සම්මානය සහ අධිකරණයේ අර්බුදය

June 11, 2000
Publication:
Ravaya received the Editors' Guild's Sepala Gunasena award for defending judicial independence. Ivan recounts the background: his and W.A.B. Jayasekera's petitions to disbar Attorney General Sarath N. Silva, Ravaya's exposure of magistrate Lenin Ratnayake and district judge Upali Abeyratne, the Bar Association's call for inquiries that found both guilty, the lenient penalties, and the protests by lawyers and MPs before Silva was made Chief Justice in September 1999.

කර්තෘ සංසදය වාර්ෂිකව පිරිනමන සම්මාන ප්‍රදානයේදි මෙවර “ශ්‍රී ලංකාවේ පුවත්පත් නිදහස සුරැකීම සඳහා ක්‍රියාත්මක වූ අභීත පුවත්පත් කලාව” වෙනුවෙන් පිරිනැමෙන සේපාල ගුණසේන සම්මානය පිරිනැමුණේ “රාවය” ට ය. අදාළ හේතු පාඨයේ සඳහන් වන පරිදි විනිශ්චය මණ්ඩලය එම සම්මානය පිරිනැමීම පිණිස සැලකිල්ලට ගෙන ඇති ප්‍රධානම කාරණාව වී ඇත්තේ රාවය අධිකරණයේ ගෞරවය හා ස්වාධීනත්වය වෙනුවෙන් පුවත්පතක් වශයෙන් කරන ලද අරගලයය.

මේ විෂයය සඳහා වන සම්මානය රාවයට ලැබීම ගැන ්රාවය”ට සතුටු විය හැකි වුවත්, සරත් එන්. සිල්වා මහතා අග්‍රවිනිශ්චයකාර ධුරයට පත්කිරීම ආශ්‍රයෙන් අධිකරණයේ මතුවී තිබෙන අතිවිශාල අර්බුදයට එය විසඳුමක් නොවන නිසා මේ සම්මාන ප්‍රදානය අවස්ථාවක් කරගනිමින් නැවත එම ප්‍රශ්නය ගැන කරුණු සලකා බැලීමක යෙදිම ඉතා වැදගත් ය.

එවකට නීතිපතිව සිටි සරත් එන්. සිල්වා මහතාට එරෙහිව විෂමාචාර චෝදනා මත ඒ මහතාගේ නම නීතිඥ නාමලේඛනයෙන් කපා හරින ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කොට තිබූ පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය විමර්ශනයට ගෙන තිබුණු අවස්ථාවක ඒ බව ද නොසලකා ජනාධිපතිනිය සරත් එන්. සිල්වා මහතා අග්‍රවිනිශ්චයකාර ධුරයට පත්කරන ලද්දේ පසුගිය වසරේ සැප්තැම්බර් 16 වැනිදාය. එම පෙත්සම් දෙකෙන් එකක් ඉදිරිපත් කර තිබුණේ මා ය. අනෙක වරලත් රසායන ඉංජිනේරුවකු වූ ඩබ්.ඒ.බී. ජයසේකර මහතා ය.

මා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමෙන් කියවුණේ සංවිධානාත්මක මුදල් වංචාවක් මත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් පලවා හරිනු ලැබ සිය අපරාධකාරි ඉතිහාසය වසන් කොට අධිකරණ සේවයට එකතු වූ පුද්ගලයකු තමන් ඉදිරියේ ඇසෙන නඩුවකට සම්බන්ධ කාන්තාවක් දූෂණය කිරිමේ සිද්ධියක් පිළිබඳව “රාවය” විසින් කරන ලද හෙළිදරව්වකින් පසුව ඒ පිළිබව කෙරුණු පරික්ෂණවලදි ස්ත්‍රී දූෂක මහේස්ත්‍රාත්වරයාට තිබුණු හිතවත්කම මත නීතිපති ධුරය ඉසිලු සරත් සිල්වා මහතා ඒ මහේස්ත්‍රාත්වරයා ආරක්ෂා කිරීමට සිය නිල බලය අයථා ලෙස පාවිච්චි කිරීම පිළිබඳ කතාවකි.

