විමල් වීරවංශ හා ඇටි කෙහෙල්

September 4, 2005
Publication:
Like the civet in the saying who ate a seeded banana, the JVP tried to swallow the SLFP and cannot digest it; now it can only hang on Mahinda Rajapaksa's neck, and Wimal Weerawansa says any deal will be with Mahinda, not the SLFP.

දැන් ජවිපෙට සිදුවී තිබෙන්නේ ද ඇටිකෙහෙල් කෑ උගුඩුවාට සිදුවූ දේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගිලගන්නට ගොස් දිරවාගත නොහැකි අසරණ තත්ත්වයකට ඇද වැටීමට එම පක්ෂයට සිදුවී තිබේ.

ජවිපෙට මේ මොහොතේ මහින්ද රාජපක්ෂ මහතාගේ කරේ එල්ලෙනවා හැරෙන්නට ගතහැකි වෙනත් මගක් නැත. ජවිපෙ මහින්දට කැමති නැතත්, මේ මොහොතේ ඒ අකමැත්ත පෙන්වීමේ හැකියාවක් නැත. ජවිපෙ මුල් උපාය මාර්ගය වී තිබුණේ අපේ සහයෝගය අවශ්‍ය නම් අපේ කොන්දේසි බාරගත යුතුයි කියන දැඩි පිළිවෙතකි. එම දැඩි කොන්දේසිවලට එකග කරගැනීමට නොහැකි වූ තැන ජවිපෙ මහින්ද විග්‍රහ කළේ හඳමාමා කෙනෙකු ලෙසය. මහින්දට පහර දෙන ප්‍රතිපත්ති නිසා ජවිපෙට තනිව තරග කරන තැනකට යන්නට වුවහොත් ලැබෙන ප්‍රතිඵලය කුමක් විය හැකි ද යන්න ගණන් බැලීමේදි ඇතිවූ බිය නිසාදෝ දැන් කෙසේ හෝ මහින්දගේ ඇගේ එල්ලෙන තැනකට තල්ලු වීමට ජවිපෙට සිදුවී තිබේ.

දැන් විමල් වීරවංශ කියන්නේ තමන් එකගතාවක් ඇති කරගන්නේ නම්, එසේ ඇතිකර ගන්නේ මහින්ද සමග මිස, ශ්‍රීලනිප සමග නොවන බවය. පක්ෂයක් වශයෙන් තමන් මහින්දට ඉදිරිපත් කරන කොන්දේසි මොනවාද යන්න කියන්නටවත් දැන් ජවිපෙ සූදානම් නැත. අවසානයේ ජවිපෙ ශ්‍රීලනිපයේ කොන්ද කඩන්නට ගොස් සිය කොන්ද කඩා ගත්තේය. දැන් ජවිපෙට ජනතාව ඉදිරියට යන්නට සිදුවී තිබෙන්නේ ද කෙළින් කරගැනීමට කොන්දක් නැති පක්ෂයක් වශයෙනි.