පාර්ලිමේන්තු මැතිරවණවල දි බලයේ සිටින පාලක පක්ෂෂය නැවත බලයට පත්වන අවස්ථාසේ ම බලයේ සිටින පක්ෂෂය පරාජයට පත් වී විරුද්ධ පක්ෂෂය බලයට පත්වන අවස්ථා ද පවතී. බලයේ සිටින පක්ෂෂයක් නැවත බලයට පත්වන අවස්ථාවල දි ඡන්ද අනුපාතිකයේ ඇති වන වෙනසේත් නැවත බලයේ සිටින පාලක පක්ෂෂයක් පරාජය වී විරුද්ධ පක්ෂෂයක් බලයට පත්වන අවස්ථාවල දි ඡන්ද අනුපාතිකයේ ඇති වන වෙනසේත් පොදු රටාවක් පවතින බව දැකිය හැකි ය. බලයේ සිටින පාලක පක්ෂෂයක් නැවත ජය ගන්නා හැම අවස්ථාවකදි ම සිරිතක් වශයෙන් ජයග්රාහකයා ලබාගන්නා ඡන්ද අනුපාතිකයෙහි පිරිහීමක් පෙන්නුම් කරයි. අනෙක් අතට පාලක පක්ෂෂයක් පරාජය කොට විරුද්ධ පක්ෂෂයක් ජයගන්නා හැම අවස්ථාවකදි ම විරුද්ධ පක්ෂෂය ලබාගන්නා ඡන්ද අනුපාතිකයේ ශීඝ්ර වර්ධනයක් පෙන්නුම් කරයි.
1952 මැතිවරණයේ දි පාවිච්චි කළ ඡන්දවලින් 15.5%ක් ලබාගත් ශ්රීලනිප 1956 මැතිවරණයේ දි මහජන එක්සත් පෙරමුණ ලෙස තරග කොට ලැබූ ජයග්රහණයේ දි පාවිච්චි කළ මුළු ඡන්ද ප්රමාණයෙන් 39.5%ක් ලබාගනිමින් 24%ක වර්ධනයක් පෙන්නුම් කළේ ය.
නැවත 1965 මැතිවරණයේ දි 30.2%ක් ලබාගත් ශ්රීලනිප 70 මැතිවරණයේ දි සමගි පෙරමුණක් ලෙස තරග කොට පාවිච්චි කළ මුළු ඡන්ද ප්රමාණයෙන් 49%ක් ලබාගනිමින් 18.8%ක වර්ධනනයක් පෙන්නුම් කළේ ය.
ඉන්පසු එජාප ජය ලැබූ 1977 මැතිවරණයේ දි 1970 දි 37.9%ක මට්ටමක සිට 77 දි 50.9%ක් ලබාගනිමින් 13%ක වර්ධනයක් පෙන්නුම් කළේ ය.
1994 පොදු පෙරමුණ ලැබූ ජයග්රහණයේ දි ද 1989 දි ශ්රීලනිප වශයෙන් තරග කොට 31.9%ක් ලබාගනිමින් 94 දි පොදු පෙරමුණ ලෙස තරග කොට 48.9%ක් ලබාගනිමින් 17%ක වර්ධනයක් පෙන්නුම් කළේ ය.
පාර්ලිමේන්තු මැතිවරණයක දි බලයේ සිටින ආණ්ඩුවක් පරාජය වන හැම අවස්ථාවක දි ම ජයග්රාහී විරුද්ධ පක්ෂෂය රිතියක් වශයෙන් තමන් ලබාගන්නා ඡන්ද අනුපාතිකයේ විශාල වර්ධනයක් පෙන්නුම් කරන බව මින් සනාත වෙයි.
