දැඩි සිංහල මතධාරියෙකු ලෙස පෙනී සිටින අතර, සර්වපාක්ෂික සම්මේලනය ඔස්සේ වාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් ලබාදීම මගින් ආණ්ඩුව හිරවී සිටින තැනකින් ඔබ්බට ගෙන ශක්තිමත් ඉදිරි ගමනක යෙදීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට අවශ්‍ය වී ඇතත්, ජනාධිපතිවරයා සිටින්නේ එම අවශ්‍යතාව සපුරාගත නොහැකි තත්ත්වයකය. තවදුරටත් යුද්ධ කරනවා මිස, දෙමළ ජනතාවගේ විශ්වාසයට හේතුවන දේශපාලන විසඳුමක් ලබාදෙනවාට ජවිපෙ හා ජාතික හෙළ උරුමය තරයේ විරුද්ධය. ඔවුන්ගෙන් එල්ල වී තිබෙන විරුද්ධතාව නොසලකා සර්ව පාක්ෂික සම්මේලනය සමග ඉදිරියට ගියහොත් එම පක්ෂ දෙක විරුද්ධ පක්ෂය සමග එකතු වී අයවැය පරාජය කරන තැනකට යා හැකිය. ඒ තත්ත්වය ඉදිරියේ ආණ්ඩුව ආරක්ෂා කරගැනීම සඳහා සර්වපාක්ෂික සමුළුව හකුළුවා ගැනීමට ජනාධිපතිවරයාට සිදුවනු ඇත්තේය. එහි ඊළඟ ප්‍රතිඵලය වනු ඇත්තේ ආණ්ඩුව හිරවී සිටින තැනටම නැවත පැමිණීමය. ආණ්ඩුව මුහුණ දී තිබෙන මෙම උභතෝකෝටික තත්ත්වය ජනප්රවාදයේ කතාවකින් කියවෙන ““මග හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී”” කියන තත්ත්වයට සමානය. මෙම උභතෝකෝටික තත්ත්ව යෙන් ගැලවීමේ හැකියාවක් ආණ්ඩුවට තිබෙන බවක් ද පෙනෙන්නට නැත.
රනිල් – මංගල පෙරමුණ කියන්නේ අයවැයේදී ආණ්ඩුව පරාජය කරන බවය. එහෙත් ඔවුන්ට එම සිහිනය සැබෑ කරගත හැකිවනු ඇත්තේ ජේවීපීය තමන්ට එකතු කරගත හැකි නම් පමණය. ජේවීපීය තමන්ට අවාසිදායක මැතිවරණයකට යන්නට සූදානම් නැත. එය ආණ්ඩුවෙන් පිටස්තරව ඉඳිමින් තමන් කැමති තාක් කල් ආණ්ඩුවේ පැවැත්ම අනියම් ලෙස ආරක්ෂා කරනු ඇතත්, ආණ්ඩුවට සිටින තැනින් එක අඩියක්වත් ඉදිරියට යන්නට ඉඩ දෙන්නේ නැත. ජේවීපීයෙන් ලැබෙන අනියම් ආරක්ෂාව නිසා ආණ්ඩුවේ පැවැත්ම ආරක්ෂා වනු ඇතත්, ආණ්ඩුවට එකතැන පල්වෙමින් ඉන්නට සිදුවනු විනා එක අඩියක්වත් ඉදිරියට යන්නට හැකිවන්නේ නැත. අයවැයේදී ආණ්ඩුව පරාජය කිරීමට රනිල් මංගල විපක්ෂ පෙරමුණ අසමත් වෙතොත් එම පෙරමුණ ද අර්බුදයකට තල්ලු වනු ඇත්තේය. එවැනි අර්බුදයක් විසින් මංගලට ලැබී තිබෙන වැදගත්කම අහිමි කොට ඔහු ද එස්.බී. මෙන්ම එතරම් වැදගත් නොවන කාසියක් බවට පත් කරනු ඇත්තේය. පක්ෂය තුළ පක්ෂ නායකයා වශයෙන් රනිල්ට තිබෙන පිළිගැනීමේ ද ශීඝ්‍ර පිරිහීමක් ඇතිවනු ඇත්තේය.
ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමය මුහුණ දී තිබෙන ඓතිහාසික අර්බුදයේ ස්වභාවය අනුව එක පක්ෂයක් පමණක් නොව දකුණේ සියලු දේශපාලන පක්ෂ එක පොදියකට නැවත නැගී සිටීමේ හැකියාවක් නැති ලෙස ගැලවීමේ විකල්පයක් වන දේශපාලන ව්‍යාපාරයක් මතුවීමකින් ද තොරවම පරිහානිය කරා තල්ලුවී යනු ඇත්තේය.
එම ධර්මතාව ප්රභාකරන්ගේ එල්ටීටීඊ ව්‍යාපාරයට ද වලංගු වනු ඇත්තේය.
ප්රභාකරන්ගේ එල්ටීටීඊය තිබෙන්නේ වේගයෙන් පරිහානිය කරා යන අර්බුදයකය. වෙනදා යුද්ධයේදී පෙන්නුම් කළ අනගිභවනීයභාවය දැන් බොහෝ දුරට බිඳ වැටී තිබේ. වෙනදා ඔවුහු තමන්ට එරෙහිව යුද මෙහෙයුමක් දියත් කරන විට ඒවාට ශක්තිමත්ව මුහුණ දුන්නා පමණක් නොව, කොළඹ නගරයේ මහා විනාශයක් ඇති කරන පහරදීම් කරන්නට ද සමත් වූහ. එහෙත් අද තත්ත්වය ඊට මුළුමණින්ම වෙනස්ය. අද ඔවුන් මුළුමණින් සිටින්නේ ආරක්ෂාව සඳහා සටන් කරන තැනකය. ගුවනින් එල්ල කරන පහරදීම්වලින් පසුව බරපතළ කිසිවක් කරන්නට ඔවුන් සමත් වී නැත. ඔවුන් කෙරෙහි දෙමළ ජනතාව අතර පැවති විශ්වාසයේ ද බරපතළ පිරිහීමක් පවතී. ආර්ථිකයේද, අධ්‍යාපනයේද, අධිකරණයේ, පාර්ලිමේන්තුවේ හා සර්වපාක්ෂික සම්මේලනයේ ඇතිවී තිබෙන අවුල් දේශපාලන ක්‍රමය මුහුණ දී තිබෙන අර්බුදයේම අතුරු ප්‍රතිඵල ලෙස සැලකිය හැකිය. අධ්‍යාපන ක්රමයේ ඇති අවුල් අධ්‍යාපන අමාත්‍යාංශ මට්ටමෙන් හෝ පාර්ලිමේන්තු මට්ටමෙන් විසඳා ගැනීමට නොහැකි වී තිබෙන තත්ත්වයක් ඉදිරියේ අධිකරණය විසින් අධ්‍යාපන ප්‍රතිපත්ති තීරණය කරන තත්ත්වයක් ඇති කිරීමට හේතුවී තිබේ. 1 වැනි ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීම සඳහා අධිකරණය නිර්දේශ කළ ප්‍රතිපත්ති සාධාරණ හෝ යුක්තිසහගත නොවන බව අධ්‍යාපනඥයින් පෙන්වාදීමෙන් පසුත්, අධිකරණය සිය මග වෙනස් කළේ නැත. එය විසින් නිර්දේශ කර තිබෙන ප්‍රතිපත්ති පාසල් අධ්‍යාපන ක්රමයේ ඇතිවී තිබෙන අර්බුදය තීව්ර කොට මුළු අධ්‍යාපන ක්රමයම අවුල් ජාලාවක් බවට පත්කිරීමට හේතුවනු නොවැළැක්විය හැකිය. අධිකරණය රඟපෑ භූමිකාව පාර්ලිමේන්තු විවේචනයට ලක්වුවත්, අධිකරණය අතින් සිදුවී තිබෙන වරද පාර්ලිමේන්තුව විසින් නිවැරදි කරනු ඇතැයි සිතිය නොහැකිය.
තීරුබදු රහිත වාහන ආශ්රයෙන් මතුවී තිබෙන අර්බුදය පෙන්නුම් කරන්නේ ද නීති සම්පාදනය කරන ආයතනය වන පාර්ලිමේන්තුව ඇද වැටී තිබෙන ඛේදජනක තත්ත්වයේ තරමය.