ජයසේකර මහතාගේ පෙත්සමෙන් කියවුණේ ඒ මහතාගේ ජීවිතය අඳුරු කිරීමට හේතුවූ ශෝකජනක කතාවකි. එය ද “රාවය” විසින් ඊට පෙර හෙළිදරව් කර තිබුණු කතාවකි.

ජයසේකර මහතා විවාහක දෙදරු පියකු වනවිට සරත් සිල්වා මහතා ද විවාහක එක් දරු පියකු විය. ජයසේකර මහතා වෘත්තීයවේදින්ගේ සංගමයේ ආරම්භකයකු හා ක්‍රියාකාරි පුද්ගලයකු වූ අතර, එම සංගමයේ කටයුතුවලට ක්‍රියාකාරි ලෙස සම්බන්ධ වූ පුද්ගලයකු වශයෙන් ජයසේකර මහතා හා සරත් සිල්වා මහතා අතර කිට්ටු හිතවත්කමක් ගොඩනැගී තිබුණි. එකල සරත් සිල්වා මහතා අභියාචනාධිකරණයේ ජේ‍යෂ්ඨ විනිසුරුවරයෙකු වූ අතර, ඒ මහතා නිතර ජයසේකර මහතාගේ නිවසට ආව ගියේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් සරත් සිල්වා මහතා හා ජයසේකර මහතාගේ බිරිඳ අතර සම්බන්ධයක් ගොඩ නැගුණි. සිය පවුලේ ගෞරවයට හේතු නොවන එම අනියම් සම්බන්ධය වැළකීමට ජයසේකර මහතා උත්සාහ කළත් එය අසාර්ථක විය. මේ සම්බන්ධය දුරදිග යාමේ ප්‍රතිඵලයක් වශයෙන් ජයසේකර මහතාගේ බිරිඳ සිය වෛවාහක නිවස අතහැර සරත් සිල්වා මහතාගේ නිවසේ පදිංචියට ද ගියා ය.

අවසානයේ ජයසේකර මහතා සරත් සිල්වා මහතාට හා සිය බිරිඳට එරෙහිව ඒ දෙදෙනා සම වගඋත්තරකරුවන් කරමින් කොළඹ දිසා අධිකරණය ඉදිරියේ නඩු පැවරිය. සරත් සිල්වා මහතා විසින් තම පවුල් ජීවිතය කඩා ඉහිරවීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක වන්දියක් සරත් සිල්වා මහතාගෙන් ඉල්ලා සිටි අතර, සරත් සිල්වා මහතා සමග ගතකරන අනාචාර ජීවිතය සලකා සිය බිරිඳ සමග ඇති කරගෙන තිබෙන විවාහ ගිවිසුම ශූන්‍ය කරන ලෙස ජයසේකර මහතා මෙම නඩු පැවරීම මගින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. මෙම නඩුව පවරන අවස්ථාව වනවිට සරත් සිල්වා මහතා අභියාචනාධිකරණයේ සභාපති ධුරය ඉසිලී ය.