අනෙක් අතට පාර්ලිමේන්තු මැතිවරණයකදි බලයේ සිටි පක්ෂෂයක් නැවත ජයගන්නා අවස්ථාවල දි දෙවැනි වර ජය ලබන ජයග්රාහකයා ලබාගන්නා ඡන්ද අනුපාතිකයේ වර්ධනයක් වෙනුවට පහත බැසීමක් පෙන්නුම් කරයි.
1956 දි බලයේ සිටි ශ්රීලනිපය නැවත 60 ජූලි මැතිවරණයේ දි ද බලයට පත් විය. 56 දි මහජන එක්සත් පෙරමුණ වශයෙන් ශ්රීලනිප 39.5%ක ඡන්ද අනුපාතිකයක් ලබාගෙන තිබුණත් එය 60 ජූලි ලැබූ ජයග්රහණයේ දි 33.6% දක්වා 5.9%කින් පහත වැටුණි.
1977 දි බලයට පැමිණි එජාප නැවත පාර්ලිමේන්තු මැතිවරණයකට යන්නේ 1989 දි ය. එම මැතිවරණය පැවති ලේ වැගිරුණු විශේෂ වාතාවරණය මේ ප්රවනතාව සලකා බැලීම සඳහා යොදාගත හැකි හොඳ මිනුම් දණ්ඩක් නොවෙතත් එහි දි ද එම ධර්මතාවය ක්රියාත්මක විය. 77 දි එජාප පාලකයන් ලබාගත් 50.9%ක් වෙනුවට 89 දි ලබාගන්නා ඡන්ද අනුපාතිකය 50.7% දක්වා පහත වැටුණි.
1994 බලයට පැමිණි පොදු පෙරමුණ ද 2000දි නැවත සිය බලය ආරක්ෂා කරගත්තේය. 94දි 48.9%ක් ලබාගත් පොදු පෙරමුණ ඊළග ජයග්රහණයේදි ලබාගන්නා ඡන්ද අනුපාතිය 45.10% දක්වා 3.8%කින් පහත වැටුණි.
ආණ්ඩු පෙරළියක් ඇතිවන අවස්ථාවලදි ජයග්රාහකයාගේ වාසියට ලැබෙන වර්ධන අනුපාතිකයේ සාමාන්ය 18.2%කි. ආණ්ඩු පෙරළියක් ඇති නොකොට බලයේ සිටින පක්ෂයක් නැවත බලයට පත්වන අවස්ථාවලදි නැවත ජයගන්නා පක්ෂය ලබාගන්නා ඡන්ද අනුපාතිකයේ අඩුවීමේ සංඛ්යාව ද 3.23%කි.
මේ කරුණු ආශ්රයෙන් ඉදිරි මැතිවරණයේ ප්රතිඵල පිළිබඳව ඇති කරගත හැකි උපකල්පනයන් මෙසේය.
පොදු පෙරමුණ සිටි ඡන්ද අනුපාතික මට්ටම හා ඒ තිබුණු අනුපාතික මට්ටම පවා පහත දැමීමට හේතුවන ලෙස මුස්ලිම් කොංග්රසයේ හා වතු කම්කරු සංගමයේ වෙන්වීම යන සාධක දෙක පමණක් සැලකිල්ලට ගත්තත්, පොදු පෙරමුණ පරාජය වීමේ හැකියාවක් මිස ජය ගැනීමේ හැකියාවක් නොපවතී.
