පොදු පෙරමුණු පාලන යුගයේදි යුද්ධ අධිපතියා ලෙස සැලකුණේ ද.මු. දසනායක හෙවත් තලගොයා ය. ඔහුගේ යුගයේ, විරුද්ධ පක්ෂෂයේ ක්රියාකරුවන් සම්බන්ධයෙන් ඔහු පවත්වාගෙන ගියේ අනුකම්පා විරහිතව ඔවුන් මර්ධනය කරන පිළිවෙතකි. හැම ලොකු කුඩා ඡන්දයකදිම ඔහු උපරිම ලෙස චණ්ඩිකම් කළේය. විරුද්ධ පාක්ෂෂිකයන්ට පහර දුන්නේය. වද හිංසා කළේය. ගෙවල් ගිනි තැබුවේය. මැතිවරණවලදි ඡන්ද මධ්යස්ථානවලට කඩාපැන බලහත්කාරයෙන් ඡන්ද පෙට්ටි පුරවන ප්රතිපත්තියක් අනුගමනය කළේය.
ආනමඩුව කලාපයට පොලිස්පති වූයේද තලගොයාය. පොලීසිය, ඔහු හා ඔහුගේ ගෝල බාලයන් කරන මැරකම්වලට රැකවරණය දුන්නේය. චණ්ඩිකම් සඳහා පොලීසියේ ආයුධ අවශ්ය අවස්ථාවලදි පොලීසිය සිය ආයුධ පවා ඔවුන්ට ලබාදෙන පිළිවෙතක් අනුගමනය කළේය.
එජාප ලැබූ මැතිවරණ ජයග්රහණයෙන් පසුව දැන් තලගොයා ඉන්නේ රක්ෂෂිත බන්ධනාගාරයේය. ප්රදේශවාසීන් කියන ආකාරයට දැන් ඒ වෙනුවට ප්රදේශයේ රජ කම ලැබී ඇත්තේ කබරගොයෙකුටය. පොලිස් නිලධාරීයෙක් වූ රංග බණ්ඩාර එජාප විසින් ආනමඩුවට ඉදිරිපත් කෙරුණේ තලගොයා ගේ චණ්ඩිකම්වලට මුහුණ දිය හැකි සුදුසුම මිනිසා රංග බණ්ඩාර ලෙස සලකාය. රංග බණ්ඩාර දමූගේ චණ්ඩිකමට එරෙහිව චණ්ඩිකමින් මුහුණ දි ප්රදේශය ජය ගත්තේය. දෑන් ආණමඩුව ප්රදේශයේ නව යුද්ධ අධිපතියා බවට පත්ව සිටින්නේ රංග බණ්ඩාර ය.
ඔහු ද.මූ. ගේ සැහැසිකම්වලට එරෙහිව එජාප සාහසිකයෙකු ලෙස නැගීසිටිමින් වඩා සාහසික පාලනයක් ඇති කර ගැනීමට සමත්ව සිටී. ද.මු.ගේ සාහසික පාලන කාලය තුළ ඔහුගේ සැහැසිකම්වලින් බැට කෑ අය අද රංග බණ්ඩාරගේ සාහසික හමුදාවට එකතු වී තමන්ට එදා පහර දුන් අයට එරෙහිව අනුකම්පා විරහිතව පෙරළා පහර දෙන පිළිවෙතක් අනුගමනය කරමින් සිටිති.
රක්ෂෂිත බන්ධානාගාරයේ සිටින ද.මු. ප්රකාශ කරන ආකාරයට ඔවුන් ඔහුගේ රියදුරා මරා දෑම්මේය. ආරක්ෂෂාකයා ද මරා දැම්මේය. ඡන්දයෙන් පසුව මේ දක්වා මරා දමා තිබෙන පාක්ෂෂිකයන්ගේ ගණන 9 කි. පහර දි අත පය කඩා දමා තිබෙන පාක්ෂෂිකයන්ගේ ගණන 250කි. ගිනි තබා විනාශ කර දමා ඇති ගෙවල් ගණන 150 කටත් වැඩිය. අඩුම වශයෙන් ද.මු.ගේ කුඩා දියණයට මැතිවරණයෙන් පසුව පාසලට යා හැකි තත්ත්වයක් නොපවතී. දැන් ප්රදේශයේ පොලීසියද ද.මූ ගේ සැහැසිකම්වලට ආධාර කළා සේ රංග බණ්ඩාර ගේ සැහැසිකම්වලටත් ආධාර කරන ප්රතිපත්තියක් අනුගමනය කරමින් සිටී.