මේ නඩුවේදි නඩුව විමසූ දිසා විනිසුරුවරයා ක්‍රියාකර තිබුණේ නීතියට අනුකූලව ක්‍රියාකරන විනිශ්චයකාරවරයකු ලෙස නොව සරත් සිල්වා මහතාගේ වුවමනාවන්ට අනුව ක්‍රියාකරන රූකඩයක් ලෙසය. නඩුව ආරම්භයේදිම දිසා විනිසුරුවරයා සරත් සිල්වා මහතා නඩුවේ සම වගඋත්තරකාර තත්ත්වයෙන් මුදාහළේය. ඉන්පසු සරත් සිල්වා මහතා සමග අනාචාර ජීවිතයක් ගෙවමින් සිටි කාන්තාවට රුපියල් දස ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසද ජයසේකර මහතාට නියම කළේය. දිසා විනිසුරුවරයාගේ මේ නීති විරෝධී තීන්දු දෙකට එරෙහිව ජයසේකර මහතා අභියාචනාධිකරණය වෙත අභියාචනා දෙකක් ඉදිරිපත් කර තිබුණි. නියම කර තිබූ රුපියල් දශ ලක්ෂයේ වන්දිය අයකර ගැනීම සඳහා ජයසේකර මහතාගේ නිවස අත්පත් කරගැනීමේ නියෝගයක් ලබාගැනීමට සූදානම් කෙරී තිබුණු තත්ත්වයක් ඉදිරියේ එම අභියාචනා දෙක ඉවත් කරගනිමින් එකගතාවක් ඇතිකර ගැනීමට ජයසේකර මහතාට සිදුවිය.

ඉන්පසු ජයසේකර මහතා දිසාවිනිසුරුවරයාගේ මේ නීති විරෝධී ක්‍රියාකලාපය අධිකරණ සේවා කොමිසමට පැමිණිලිකළේය. අධිකරණ සේවා කොමිසම ඒ ගැන පරික්ෂණයක් ආරම්භ කොට දිසා විනිසුරුවරයා වරදකරුවකු ලෙස තීන්දු කිරීමට ඔන්න මෙන්න කියා තිබෙන අවස්ථාවක සරත් සිල්වා මහතා නීතිපති ධුරයට පත්විය ඒ සමග අධිකරණ සේවා කොමිසම දිසා විනිසුරුවරයාට එරෙහිව එතෙක් පවත්වාගෙන ගිය පරීක්ෂණය ද අභිරහස් ලෙස යටපත් විය.

මේ සිද්ධීන්ට අදාළව මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක හා දිසා විනිසුරු උපාලි අබේරත්නට එරෙහිව පුවත්පත මගින් හඬ නගන අතර, නීතිපතිගේ ක්‍රියා කලාපය පිළිබඳව නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම ගැන අධිකරණ ඇමතිවරයා කරුණු ඉදිරිපත් කිරිමේ ප්‍රතිඵලයක් වශයෙන් නීතිපති කැබිනට් තීන්දු දැනුම් දෙන ප්‍රවෘත්ති සාකච්ඡාවක් වෙත ගෙන්වීමට අධිකරණ ඇමතිවරයා එකග විය 1998 ඔක්තෝබර් 29දා පැවති කැබිනට් තීන්දු දැනුම්දෙන ප්‍රවෘත්ති සාකච්ඡාවට නීතිපති පැමිණ අවස්ථාවේදි මා ඇතුළු ජනමාධ්‍යවේදින් කිහිපදෙනකු නීතිපතිගෙන් කරන ලද ප්‍රශ්න කිරීමට මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය විශාල ප්‍රසිද්ධියක් ලබා දුන්නේය. ඒ හේතු කොටගෙන කලක් රාවය කියවන පාඨකයින්ට පමණක් සීමාවී තිබුණු මේ ප්‍රශ්නය පළල් මහජනතාවගේ ද දෑනගැනීමට හේතුවිය. එය මහජනයා අතර උණුසුම් කතාබහට හේතුවූ මාතෘකාවක් බවට පත. එහිම ප්‍රතිඵලයක් වශයෙන් ලෙනින් රත්නායක හා උපාලි අබේරත්න යන විනිසුරුවරුන් දෙදෙනා සම්බන්ධයෙන් හා නීතිපති සරත් සිල්වා සම්බන්ධයෙන් රාවය දිගින් දිගට නගමින් තිබුන චෝදනා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කතාබහකට හේතුවී ඒ ගැන කුමක් කළයුතුද යන්න තීන්දු කිරීම පිණිස නීතිඥ සංගමය ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරුන්ගේ සමුළුවක් කැඳවීය. 1998 නොවැම්බර් 26 වැනි දින ජනාධිපති නීතිඥ එච්.එල්. සිල්වා මහතාගේ නිවසේ පැවති එම විශේෂ රැස්වීමේදි පහත සඳහන් තීරණ ගනිමින් එම තීරණ අග්‍රවිනිශ්චයකාරවරයා වෙත යොමු කිරීමට තීරණය කළේය.

මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක පිළිබඳවත්, දිසා විනිසුරු උපාලි අබේරත්න පිළිබඳවත් රාවය නගන චෝදනා පරික්ෂා කිරීම පිණිස අග්‍රවිනිශ්චයකාරවරයා විසින් විශේෂ පරික්ෂණ කමිටු දෙකක් ඇති කළ යුතුය.

රාවය නගා තිබෙන චෝදනා නිවැරදි නොවන බව ඔප්පු වුවහොත් රාවයට එරෙහිව නීතිමය වශයෙන් දෑඩි පියවරක් ගතයුතු අතර, රාවය නගා තිබෙන චෝදනා සත්‍ය බව ඔප්පු වුවහොත් විනිශ්චයකාරවරුන්ට දැඩි දඬුවම් පැමිණවිය යුතුය.

පරික්ෂණයේදි විනිසුරුවරුන් දෙදෙනා වරදකරුවන් වේ නම්, රාවය කියන ආකාරයට ඒ වැරදිවලට නීතිපතිගේ සම්බන්ධයක් තිබේද යන්න වෙන් වශයෙන් සොයා බැලිය යුතුය,

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරුන්ගේ සම්මේලනය එම තීරණ අග්‍රවිනිශ්චයකාවරයා වෙත දැනුම්දිමෙන් පසුව අග්‍රවිනිශ්චයකාරවරයා විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව රාවය නගා තිබෙන චෝදනා පරීක්ෂා කර බැලීම පිණිස අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල පරික්ෂණ කමිටු දෙකක් 1998 දෙසැම්බර්වලදි පත් කළේය.

ලෙනින් රත්නායක පරික්ෂණ කමිටුව හෙක්ටර් යාපා, අශෝකා ද සිල්වා හා ටී.බී. වීරසූරීය යන විනිසුරුවරුන්ගෙන් ද උපාලි අබේරත්න පරික්ෂණ කමිටුව අමීර් ඉස්මයිල් හෙක්ටර් යාපා හා පී. එදිස්සූරිය යන විනිශ්චයකාරවරුන්ගෙන් ද සමන්විත විය

ලෙනින් රත්නායක පරික්ෂණ කමිටුව එම මහේස්ත්‍රාත්වරයාට එරෙහිව රාවය විසින් නගන ලද චෝදනා තුනටම ඔහු වැරදිකරු බව නිගමනය කළේය. උපාලි අබේරත්න පරික්ෂණ කමිටුව ද ඔහුට එරෙහිව ඉදිරිපත් කර තිබූ චෝදනා පත්‍රයේ එන සියලු වැරදිවලට ඔහු වැරදිකරු කළේය. කමිටු දෙකේ නිගමන අධිකරණ සේවා කොමිසම වෙත දැනුම් දෙනු ලැබුවේ 1999 ජූලිවලදිය.

අධිකරණ සේවා කොමිසම පරික්ෂණ කමිටු දෙක විසින් වරදකරුවන් කරනු ලැබ සිටි විනිසුරුවරුන් දෙදෙනා කෙරෙහි දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා වෙනුවට ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. අධිකරණ සේවා කොමිසම උපාලි අබේරත්න දිසා විනිසුරුවරයා වහාම ක්‍රියාත්මක වන පරීදි අනිවාර්ය විශ්‍රාම යැවීමට තීන්දු කළත්, පසුව අධිකරණ සේවයේ තවදුරටත් නිරතවිය හැකි ආකාරයට දඬුවම ලිහිල් කළේය. මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක අනිවාර්ය නිවාඩු යවන ලද්දේ ද පඩි සහිතවය.

