පුවත්පත් මණ්ඩල ක්‍රමය නැවත පණගන්වනවාට එරෙහිව ජනමාධ්‍ය සංවිධාන හයක සහභාගිත්වයෙන් පසුගිය සතියේ ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී රැස්වීමක් පවත්වන ලදි. ජනමාධ්‍ය සංවිධාන හය සංකේවත් කරන නියෝජිතයන් හයදෙනකු වේදිකාවේ අසුන්ගෙන සිටියද එය එම වේදිකාවේ ප්‍රධාන කථිකයන් වූයේ ජනමාධ්‍යවේදීන් නොව රනිල් හා මංගලය. මෙම රැස්වීම සංවිධානය කර තිබුණේ ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් සටන් කිරීම සඳහා අලුතෙන්ම පිහිටුවා ගත් සංවිධානයක් විසිනි. එම සංවිධානය එජාපයට සම්බන්ධ පිරිසක් විසින් ඇතිකර ගන්නා ලද සංවිධානයක් බව ද කියනු ලැබේ. සියලු ජනමාධ්‍ය සංවිධානවල නියෝජිතයන් එක වේදිකාවකට ගෙන ආ වේදිකාව තමන්ගේ දේශපාලන වේදිකාවක් බවට පත්කර ගැනීමට හැකිවීම පක්ෂයක් වශයෙන් තමන් ලද ජයග්‍රහණයක් ලෙස සැලකීමේ හැකියාවක් එජාපයට ඇතත්, මෙවැනි රැස්වීමක් පැවැත්වීමට හැකිවීම තමන් ලද ජයග්‍රහණයක් ලෙස සැලකීමේ හැකියාව ජනමාධ්‍යවේදීන්ට හෝ ජනමාධ්‍ය සංවිධානවලට තිබේද? රටේ ද්වන්ද්ව බලයක් ඇතිවී තිබුණු අවස්ථාවක රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව අවිධිමත් ලෙස පුවත්පත් මණ්ඩල ක්‍රමය නිෂ්ක්‍රීය කළ බව සත්‍යයකි.
එහෙත් විධායක බලය එජාපයට තිබුණු දාහත් අවුරුදු කාලය තුළ පුවත්පත් මණ්ඩල ක්‍රමය ක්‍රියාත්මක වූවා සේ ම, ජනමාධ්‍ය නිදහස මර්දනය කිරීමක් ද සිදුවිය. ආණ්ඩු විරෝධී ස්වරූපයකින් ක්‍රියාත්මක වූ පුවත්පත්වලට සීල් තැබුවේය. ජනමාධ්‍යවේදීන් බියගැන්වීම සඳහා පාර්ලිමේන්තු වරප්‍රසාද නීතිය සේ ම සාපරාධී අපහාස නීතිය ද පාවිච්චි කළේය. ජේවීපී දෙවැනි කැරැල්ල පැවති වකවානුවේදී ජේවීපීය ආණ්ඩුවට හිතවත් ලෙස පෙනෙන ජනමාධ්‍යවේදීන් මරා දමන විට ආණ්ඩුවේ අතුරු හමුදා ද ජේවීපීයට හිතවත් ලෙස පෙනෙන ජනමාධ්‍යවේදීන් මරා දමන පිළිවෙතක් අනුගමනය කළේය. දැන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් තමන්ට එල්ල වී තිබෙන අභියෝග ජයගැනීම පිණිස එජාප ආණ්ඩුවක් ගැන සිහින දකින තැනකට තල්ලුවීමෙන් ම පෙනීයන්නේ සිදුවන සිදුවීම්වලට සරල ලෙස ප්‍රතිචාර දක්වන පිළිවෙතින් එහා ගිය ඉදිරි දැක්මක් ජනමාධ්‍යවේදීන්ට හෝ ජනමාධ්‍ය සංවිධානවලට නැති බව නොවේද? අදහස් පළකිරීමේ නිදහස පුළුල් අර්ථයෙන් ක්‍රියාත්මකවීමේ නිදහසක් තිබිය හැක්කේ ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්‍රමයක් යටතේ පමණය.
