යාපනය මැතිවරණ කොට්ඨාසයට හිමි මන්ත්‍රීන් සංඛ්‍යාව අඩු කිරීම ව්‍යවස්ථාවට අනුකූල වුවත් දෙමළ ජනතාවගේ ප්‍රශ්න බේරුමක් කරගැනීම අවසන් නැති මෙවැනි අවස්ථාවකදී එසේ කිරීමෙන් දෙමළ ජනතාව අතර ඇති කරන හැඟීම යහපත් විය නොහැකිය. මේ මොහොතේ රටට වඩා වැදගත්වන්නේ පොදු එකඟතාවකින් වැඩ කළ හැකි පරිසරයක් ඇති කරගැනීමය.
කොතරම් මතභේද තිබුණද ආණ්ඩුව මෙම ප්‍රශ්න නිරාකරණය කරගත යුතුව තිබෙන්නේද දෙමළ සන්ධානය සමගය. ආණ්ඩුවට ජාතික මට්ටමේ බලයක් තිබුණු පමණකින් අහංකාර නොවිය යුතුවා සේ ම දෙමළ ජනතාවගේ කැමැත්ත ලැබී තිබුණු පමණින් දෙමළ සන්ධානය ද අහංකාර නොවිය යුතුය. මේ මොහොතේ තුන්වැනි පිරිස් රට ගිනි තියන තැනකට නොයා යුතුය. මෙය සංකීර්ණ අවුලක් වන අතර රටට ඉදිරියට යාහැකිවන්නේ ඒ අවුල ලිහාගැනීමෙනි. රටට මුහුණ දෙන්නට සිදුවී තිබෙන ජාත්‍යන්තර අවුල් කෙරෙහිද මෙම අවුල බලපායි.
වඩාත්ම වැදගත් දේ ප්‍රශ්නයට සම්බන්ධ ප්‍රධාන පාර්ශ්ව දෙක එකිනෙකා කෙරෙහි අවබෝධයකින් හා විශ්වාසයකින් වැඩ කරන තැනකට ඒමය. එය එකිනෙකා රවටාගන්නා ක්‍රියාමාර්ගයක් නොවිය යුතුය. ආණ්ඩුව ද සිය අදහස් අවංකව හා නොසඟවා ප්‍රකාශ කරන තැනකට යායුතුය.
අපට මේ ප්‍රශ්නය විසඳා ගැනීමට අවශ්‍ය වී ඇත්තේ ඉන්දියාව සතුටු කිරීමටවත් බටහිර රටවල් සතුටු කිරීම සඳහාවත් නොව තවදුරටත් කුළල් කාගැනීමෙන් තොරව එක්සත්ව ජීවත්වීමට එසේ කිරීම අවශ්‍ය නිසාය. අනවශ්‍ය ජාත්‍යන්තර ඇඟිලි ගැසීම් ද ඒ මගින් වළකා ගත හැකිය.
ලංකාවේ සියලු ලොකු කුඩා ජනවර්ග එක්සත් කොට ශ්‍රී ලාංකික ජාතියක් තනාගැනීමට අපට අවශ්‍ය නම් අපට ඒ ඉලක්කය ජයගත හැකිවනු ඇත්තේ එකිනෙකා අතර පවතින සැක දුරුකොට සියලුදෙනාට ගෞරවයෙන් එකට ජීවත්විය හැකි ලෙස සමාන අයිතිවාසිකම් තහවුරු කිරීමෙනි. රටේ ජනතාව අතර වර්ගය අනුව පමණක් නොව ආගම් හා කුල අනුවද බෙදීම් පවතී. රටට අවශ්‍ය වී තිබෙන්නේ බෙදී සිටින ඒ සියලුදෙනා ගෞරවයෙන් එකට එකතු කරන වැඩපිළිවෙළකි. මෙය සිංහලයන්ගේ පමණක් නොව, මෙහි වෙසෙන සියලු ජන වර්ගවල රටය. විවිධත්වය තුළ ඒකත්වයක් ඇතිකර ගන්නේ කෙසේද යන්න අප මුහුණ දී තිබෙන අභියෝගය ලෙස සැලකිය හැකිය.
දෙමළ සන්නද්ධ අරගලයක් ඇතිවීම කෙරෙහි දෙමළ ජනයා කෙරෙහි දක්වන ලද අඩු සැලකිලි හා වෙනස්කම් බලපෑවේය. ඔවුන්ට තිබූ ප්‍රශ්න ජයගැනීමට තිබුණු හොඳම ක්‍රමය සන්නද්ධ අරගල මාවත නොවූවත් එවැනි තත්ත්වයක් ඇතිවීම කෙරෙහි සිංහල අන්තවාදී ක්‍රියාමාර්ග බලපෑ බව අපි අමතක නොකළ යුතුය. සිංහල රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාවට නගන ලද ආකාරය කොතරම් අන්තවාදීවීද කියතොත් පළමු කෙටුම්පත නීතිගත කරන ලද්දේ සිංහල භාෂාවෙන් වැඩ කිරීමට නොදන්නා අයට සිංහල භාෂාවට මාරුවීමට ප්‍රමාණවත් තරම් කාලයක්වත් ලබාදීමෙන් තොරවය. මෙම ආරාවුල තුළ සිංහලයන්ගේ හැසිරීම වර්ගවාදී වූවා සේ ම දමිළයන්ගේ හැසිරීම ද වර්ගවාදී විය. සිංහල නායකයන් සිංහල වර්ගවාදය ප්‍රයෝජනයට ගන්නා විට දෙමළ නායකයන් දෙමළ වර්ගවාදය ප්‍රයෝජනයට ගත්තේය. ඒ සියල්ල වෙනුවෙන් රටේ ජනතාවට ගෙවන්නට සිදුවූ වන්දිය සුළුපටු නැත. දැන්වත් මේ මග වෙනස් කළ යුතුය.
වැරැද්ද කාගේ වුවත් මේ ආරාවුලෙන් වැඩියෙන්ම බැටකෑවේ දෙමළ ජනයාය. දෙමළ ජනයා දෙස සානුකම්පිත ආකල්පයකින් බැලීමේ වැඩි වගකීමක් ඇත්තේ සිංහල ජනයාටය. මේ අවුලෙන් දෙමළ ජනයාට සිදුවී තිබෙන විනාශය දැවැන්තය. එය එම ප්‍රදේශවලට ගියවිට බැලූ බැල්මට වුවද දකින්නට තිබෙන තත්ත්වයකි. එළැඹී තිබෙන මේ අදියරේදී ඔවුන්ගේ ප්‍රශ්නවලට, විශේෂ වශයෙන් දෙමළ ජනයාගේද සාමාන්‍ය වශයෙන් අන් සියලුදෙනාගේද විශ්වාසයට හා ගෞරවයට හේතුවන විසඳුමක් ඇති කරගැනීමට අසමත් වෙතොත් එය කවදා හෝ තවත් මහා විනාශයකට කරන අතවැනීමක් විය හැකිය.
දෙමළ ජනයාගේ ප්‍රශ්න දෙස සාධාරණව බැලීමේ වැදගත්කම