශයෙන් පැහැදිලිව නම් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරන එය ඒ දෙකටම පොදුවේ බලපානු ලබන අවප්‍රමාණයක් විෂයයන් හඳුනා ගනිමින් සමගාමී ලැයිස්තුවක් සැකසීමේ අවශ්‍යතාව ද අවධාරණය කර තිබේ.
රාජ්‍ය ආරක්ෂාව, ජාතික ආරක්ෂාව, විදේශ කටයුතු ආගමන විගමන, පුරවැසිභාවය, විදුලි සංදේශ, ජාතික ප්‍රවාහන, ජාත්‍යන්තර වෙළෙඳාම, වෙරළබඩ කලාප, නැව් හා නාවික ගමනාගමනය වැනි විෂයන් කේන්ද්‍රයට අයත් විය යුතු විෂයයන් බව ද වාර්තාවේ සඳහන් වේ.
ද්වි මණ්ඩල ව්‍යවස්ථා සභාවක අවශ්‍යතාව ද, තෝරා පත්කර ගන්නා ජනාධිපතිවරයා නියෝජනය කරන ප්‍රජාවන්ට අතිරේක ප්‍රජාවෙන් නියෝජනය කිරීම සඳහා උප ජනාධිපතිවරුන් දෙදෙනෙකු පත්කර ගැනීමේ ක්‍රමයක් ඇති කරගැනීමේ අවශ්‍යතාව ද එය අවධාරණය කර තිබේ.
උඩරට වතු දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් සම්පූර්ණ කිරීම සඳහා නුවරඑළිය හා අඹගමුව ප්‍රදේශය සඳහා ද හැටන්-දික්ඔය, තලවාකැලේ-ලිඳුල නගර සභා ද නුවරඑළිය නගර සභා බල ප්‍රදේශ යා කොට සංස්කෘතික වැදගත්කමක් ඇති කලාප සභාවක් ඇති කිරීමේ වැදගත්කම ද අවධාරණය කර තිබේ.
පරිධිය හා කේන්ද්‍රය අතර ඇතිවන ගැටුම් නිරාකරණය කිරීම සඳහා ඉදිරිපත් කර තිබෙන යෝජනා මෙසේය.
ඇතිවන ගැටලු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වන මහ ඇමති සමුළුවේදී සාකච්ඡා මගින් නිරාකරණය කරගැනීමට උත්සාහ කළ යුතුයි.
ඒ ආකාරයට නිරාකරණය කරගැනීමට අසමත් ප්‍රශ්න ඇතොත් සෙනට් මණ්ඩලය මගින් ඇති කරන සමත මණ්ඩලයට ඉදිරිපත් කළ යුතුය.
එසේ ද නිරාකරණය කරගත නොහැකි ගැටලු ඇති අවස්ථාවලදී ඒවා අලුතෙන් ඇති කිරීමට යෝජිත ව්‍යවස්ථා අධිකරණයට ඉදිරිපත් කළ යුතුය.
බී වාර්තාව සකස් කළ හතරදෙනාගේ විද්වත් කණ්ඩායම ද දැන් තිබෙන පළාත් පදනම් කොටගෙන බලය බෙදාහැරීමේ වැඩපිළිවෙළකට විරුද්ධ නැත. එහෙත් ජනවර්ග පදනම් කොටගෙන පළාත් බෙදන වැඩපිළිවෙළකට තරයේ විරුද්ධය. බලය බෙදාහැරීමේ වැඩපිළිවෙළකදී රාජ්‍යයේ ආරක්ෂාවට ප්රමුඛ වැදගත්කමක් දිය යුතුය. උතුරු නැගෙනහිර ප්‍රදේශ සම්ප්‍රදායික දෙමළ නිජබිම් ලෙස සලකා ක්රියාකරනවාටද තරයේ විරුද්ධය. වාතය, ජලය හා ඉඩම් වර්ග භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයන් සතු පොදු සම්පත් ලෙස සැලකිය යුතුය. ජාතික ආරක්ෂාව සලකා විවිධ පළාත්වල තිබෙන වරාය හා ගුවන් තොටුපළවල්වල ද ඒවාට අයත් භූමිය ද කේන්ද්‍රය සතු විශේෂ ප්‍රදේශ සලකා ඒවා කේන්ද්‍රයේ පාලනය යටතේ ඇති ප්‍රදේශ වශයෙන් පවත්වාගෙන යා යුතුය.