රටේ පවතින විධායක ජනාධිපති ක්‍රමය තුළ විධායක ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තු නියෝජිතයන් තෝරාපත් කරගන්නේ මහජන ඡන්දයෙන් වුවත් රටේ පවතින දේශපාලන ක්‍රමය හොඳ ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්‍රමයක් ලෙස සැලකිය නොහැකිය. පාලක පක්ෂය කෙරෙහි අපකීර්තියක් හෝ අවමානයක් ඇති කිරීමට හේතුවන ප්රවෘත්ති හෝ කථා පළකරන ජනමාධ්‍ය ආයතන හා ජනමාධ්‍යවේදීහු මේ ක්‍රමය තුළ සිරිතක් වශයෙන් මර්දනයට ලක්වෙති. අදහස් පළකිරීමේ නිදහස පාලනය කිරීම මෙම දේශපාලන ක්‍රමයට ආවේණික නිසඟ ලක්ෂණයක් වන අතර මෙම දේශපාලන ක්‍රමය ඇති කළ දින සිට අද දක්වා බලයට පැමිණි හැම පාලක පක්ෂයක් විසින්ම සිරිතක් වශයෙන් ඍජු ලෙස හෝ අනියම් ලෙස ජනමාධ්‍ය මර්දනය කළේය. තිබුණු ආණ්ඩු පරාජය වී කොතෙකුත් අලුත් ආණ්ඩු බලයට පත්වී ඇතත් ජනමාධ්‍ය මර්දනය අඛණ්ඩ ක්‍රියාදාමයක් ලෙස පවතී. කොට්ට මාරු කිරීම හිසරදයට පිළියමක් නොවන්නා සේ ම දේශපාලන ක්‍රමය වෙනස් කිරීමෙන් තොරව ආණ්ඩු මාරු කිරීම මෙම ප්‍රශ්නයට විසඳුමක් ද නොවන්නේය.
ජනමාධ්‍ය මර්දනය මෙම දේශපාලන ක්රමයේ නිසඟ ලක්ෂණයක් වනවා සේ ම නිසි අවබෝධයකින් තොරව ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය දක්වන වැරදි ප්‍රතික්‍රියා ජනමාධ්‍ය මර්දනය තීව්ර කිරීමට ද හේතුවන්නේය. ඕනෑම යුද්ධයක් තුළ යුද්ධයේ අරමුණුවලට පටහැනිව යන ජනමාධ්‍ය මර්දනය කිරීමක් ද සිදුවිය හැකිය. ආණ්ඩුව එල්ටීටීඊ විරෝධී යුද්ධය තුළ ද යුද විරෝධී ජනමාධ්‍යවේදීන් මර්දනයට ලක්කිරීමක් සිදුවිය. ඒ අවස්ථාවේදී ජනමාධ්‍ය ව්‍යාපාරය මෙහෙයවූ නායකයන්ගෙන් වැඩි පිරිසක් දැඩි යුද විරෝධී න්‍යායක් කරපින්නාගත් පිරිසක් වූ අතර ඔවුන් සාම සාකච්ඡාවකින් ලබාදෙන දේශපාලන විසඳුමකින් මිස, යුද්ධයෙන් එල්ටීටීඊය පරාජය කළ නොහැකියැ”යි කියන විශ්වාසය මත ක්‍රියා කළ පිරිසක් වූහ. ඔවුන්ගෙන් සමහරකුට ඒ අරමුණ සඳහා වන ව්‍යාපෘති තිබුණු අතර එම ව්‍යාපෘතිවලට විදේශ ආධාර ද ලැබුණි. එම තත්ත්වය යටතේ එල්ටීටීඊයට එරෙහිව ආණ්ඩුව පවත්වාගෙන ගිය යුද්ධය ඔවුහු අනුමත නොකළා පමණක් නොව එයට උපරිම ලෙස බාධා කරන පිළිවෙතක් අනුගමනය කළෝය.