එදා එජාප පාක්ෂෂිකයන්ට පොලීසිය තහනම් ය. අද පොදු පෙරමුණු පාක්ෂෂිකයන්ට පොලීසිය තහනම් ය.
එදා ද.මු.ගේ සැහැසිකම් ඉදිරියේ ජනාධිපතිනිය ඇස් වසා ගෙන සිටින ප්රතිපත්තියක් අනුගමනය කළා සේ මෙදා අගමැති රනිල් වික්රමසිංහ ද රංග බණ්ඩාර ගේ සැහැසිකම් ඉදිරියේ ඇස් වසා ගෙන සිටින ප්රතිපත්තියක් අනුගමනය කරයි.
ආනමඩුවේ දේශපාලන විරුද්ධවාදින්ට එරෙහිව කෙරෙමින් තිබෙන ප්රචණ්ඩ ක්රියා ද.මු. දසනායක යුගයේදි සිදුවූ ප්රචණ්ඩ ක්රියාවලට තර්කානුකූල ප්රතිඵලයක් වේ යැයි සළකා ඒ ඉදිරියේ නිහඬව බලා සිටින ප්රතිපත්තියක් අනුගමනය කිරිමේ අයිතියක් කිසිම ශිෂ්ට සම්පන්න ආණ්ඩුවකට තිබිය නොහැකිය. ද.මු.ගේ පාලන කාලය තුළ සිදුවූ සාහසිකකම්වලට වගකිව යුතු අයට දඬුවම් කළ යුත්තේ ඔවුන් නීතිය ඉදිරියට පමුණුවාලීමෙන් මිස ඔවුන්ට එරෙහිව ප්රතිපක්ෂෂය නීතිය අතට ගැනීමෙන් නොවේ. එහි සිදුවන සාහසිකකම් ඉදිරියේ ආණ්ඩුවේ නායකයන් ඇස්වසාගෙන සිටින ප්රතිපත්තියක් අනුගමනය කළහොත් ඒ වැරදි ආදර්ශය වෙනත් ප්රදේශවලද ක්රියාත්මක විය හැකිය. ශිෂ්ට සම්පන්න පාලනයක් තුළ පක්ෂෂ භේදයකින් තොරව හැම කෙනෙකුටම නීතියේ රැකවරණය ලැබිය යුතුය.
ඓතිහාසික තීක්දුවක්
පොලිස් අධිකාරි සේවයට ඉල්ලුම්කොට උසස්වීම් නොලැබූ සහකාර පොලිස් අධිකාරිවරුන් 46 දෙනකු ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පහක් සළකා බැලූ ශ්රේෂ්ඨාධිකරණය එම පෙත්සම් පහට අදාළ ඉතා වැදගත් තීන්දුවක් පසුගිය 11 වැනිදා ප්රකාශයට පත් කළේය.
මේ උසස්වීම් ලබාදිම සඳහා යොදා ගැනුණු ක්රියාවලිය සාධාරණව සිදුකර නැති බව තීරණය කළ ශ්රේෂ්ඨාධිකරණය ලබාදි තිබුණු උසස්වීම් අත්හිටුවූවා පමණක් නොව එම උසස්වීම් සඳහා නැවත සාධාරණ පරික්ෂෂණයක් පවත්වන ලෙස ද නියම කරමින් මේ අගතිගාමී පරික්ෂෂණයට සම්බන්ධ නිලධාරින් පස් දෙනා එම පරික්ෂෂණයට ඇතුළත් නොකළ යුතු බවට නියෝග කෙරුණා පමණක් නොව ඒ නිලධාරින් පස්දෙනාම සිය පුද්ගලික මුදලින් වන්දියක් ද ගෙවීමට නියම කිරිමෙන් නොනැවතී ඔවුන්ගේ ක්රියාකලාපය අල්ලස් හෝ දූෂණ විමර්ශන නීතියට ගැනෙන්නේ නම් විමසා ඒ බව ශ්රේෂ්ඨාධිකරණයට වාර්තා කරන ලෙස ද නීතිපතිවරයාට නියෝග කළේය.
