වඩා වැදගත් ප්‍රතිසංස්කරණ දිනා ගැනීමයි

July 8, 2001
Publication:
What matters in the crisis is not who wins but whether reforms are secured. The government has refused even to enact the five commissions the JVP demanded as its price for opposing the no-confidence motion, so the task falls to the opposition, which can do it only through an all-party government. The editorial criticises the JVP for failing to commit to joint action, or to press its own demand to abolish the presidency, when the opposition has the numbers.

මේ අර්බුදයේ දි රටට වඩා වැදගත් වනු ඇත්තේ එය කව්රුන් ජයගනී ද යන ප්‍රශ්නය නොව මේ අර්බුදය නිසාවත් රටේ ආරක්ෂෂාව සඳහා අවශ්‍ය වී තිබෙන මූලික ප්‍රතිසංස්කරණ දිනාගැනීමට රට සමත් වේද නැද්ද යන ප්‍රශ්නයයි.

ඉදිරිපත් වී තිබෙන මෙම ප්‍රතිසංස්කරණ යෝජනා කිසිවක් නීතිගත කිරීමට ආණ්ඩුවට අවශ්‍යතාවක් නැති බව නම් ඉතා පැහැදිලි ය. විශ්වාස භංග යෝජනාවට සහාය දෙනවාද නැද්ද යන්න සලකා බැලීම සඳහා කොමිෂන් සභා පහ නීතිගත කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගට ම ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ ය. මේ මොහොතේ දි ජනතා විමුක්ති පෙරමුණෙන් සහාය ලබාගැනීම සඳහාවත් ඒවා නීතිගත කිරීමට ආණ්ඩුව එකග නොවීමෙන් පෙනී යන්නේ ඒ කිසිම ප්‍රතිසංස්කරණයක් ලබාදිමට ආණ්ඩුව එකග නැති බවය.

මේ තත්ත්වය ඉදිරියේ ඒවා නීතිගත කරවා දිමේ වගකීම පැවරි ඇත්තේ විපක්ෂෂයට ය. එහෙත් විපක්ෂෂය විපක්ෂෂයේ සිටින තෙක් ඒවා හදිසි අවශ්‍යතාවක් ලෙස නීතිගත කරවීමේ හැකියාවක් නොපවතී. එසේ කළ හැකිවනු ඇත්තේ එම ප්‍රතිසංස්කරණ නීතිගත කරවා ගැනීමේ අරමුණ සඳහා පමණක්වත් සර්ව පාක්ෂෂික ආණ්ඩුවක් ඇතිකර ගැනීමේ අරමුණ දිනාගැනීමට විපක්ෂෂයට හැකිවේ නම් පමණ ය.

මෙවැනි විශේෂ අවස්ථාවක දි හැර බහුතර බලයක් ඇති කිසිම පක්ෂෂයක් මෙවැනි ප්‍රතිසංස්කරණ යෝජනාවලියකට එකගවනු ඇතැයි සිතිය නොහැකි ය. එම ප්‍රතිසංස්කරණ වුවමනාවන් දිනා ගැනීමට තිබෙන හොඳම අවස්ථාව මෙය වෙතත් ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂෂයක් පවා ඒ ගැන පැහැදිලි තීන්දුවක් ගෙන නොතිබීම තිබෙන තත්ත්වය ව්‍යාකූල කිරීමට හේතු වී තිබෙන තවත් ප්‍රධාන සාධකයකි. මෙම ප්‍රතිසංස්කරණ සඳහා විරුද්ධ පක්ෂෂ අතර පොදු එකගතාවක් ඇත්නම් ඒ අරමුණ ජයගැනීමට අවශ්‍ය බහුතර බලයක් විරුද්ධ පක්ෂෂය සතු ය. ජනතා විමුක්ති පෙරමුණ මෙම ප්‍රතිසංස්කරණ යෝජනාවලියට විරුද්ධ නැතත් ඒවා ජයගැනීම සඳහා එක්ව ක්‍රියාකිරීමට ඇති කැමැත්ත ප්‍රකාශ කර නැත. ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ එකගතාවක් ඇතොත් ආණ්ඩු පක්ෂෂයේ කිසිම සහායක් නැතිව වුවත් එම ප්‍රතිසංස්කරණ අරමුණු නීතිගත කරවා ගැනීම සඳහා යම් වැඩ පිළිවෙළක් ක්‍රියාවට නැංවිය හැකි ය.

විධායක ජනාධිපති ක්‍රමයට ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ ය. එහෙත් මෙවැනි අවස්ථාවක දි ඒ ඉල්ලීම බලවත් ලෙස ඉදිරියට ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියට නොඑන්නේ ඇයිද යන්න තේරුම් ගැනීම අමාරුය.

ඇති වී තිබෙන මෙම වාසිදායක තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් ප්‍රතිසංස්කරණ දිනාගැනීමට අසමත් වෙතොත් එහි නරක ඵල විපාක ජනතාව කෙරෙහි පමණක් නොව ජවිපෙ වැනි පක්ෂෂ කෙරෙහි ද බලපානු ඇත.