රවිට මල් මිටක්

May 25, 2003
Publication:
The editorial congratulates Commerce Minister Ravi Karunanayake on winning his long fight against the gas monopoly for the consumer's benefit, and urges laws, as in many countries, to prevent monopolies in any sector.

ගෑස් ඒකාධිකාරයට එරෙහිව වාණිජ ඇමති රවි කරුණානායක මහතා දිර්ඝ කාලයක් තිස්සේ ඒක පුද්ගල අරගලයක යෙදුණේ ය. සාමාන්‍යයෙන් දේශපාලකයින් බහුජාතික ව්‍යාපාර සමග රණ්ඩු කරන ප්‍රතිපත්තියකට යන්නේ නැත. සිදුවන්නේ ඔවුන් සමග දිග කන ප්‍රතිපත්තියකට යාම ය. එහෙත් මෙම විෂයයේ දි වාණිජ ඇමතිවරයා ගෑස් ඒකාධිකාරයට එරෙහිව දිර්ඝ අරගලයක නිරත වූවා පමණක් නො ව, අවසානයේදි පාරිභෝගිකයාට සහනයක් ලැබෙන ආකාරයට ඒ අරගලය ජයගන්නට ද සමත් වූයේ ය. අපි ඔහුට සුභ පතමු.

ඒකාධිකාරි ව්‍යාපාරයන්ට එරෙහිව අරගල කරන ප්‍රතිපත්තියක් ගෑස් විෂයයට පමණක් සීමා නො විය යුතු ය. මොනම වාණිජ විෂයයකටවත් ඒකාධිකාරි ව්‍යාපාරයකට ඉඩ නො තැබිය යුතු ය. බොහෝ රටවල් ඒකාධිකාරි තත්ත්වයක් පවත්වාගෙන යාමට ඉඩ නො ලැබෙන නීති ඇති කොට ඇති අතර, එවැනි ක්‍රමයක් ශ්‍රී ලංකාව සඳහා යොදාගත යුතු ය.