භාෂාව සම්බන්ධයෙන් හතර දෙනාගේ විද්වත් කණ්ඩායමේ මතය වී ඇත්තේ ඉංග්‍රීසි භාෂාවට අනවශ්‍ය ලෙස බර තබා ක්‍රියා කරන ප්රතිපත්තියකට නොගොස් සියලු ශිෂ්‍යයන්ට සිංහල හා දෙමළ භාෂා අධ්‍යාපනය අනිවාර්ය කළ යුතු බවය. විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ විභාගය සඳහා මේ භාෂා දෙක අනිවාර්ය විෂයයන් දෙකක් බවට පත් කළ යුතු බවය.
සර්ව පාක්ෂික සම්මේලනයේ විද්වත් මණ්ඩලයට එක කණ්ඩායමක් ලෙස එක වාර්තාවක් ඉදිරිපත් කිරීමට නොහැකි වුවද මේ වාර්තා දෙක අතර, ඒකමතිකභාවයක් ඇති කර ගැනීමට බැරිකමක් නැත. ඉතාමත් වැදගත් වනුයේ මේ අර්බුදය පිළිබඳ පොදු ජාතික එකඟතාවකි.
මේ අර්බුදය කුණුවන්නට ඉඩ හැරීම සිංහල ජාතියේ සේ ම දෙමළ හා මුස්ලිම් ජාතියේ ද ගෞරවයට හේතුවන්නේ නැත. එය රටේ පොදු යහපත පිණිස වන්නේ ද නැත.
එහෙත් සාධාරණ විසඳුමක් සඳහා එවැනි ජාතික පොදු එකඟතාවක් පමණක් ප්‍රමාණවත් නැත. ප්රභාකරන් ප්රමුඛ එල්ටීටීඊ සංවිධානය ද පවතින භූ දේශපාලන යථාර්ථයට නොගැලපෙන වෙනම දෙමළ රාජ්‍යයක් සඳහා වන මනෝරාජික සිහිනය අත්හළ යුතුය. ඒ බව රටට පැහැදිලිව ප්‍රකාශ කළ යුතුය.
වෙනම දෙමළ රාජ්‍යයක් පිළිබඳ ඉලක්කය දැන් පවතින භූ දේශපාලන යථාර්ථය තුළ සපුරාගත නොහැකි බොරු ඉලක්කයකි. එය යථා දේශපාලන තක්සේරුවකින් තොරව දෙමළ ජනතාව සංතෝෂ කිරීම සඳහා ඇති කරගන්නා ලද බොරු ඉලක්කයක් වන අතර, දෙමළ ජාතික ව්‍යාපාරය එවැනි බොරු සිහිනයක් කෙරෙහි යොමු කිරීමට අමිර්තලිංගම් වැනි සම්ප්‍රදායික දෙමළ නායකයින් ද වගකිව යුතුය. එම බොරු ඉලක්කය සිංහල ජනතාව අනවශ්‍ය ලෙස බිය ගන්වා ඔවුන් වාර්ගික අර්බුදයේදී ආධනාග්රාහී ආකල්පයක පිහිටා ක්‍රියා කරන තැනකට තල්ලු කිරීමට හේතුවී තිබෙනවා සේ ම, උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ජීවිත ද කාලකණ්ණි තත්ත්වයකට පත් කිරීමට හේතුවී තිබේ. සපුරාගත නොහැකි බොරු ඉලක්කයක් වෙනුවෙන් මිනිසුන්ගේ ජීවිත පූජා කරවන තැනකට යනවා වෙනුවට සපුරාගත හැකි සාධාරණ ඉලක්කයක් වෙනුවෙන් ඊට ගැලපෙන සටනකට යොමුවූයේ නම් මේ අර්බුදය සියලු දෙනාගේ ගෞරවයට හේතුවන ආකාරයකින් විසඳා ගන්නට හැකිවන්නට ඉඩ තිබුණි. තෝරාගත් ඉලක්කය සඳහා දේශ සීමා ප්‍රදේශ නම් කිරීම අවශ්‍ය වූ අතර, ඒ අරමුණ දිනාගැනීම සඳහා අනුකම්පා විරහිතව යුද්ධ කරන තැනකට යන්නට ද සිදුවිය. ඒ ඉලක්කය නිසා සිංහලයන් සහෝදර ජනතාවක් වෙනුවට සතුරු ජනතාවක් ලෙස ක්‍රියා කරන්නට ද සිදුවිය.
