දෙසැම්බර් 5 වැනි දාට වර්තමාන එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට වසරක් පිරෙයි. දැනට පවත්නා ආණඩුක්රම ව්යවස්ථාවට අනුව දෙසැම්බර් 5 වැනිදායින් පසු ඕනෑම මොහොතක ආණ්ඩුව විසිරැ වීමේ බලය ජනාධිපතිට හිමි වන්නේ ය.
වෙනත් අයුරකින් කිවහොත් ජනාධිපතිට හිමි විධායක බලතල වඩා ශක්තිමත් අයුරින් ක්රියාත්මක කිරිමේ හැකියාව ජනාධිපති චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වෙත ලැබෙයි. ඇය සතු-පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ බලය මොන ආකාරයෙන් ක්රියාවට නංවාවිද යන්න පිළිබඳව දේශපාලන ක්ෂෙෂ්ත්රයේ මහත් ආන්දෝලනයක් හටගෙන තිබේ. මෙවැනි අවිනිශ්චිත තත්ත්වයක් ඇතිවීමට හේතුව හදිසියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් ඒ ඇසුරින් දේශපාලන ක්ෂෙෂ්ත්රය හා රටේ පරිපාලනය තුළ ඇති විය හැකි වෙනස්කම් හා කඩාවැටීම් පිළිබඳව එම ක්ෂෙෂ්ත්රයේ මෙන්ම රටේ සෙසු ජනතාව සතු අවබෝධයයි.
හදිසි මැතිවරණයක් පැවැත්වුවහොත් එයට අති විශාල මුදලක් වැය කිරීමට සිදුවීමෙන් රටේ ආර්ථිකයට ක්ෂෂණිකව සිදුවන හානියට අමතරව දැනට යම් තරමකට හෝ සාර්ථකව ඉදිරියට ගමන් කරමින් තිබෙන සාම ප්රයත්නය උඩු-යටිකුරුව පෙරළී යෑමෙන් රට යළි යුද්ධය කරා අවතීර්ණ වනු ඇතැයි භීතියක් ද පවතී. මෙය ඍජුව හා වක්රව යන දෙයාකාරයෙන් ම රටේ ඉදිරි ගමනට ඉතා අනර්ථ ආකාරයෙන් බලපෑම නොවැළැක්විය හැකි ය. යළි යුද්ධමය තත්ත්වයක් උදාවුවහොත් සාමය ගව් ගණනක් දුරස් වන අතර රට ජාත්යන්තර වශයෙන් ඉමහත් අපකීර්තියට පත්වන බව නියතයකි. ජනතා විමුක්ති පෙරමුණ හා සන්ධානගතව පොදු පෙරමුණ පිහිටුවනු ලබන ආණ්ඩුවකට සාම ප්රයත්නය ඉදිරියට ගෙනයෑමේ කිසිදු හැකියාවක් නැතැයි යන්න දෙස් විදෙස් දේශපාලන විචාරකයන් බොහෝ දෙනෙකුගේ මතය වී තිබේ. එමෙන්ම මැතිවරණයක් පිළිබඳව ලැබෙන ඉගියකින් වුව පරිපාලන අංශවල අවුල් සහගත තත්ත්වයක් ඇතිවිය හැකි ය. එය බෙහෙවින් ම අනර්ථකාරි ය. කොටස් වෙළෙඳපොළේ හා විදේශීය ආයෝජකයින් තුළ හටගෙන ඇති ප්රබෝධය මේ නිසා හීන වී යෑමට බොහෝ සෙයින් ඉඩ තිබේ.
එමෙන්ම ක්ෂෂණිකව පවත්වනු ලබන ඡන්දයකින් එක්සත් ජාතික පෙරමුණට හෝ පොදුජන එක්සත් පෙරමුණට ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ඉඩ ලැබේ යැයි සිතීමට නොහැක. එය සුළු පක්ෂෂ හා සන්ධානගතව පිහිටුවනු ලබන ආණ්ඩුවක් වීමට බොහෝ සෙයින් ඉඩ ඇත.
මේ අනුව යළි මැතිවරණයකට යෑම කෙටි කාලීනව හා දිගු කාලීනව රටට අයහපතක් ගෙන දෙන කාර්යයක් වන බව නිසැකි. අපේක්ෂෂකයන්ට හා පොදුවේ සියලුම දේශපාලන පක්ෂෂවලට ද අවුරුදු පතා මැතිවරණවලට මුහුණදිමේ ශක්තියක් නොමැත.
මීට අමතරව තවත් බොහෝ සාධක පෙළ ගැස්විය හැකි මුත් හදිසි මැතිරවණයක් පිළිබඳ බිය ඒ නිසා පහව යන්නේ ද නැත. එසේ ඡන්දයකට නොයන බවට ජනාධිපතිනිය සහතික වී ඇතත් ඇයගේ අතීත ක්රියාකාරකම් අනුව එවැනි සහතිකවීම්වලට ලැබෙනුයේ අඩු වටිනාකමකි. ආණ්ඩුව සමග ඇති කරගන්නා හදිසි ආරෝවක් පාර්ලිමේන්තුව විසිරවීම දක්වා දුරදිග යෑමට ද ඉඩ ඇත. මුස්ලිම් කොංග්රසය හරහා සිය දේශපාලන අභිමතාර්ථයන් මුදුන්පත් කරගැනීමේ වෑයමක් ජනාධිපතිනිය විසින් ක්රියාවට නංවා ඇති බවට ද බොහෝ දෙනා සැක පහළ කරති. පළමුව පාර්ලිමේන්තුවේ සංයුතියේ වෙනසක් සිදුකර ආණ්ඩු පක්ෂෂයටම ඡන්දයක් ඉල්ලා සිටීමට ඉඩහැර සියලු අපවාදයන් ඒ මත පැටවීමේ වෑයමක් ද පවතින බවට වාර්තා වෙයි.
කෙසේ වතුදු ජනපතිනිය ඉතා සියුම් ආකාරයෙන් ආණ්ඩුව බිඳ දැමීමට කටයුතු කරමින් සිටින බව නම් පැහැදිලි ය. ආණ්ඩුවට ආණ්ඩු කිරීම එපා වන තරමට කෙනහිලිකම් කිරීම ඇයගේ එක් උපායමාර්ගයක් විය හැක. හදිසි මැතිවරණයකට යෑම එතුමියටම පාරාවළල්ලක් වීමට ඉඩ ඇති මුත් බලය ඉදිරියේ සියලු යථාර්ථයන් වාෂ්පීභවනය වීම දේශපාලන නියතයකි.