මංගලගේ හඬා වැළපීම

April 14, 2002
Publication:
Mangala Samaraweera and others briefed the Indian High Commissioner on an alleged plot to arrest opposition figures linked to a conspiracy to kill the President. Ivan points out that allegations against the Presidential Security Division, including the attack on Lasantha Wickrematunge, long predate the government's fall, and says those who fear unfair investigations should seek court restraint rather than complain to diplomats, recalling Samaraweera's defiance over his Telecom credit card.

ජනාධිපතිනිය ඝාතනය කිරිමේ කුමන්ත්‍රණයත් සමග ඈඳුණු විරුද්ධ පක්ෂයේ ක්‍රියාකරුවන් අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණයක් ගැන තානාපතිවරුන්ට දැනුම් දිමේ වගකීම ජනාධිපතිනිය විසින් මංගල සමරවීර මහතා වෙත භාර දි ඇති බවත්, ඒ අනුව ඒ මහතා නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු තවත් පිරිසක් සමග ඉන්දියානු මහ කොමසාරිස්වරයා හමුවී ඒ පිළිබඳ සියලු විස්තර මහ කොමසාරිස්වරයා වෙත දැනුම් දෙන ලද බවත් වාර්තා වී තිබුණි.

නිහාල් කරුණාරත්න ඇතුළු ජනාධිපතිනියගේ පී.එස්.ඩී.යට අපරාධ චෝදනා එල්ලවීම ආරම්භ වූයේ පොදු පෙරමුණු ආණ්ඩුව බිඳ වැටීමෙන් පසුව නොව, ඊට බොහෝ කලක සිටය. “ලීඩර්” කර්තෘ ලසන්ත වික්‍රමතුංගට පහරදිමේ චෝදනාව එල්ල වූයේ පී.ඇස්.ඩී.යටය. රෝහණ කුමාර ඝාතනය, එජාප විරෝධතා පෙළපාලිය වාර්තා කරන්නට ගිය කැමරාකරුවන්ට පහරදිම වැනි සිද්ධීන්වලදි චෝදනා එල්ල වූයේ ද පී.එස්.ඩී.යටය. ඒ සඳහා පරික්ෂණ ඉල්ලා උද්ඝෝෂණය කළේ එජාපය නොව ජනමාධ්‍යවේදින් හා ජනමාධ්‍ය සංවිධානය.

පී.එස්.ඩී. යේ පිළිකුල් කටයුතු ක්‍රියාකලාපය ගැන තානාපති අංශ ද මනා ලෙස දැන සිටියේය. දැන් ජනාධිපතිනිය ඇතුළු බරපතල වැරදි කළ පොදු පෙරමුණේ සමහර නායකයන්ට එරෙහිව චෝදනා එල්ල වන තත්ත්වයක් ඉදිරියේ චෝදනාලාභී පිරිසක් තානාපතිවරුන් හමුවී සිය දුක්ගැනවිලි ප්‍රකාශ කළ ද ඒ නිසා ඔවුන් තුළ හාස්‍යයක් මිස, කණගාටුවක් ඇතිවනු ඇතැයි සිතිය නොහැකිය.

මේ පරික්ෂණවලදි වරදක් සිදුවේ නම්, කළ යුතුව තිබෙන හොඳම දේ සිදුවෙමින් තිබෙන වැරදි හෙළිදරව් කොට ඉහළ අධිකරණයෙන් එම පරික්ෂණවලට එරෙහිව තහනම් නියෝග ලබාගැනීම සඳහා ක්‍රියා කිරීමය. එවිට ඒ ගැන දෙපාර්ශ්වයට ඉදිරිපත් කරන කරුණු සලකා බැලීමේ අවස්ථාවක් අධිකරණයට පමණක් නොව, මහජනතාවට ද ලැබෙනු ඇත්තේය.

කේ‍රඩිට් කාඩ් චෝදනාවේදි එදා මංගල කතා කළේ සිංහයකුගේ ලීලාවෙනි. තමා ටෙලිකොම් සමාගමෙන් කේ‍රඩිට් කාඩ් පහසුකමක් ලබාගත් බව ප්‍රකාශ කරමින් එහි වැරැද්ද කුමක්දැයි ප්‍රශ්න කළේය. එය වදරක් නොවේ නම් පරික්ෂණයට ද බිය විය යුතු නැත.