සරත් සිල්වා මහතා නීතිපති වශයෙන් තමන්ට ලැබී තිබුණු බලය උපයෝගී කරගනිමින් ලෙනින් රත්නායක අධිකරණ සේවයේ තබා නොගත යුතු පුද්ගලයකු බව පිළිගැනීමට හේතු තිබියදි අධිකරණ ඇමතිවරයාට යවන රහස්‍ය වාර්තාවක් මගින් ඔහු ආරක්ෂා කළේය යන පදනම මත සරත් සිල්වා මහතාගේ නම නීතිඥ නාමලේඛනයෙන් කපා හරින ලෙස ඉල්ලා සරත් සිල්වා මහතාට එරෙහිව මා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කරන ලද්දේ ඉන් අනතුරුවය. එය සිදුවූයේ අගෝස්තු 13 වැනිදාය. ඉන් දින කිහිපයකට පසු රසායන ඉංජිනේරු ඩබ්.ඒ.බී. ජයසේකර මහතා ද ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කරමින් විෂමාචාර හේතු මත සරත් සිල්වා මහතාගේ නම නීතිඥ නාමලේඛනයෙන් කපා හරින ලෙස ඉල්ලා සිටියේය.

මා විසින් සරත් සිල්වා මහතාට එරෙහිව ඉදිරිපත් කරන ලද පෙත්සම විමර්ශණයට ගත යුතුද නැද්ද යන්න සලකා බැලීම පිණිස අග්‍රවිනිශ්චයකාරවරයා පෙත්සම වෙන් වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිශ්චයකාරවරුන් වෙත යවන ලද අතර, පෙත්සම විමර්ශනයට ලක්කළ යුතුය යන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් හත්දෙනකුගේම තීරණය විය එය විමර්ශණයට ගන්නවාට විරුද්ධ වූයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් තිදෙනෙකු පමණය. ඉන්පසු මාක් ප්‍රනාන්දු විනිශ්චයකාරවරයාගේ අධීක්ෂණය යටතේ මාගේ පෙත්සම විමර්ශනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අමීර් එස්. ඉස්මයිල් මහතා වෙත පවරන ලද අතර, ජයසේකර මහතාගේ පෙත්සම විමර්ශනය කිරිමේ වගකීම ශ්‍රියානි බණ්ඩාරනායක විනිශ්චයකාරිය වෙත බාර විය

ත්‍රිපුද්ගල පරික්ෂණ කමිටු දෙක ලෙනින් රත්නායක හා උපාලි අබේරත්න යන විනිසුරුවරුන් දෙදෙනා චෝදනාවලට වරදකරුවන් කිරීම, ඒ නිගමන ප්‍රකාශ වීමත් සමග මා හා ජයසේකර මහතා විසින් සරත් සිල්වා මහතාගේ නම නීතිඥ නාමලේඛනයෙන් කපා හරින ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් දෙකක් ඉදිරිපත් කිරීම හා එම සිද්ධීන්වලට ජනමාධ්‍යවලින් ලැබී තිබුණු අතිවිශාල ප්‍රසිද්ධිය වැනි හේතු නිසා මේ ප්‍රශ්න මුල් කරගත් විශාල උණුසුමක් සාමාන්‍ය මහජනතාව අතරත් විශේෂයෙන්ම නීතිඥ තලයේ හා අධිකරණ අංශවලත් ගොඩ නැගී තිබුණි.

