අයාලේ යන ජනමාධ්‍ය යනු ලංකාවේ ජනමාධ්‍ය රඟපාමින් සිටින භූමිකාව විමසා බලන කෘතියකි. කතුවරයාට අනුව ලංකාවේ ජනමාධ්‍ය මෙතෙක් රඟපා ඇත්තේ රටේ හෝ ජනතාවගේ ගැලවුම්කාරයකුගේ භූමිකාව නොවේ. ඒ වෙනුවට ඒවා කළේ අවුල් ඇති කිරීම සහ පවතින අවුල වර්ධනය කිරීම ය. සමාජයේ පවතින පසුගාමී තත්ත්වයට දේශපාලකයන් තරමටම ජනමාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් ද වගකිව යුතු බව ඔහු පවසයි. ආණ්ඩුවේ, හිමිකරුවන්ගේ, දැන්වීම්කරුවන්ගේ හෝ වෙනත් බලපෑම්වලට යට නොවී, ස්වාධීනව, නිර්භීතව, ආචාර ධර්මානුකූලව හා වෘත්තීය පරිචයකින් ක්‍රියා කරන ජනමාධ්‍ය සංස්කෘතියක් රටේ ඉදිරි ගමනට අත්‍යවශ්‍ය බව ඔහුගේ අදහසයි.
ලංකාවේ ලේඛන කලාවේ ඉතිහාසය හා මුල්කාලීන වාර ප්‍රකාශනවලින් කෘතිය ආරම්භ වේ. ඉන්පසු පත්තර කර්මාන්තය ධනේශ්වර ක්‍රමයට හැරවූ ඩී.ආර්. විජේවර්ධන, ධනපාලගේ පත්තර විප්ලවය, සහ ජනමාධ්‍යවලට වැරදුණේ කොතැනද යන්න එහි විග්‍රහ කෙරේ. අයාලේ යන ගමන හරි මඟට ගන්නේ කෙසේද යන්නෙන් කෘතිය අවසන් වේ. ජනමාධ්‍යවල අද පවතින අයහපත් තත්ත්වයට හේතු සොයා බලා, යහපත් වෙනසකට අවශ්‍ය දෘෂ්ටිමය වාතාවරණයක් ඇති කිරීම කෘතියේ අරමුණයි.
Media Gone Astray looks at the role Sri Lanka’s media has played. Victor Ivan argues that it has acted not as a saviour of the country or its people but as a creator and amplifier of confusion. He holds media institutions and journalists as responsible as politicians for the country’s backwardness. A media culture that resists pressure from government, owners and advertisers, and works independently, fearlessly, ethically and professionally, is in his view essential to Sri Lanka’s progress.
The book starts with the history of writing in Sri Lanka and its early periodicals. It then follows D.R. Wijewardena, who turned newspapers into a capitalist industry, and the “newspaper revolution” led by the editor D.B. Dhanapala. Next it asks where the media went wrong, and it ends by asking how the media can be brought back on course. Its stated aim is to uncover the causes of the media’s decline and to build the climate of ideas needed for change for the better.