මෙම ආරාවුලේදී රනිල් වික්‍රමසිංහ පහරදීමට ඉලක්ක කොට ගත්තේ ජාතික හෙළ උරුමය පමණය. එහෙත් එය එම පක්ෂයට පමණක් විශේෂිත වූ දෙයක් නොව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට පොදුවූ දෙයක් ලෙස සැලකිය හැකිය. මෙම ප්රශ්නයේදී ජේඑච්යූව පමණක් නොව සියලු දේශපාලන පක්ෂ ක්‍රියා කොට තිබෙන ආකාරය නීතියට ද යුක්තියට ද පටහැනිය. ජේඑච්යූවේ ක්‍රියා කලාපය වඩා අශෝභන ලෙස පෙනෙන්නේ අනෙක් සියලු පක්ෂ ගිහි ව්‍යාපාර වන විට එම පක්ෂය පමණක් පැවිදි ව්‍යාපාරයක් වීම නිසය.
මන්ත්‍රීවරුන්ට වසර 05කට වරක් මිල අධික සුඛෝපභෝගී තීරුබදු රහිත වාහනයක් ඇතුළු ද්‍රව්‍යමය වටිනාකමක් ඇති සම්පත් දෙන ක්‍රමයක් ඇති කිරීමට අවශ්‍ය වූයේ ජනාධිපති කොතරම් බලවත් වුවත්, පාර්ලිමේන්තුවට තිබුණු උත්තරීතරභාවය අහිමි කොට එය විධායකයේ රබර් මුද්‍රාවක් බවට පත්කිරීමේ ක්‍රියාවලිය සාර්ථක ලෙස ඉදිරියට ගෙනයෑම සඳහා මන්ත්‍රීවරුන්ට ද්‍රව්‍යමය වශයෙන් කප්පම් ගෙවන ක්‍රමයක් ඇති කිරීම අත්‍යවශ්‍ය වූ නිසාය.
තීරුබදු රහිත වාහන ලබාදෙන ක්‍රමයක් නිර්මාණය කෙරුණේ මන්ත්‍රීවරුන් සංතෝෂ කිරීම සඳහාම පමණක් නොවේ. ඒ මගින් ක්‍රමය නිර්මාණය කළ නිර්මාතෘවරයා වාහන ආනයන වෙළඳාමේ යෙදී සිටි කිට්ටු ඥාති මිත්‍රයන්ටද මහා පරිමාණයෙන් ධනය උපයා ගතහැකි ක්‍රමයක් ඇතිකර දුන්නේය. මෙම ක්‍රමය ඇති කරන්නට පෙර මිල අධික සුඛෝපභෝගී වාහන සඳහා තිබුණේ සීමිත ඉල්ලුමක් පමණය. එහෙත් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් හා ඉහළ රාජ්‍ය නිලධාරීන් සඳහා තීරුබදු රහිත වාහන ලබාදෙන ක්‍රමයක් ඇති කිරීමත් සමග එවැනි වාහන සඳහා තිබුණු ඉල්ලුම විශාල ලෙස ප්‍රසාරණය විය. අවසානයේදී මන්ත්‍රීවරුන්ට හා ඉහළ රාජ්‍ය නිලධාරීන්ට කරල පැහෙන විට වාහන ආනයන වෙළඳාමේ යෙදී සිටි දේශපාලන ක්‍රමය නිර්මාණය කළ නිර්මාතෘවරයාගේ සමීප ඥාති මිත්‍රාදීන්ට ද කරල පැහුණේය. ඒ සියලු දෙනා බලා සිටියදී කෝටි ප්රකෝටිපතියන් බවට පත්වූහ. මිල අධික සුඛෝපභෝගී වාහන වැඩිම ගණනක් මිලදී ගන්නේ ආණ්ඩු නම් ආණ්ඩුවට ඒ වාහන ඍජු ලෙස මිලදී ගත හැකිව තිබියදී අනියම් ලෙස මිලදී ගන්නා ක්‍රමයක් ඇති කරන ලද්දේ ඒ වෙළඳාමේ යෙදී සිටි ඥාති මිත්‍රාදීන් ද ඒ සමග ගොඩ දැමීම සඳහාය.