මේ අතර ඉන්දියාවේ හිටපු කීර්තිමත් අගවිනිසුරුවරයෙකු වන බී.එන්. භගවතී මහතාගේ ප්‍රධානත්වයෙන් නීතිඥ සංගමයේ මානව හිමිකම් කමිටුව විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක් අගෝස්තු 21 වැනි දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේ පැවැත්විණ. එච්.එල්. ද සිල්වා, රංජිත් අබේසූරිය යන ජනාධිපති නීතිඥවරුන් හා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.එම්.එම්.බී. කුලතුංග මහතා සමුළුව අමතා කතා කළ සෙසු දේශකයෝ වූහ. එම සම්මන්ත්‍රණය සරත් සිල්වා මහතාට එල්ල වී තිබෙන චෝදනා හා ඒ ආශ්‍රයෙන් අධිකරණයේ මතුවී තිබුණු අර්බුදය සාකච්ඡාවට ලක්කෙරෙන සම්මන්ත්‍රණයක් බවට පත්ව තිබුණේය.

අග්‍රවිනිශ්චයාකාර ජී.වී.ඇස්. ද සිල්වා මහතා විශ්‍රාම යාමට නියමිතව තිබුණේ සැප්තැම්බර් 16 වැනිදාය. පුරප්පාඩු වන අගවිනිසුරු තනතුරට සරත් සිල්වා මහතා පත්කිරිමේ වුවමනාවක් ජනාධිපතිනියට ඇති බවට මතයක් රටේ තිබුණත්, සරත් සිල්වා මහතා වැටී සිටි තත්ත්වය ඉදිරියේ ජනාධිපතිනිය සරත් සිල්වා මහතා එම තනතුරට පත් කරනු ඇතැයි බොහෝදෙනකු විශ්වාස නොකළේය. පොදු පෙරමුණට හා ජනාධිපතිනියට සම්බන්ධ ප්‍රමුඛ නීතිඥයින් කිහිපදෙනෙක් වෙන් වෙන්ව ජනාධිපතිනිය හමුවී පුරප්පාඩු වන අගවිනිසුරු ධුරයට සරත් සිල්වා මහතා පත් නොකරන ලෙස ද ඉල්ලා තිබුණි. ජනාධිපතිනිය හමුවී ඒ ගැන කරුණු දක්වා සිටියවුන් අතර ජනාධිපති නීතිඥ එච්.එල්. ද සිල්වා, දේශමාන්‍ය ඊ.වී. වික්‍රමනායක හා දේශමාන්‍ය ආර්.කේ.ඩබ්. ගුණසේකර යනාදින් ද වූහ. පුරප්පාඩු වන අගවිනිසුරු ධුරයට සරත් සිල්වා මහතා පත් නොකළ යුතු බවට එක් ප්‍රකට නීතිඥ මහතෙක් ජනාධිපතිනිය හමුවී ප්‍රකාශ කළ අවස්ථාවක වයඹ ඡන්ද පෙත්සම නිසා තමන්ගේ ඇමතිවරුන් 5 දෙනකුගේ ප්‍රජා අයිතිය අහිමිවීම ගැන අනතුරක් ඇති බවත්, එවැනි කරුණු ද තමන්ට සැලකිල්ලට ගන්නට සිදුවන බවට ජනාධිපතිනිය ප්‍රකාශ කළ බව කියන කතාවක් ද ඒ දිනවල මේ ප්‍රශ්නය ගැන උනන්දුවක් දක්වන නීති අංශවල කතාබහට ලක්වී තිබුණි.