කොයි මොහොතක හෝ එල්ටීටීඊය එල්ල කරන ආශ්චර්යජනක ප්‍රතිප්‍රහාරයක් නිසා හෝ විදේශ මැදිහත්වීමක් නිසා ආණ්ඩුවේ යුද්ධ සිහිනය බොඳවී තමන් ජයග්‍රාහී වනු ඇති බව ඔවුහු විශ්වාස කළෝය. මේ සියලුදෙනාට ඉදිරියේ වෙන්න යන දේ ගැන හරි අවබෝධයක් නොතිබුණි. එහි අවාසනාවන්ත ප්‍රතිඵලය වූයේ ජනමාධ්‍යවේදීන් ද එල්ටීටීඊ විරෝධී යුද්ධයෙන් විශාල ලෙස තුවාල ලැබූ පිරිසක් බවට පත්වීමය. එල්ටීටීඊය පරාජය වන අවස්ථාව වන විට ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ව්‍යාපාරය ද පරාජිත තත්ත්වයකට පත්ව සිටියේය.. තමන් සිටින පරාජිත තත්ත්වයෙන් අත්මිදීමට අවශ්‍ය නම් ජනමාධ්‍ය හා ජනමාධ්‍ය සංවිධාන විසින් තමන්ට සිදුවූයේ කුමක්ද යන්න ගැන අවංකව ආපසු හැරී බලන තැනකට යායුතුය. එල්ටීටීඊ විරෝධී යුද්ධය තුළ යුද විරෝධී ජනමාධ්‍ය මර්දනයට ලක්කිරීමක් සිදුවූවා සේ ම ඒ සිදුවූ මර්දනයෙන් 50%ක් ආණ්ඩුවේ උද්ධච්චකමෙන් සිදුවූ මර්දනයක් ලෙස සැලකිය හැකි අතර, ඉතිරි 50% ජනමාධ්‍ය සංවිධාන හා ජනමාධ්‍යවේදීන් සිය අඥානකමින් කැඳවා ගනු ලැබූ මර්දනයක් ලෙස ද සැලකිය හැකිය.
ජනමාධ්‍යවේදීන් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන පිරිසක් වුවත් ඔවුන් මහජනයා විසින් තෝරාපත් කරගනු ලැබූ පිරිසක් නොවන බව හා යුද්ධය හා සාමය පිළිබඳව තීන්දු ගැනීමේ බලය ඇත්තේ ආණ්ඩුවට බව තේරුම් ගැනීමට ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය සංවිධාන අසමත් විය. අනවශ්‍ය තරමට න්‍යායවාදී වීම හේතු කොටගෙන ඉදිරිය දකින්නට ඔවුහු අසමත් වූහ. දැන් පවතින අවුල්සහගත බව ජයගැනීමට නම් ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය සංවිධාන තමන්ට සිදුවූයේ කුමක්ද යන්න ගැන අවංකව නැවත හැරී බලන තැනකට යායුතුය. එහෙත් එවැනි උනන්දුවක් ද ජනමාධ්‍යවේදීන් හෝ ජනමාධ්‍ය සංවිධාන අතර තිබෙන බවක් පෙනෙන්නට නැත. එවැනි හැරී බැලීමක් තමන්ට විසින්ම තමන්ම කරගන්නා මදිපුංචිකමක් ලෙස ඔවුන් සිතනවා විය හැකිය. ඒ තත්ත්වය තුළ ඔවුන් නැවත විමුක්තිය සඳහා තෝරාගනු ඇත්තේ ආණ්ඩු පරාජය කරන මාවතයි. දේශපාලන ක්‍රමය පිළිබඳව හරි වැටහීමක් ඇතිකර ගැනීමට ඔවුන්ට තව ආණ්ඩු කීයක් පෙරළන්නට අවශ්‍ය වේද?