එක්සත් ජාතික පෙරමුණට මේ මැතිවරණයෙන් ජය ලබන්නට නියමිත තත්ත්වයක් ඉදිරියේ පාර්ලිමේන්තු මැතිවරණයක දි ආණ්ඩු පෙරළියක් ඇතිවන අවස්ථාවක දි ජයග්රාහකයාට ලැබෙන ස්වාභාවික වර්ධනය එක්සත් ජාතික පෙරමුණට ලැබීම නොවැළැක්විය හැකි ය. එවැනි අවස්ථාවක දි සාමාන්යයෙන් ලැබෙන වර්ධන අනුපාතිකය 18.2%කි. එය 10%ක් ලෙස සැලකුව ද මේ මැතිවරණයේ දි එක්සත් ජාතික පෙරමුණ අවම වශයෙන් වලංගු මුළු ඡන්ද සංඛ්යාවෙන් 50%ක මට්ටමක් හිමිකරගනු ඇතැයි අනුමාන කළ හැකි ය. එය එසේ වෙතොත් පොදු පෙරමුණ ලබාගන්නා ඡන්ද අනුපාතිකය 35%ක මට්ටමකට පහත වැටීම නොවැළැක්විය හැකි ය. එය එසේ වෙතොත් අනෙකුත් සියලු පක්ෂෂවලට හිමි පංගුව 15%ක් වනු ඇත.
එවිට ජාතික ලැයිස්තුවට ලැබෙන ආසන සමග පක්ෂෂ අනුව ආසන බෙදියනු ඇත්තේ මෙසේ ය.
එක්සත් ජාතික පෙරමුණ 124-126 අතර
පොදු පෙරමුණ 74- 76 අතර
අනෙකුත් සියලු පක්ෂෂ 25
ආණ්ඩු වෙනසක් ඇති කළ පාර්ලිමේන්තු මැතිවරණවලදි ජයග්රාහකයන් ලබාගෙන ඇති ඡන්ද අනුපාතිකයන්
ලබාගත් ඡන්ද මුළු වලංගු ඡන්ද වර්ධන
සංඛ්යාව සංඛ්යාවේ % වශයෙන් අනුපාතිකය
1956 මැතිවරණය
1. 52 මැතිවරණයේදි ශ්රීලනිපය ලබාගත් 361250 15.5
2. 56 මැතිවරණයේදි (මහජන එක්සත් පෙරමුණ)1046277 39.5
3. 52ට සාපේක්ෂව 56 වෙනස 24.0
1970 මැතිවරණය
1. 65 මැතිවරණයේදි ශ්රීලනිපය ලබාගත් 1221437 30.2
2. 70 මැතිවරණයේදි (සමගිපෙරමුණ) 2442402 49.0
3. 65ට සාපේක්ෂව 70 වෙනස 18.8
1977 මැතිවරණය
1. 70 එජාප ලබාගත් 1892525 37.9
2. 77 මැතිවරණයේදි 3179221 50.9
3. 70ට සාපේක්ෂව 77 වෙනස 13.0
1994 මැතිවරණය
1. 89දි ශ්රීලනිපය ලබාගත් 1785369 31.9
2. 94 මැතිවරණයේදි (පොදු පෙරමුණ) 3887823 48.9
3. 89ට සාපේක්ෂව 94 වෙනස 17.0
(2 වැනි වගුව)
ආණ්ඩු වෙනසක් ඇති නොකළ මැතිවරණවලදි නැවත ජය ලබාගන්නා ජයග්රාහකයා ලබාගෙන ඇති ඡන්ද අනුපාතිකය
ලබාගත් ඡන්ද මුළු වලංගු ඡන්ද අඩුවීමේ
සංඛ්යාව සංඛ්යාවේ % වශයෙන් අනුපාතිකය
1960 ජූලි මැතිවරණය
1. 56 මැතිවරණයේදි මහජන එක්සත්පෙරමුණ ලබාගත් 1046277 39.5
2. 60 මැතිවරණයේදි ශ්රීලනිප 1022171 33.6
3. 56ට සාපේක්ෂව 60 වෙනස 5.9
89 මැතිවරණය
1. 77දි එජාප ලබාගත් 3179221 50.9
2. 89දි ලබාගත් 2838005 50.7
3. 77ට සාපේක්ෂව 89 වෙනස 0.2
2000 මැතිවරණය
1. 94දි පොදු පෙරමුණ ලබාගත් 3887823 48.94
2. 2000දි ලබාගත් 3900901 45.10
3. 94ට සාපේක්ෂව 2000 වෙනස 3.80