තෝරාගත් ඉලක්කය සපුරාගත නොහැකි යුක්තිසහගත නොවන ඉලක්කයක් බව පිළිගත හැකිනම් ඒ වෙනුවට දෙමළ ජනතාවගේ ඇත්ත දුක්ගැනවිලි පදනම් කොටගත් නව ඉලක්කයක් ඇති කරගත හැකිනම් සියලු දෙනාගේ ගෞරවයට හේතුවන විසඳුමක් ඇති කරගැනීම ද අමාරු නොවන්නේය. ඒ සමග සන්නද්ධ අරගලයක අවශ්‍යතාව ද අහෝසි වී දේශපාලන තලයේ ගනුදෙනු කරන තැනකට යන්නට දෙපාර්ශ්වයටම සිදුවනු ඇත්තේය. වෙනම රාජ්‍යයක අවශ්‍යතාව අත්හල විට දේශපාලන විසඳුමක් තුළ තමන්ගේ ස්වාධීන හමුදා පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ද නැතිවී යයි.
එසේ නොවී සපුරාගත නොහැකි බොරු ඉලක්කයක් වෙනුවෙන් දිගින් දිගට සටන් කරන ඒ වෙනුවෙන් දිගින් දිගට දිවි පුදන ක්‍රියාමාර්ගයක් දෙමළ ජනතාවගේ ජීවිත සේ ම රටේ පැවැත්ම ද තව තව කාලකණ්ණි කිරීමට හේතු වනවා මිස, කිසිවකුගේ යහපතට හේතුවන්නේ නැත. සුනන්ද දේශප්‍රිය පසුගිය කලාපයට ලියන ලද ලිපියෙහි නාමල් සිය මේසය ඉදිරිපිට බිත්තියේ අලවාගෙන ඇති උදාන වාක්‍යයක් උපුටා දක්වා තිබිණි. ““ඔබ කොපමණ දුර ඇවිත් තිබුණ ද, පාර වැරදී ඇති බව තේරෙන්නේ නම්, ආපසු හැරෙන්න.”” යන්න එයින් කියවෙන පණිවුඩයයි. දෙමළ ජාතික ව්‍යාපාරය ද තමන්ට පාර වැරදී ඇත්දැයි බැ?රුම් ලෙස ආපසු හැරී බැලිය යුතුය. පාර වැරදී ඇති බව පෙනෙන්නේ නම් ආපසු හැරෙන්න ලැජ්ජා නොවිය යුතුය. අවංකව ආපසු හැරී බැලීමක් කරන්නේ නම් ඔවුන්ගේ පැත්තෙන් කර තිබෙන ජීවිත පරිත්‍යාගයන්ගේ ප්‍රමාණය කොතරම් විශාල වුවත් පාර වැරදී ඇති බව ඔවුන්ට තේරුම් යනු නොඅනුමානය. එවැනි අවංක ආපසු හැරී බැලීමක් සිංහල ආකල්ප ද මටසිලිටු කිරීමට හේතුවනු නොඅනුමානය.
සේකර