වත්කම් හා බැරකම් නීතිය අනුව මැතිවරණවලට තරග කරන අපේක්ෂෂකයින්ගේ හා දේශපාලන පක්ෂෂවල නිලධාරි මණ්ඩල සාමාජිකයින්ගේ වත්කම් හා බැරකම් ප්රකාශ ලබා ගැනීමේ බලධාරියා ලෙස ක්රියා කරනුයේ මැතිවරණ කොමසාරිස්වරයාය.
මැතිවරණ කොමසාරිස්වරයා වෙත පැවරි තිබෙන මෙම වගකීම ඉටු නොවී තිබෙන තත්ත්වයක් ඉදිරියේ ඒ ගැන පළ වූ විවේචන සැලකිල්ලට ගනිමින් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දි ඒ නීතිය අපේක්ෂෂකයින් වෙත පැහැදිලි කරන ප්රසිද්ධ දැන්වීමක් මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් පුවත්පත්වල පල කරනු ලැබීය.
දැන් මැතිවරණය අවසන් ය. මැතිවරණයට තරග කළ අපේක්ෂෂකයන්ගෙන් වත්කම් හා බැරකම් ප්රකාශ ලැබී තිබේ ද? නොලැබුණු අය සම්බන්ධයෙන් කුමන ප්රතිපත්තියක් අනුගමනය කරන්නේ ද යන්න මැතිවරණ කොමසාරිස්වරයා රටට ප්රකාශ කළ යුතුය. එසේම දේශපාලන පක්ෂෂවල නිලධාරි මණ්ඩලවලට අයත් සාමාජිකයන් ඒ නීතිය අකුරටම ක්රියාත්මක කරන්නේ ද යන්න රටට ප්රකාශ කළ යුතුය.
මෙවැනි නීතියක් ඇති කර තිබෙන්නේ මහජන වැදගත්කමක් ඇති තනතුරු දරන්නන්ගේ පාරදෘශ්යභාවය මහජනයාට සහතික කිරීම සඳහා ය. මේ නීතිය කොතරම් බරපතල ද කියතොත් මේ නීතිය යටතට වැටෙන වැරදිවලදි ජනාධිපතිවරයාට පවා මුක්තියේ ආධාරය ලැබෙන්නේ නැත. එහෙත් නීතිය කෙතරම් බලවත් වුවත් නීතිය කි්රියාත්මක වන තත්ත්වයක් රටේ පවතින්නේ නැත.
මේ නීතිය අනුව මේ නීතිය යටතට වැටෙන ඕනෑම පුද්ගලයෙකුගේ වත්කම් හා බැරකම් ප්රකාශවල පිටපත් ලබා ගැනීමේ අයිතිය මහජනයා සතුය. පිටපත් ඉල්ලා සිටින අවස්ථාවලදි ඉල්ලුම්කරුවන්ට ඒවා නොදිම ද දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස සැලකේ.
නීතිය එය වුවත් පසුගිය පාලන කාලය තුළ ජනාධිපතිනිය ගේ හෝ ඇමති මණ්ඩල සාමාජිකයින්ගේ වත්කම් හා බැරකම් ප්රකාශවල පිටපත් ලබා ගැනීමට ඉදිරිපත් වූ කිසිදු ඉල්ලීමකට යහපත් ප්රතිචාරයක් ලැබුණේ නැත. අපේ වත්කම් ප්රකාශ එක එකාට බලන්න දිය යුත්තේ ඇයි දැයි ජනාධිපතිනිය සේම ඇමති මණ්ඩල සාමාජිකයන්ද කල්පනා කළා විය යුතුය. සමහර විට ඔවුන්ගෙන් සමහරෙක් වත්කම් හා බැරකම් ප්රකාශ නිසි බලධාරින් වෙත ලබා දිමෙන් වැළකී සිටියාද විය හැකිය.
අල්ලස් කොමිසම වෙත පවරා තිබෙන එක් ප්රධාන වගකීමක් වී ඇත්තේ ද වත්කම් හා බැරකම් නීතියට අදාළ වැරදි පිළිබඳ ක්රියා කිරීමය. එහෙත් පුදුමයකට මෙන් 94 අල්ලස් හෝ දූෂණ පිළිබඳ විමර්ශන කොමිෂන් සභා පනතට ඇතුළත් කර ඇත්තේ වත්කම් හා බැරකම් පිළිබඳ 1988 නීතිය නොව 1976 නීතියයි. එය එහි දක්නට ලැබෙන බරපතල වරදක් වුවත් එය අතපසුවීමකින් සිදුවූ වරදක් ද නැතිනම් හිතාමතාම කර තිබෙන වරදක්ද යන්න නොපැහැදිලිය.
1976 නීතිය යල් පැන ගිය නීතියකි. ඒ නීතිය අනුව වත්කම් හා බැරකම් ප්රකාශ කිරීමට බැදි සිටින පුද්ගලයෙකු නිසි බලධාරියාට ලබා දෙන ප්රකාශයක පිටපත් ලබා ගැනීමේ අයිතියක් මහජනයාට නැත. එහෙත් 1988 නීතිය ඊට පුළුල් ය. ඒ අනුව වත්කම් හා බැරකම් ප්රකාශ ලබා දිමට නීතියෙන් බැදි සිටින ඕනෑම පුදුගලයෙකුගේ වත්කම් හා බැරකම් ප්රකාශ පිටපත් ඒ ගැන උනන්දුවක් දක්වන ඕනෑම පුද්ගලයෙකුට ලබා ගත හැකි අතර ඒ නීතිය යටතට ගැනෙන වරදක් කරන පුද්ගලයෙකුට එරෙහිව නීතීඥයෙකුගේ ආධාරයෙන් තොරව මහේස්ත්රාත්වරයෙකුට පැමිණිලි කළ හැකිය.
අලුත්ින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ට සාමාජිකයින් පත් කරගන්නට පෙර එම කොමිසමට අදාළ, එම පනතට ඇතුළත් එම වරද වහා නිවැරදි කළ යුතුය. එසේම එම පනත යටතේ කොමිසමට විමර්ශනයක් ආරම්භ කළ හැක්කේ පැමිණිල්ලක් ලැබෙන අවස්ථාවකදි පමණය. කොමිසම එවැනි පටු සීමාවක හිර නොකොට වත්කම් හා බැරකම් නීතිය යටතට වැටෙන සියලු දෙනාගේ වත්කම් හා බැරකම් ප්රකාශ කෙරෙහි අවධානයෙන් සිටීමේ වගකීම හා පැමිණිල්ලක් නැතිව වුවත් වරදක් සිදුවී තිබෙන අවස්ථාවලදි පරික්ෂෂණයක් ආරම්භ කිරිමේ වගකීම කොමිසම වෙත පවරා දිය යුතුය.