පාරේ ගමන් ගන්නා මිල අධික සුඛෝපභෝගී වාහනවල ප්‍රමාණය අනුව නම් ලංකාව ලෝකයේ තිබෙන ධනවත්ම රටවලින් එකක් ලෙස සැලකිය හැකිය. මහපාරේ ගමන් ගන්නා සුඛෝපභෝගී වාහනවලින් 95%ක්ම අයත් වන්නේ තීරුබදු රහිත වාහන ගණයටය. ආනයනය කෙරෙන තීරුබදු රහිත වාහනවලින් 95%ක්ම නීතියට පටහැනිව වෙළෙඳපොළේ අලෙවි කෙරේ.
රටේ තිබෙන සියලු දේශපාලන පක්ෂ ජේ.ආර්. ජයවර්ධන ඇති කළ මෙම කෑදර ක්රමයේ රුදුරු ගොදුරු බවට පත්වූහ. දූෂිත යැයි කියන ප්‍රධාන පක්ෂ දෙක පමණක් නොව, දූෂිත නොවේ යැයි කියන හා විකල්ප දේශපාලන වෙනුවෙන් පෙනී සිටින ජේවීපීය, ජේඑච්යූව හා එල්ටීටීඊය වැනි පක්ෂ පවා මෙම දූෂිත ක්රමයේ කෑදර ගොදුරු බවට පත්වූහ. එල්ටීටීඊය පාර්ලිමේන්තුව නියෝජනය නොකළද ඔවුන්ගේ නායකයින්ටද මේ වාහන නැතිවම බැරිය. තීරුබදු රහිත වාහනවලට වැඩිම මිලක් ගෙවන ගැනුම්කරුවන් බවට පත්ව තිබෙන්නේ ද එල්ටීටීඊයයි.
තීරුබදු රහිත වාහන දීමනාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නීතියට පටහැනිව ආදායම් උපයන ප්‍රධාන හා ජනප්‍රියම මාර්ගයයි. වාහනයක් ගෙන්වා විකිණීමෙන් හෝ වාහන බලපත්‍රයක් විකිණීමෙන් අවුරුදු 5කට වරක් රුපියල් ලක්ෂ 50 සිට 100 දක්වා වන ශුද්ධ ආදායමක් ඉපයිය හැකිය.
තීරුබදු රහිත වාහන විකිණීම හෝ අන්සතු කිරීම තහනම් කෙරෙන නීති පනවා ඇත්තේ පාර්ලිමේන්තුවය. එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තමන්ට පනවන ලද නීති නොසලකා ක්‍රියාකරති. මේ නීති කඩන පුද්ගලයින්ට එරෙහිව නඩු පවරා දඬුවම් පැමිණවිය යුතු වුවත් නීතිය ක්‍රියාත්මක කරවන ආයතන ඔවුන්ට නඩු පවරන්නට හෝ දඬුවම් පමුණුවන්නට සූදානම් නැත.
ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය ජයගත හැකිවනු ඇත්තේ රට අවුල් ජාලාවක් බවට පත්කිරීමට හේතුවී තිබෙන මෙම දේශපාලන ක්‍රමය අහෝසි කොට සියලු දෙනාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන නව දේශපාලන ක්‍රමයක් ඇති කරගැනීමෙන් පමණය. එහෙත් එවැනි ක්‍රමයක් ආණ්ඩුවට හෝ විරුද්ධ පක්ෂයට තනිව ඇති කළ නොහැකිය. ඒ සඳහා සියලු දේශපාලන පක්ෂ එකට එකතු වී ඇති කරගත යුතුය. එහෙත් එවැනි වෙනසක් සඳහා පැහැදිලි ඉදිරි දර්ශනයක් ආණ්ඩුවට හෝ විරුද්ධ පක්ෂයට ඇති බවක් පෙනෙන්නට නැත.
දැන් පවතින තත්ත්වය යටතේ ආණ්ඩුවට ශක්තිමත් ඉදිරි ගමනක යෙදීමේ හැකියාවක් නැත. විරුද්ධ පක්ෂයට ද ආණ්ඩුව ඉක්මණින් පහකිරීමේ හැකියාවක් නැත. දේශපාලන විසඳුමකින් තොරව තවදුරටත් යුද්ධයේ මාවතේ ගමන් කිරීමේ හැකියාවක් ද නැත. ඉක්මන් මැතිවරණයකින් පවා යහපත් ප්‍රතිඵලයක් රටට දිනාගත හැකිවනු ඇති බවක් පෙනෙන්නට නැත. •