දෙමළ සන්ධානයේ නව අස්ථානය

November 1, 2009
Publication:
With the LTTE gone, the Tamil National Alliance is becoming again the main vehicle of Tamil political hopes — and, most importantly, has set aside the demand for Eelam as unrealistic, accepting a unitary state within which a lasting settlement is to be sought with Sinhalese support. Ivan writes that hatred and separatist feeling are not found only between communities but between castes, religions and parties too.

කොටි සංවිධානය දේශපාලන චිත්‍රයෙන් ඉවත් කර තිබෙන තත්ත්වයක් තුළ නැවත දෙමළ සන්ධානය ෙෙ ෙෙ අතර ඉතිරි වී සිටින සාම්ප්‍රදායික දෙමළ නායකයන් දෙමළ ජනයාගේ දේශපාලන අභිලාෂයන් නියෝජනය කරන ප්‍රධාන දේශපාලන ව්‍යාපාරය බවට පත්වෙමින් සිටී. එය සියලු දෙමළ දේශපාලන පක්ෂ එකට ඒකරාශී කිරීමේ වෑයමකද නිරත වී සිටී. ඉතාමත් වැදගත්ම දේ දෙමළ සන්ධාන නායකත්වය දෙමළ ඊලමක් පිළිබඳ ඉල්ලීම යථාර්ථවාදී නොවන ඉල්ලීමක් ලෙස සලකා අත්හැර තිබීමය. ඔවුන්ගේ නව ආකල්පය වී ඇත්තේ ඒකීය රාජ්‍යයක පැවැත්ම පිළිගනිමින් ඒ එක රාජ්‍යය තුළ සිංහල ජනයාගේ ද සහාය ඇතිව දෙමළ වර්ගයාට මුහුණ දෙන්නට සිදුවී තිබෙන ප්‍රශ්නවලට සාධාරණ හා කල්පවත්නා දේශපාලන විසඳුමක් ලබාගැනීමය. එය මේ රටේ සිංහල-දෙමළ වර්ගාන්තර සම්බන්ධයේ යහපත් වෙනසක් ඇති කිරීමට හේතුවන ඉතාමත් වැදගත් හා ඉදිරිගාමී දේශපාලන තීන්දුවක් ලෙස සැලකිය හැකිය.

ඉතාමත් හැඟීම්බර හා පීඩාකාරී වටාපිටාවක් මැද වුවත් වඩා යථාර්ථවාදීව අලුතෙන් දේවල් දැකීමට ඇති සංයමය තමන්ට ඇති බව ඒ මගින් දෙමළ සන්ධානයේ නායකත්වය පෙන්නුම් කර තිබෙන අතර ඊට ගැළපෙන යහපත් ආකල්පමය වෙනසක් පෙන්නුම් කිරීමට සිංහල නායකයන්ට ද පුළුවන්කම තිබිය යුතුය. දෙමළ ඊළාම් රාජ්‍යය පිළිබඳව ඉල්ලීම සන්සුන්ව හා ගැඹුරින් කරුණු සලකා බැලීමකින් පසුව ගනු ලැබූ තීන්දුවක් නොවීය. එය දෙමළ සටන්කාමී තරුණ පරපුර සන්තෝෂ කිරීම පිණිස සාම්ප්‍රදායික දෙමළ නායකයන් ගනු ලැබු අනුවණ තීරණයක් විය. දෙමළ නිජභූමියක් පිළිබඳව අයිතිවාසිකම් කියන තැනකට බලවත් ලෙස යන්නට දෙමළ නායකයන්ට සිදුවූයේද එම තීන්දුවේම ප්‍රතිඵලයක් වශයෙනි. අවසානයේ දෙමළ ඊලමක් සඳහා කරන අරගලයේ ඒකාධිකාරී අයිතිය කොටි සංවිධානය විසින් සියතට ගත්තේ සාම්ප්‍රදායික දෙමළ නායකයන් පමණක් නොව, ප්‍රතිපක්ෂ සටන්කාමී කණ්ඩායම්වල නායකයන් හා සාමාජිකයන් ද අනුකම්පාවිරහිතව මරා දමන ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැගීම මගිනි.

එල්ටීටීඊය එම ඒකාධිකාරී අයිතිය තමන් වෙත අත්පත් කරගැනීමෙන් පසු තවත් කලක් යන විට දෙමළ ජනයා ද දෙමළ ඊලමක් ගැන සිහින දකින තැනකට තල්ලු වී ගියේය. දෙමළ ජනයා දෙමළ ඊලමක් ගැන විශ්වාස කරන තැනකට තල්ලු කිරීම කෙරෙහි දෙමළ නායකයන්ගේ බෙදුම්වාදී ආකල්ප පමණක් නොව, සිංහල නායකයන්ගේ දෙමළ විරෝධී ජාතිවාදී ආකල්ප හා ක්‍රියාකාරකම්ද බලපෑවේය. අවසානයේ තිස් අවුරුදු නිෂ්ඵල අරගලයක් වෙනුවෙන් පොදුවේ රටට ද විශේෂ වශයෙන් දෙමළ ජනතාවට ද ගෙවන්නට සිදුවූ වන්දිය සුවිශාලය. විශාල ඛේදවාචකයකින් පසුව හෝ යථාර්ථය තේරුම් ගැනීමට දෙමළ නායකයන් සමත් වී තිබීම සුබ අනාගතයක් පිළිබඳ අලුත් බලාපොරොත්තු ඇති කරයි. ඒ වෙනස සිංහල නායකයන් කෙරෙන් ද ප්‍රකාශ විය යුතුය. එක රාජ්‍යයක් තුළ සමාන අයිතිවාසිකම් ඇති ජනතාවක් ලෙස දෙමළ ජනතාව පිළිගන්නට තමන් සූදානම් බව සිංහල නායකයන් ද කතාවෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද ඔප්පු කළ යුතුය.

වෛරය, ෙෙ හැඟීම් හා බෙදුම්වාදී ආකල්ප ඇත්තේ ජනවර්ග අතර පමණක් නොවන බව ද අප අමතක නොකළ යුතුය. කුල, ආගම් හා පක්ෂ අතරද අඩු වැඩි වශයෙන් එවැනි හැඟීම් ඇති බව තේරුම් ගනිමින් ඒ සියලුදෙනාට ගෞරවයෙන්, එක මවකගේ දරුවන් ලෙස එකිනෙකා කෙරෙහි ගෞරවයෙන් හා ආදරයෙන් සාමකාමී ලෙස එකට ජීවත්විය හැකි පරිසරයක් ඇති කිරීම දේශපාලන නායකයන්ගේ වගකීමකි. එවැනි තත්ත්වයක් ඇති කර ගැනීම සඳහා ආකල්පමය වෙනසක් අවශ්‍ය වන්නා සේ ම දේශපාලන ප්‍රතිසංස්කරණ ද අවශ්‍ය වේ. මහ ජාතිය හා සුළු ජාතීන් අතර පැවති භේදය තරම් වන භේදයක් ආණ්ඩු පක්ෂය හා විපක්ෂය අතර පවතී. ආණ්ඩුවේ හා විපක්ෂයේ ප්‍රධාන නායකයන් දෙදෙනා ප්‍රසිද්ධියේ එකිනෙකා හඳුන්වන්නේ ද්‍රෝහීන් ලෙසය ජනවර්ග, ආගම් හා කුල අතර පවතින අන්තර් සම්බන්ධයේ පමණක් නොව, දේශපාලන පක්ෂ අතර පවත්නා අන්තර් සම්බන්ධයේද ශීලාචාර වෙනසක් ඇති කරගත යුතුය.