රට ගොඩගනිමු!

October 29, 2026
Publication:
Not an article but a pledge, written to be copied and passed on. Who is answerable for the endless bloodshed, the corruption and waste, the collapse of the rule of law, the decay of public services, the widening gap and the spiritual decline — the politicians alone, or the citizens too? Ivan asks the reader to take a thirty-day undertaking, recite it nightly, bring in family and friends, and see what has begun by the end of it.

දශක ගණනක් තිස්සේ අපගේ දේශය වෙළාගෙන තිබෙන කාලකණ්ණිභාවයට (කෙළවරක් නැති ලේ වැගිරීම්, රට වෙලාගෙන ඇති දූෂණය හා නාස්තිය, නීතියේ පාලනය බිඳ වැටීම, පොදු සේවාවන්හි ඇතිවී තිබෙන පරිහානිය, ඇති නැති පරතරය වර්ධනය වීම හා අධ්‍යාත්මික පරිහානිය) වගකිවයුත්තේ කවුද?

වරද දේශපාලකයන් මත පමණක් පැටවිය හැකිද? ඒ තත්ත්වයට පුරවැසියන් වූ අප වගකිවයුතු නැද්ද? දේශපාලකයන් කෙරෙන් ප්‍රකාශ වන ආත්මාර්ථකාමීත්වය, දූෂිත බව හා මුග්ධබව අපේ සමාජ සත්තාවේම පරාවර්තනයක් නොවන්නේද?

රටේ පවතින මෙම අවාසනාවන්ත තත්ත්වය දිගින් දිගටම පවතින්නට ඉඩහැර බලා සිටිමුද? නැතිනම් අනාගත දූ දරුවන්ගේ යහපත සලකා හෝ මෙම අවාසනාවන්ත තත්ත්වය වෙනස් කිරීමට අපි අධිෂ්ඨාන කරගනිමුද? යහපත් පරිවර්තනයක් සඳහා පුරවැසියන් වූ අපට කළ හැක්කේ කුමක්ද?

ඇත්ත පරිවර්තනයක් සඳහා අවශ්‍ය පළමු දේ අප වෙනස්වීමය. අප වෙනස්වන අතර, අනුන් වෙනස් කිරීමය. අප වෙනස් වන අතර, ඒ සමග අපගේ අසල්වැසියන් ද වෙනස් කරගැනීම සඳහා ක්‍රියාකාරී ලෙස දායක විය හැකි නම් මේ රට යහපත් රටක් බවට පත් කළ හැකිය.

ඒ සඳහා අපට පුංචි හා සරල ක්‍රියාවකින් ඒ සද්කාර්යය ඇරඹෙය හැකිය. ඉතාමත් වැදගත් දේ අධිෂ්ඨානශීලී අරමුණක් ඇති කරගැනීමය. එම අධිෂ්ඨානය සමාජ අධිෂ්ඨානයක් බවට හැරවීමය.

අපට සරල ක්‍රියාවකින් එය ආරම්භ කළ හැකිය. පහත දැක්වා ඇති ප්‍රතිඥාව රාත්‍රී නින්දට යන්නට පෙර විශ්වාසයෙන් හා ගෞරවයෙන් මෙනෙහි කරන්න.

““මම යහපත් වෙමි. ඒ මගින් මගේ රට ද යහපත් වේවා””යි ප්‍රාර්ථනා කරමි.

මම වංචාව හා දූෂණය පිටුදකිමි. හිංසාව පිටුදකිමි. රටේ පුරවැසියන් ඔවුන් අයත් වර්ගය, අදහන ආගම, කතා කරන භාෂාව හෝ ඔවුන් අයත් කුලය අනුව බෙදා වෙන්කොට ඔවුන් දෙස අගතියෙන් බැලීමේ පුරුද්ද අත් හරිමි. ඔවුන් සියලු දෙනා මා හා සමාන අයිතිවාසිකම් ඇති ගෞරවනීය පුරවැසියන් ලෙස සලකමි.

රටේ සියලු දේශපාලනඥයන්ට ප්‍රඥාව පහළ වේවා”යි කියා ප්‍රාර්ථනා කරමි. දේශපාලකයන්ට යහපත් වීමට කෙරෙන බලකිරීමක් වශයෙන් දේශපාලන පක්ෂ සමග තිබෙන මගේ සියලු බැඳීම් අත්හරිමි.

සියලු ආකාරයේ ත්‍රස්තවාදයන් ද (රාජ්‍ය විරෝධී හා රාජ්‍යවාදී) ඒකාධිපතිත්වවාදයන් ද අහෝසි වී එක්සත්, සාමකාමී, සමෘද්ධිමත්, ගුණගරුක, ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් බිහිවේවා කියා ප්‍රාර්ථනා කරමි. ඒ සඳහා උචිත යහපත් දේශපාලන ක්‍රමයක් රටට ලැබේවා”යි කියා ප්‍රාර්ථනා කරමි. මෙම උදාර අරමුණ වෙනුවෙන් ඇප කැපවීමට ශපථ කරමි.””

මෙම ප්‍රතිඥාව කියවීමෙන් පසු පළමු දිනයේදීම නින්දට යන්නට පෙර කහ නූල් පටක් දකුණු අතේ මැණික් කටුව අසලින් පැළඳ ගන්න. එය තමන් දෙන ලද ප්‍රතිඥාව වෙනුවෙන් ඔබ අදහන බුදුන් හෝ දෙවියන් සමග ඇති කරගන්නා බැඳීමක් ලෙස සලකන්න. අතේ පැළඳගන්නා නූල්පට දින තිහක් ආරක්ෂා කරගන්න. ඒ දින තිහේ හැම දිනකම නින්දට යන්නට පෙර ප්‍රතිඥාව මෙනෙහි කරන්න. ඔබේ පවුලේ සාමාජිකයන් හා හිතමිතුරන් ද මෙම සද්ව්‍යාපාරයේ හවුල්කරුවන් පිරිසක් බවට පත් කරන්න.

දින තිහ අවසානයේදී යහපත් සමාජ පරිවර්තනයක් ඇරඹී තිබෙන බව ඔබට පෙනේවි. ආරම්භ වී තිබෙන පරිවර්තන ඉදිරියට ගෙනයෑම සඳහා ඔබ ඊළඟට කළ යුත්තේ කුමක්ද යන්න ඔබට දැනගන්නට ලැබේවි.

මෙම ලේඛනය පිටපත් කොට/ඡායා පිටපත් කොට /මුද්‍රණය කොට හා විද්‍යුත් තැපෑලෙන් හා අන් ආකාරවලින් ඔබ දන්නා හඳුනන අය අතට පත් කරන්න. ඔබ කැමති නම් ඔබේ ජංගම දුරකතන අංකය.. සමග.ගගග ිපි කරන්න.