පොලිස්පති ලකී කොඩිතුවක්කු මහතාට හා හිටපු ආරක්ෂෂක ලේකම් චන්දානන්ද සිල්වා මහතාට සිය පුද්ගලික මුදලින් රුපියල් 50,000 බැගින් වන වන්දි මුදලක් ද සංස්කෘතික අමාත්යංශයේ ලේකම්, තැපැල් හා විදුලි සංදේශ අමාත්යංශ ලේකම් හා විදේශ අමාත්යංශයේ අතිරේක ලේකම් යන තිදෙනාට සිය පුද්ගලික මුදලින් රුපියල් 20,000 බැගින් වන වන්දි මුදලක්ද ආණ්ඩුවට රුපියල් ලක්ෂෂ 3 ක් යන ආදි වශයෙන් පෙත්සම්කරුවන් 46 දෙනා සඳහා රුපියල් 460000 ක වන්දි මුදලක් ගෙවීමට ද නියමිත විය.
පොලිස් අධිකාරි නිලයට උසස්වීම් ලබාදිම සඳහා පවත්වන ලද සම්මුඛ පරික්ෂෂණයේදි පරික්ෂෂණ නිලධාරින් පිළිගත් ප්රමිතීන් නොසලකා ක්රියා කර ඇති බව නඩු විභාගයෙන් මනා ලෙස ඔප්පු විය. දේශපාලකයන්ගේ උවමනාව මත දේශපාලන කෝණයකින් බලා උසස්වීම් ලබාදිමේ උවමනාව ඊට හේතු වන්නට ඇති බවට සැකයක් නැත. ඒ ධර්මතාව රැකියාවන්ට අලුත්ින් පුද්ගලයන් බඳවා ගැනීමේ ක්රියාවලියේ සිට උසස්වීම් ලබාදෙන ක්රියාවලිය දක්වාම ක්රියාත්මක වේ.
එහෙත් මේ නඩු තීන්දුව නිසා මින් මතු රාජ්ය නිලධාරින්ට දේශපාලන බලපෑම්වල දි දෙවරක් කල්පනා කරන්නට සිදුවනු නොඅනුමානය. මේ නඩු තීන්දුවෙන් විශද වන දර්ශනය අනාගතය කෙරෙහිද බලපායි. එය ස්වාධීන රාජ්ය සේවයක් ගොඩනගාගැනීම සඳහා අවශ්ය ශක්තිමත් පදනමක් ලබාදෙන නඩු තීන්දුවක් ලෙසද සැලකිය හැකිය.
මණ්ඩලයක් ලැබීම නිසා සිදුවූ වරද නිවැරදි කර ගැනීමට ඔවුන්ට අවස්ථාවක් ලැබුණේය. එසේ නොවන්නට ඔවුන්ගේ ඉරණමද ඛේදජනක වන්නට ඉඩ තිබුණි.
ශ්රේෂ්ඨාධිකරණයට යන ගමන සූදුවක් විය යුතු නැත. සෑම විනිශ්චය මණ්ඩලයක්ම පිළිගත් පොදු ප්රතිපත්තියක් මත පිහිටා මූලික අයිතිවාසිකම් පෙත්සම් ගැන සළකා බලන තත්ත්වයක් පවත්වාගෙන යාමට ශ්රේෂ්ඨාධිකරණයට හැකි විය යුතුය. එහෙත් මීට පෙර මෙතරම්ම බරපතල හා සාධාරණ කාරණා ඇතිව ශ්රේෂ්ඨාධිකරණයට පැමිණ සාධාරණය ඉටු නොවීම නිසා පොලිස් සේවයට ආයුබෝවන් කියා රට හැර ගිය පිරිසට මේ තීන්දුව නිසා ඇතිවන හැගීම කුමක් විය හැකිද? හරි විනිශ්චය මණ්ඩලයක් නොලැබීම නිසා තමන්ගේ ජීවිත කාලකණ්ණ වූයේ යැයි කියන හැගීමක් ඔවුන් තුළ ඇතිවනු නොවැළැක්විය හැකිය.