රට මුහුණ දි සිටින්නේ රටේ පැවැත්ම තීන්දු කරන තරම් බරපතල අර්බුදයකට ය. එවැනි අවස්ථාවක තීන්දු ගැනීමේ ක්රියාවලිය ආණ්ඩුව තනිව නොකර අනෙකුත් පක්ෂෂ සම්බන්ධ කරගැනීම ඉතා අවශ්ය ය.
රටේ මහජනතාව පක්ෂෂ අනුව බෙදි සිටින තත්ත්වයක් යටතේ මෙවැනි බලවත් ජාතික අර්බුදයක දි පොදු ඒකමතිකභාවයක් ඇතිකළ හැකිවනු ඇත්තේ තීන්දු ගැනීමේ ක්රියාවලියට විරුද්ධ පක්ෂෂයේ දේශපාලන පක්ෂෂ ද වැඩියෙන් සම්බන්ධ කර ගැනීමෙන් පමණ ය.
ආණ්ඩුව 15 වැනි දා සර්ව පාක්ෂෂික සමුළුවක් කැඳෙව්වේ ය එහෙත් එය අනෙක් පක්ෂෂවලට සාමාන්ය වශයෙන් කරුණු පහදා දිම පිණිස කැඳවනු ලැබූ සාකච්ඡාවක් මිස තීන්දු ගැනීමේ ක්රියාවලියට ඔවුන් සම්බන්ධ කර ගැනීමේ අරමුණින් කැඳවන ලද සාකච්ඡාවක් නොවී ය.
ආණ්ඩුව ගන්නා තීන්දු විරුද්ධ පක්ෂෂ වවේචනයට ලක් කරයි නම් මෙවැනි ජාතික අර්බුදයක දි මහජනතාව අතර ව්යාකූලතාවක් ඇති කිරීම නොවැළැක්විය හැකි ය. ඒ තත්ත්වය මගහරවා ගනිමින් මේ අර්බුදයට පොදුවේ මුහුණ දිය හැකි, සියලු දෙනාට පිළිගත හැකි වැඩ පිළිවෙළක් ක්රියාවට නැගීමට හැකිවනු ඇත්තේ ආණ්ඩු පාලනය තාවකාලික සර්ව පාක්ෂෂික පාලනයක් බවට හරවාගත හැකි නම් පමණ ය.
සති පතා පාර්ලිමේන්තුව රැස් කරවා එදිනෙදා පවතින තත්ත්වයන් ගැන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දැනුවත් කිරීම ඉතා හොඳ ක්රියාවක් ලෙස සැලකිය හැකි ය. එහෙත් මෙවැනි ජාතික අර්බුදයක් පවත්නා අවස්ථාවක ඒකපාර්ශ්වික පාලනයකට වඩා සර්ව පාක්ෂෂික පාලනයකින් වඩා හොඳ ප්රතිඵල ලබාගත හැකි ය.
රට දැන් මුහුණ දි තිබෙන අර්බුදයට සාර්ථකව මුහුණ දෙන්නේ කෙසේද? එසේම ඉදිරියේ දි පැවැත්විය යුතුව තිබෙන පාර්ලිමේන්තු මැතිවරණය නිදහස් හා සාධාරණ ආකාරයකින් පවත්වන්නේ කෙසේද? ජාතික ආරක්ෂෂාවට හානියක් නොවන ලෙස මතු වී තිබෙන තත්ත්වයන් පිළිබඳව ජනතාවට අවබෝධයක් ලබා දෙන්නේ කෙසේද යන ප්රශ්නවලට සාර්ථක පිළිතුරක් ලබාගත හැකිවනු ඇත්තේ ද තීන්දු ගැනීමේ ක්රියාවලිය සර්ව පාක්ෂෂික ආකාරයකින් සිදුවන තත්ත්වයක් ඇතිකර ගැනීමෙන් පමණ ය.
උතුරේ සිදුවන දේවල් මහජනතාවට මුළුමණින් වසන් කොට තබන තත්ත්වයක් කවදා හෝ මේ අර්බුදය වඩා උග්ර කිරීමට මිස ලිහිල් කිරීමට හේතුවනු ඇතැයි සිතිය නොහැකි ය. පුංචි පුංචි දේවල් මහජනතාවට වසන් කළ හැකිවනු ඇතත් දේවල් විශාල වන විට තවදුරටත් ඒවා මහජනතාවට වසන් කළ නොහැකි ය. මහජනතාවගේ සිත්සතන් තුළ සර්ව සුභවාදි චිත්රයක් පැලපදියම් කොට කිසියම් අවස්ථාවක ඇත්ත තත්ත්වය ඊට වෙනස් බව මහජනතාවට ඒත්තු ගියහොත් ඊට මහජනතාවගෙන් ලැබෙන ප්රතික්රියා යහපත් විය නොහැකි ය.
රට අති විශාල ජාතික අර්බුදයකට මුහුණ දි තිබුණත් දේශපාලන තලය තුළ ඇත්තේ ඉහවහා ගිය කට්ටිවාදයකි. ආණ්ඩුව රට මුහුණ දි තිබෙන පොදු අර්බුදයෙන් ජය ගැනීම පිණිස සියලු දෙනාගේ සහාය ලබාගන්නා පිළිවෙතක් අනුගමනය කරනවා වෙනුවට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කොටගත් භේදකාරි දේශපාලනයක යෙදි සිටින බව දැකිය හැකි ය.
පුවත් පත්වලට කාටුන් චිත්රයකින් හෝ ජනාධිපතිනිය හාස්යයට නැගීම තහනම් ය. එහෙත් කිසිදු හිරිකිතයකින් තොරව ආණ්ඩුවේ ජනමාධ්ය විරුද්ධ පක්ෂෂ දේශපාලකයින් හාස්යයටත්, විවේචනයටත් ලක් කරයි. බලධාරියා රාජ්ය ආරක්ෂෂාව වශයෙන් සලකා ඇත්තේ ආණ්ඩු පක්ෂෂයේ ආරක්ෂෂාව පමණ ය. විරුද්ධ පක්ෂෂ ද රජ්යයේ ම කොටසක් බව හා රාජ්ය ආරක්ෂෂාවට විරුද්ධ පක්ෂෂ ද අයත් බව තේරුම් ගැනීමට බලධාරීයා සමත් වී නැත. ය.
මෙවැනි අර්බුදකාරි අවස්ථාවක දි අන්යයන්ගේ සහාය ලබාගත හැකිවනු ඇත්තේ පටු ආකල්පවලින් අත්මිදි පුළුල්ව කරුණු සලකා බලන පිළිවෙතකට ආණ්ඩුව යොමු වේ නම් පමණය. ඊට පටහැනි පිළිවෙත්, තිබෙන අර්බුදය උග්ර කිරීමට මිස ලිහිල් කිරීමට හේතු නොවේ.