සැප්තැම්බර් ආරම්භයේදි වාසුදේව නානායක්කාර මහතා නීතිපති සරත් සිල්වා මහතා පිළිබඳව විශේෂ පාර්ලිමේන්තු විවාදයට අවසර ලබා දෙන ලෙස ආණ්ඩු පක්ෂ සංවිධායක රිචඩ් පතිරණ මහතාගෙන් ද,ී සභානායක රත්නසිරි වික්‍රමනායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ද ඉල්ලා සිටියේය. අග්‍රවිනිශ්චයකාර ධුරයේ ඇතිවන්නට නියමිත පුරප්පාඩුවට ජනාධිපතිනිය සරත් සිල්වා මහතා පත්කිරීමට අදහස් කර ඇති බව සැලවී ඇති බැවින් ඒ ගැන විරෝධය පළකළ අතර ඒ විරෝධයට පදනම් කාරණා සවිස්තරාත්මකව සාකච්ඡාවට ලක්කිරීම පිණිස විශේෂ පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය බවටත්ණී එම විවාදය පුරප්පාඩුව පිරවීමට නියමිත දිනට පෙර ලබාදෙන ලෙසත් වාසුදේව නානායක්කාර මහතා ඉල්ලා තිබුණි.

වාසුදේව නානායක්කාර මහතාගේ යෝජනාව විවාදයට ලක්කිරීමට ඉඩදිමට ආණ්ඩු පක්ෂ සංවිධායකයා හා විපක්ෂ සංවිධායකයා එකග වී ඇතත්, එවැනි යෝජනාවක් සඳහා විවාදයක් ලබාදිමට කතානායකවරයා එකග වී නැත.

සැප්තැම්බර් 09 වැනිදා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් තනතුරේ ගෞරවයට හේතුවන පුද්ගලයකු පුරප්පාඩු වන අගවිනිසුරු ධුරයට පත් කරන ලෙස ඉල්ලා සිටියේය. විපක්ෂ නායකයා සිය ප්‍රකාශනයේදි සරත් සිල්වා මහතාගේ නම ප්‍රකාශ නොකළත්, එම ප්‍රකාශය සරත් සිල්වා මහතාට අදාළව කරන ලද්දක් වූයේය. නව අගවිනිසුරුවරයා පත්කිරිමේදි ඒ හා බැර්ණු ශ්‍රේෂ්ඨ සම්ප්‍රදායන් සුරැකීමට අපොහොසත් වෙතොත්, රටේ අධිකරණයේ පරීපාලන ක්‍රියාදාමයට පිරිමැසිය නොහැකි හානියක් ඇතිවීමෙන් නොනැවතී දේශයේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට ලක්කිරීමට හේතුවනු ඇති බව ඔහු එහිදී ප්‍රකාශ කර සිටියේය.

සැප්තැම්බර් 10 වැනි දින පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදි වාසුදේව නානායක්කාර මහතා කතා කරමින් සරත් සිල්වා මහතා පිළිබඳ තම යෝජනාව විවාදයට ලක්කිරීමට අවස්ථාවක් ලබාදිම කතානායකවරයා ප්‍රතික්ෂේප කර ඇති බැවින් එවැනි යෝජනාවක් කතානායකවරයා ප්‍රතික්ෂේප කළ අවස්ථාවකදි කතානායක අනුමැතිය නොමැතිව විවාදයක් ලබාගැනීමට ස්ථාවර නියෝග 17 යටතේ ලබාදි ඇති ප්‍රතිපාදන අනුව තමා මන්ත්‍රීවරුන් 20 දෙනකුගේ සහාය ඇතිව එම යෝජනාව ඉදිරිපත් කරන බවත් ඒ අනුව එම දිනට නියමිත අනෙකුත් වැඩ කටයුතු කල් තබා යෝජනාව විවාදයට ගන්නා ලෙසත් ඉල්ලා සිටියේය. එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක විජමු ලොකු බණ්ඩාර, ආර්.එම්. ධර්මදාස බණ්ඩාණී හරේන්ද්‍ර කොරයා, ඒ.එච්.එම්. අස්වර්. හෙන්රි ජයමහ වැනි විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් වාසුදේව නානායක්කාර මහතාට පක්ෂව අදහස් පළකළ අතර, ජෙයරා– ප්‍රනාන්දුපුල්ලේ, ඒ.වී. සුරවීර.