දේශපාලනය හා ස්වාභාවික විපත්

February 13, 2011
Publication:
The local government election has sharpened the contest between the government and the opposition, and the effect has been to limit the political attention reaching the people hurt by the floods. That cannot be called a good state of affairs: the property damage in the three provinces is larger than the tsunami's, and the landslides in the central hills need serious attention too.

පළාත් පාලන මැතිවරණය ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය අතර කැරෙන බල තරගය උත්සන්න කිරීමට හේතුවී තිබෙන තත්ත්වය ඉදිරියේ ගංවතුරෙන් විපතට පත්වූවන් වෙත ලැබෙන දේශපාලන අවධානය සීමා කිරීමට හේතුවී තිබෙන බව පෙනේ. එය යහපත් තත්ත්වයක් ලෙස සැලකිය නොහැකිය. උතුරු, නැගෙනහිර හා උතුරුමැද යන පළාත් තුනේ ගංවතුරෙන් සිදුවී තිබෙන හානිය දැවැන්තය. සිදුවී තිබෙන දේපළ විනාශය සුනාමියෙන් ඇතිවූ දේපළ විනාශයටත් වඩා විශාලය. මධ්‍යම කඳුකරයේ ඇතිවී තිබෙන නායයෑමේ ප්‍රශ්නයද බැ?රුම් අවධානයට යොමුවිය යුතුව තිබෙන ප්‍රශ්නයකි. දේශපාලන පක්ෂ සිය බලතරගය අත්හැරිය යුතු නැතත් මෙවැනි දැවැන්ත ව්‍යසනයකදී ඊට ප්‍රමාණවත් තරම් අවධානයක් ලබා නොදී දේශපාලන බලතරගයට මුළු අවධානය යොමු කිරීම සාධාරණ නැත.

දේශපාලන තලයේ පෙනෙන්නට තිබෙන සමහර සිදුවීම්ද ජනාධිපතිවරයාගේ හෝ ආණ්ඩුවේවත් රටේවත් ගෞරවයට හේතු නොවන බව කිව යුතුය. ඊ නිව්ස් කාර්යාලයට පහරදීමේ නින්දාසහගත සිද්ධියේ උණුසුම මැකී යන්නටත් පෙර එක්සත් ජාතික විරෝධතා පෙළපාලියකට පහර එල්ල විය. මේ සිද්ධීන් දෙකටම වගකිවයුතු කිසිවෙකු තවමත් අත්අඩංගුවට ගෙන නැත. විරුද්ධ පක්ෂයට බියගැන්වීමකින් තොරව සිය කටයුතු කරගෙන යෑමේ නිදහස සහතික කිරීම ආණ්ඩුවේ වගකීමකි. රටේ පවතින දේශපාලන ක්‍රමය විසින් නියම කර තිබෙන ක්‍රමය අනුව විරුද්ධ පක්ෂයත් හැම මොහොතකම ආණ්ඩුව පෙරළන්නට උත්සාහ කළ යුතුය. විරුද්ධ පක්ෂයකට පැවතිය හැක්කේ ඔවුන් කෙරෙහි වන මහජන උනන්දුව වර්ධනය කරගැනීමෙන් පමණය.

විරුද්ධ පක්ෂ ව්‍යාපාර බලය යොදා තලා පොඩි පට්ටම් කරන ව්‍යාපාරයක් රටේ යහපතට හේතුවන්නේ නැත. මහජන විශ්වාසය ඇති නම් විරුද්ධ පක්ෂය විසින් මෙහෙයවන විරෝධතා ව්‍යාපාරවලට ආණ්ඩුව බියවිය යුතු නැති අතර ඔවුන්ට ඔවුන්ගේ කටයුතු නිදහසේ කරගෙන යෑමට ඉඩදිය යුතුය. ආණ්ඩුව හා විරුද්ධ පක්ෂය ඔවුන් ඔවුන්ගේ දේශපාලන කටයුතු කරන අතර ගංවතුර විසින් ඇති කර තිබෙන විනාශය කෙරෙහිද දෙපක්ෂයේම බැ?රුම් අවධානය යොමුවිය යුතුය. ස්වාභාවික විපත් වැළකිය නොහැකි වුවත් ඇතිවන එවැනි විපත් උග්‍ර කිරිමට මනුෂ්‍ය ක්‍රියාකාරකම් හේතුවී තිබෙන බව අප අමතක නොකළ යුතුය. පහත් බිම් ගොඩ කිරීම හා අවිධිමත් ඉදිකිරීම් ගංවතුරක් ඇතිවන විට ඉන් සිදුවන හානිය උග්‍ර කිරීමට හේතුවී තිබේ. අවිධිමත් ලෙස කැරෙන කැලෑ හෙළි කිරීම හා අවිධිමත් ඉදිකිරීම් මධ්‍යම කඳුකරයේ නායයෑමේ ප්‍රශ්න උග්‍ර කිරීමට හේතුවී තිබේ. අවිධිමත් ලෙස කෙරෙන ඉදිකිරීම්, පහත්බිම් ගොඩකිරීම් හා අවිධිමත් ලෙස කෙරෙන කැලෑ හෙළි කිරීම් සැලකිය යුත්තේ දේශපාලන ක්‍රමයටම ඇඳුණු විනාශකාරී ප්‍රතිඵල ඇති කරන බරපතළ ප්‍රශ්නයක් ලෙසය.

රටේ ඇතිවී තිබෙන විනාශකාරී තත්ත්වයට හා මතු ඇතිවිය හැකි වඩා විනාශකාරී තත්ත්වයට හැම රජයක්ම වගකිව යුතුය. මධ්‍යම ආණ්ඩුවේ සිට පළාත් පාලන ආයතන දක්වා පාලනයේ හැම තලයක්ම වගකිව යුතුය. අපේ රටේ දේශපාලකයන් කවරදාවත් මේ ප්‍රශ්න බැ?රුම් ලෙස සලකා බලා නැත. දේශපාලකයන්ගේ පැවැත්මට වඩා රටත් සමාජයටත් වැදගත්වන්නේ රටේ පැවැත්මය. මේ රටේ දේශපාලන ක්‍රමය සකස් කර තිබෙන්නේ කොල්ලකාරී ස්වරූපයකටය. රට ආරක්ෂා වීමට නම් නීතියේ පාලනයක් තිබිය යුතුය. කොතරම් නීති තිබුණත් ඒවා නොසලකා අවිධිමත් ඉදිකිරීම් සිදුවන්නේත්, පහත්බිම් ගොඩ කෙරෙන්නේත්, විනාශකාරී කැලෑ හෙළි පෙහෙළි කෙරෙන්නේ නීතියේ පාලනයක් නොපවතින නිසාය. රටේ තිබෙන සමස්ත ආණ්ඩු ක්‍රමයම ගොඩනගා තිබෙන්නේ නීතියේ පාලනය අහිමි කෙරෙන ආකාරයටය. ලොකු කුඩා දේශපාලකයන්ට හිතුවක්කාරී ලෙස ක්‍රියාකිරීමට ඉඩ ලැබෙන ආකාරයටය.

පොඩි පොඩියට සිදුවන අවිධිමත් ඉදිකිරීම් ගැන පමණක් නොව, කඳුකරයේ ගොඩනගා තිබෙන මහා ජලාශ ගැන පවා නැවත බැ?රුම්ව සලකා බලන තැනකට යායුතුය. අවිධිමත්භාවය කෙරෙහි බලපා තිබෙන දේශපාලන ක්‍රමය පිළිබඳව බැ?රුම් ලෙස නැවත සලකා බලන තැනකට රට යා යුතුය.